The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

රෙක්ස් කොඩිප්පිලි: දිවි රඟ මඩලින් බැස ගිය 'දුෂ්ටයෙකු නොවූ දුෂ්ටයා'

T

The Leader Desk

December 25, 2023 • 3:53 PM

රෙක්ස් කොඩිප්පිලි: දිවි රඟ මඩලින් බැස ගිය 'දුෂ්ටයෙකු නොවූ දුෂ්ටයා'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අසමත් වුව ද, රෙක්ස් කොඩිප්පිලි එසේ නොවීය.
  • ඔහු සිනමාවේ දුෂ්ට චරිතය නිරූපණය කළ ද, සැබෑ ලෝකයේ ප්‍රේක්ෂකයින් අතර ඔහුට ගෞරවණීය පිළිගැනීමක් තිබූ බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති.
  • එවන් ආකර්ෂණීය රංග පෞරුෂයකට හිමිකම් කී 'සිංහල සිනමාවේ ජනප්‍රිය දුෂ්ටයා' ඉරිදා (දෙසැම්බර් 24) පෙරවරුවේ දිවි රඟ මඩලින් බැස ගියේ ය.
  • රෝගී තත්ත්වයක පසුවූ ඔහු අභාවප්‍රාප්ත වන විට 85 වන වියේ පසු විය.
අකුරු ප්‍රමාණය (Font Size):

අසමත් වුව ද, රෙක්ස් කොඩිප්පිලි එසේ නොවීය.

ඔහු සිනමාවේ දුෂ්ට චරිතය නිරූපණය කළ ද, සැබෑ ලෝකයේ ප්‍රේක්ෂකයින් අතර ඔහුට ගෞරවණීය පිළිගැනීමක් තිබූ බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති.

එවන් ආකර්ෂණීය රංග පෞරුෂයකට හිමිකම් කී 'සිංහල සිනමාවේ ජනප්‍රිය දුෂ්ටයා' ඉරිදා (දෙසැම්බර් 24) පෙරවරුවේ දිවි රඟ මඩලින් බැස ගියේ ය.

රෝගී තත්ත්වයක පසුවූ ඔහු අභාවප්‍රාප්ත වන විට 85 වන වියේ පසු විය.

ඔහු රංගනයෙන් දායක වී ඇති චිත්‍රපට සංඛ්‍යාව 130කට අධික වන අතර ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායක වී තිබේ.

cvxcvgt

දක්ෂ පොලිස් නිලධාරියෙක්

1938 ඔක්තෝබර් 06 වන දා බදුල්ලේදී උපත ලැබූ රෙක්ස් ජෝසෆ් කොඩිප්පිලිගේ පියා මිනින්දෝරුවරයෙකු වූ අතර රෙක්ස් මාස 18ක වයසේ පසුවෙද්දී පියා අභාවප්‍රාප්ත විය.

පුතුන් තිදෙනෙකුගෙන් සමන්විත පවුලේ බාලයා වූ රෙක්ස්, පළමුව බදුල්ල සෙන්ට් බීඩ්ස් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ අතර, සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව බදුල්ල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු විය.

පාසල් සමයේදී ඔහු දක්ෂ ගායකයෙකු ලෙස බදුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් ලබා සිටි අතර, ඔහුට "බදුල්ලේ මොහිදීන් බෙග්" යනුවෙන් අන්වර්ථ නාමයක් ද පටබැඳී තිබිණි.

පාසල් අධ්‍යාපනය නිම කළ ඔහු පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු අතර විසිර යාමේ උත්සවයේදී හාර සියයකට අධික පොලිස් ආධුනික භටයින් අතරින් ඔහු දෙවන ස්ථානය හිමි කර ගත්තේ ය.

1958 වසරේ පොලිස් සේවය ආරම්භ කළ ඔහු එහි සේවය කරද්දී බොක්සිං සහ පිහිනුම් ක්‍රීඩාවල නිරත විය. ඊට අමතරව ඔහු මිලිටරි පොලිසියේ ශාරීරික යෝග්‍යතා උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කළේ ය.

