The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ශාපලත් සාතන්ලාද? ජනතාවගේ පුත්‍රයාද? - (වරුණ රාජපක්ෂ)

T

The Leader Desk

December 25, 2023 • 4:20 PM

ශාපලත් සාතන්ලාද? ජනතාවගේ පුත්‍රයාද? - (වරුණ රාජපක්ෂ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප සුරක්ෂිත වන්නේ, අප ජේසුස් වහන්සේ තදින් අල්ලා සිටින නිසා නොව ඔහු අපව තදින් අල්ලා සිටින නිසාය.
  • එසේ කිරීමෙන් මේ නත්තලේ, ඔබේ දිලිදු සහෝදරයාගේද මෙන්ම ඔබේද සිතට සතුට, සැනසීම උදාවෙනු ඇත.
  • ඒ වගකීම මේ මොහොතේ පැවරාගෙන ඇත්තේ ජනාධිපතිවරයාය.
  • ජුදාස් මෙන් ඔහුව පාවාදිය හැක.
අකුරු ප්‍රමාණය (Font Size):



අප සුරක්ෂිත වන්නේ, අප ජේසුස් වහන්සේ තදින් අල්ලා සිටින නිසා නොව ඔහු අපව තදින් අල්ලා සිටින නිසාය.


"මේ නත්තල දිලින්දන් සමග සමරන්න , ඔබ එක්වේලක් දිලිදු පවුලක් සමග එකව ලබාගන්න, නත්තල ඔවුන් සමග සමරන්න" කාදිනල් තුමාගේ නත්තල් පනිවිඩය එයයි. සැබැවින්ම එය ජේසු සමිදානෝ නත්තලට දුන් අර්ථය කැටිකර ගත් අපූරු පනිවිඩයකි. එසේ කිරීමෙන් මේ නත්තලේ, ඔබේ දිලිදු සහෝදරයාගේද මෙන්ම ඔබේද සිතට සතුට, සැනසීම උදාවෙනු ඇත.


එහෙත් නත්තල් රැය පහන්ව උදාවන දිනයේ ඔහුගේ කුසගින්න ඔබට නිවා දැමිය නොහැක. එය කලහැක්කේ ආගමෙන් නොව දේශපාලනයෙනි. ඒ වගකීම මේ මොහොතේ පැවරාගෙන ඇත්තේ ජනාධිපතිවරයාය.


පසුගිය නත්තලට පෙර රට තිබුනේ අන්දකාරයේ ගිලී යමිනි. කිසිවෙකු ඒ අන්දකාරය තුලින් ආලෝකය සොයා යන මාවතට ජනතාව රැගෙන යාමට ඉදිරිපත්වූයේ නැත. එහෙත් එක් මිනිසෙක් මා ඔබ අන්දකාරයෙන් ආලෝකයට ගෙන යමියි ඉදිරිපත් විය. ජීසස්ට මෙන් ඔහුටද ගල් මුගුරු විවේචන හැර දිරිදෙන වදනක් හෝ නොවීය. 

එහෙත් පහුගිය නත්තල උදාවන විට සිහින් ආලෝක ධාරවක් රටට පතිත වෙමින් තිබුනි.  

xcvxcv
"අන්දකාරයේ සිටි මිනිසුන් ඉමහත් ආලොකයක් දුටුවෝය. ගණදුරු දේශයේ විසූ අය කෙරෙහි එළියක් දැන් බබලන්නේය."
- ශුද්ධවූ බයිබලය


 ආලෝකය කරා යන මග පලල් මගක් නොවේ , පහසු මගක්ද නොවේ, ආලෝකය වෙත ලගාවීමට  ඒ දුෂ්කර මාවත ගෙවා දැමිය යුතුමය.


රනිල් මෙය දැන සිටියේය. බංකොලොත් රටක කිසිවෙකුට සහනයක් , සැනසීමක් නැත. කලහැකි එකමදේ හැකි ඉක්මනින් බංකොලොත්භාවයෙන් නිදහස් වීමය.

