The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

අද පෝය - අපි අශෝක අධිරාජයා ගැන කතා කරමු

T

The Leader Desk

December 26, 2023 • 9:57 AM

අද පෝය - අපි අශෝක අධිරාජයා ගැන කතා කරමු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාලිංග යුද්දෙ මහා සංහාරයකට පස්සෙ එයා බුදු දහම වැළඳගන්නවා.
  • ඉතිං කාලිංග යුද්ධය ඇතිවෙනවා.
  • අවුරුදු 2000ට කලින් මිනිස්සු ලක්ෂයක් කියන්නෙ අදට සාපේක්ෂව ලොකු ගානක්.
  • නමුත් බින්දුසාර කාලය හරිම සාමකාමී සහ සෞභාග්‍යමත් කියලයි සඳහන් වෙන්නෙ.
අකුරු ප්‍රමාණය (Font Size):

කාලිංග යුද්දෙ මහා සංහාරයකට පස්සෙ එයා බුදු දහම වැළඳගන්නවා. ඊට පස්සෙ එයා අවිහිංසාවාදී වෙනවා. ගස් හිටවනවා. පන්සිල් රකිනවා. එයා ධර්මාශෝක විදිහට ප්‍රසිද්ද වෙනවා. ලංකාවට බුද්ධාගම ගේනවා.

මේ කතාව අලි පචයක් වුනොත් කොහොමද? ඉතිහාස සාක්ෂි, ශිලා ලිපි ආදී සියල්ල වෙනත් කතාවක් කියද්දි අපිට ඉස්කෝලවල ඉඳන් මේ බොරුව දිගින් දිගටම කියලා දෙන උවමනාව පිටිපස්සෙ තියෙන්නෙ මොකක්ද? එහෙම එකක් හොයලා බලන්න අපි ලෑස්තිද?

අපි දන්න කතාව හැටියට අශෝක කියන මහා අධිරාජයා කාලිංග කියන පුංචි රාජ්‍යය ආක්‍රමණය කරනවා. ඒත් කාලිංගයන් යටත් වෙන්නෙ නෑ. ඉතිං කාලිංග යුද්ධය ඇතිවෙනවා. මිනිස්සු ලක්ෂයක් මැරෙනවා. අවුරුදු 2000ට කලින් මිනිස්සු ලක්ෂයක් කියන්නෙ අදට සාපේක්ෂව ලොකු ගානක්.

ashoka edicts 2m

මේ හින්ද අශෝක ලොකු පශ්චත්තාපයකට යනවා. එයා බුදු දහම වැළඳගන්නවා. එයා අවිහිංසාවාදීව ඉතිරි ජීවිත කාලය බුදු දහම ප්‍රචාරය කරමින් ගත කරනවා. මේක තමයි අපිට ඉස්කෝල පොතේ උගන්නන කතාව. ඒත් අශෝකගෙ සෙල්ලිපිවල කතාව මේක නෙමෙයි.

ඉස්සෙල්ලම බලමු කවුද මේ මහා ශ්‍රේෂ්ට අශෝක කියන්නෙ කියල. අශෝක කියන්නෙ චන්ද්‍රගුප්ත මෞර්ය ගේ මුනුපුරා. එයා තමයි මෞර්ය අධිරාජය හදන්නෙ. 


එයාගෙන් පස්සෙ එයාගෙ පුතා බින්දුසාර. එයාත් පාලනය හොඳට කරගෙන යනවා. ඇෆ්ගනිස්ථානයේ ඉඳන් බෙන්ගාලය දක්වා පැතිරුනු අධිරාජයක් මේක. බින්දුසාර මේ රාජ්‍යය තවත් විශාල කරනවා. ඉන්දියාවෙ අන්තිම දකුණු කෙලවර දක්වාම මෞර්ය අධිරාජයට යටත් කරගන්නවා. නමුත් බින්දුසාර කාලය හරිම සාමකාමී සහ සෞභාග්‍යමත් කියලයි සඳහන් වෙන්නෙ. එයාට ඉන්නවා 16ක් බිරින්දැවරු. 101ක් පුත්තු.