වසර 5ක සේවා කාලයකින් පසු පොලිස් සේවයෙන් ඉවත් වූ රෙක්ස් කොඩිප්පිලි, පිළිවෙළින් මරීනා කැෆේ, හොටෙල් ඇට් පෙටා සහ සලාකා යන ආයතනවල කළමනාකාරවරයෙකු ලෙස සේවය කළේ ය.


rex kodi

සිනමාවට පිවිසීම

ඔහුට සිනමාවට පිවිසීම සඳහා මාර්ගයක් සකස් වූයේ අහම්බයෙනි. සලාකා කළමනාකාරීත්වය දරන සමයේ ඔහු ඔස්වල්ඩ් ජයසිංහ සහ ඩොමී ජයවර්ධන සමග හිතවත්කමක් තිබිණි.

1969 වසරේ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා අධ්‍යක්ෂණය කරමින් සිටි චිත්‍රපටයක දර්ශන තලයක් වෙත ඔස්වල්ඩ් සහ ඩොමී මෝටර් රථයකින් ඇරලීමට ගිය අවස්ථාවක කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා ඔහුට සටන් නළුවෙකු ලෙස රංගනයට ඇරයුම් කළේ ය.

ඒ අනුව, කතුරු මුවාත් චිත්‍රපටයේ පික් පොකට්කරුවෙකුගේ චරිතයකට පණ පොවමින් රෙක්ස් කොඩිප්පිලි සිය රංගන දිවිය ආරම්භ කළේ ය.

1972 වසරේදී කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ ලොකු ම හිනාව චිත්‍රපටයේ ද අවදානම් ජවනිකා කිහිපයකට පෙනී සිටි ඔහු, එහිදී බරපතළ අනතුරකට මුහුණ පා මාස 10ක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය.

ඔහු දුෂ්ට සහ සටන් නළුවෙකු ලෙස සිනමාවේ බොහෝ චිත්‍රපටවලට සම්බන්ධ වුව ද, දක්ෂ චරිතාංග නළුවෙකු ලෙස ද චිත්‍රපට රැසක භූමිකා ඉදිරිපත් කර තිබේ.

මුවන් පැලැස්ස චිත්‍රපටයේ කදිරා, සාගරිකා චිත්‍රපටයේ රත්නෙ අයියා, කොටි වලිගය චිත්‍රපටයේ සාජන්ට් සිල්වා යන භූමිකා ඊට නිදසුන් සපයයි.

1982 වසරේදී 'බයිසිකලේ' චිත්‍රපටය තුළින් ඔහු චිත්‍රපට නිෂ්පාදනයට සහ තිර රචනයට ද පිවිසියේ ය.

කතුරු මුවාත්, ලොකු ම හිනාව, අපරාධය සහ දඬුවම, දුප්පතාගෙ හිතවතා, මගේ නංගි ශ්‍යාමා, කවුද රජා, නිල්ල සොයා, ආශා දෑසින්, මුවන් පැලැස්ස, මහින්දාගමනය, මහරජ අජාසත්, ගිනි අවි සහ ගිනි කෙළි ඔහු රංගනයෙන් දායක වූ 130කට අධික චිත්‍රපට රාශියෙන් කිහිපයකි.

2019 වසරේදී ඔහු ජනාභිමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.

xfdfg
"දුෂ්ටයෙකු නොවූ දුෂ්ටයෙක්"

ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් යනු රෙක්ස් කොඩිප්පිලි සමග චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයක රංගනයේ නිරත වූ රංගන ශිල්පියෙකි.

ඔහු රෙක්ස් කොඩිප්පිලි සම්බන්ධයෙන් අදහස් පළ කළේ, මෙසේ ය.

"ඔහු බොහෝ අනතුරුවලට ලක්වෙමින් රංගන දිවිය වෙනුවෙන් කැප කිරීම් රැසක් කරපු විශිෂ්ට කලාකරුවෙක්. ඔහු බොහෝවිට දුෂ්ටයෙකු විදිහට සිනමාවේ පෙනී සිටියත් විශිෂ්ට චරිතාංග නළුවෙකු ලෙසත් දක්ෂතා දැක්වූවා. මෙතන තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඔහු දුෂ්ට චරිතවලට පණ පෙව්වත්, සමාජයේ අකැමැත්තක් පළ වුණේ නෑ. ඔහු බොහෝවිට ගෞරවණීය විදිහට තමන්ගේ සැබෑ ජීවිතයත් ගත කළා. ඔහු සිනමාවේ දැක්වූ ප්‍රතාපවත් බව සැබෑ ජීවිතයේදීත් තිබුණා. ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්."

(BBC සිංහල සේවය)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රෙක්ස් කොඩිප්පිලි: දිවි රඟ මඩලින් බැස ගිය 'දුෂ්ටයෙකු නොවූ දුෂ්ටයා' | The Leader