1 bread 2 fish

බංකොලොත්භාවයේ සිටියදී ලෝකයේ කිසි රටක් පඩි වැඩිකර නැත, විශ්‍රාම වැටුප් වැඩිකර නැත, සුභසාදන සහන වැඩිකර නැත. එය හරියටම පාන්ගෙඩියකින් සහ මාලුකූරීන් දෙදෙනෙකුගෙන් පන්දහසක් මිනිසුන්ගේ කුසපිරවීම හා සමාන ප්‍රාතිහාර්‍යකි. ඔහු එයද කලේය.


එහෙත්
අන්දකාරයේදී, කලහැකි කිසිත් නැතිවූ විට ඔහුව තෝරාගත් අනුගාමිකයන් පවා රළු මගේ රට ගෙනයාමේදී මතුවන අභියෝග හමුවේ ඔහුව හැරයා හැක. ජුදාස් මෙන් ඔහුව පාවාදිය හැක.

එහෙත් ඒ මග හැර වෙනත් මගක්ද නැත.


"පටු දොරටුවෙන් ඇතුල්වෙයල්ලා, මක්නිසාද විනාශයට යන දොරටුව විශාල ය. පාරත් පලල්‍ ය. එයින් ඇතුලුවන්නෝ බොහෝය, මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාරත් අවහිරය. එය හම්බ වන්නේ කීපදෙනෙකුටය."


ජීසස්ගේ මේ කියමනට තව එක වාක්‍යක් එක් කලයුතුය. එනම් ,ඒ මගේ යන්නට ධර්‍යය තිබුනේ එකම එක මිනිසෙකුට පමනි.
ජීසස් මෙන් සියලු දෙනාගේ පාපයන් තමන්වෙත පවරාගෙන නින්දා , අපහාස විදිමින් ඒ මගට ජනතාව කැදවූයේ ඔහු පමනි. ඔහු දෙවියන්ගේ පුත්‍රයා නොවුනද , ඔහුට ජනතාවගේ පුත්‍රයා කියා ඇමතීමේ වරදක් නැත.

cxvxvhy
මේ නත්තලින් පසු උදාවන්නේ මතිවරණ වසරකි. ලංකාව වැනි රටවලට මැතිවරණ වලට අවශ්‍යවන්නේ හරි මග නොව ජනප්‍රිය මගය. ජනප්‍රිය නොවන හරි තීන්දු නොව ජනප්‍රිය වැරදි තීන්දුය, පොරොන්දු වැසිය. පහසු මාවත්‍ ය. ඒ පොරොන්දු මලු ගෙනෙන සැන්ටලාට  ලදරුවන් මෙන් රැවටී පහසු මාවතේ රූටාගොස් අපායට වැටුනු පසුත් පහසු මාවතම සොයන මිනිසුන්ට අපි මෙසේ කියමු.


ජනප්‍රිය කතා කියන ජනප්‍රිය නායකයන්ව බොහෝදෙනා තදින් වැලද ගන්නා මුත්, දුකේදී ඔබව ආරක්ෂා කලේ  ඔබ තදින් වැලද ගත් තැනත්තන් නොව ඔබ ප්‍රතික්ෂේප කල එහෙත් ඔබව තදින් වැලද ගෙන සිටි මිනිසාය.

 xdvsd

එනිසා තීරණය ඇත්තේ ඔහුගේ අතේ නොව ඔබේ අතේය. ඔහු දැනටමත් ඔබව බංකොලොත්භාවයෙන් ගලවාගෙන ඇත. ඔබව ගලවාගත් ගැලවුම්කරුද , ශාපලත් සාතන්ලාගේ පොරොන්දු මලුද යන්න ඔබම තීරණය කරන්න .

මේ නත්තල හයහතර නොතේරෙන ඔබේ අසල්වැසියන් සමග ගතකරන්න , ඔවුන්ට සාතන්ලාගෙන් ගැලවීමට සහය වන්න. චැතම් ස්ට්‍රීට් නත්තල් පනිවිඩය එයයි.

Waruna Rajapaksha(වරුණ රාජපක්ෂ)
දේශපාලන ක්‍රියාකාරික

 *2023.12.24 දින Chatham Street Journal පුවත්පත*
Read More - https://bit.ly/3tlvoAV
Like us on Facebook: https://www.fb.com/ChathamStreetjournal
Subscribe now : https://bit.ly/3H0Kfoc
Website: www.csj.lk
Follow us via WhatsApp: https://bit.ly/csj-wapp

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...