5254552 The King Ashoka
අශෝකගෙ අම්මා ශුභාද්‍රන්ගි උපතින් රාජ කුමාරියක් නෙමෙයි. දුප්පත් බ්‍රාහ්මන පවුලක දරුවෙක්. අශෝක දක්ෂයෙක් වුනාට එයා ඔටුන්න හිමි කුමාරයෙක් නෙමෙයි. අශෝකගෙ කුඩම්මගෙ පුතා සුසීම තමයි ඔටුන්න හිමි කුමාරයා විදිහට හිටියෙ. ඔක්කොම හොඳට වෙනවා බින්දුසාරගෙ මරණය වෙනකල්.

සුසීම උතුරුකරයෙ ඉඳන් පාලනය බාරගන්න එන්න කලින් අශෝක පාඨලීපුත්‍රයෙ බලය අල්ලගන්නවා. ඒක එයා කරන්නෙ ග්‍රීකයොන්ගෙ උදව්වෙන්. ඊට පස්සෙ එයා සුසීමව මරාදානවා. ඊට පස්සෙ අවුරුදු 4ක සිවිල් යුද්ධයක් ඇතිවෙනවා. අශෝක පවුලෙ සියලු පිරිමින්ව මරාදානවා. එහෙම මරලා ක්‍රි.පූ 274දි අධිරාජයා බවට පත්වෙනවා. බෞද්ධ ලේඛනවල හැටියට අශෝක සහෝදරයො 99ක් මරනවා. එයාගෙම සහෝදරයා වුනු තිස්ස විතරයි බේරෙන්නෙ. ඊට පස්සෙ අශෝක 500ක් රාජ්‍ය නිලධාරීන් මරාදානවා. අශෝක වෙනම වධකාගාරයක් ඉදිකරනවා. තමන්ට විරුද්ධව අරගල කරන අය වධයට පමුණුවන්න. ඒක පිටින් ඉතාම චමත්කාරජනකව ඉදිකරපු එකක්. ඇතුල තනිකරම අමු අපායක්. අශෝක නිරය කියලත් මේක හඳුන්වනවා.

2327සියලු ඉතිහාස ලේඛනවලින් පෙන්වාදෙනවා අශෝකගේ රාජ්‍ය කාලය භීෂණය රජ කළ එකක් වග. එයා චණ්‍ඩාශෝක විදිහට හඳුන්වන්නෙත් ඒ හින්ද.

මෙහෙම කෲර පාලකයෙක් වුනත් අශෝක තමයි මෞර්ය අධිරාජයේ දැවැන්තයා විදිහට සලකන්නෙ. ඒ අශෝක විසින් වෙන කාටවත් බැරි වුනු තරමට අධිරාජ්‍යයේ සීමාවන් පුළුල් කරපු නිසයි. ඔන්න ඊට පස්සෙ අශෝක කුඩා නමුත් බලවත් ‍පොහොසත් රාජ්‍යයක් වුනු කාලිංගය ආක්‍රමණය කරනවා. කාලිංගයන්ටත් ලොකු ප්‍රබල හමුදාවක් ඉන්නවා. චන්ද්‍රගුප්තටවත්, බින්දුසාරටවත් කාලිංගය යටත් කරගන්න පුළුවන් වුනේ නෑ. ඒ නිසාම අශෝකට කාලිංගය යටත් කරගැනීමේ උවමනාව ප්‍රබල වෙනවා.

‍ශිලාලේඛන අනුව මේ යුද්ධයේදී ලක්ෂයක් සොල්දාදුවො මැරෙනවා. එක්ලක්ෂ පනස්දාහක් දෙනා සිරකරුවන් විදිහට අශෝක විසින් අරගෙන එනවා.

ඔන්න දැන් බොරුව පටන් ගන්නවා. අපිට කියන්නෙ අශෝක මේ කාලිංග යුද්ධයේ මිනිස් සංහාරය දැකලා පසුතැවීමට පත්වුනා කියලයි. ඊට පස්සෙ බුදුදහම වැළඳගෙන අවිහිංසාවාදී වුනා කියලයි. ඒත් සෙල්ලිපිවල කතාව වෙනස් එකක්.

3881
මේ වෙද්දි අශෝක සෙල්ලිපි 33ක් හොයාගෙන තියෙනවා. ඒවා වර්ග හතරකට බෙදලා අධ්‍යනය කරනවා. මහා සෙල්ලිපි, කුඩා සෙල්ලිපි, මහා ශිලා පුවරු, කුඩා ශිලා පුවරු හැටියට.

එක කුඩා සෙල්පුවරුවක අශෝක මෙහෙම ලියනවා.

‘මං බුදුදහම වැළඳගෙන දැනට අවුරුදු දෙකහමාරක් වෙනවා. පළවෙනි අවුරුද්දෙ ඒ තරං වැඩක් වුනේ නෑ. ඒත් ඊළග අවුරුද්දකට වැඩි කාලෙදි මං ඒ පිළිවෙල තදින් වැළඳගත්තා’

මේ සෙල්ලිපියෙ කරුනු රොමිලා තාපර් කියන ඉතිහාසවේදිනිය ඉතා නිවැරදිව පරිවර්තනය කරනවා. ඒත් අපිට උගන්නන්නෙ වෙන කතාවක්.

අශෝක කසාද බඳින්නෙ ධනවත් බෞද්ධ ව්‍යාපාරිකයෙකුගේ දුවෙක්. ඒ අධිරාජයා බවට පත්වෙන්නත් කලින්. අශෝකගෙ බෞද්ධ සම්බන්දෙ එන්නෙ කාලිංග යුද්දෙට බොහෝ කලින් බව මේ කාරණාවලින් පැහැදිලියි.

මෞර්යයන් බොහෝ විට වෙදික හින්දු දහම පුහුණු කළත් චන්ද්‍රගුප්ත මෞර්ය මහළු වියේදී ජෛනාගම වැළඳගන්නවා. ඒ වගේම බින්දුසාර අජ්රිකා නම් ආගමික ‍පිරිසගේ ඇසුරට යනවා. මේ කලවං ආගමික ස්වරූපය ඉන්දියානු සංස්කෘතියෙ අරුමයක් නෙමෙයි. ඉන්දියාවෙ සියලු ආගම් එකට පවතිනවා.

360 F 654850253 1MmLJLA5RI90HVGiOylIqty0xoG2b5vq
අශෝකට වෙන්නෙ එයා බලයට ආපු විදිහෙ තියෙන නරක ස්වරූපය නිසා සීයා හෝ තාත්තා විසින් ගරු කළ ජෛන හෝ අජ්රිකවරුන්ගේ ඇසුරට යන්න බැරි වීමයි.

 සහෝදරයන් මරා දැමීම නිසා පවුලේ විරෝධයට අශෝක බදුන් වෙනවා. මේ විරෝධය පවුලේ අය ඇසුරු කළ ආගමික පාර්ශ්වවලිනුත් එල්ල වෙනවා. මෙන්න මේ නිසා මේ කාලෙදි නැගී ගෙන එන දහමක් වුනු බුදු දහමේ ආරක්ෂාව අශෝකට උවමනා වෙනවා.

අශෝක බුදු දහම නොදන්නා කෙනෙක් නෙමෙයි. ඒ වගේම ලේ දැකීමෙන් කලබල වෙන විදිහෙ ළාමක සිත් ඇත්තෙකුත් නෙමෙයි. එයා තමන්ගෙම සහෝදරවරු මරාදාපු කෙනෙක්. වධකාගාර ඉදි කරපු කෙනෙක්. එහෙම කෙනෙක් කාලිංග යුද්දෙන් මැරුනු මිනිස්සු දැකලා කලබල වුනා කියන එක සිද්ධාර්ථ කුමාරයා සතර පෙර නිමිති දැකලා ගිහිගෙය අතෑරියා කියනවා වගේ බොළඳ කතාවක්.

අපි කියමු අශෝක කාලිංග යුද්දෙට පස්සෙ වෙනස් වුනා කියල. එහෙනං අර වධකාගාරවල හිරකරපු 150,000ක් දෙනා නිදහස් කලේ නැත්තෙ ඇයි?

කාලිංග යුද්දෙ ගැන පසුතැවිලි වුනා කියල දකින්න තියෙන සෙල්ලිපිවලත් ඒ ලියා ඇති දේ ස්වරූපය හරියට තේරුම් ගන්න ඕන. ටෝන් එක කියවන්න ඕන. ඒකෙ තියෙන්නෙ ඇත්තටම තර්ජනයක්. මහා සෙල්ලිපිවල මෙහෙම තියෙනවා.

‘ දෙවියන්ට ප්‍රිය වූ (දේවානම්පිය) අශෝක දේවයාණන් පිලිගන්නවා වැරදි කළ අයට සමාව දීම කළ යුතුයි කියල. ඒත් අශෝක දේවයාණන් අවවාද කරනවා මේ අයට තමන් සිදුවූ දේ ගැන පසුතැවිලි වුනත් බලය තමන් සතුබව දැනගන්න කියල. යටත් වුනේ නැත්තං මරාදමන වග දැනගන්න කියල. දේවයාණන් පිලිගන්නවා සියලු සත්වයෝ වධයෙන් නිදහස් විය යුතුයි කියල..’’

අශෝක කියන්නෙ ඔය වගේ කතාවක්. අවිහිංසාව කියන්නෙ මර්දනයේ මෙවලමක් විදිහටයි අශෝක පාවිච්චි කරන්නෙ. මේක බුදුන් වදාල අවිහිංසාව නෙමෙයි කියන එක පැහැදිලියි.

killing 1
කාලිංග යුද්දෙ කරද්දිත් අශෝක බෞද්ධයෙක් තමයි. එතකොට කාලිංග යුද්දෙට පස්සෙ අශෝක අවිහිංසාවාදී වුනාද? නෑ අශෝක දිගටම ප්‍රචන්ඩ වධක අධිරාජයෙක් විදිහටයි කටයුතු කලේ. අශෝකවදනෙ පැහැදිලිව කියනවා 18000ක් අජ්රිකාවරුන්ව මරා දමන්න කියල. මේක වෙන්නෙ අශෝක ඔය කියන බෞද්ධ පරිවර්තනය වුනාට පස්සෙ.

ඒ විතරක් නෙමෙයි අශෝක වදනෙ මෙහෙම කතාවකුත් කියනවා. පාඨලීපුත්‍රයෙ හිටපු ජෛනාගමිකයෙක් බුදුන් වහන්සේ විසින් ජෛන තීර්ථකයෙකුට නමස්කාර කරන රූපයක් චිත්‍රයට නගනවා. අශෝක කරන්නෙ ඒ ජෛනාගමිකයා සහ මුලු පවුලම ගින්නෙන් පුළුස්සා මරා දැමීම. ඒ වගේම ජෛනයෙකුගේ හිසක් ගෙනාවොත් කහවනුවක් ලබාදෙන බවට නිවේදනය කරනවා.

අශෝකගෙ ප්‍රචන්ඩ ක්‍රියා නවතින බව පේන්නෙ තමන්ගෙම සහෝදරයා විටෂෝක බෞද්ධ භික්ෂුවක් වූ පසුවත් වැරදීමකින් මරාදැමුනට පස්සෙයි.

මේ අශෝක තමයි අපේ රටට බුද්ධාගම එවන්නෙ. ඒ බුද්ධාගම තමයි අපි පුහුණු කරගෙන පවත්වාගෙන යන්නෙ. ඉතින් අශෝක විසින් ගෙන ගිය ප්‍රචන්ඩත්වය, බොරුව ආදියත් බුද්ධාගම දේශපාලන පලිහක් විදිහට පාවිච්චි කිරීමත් ඒ ධර්මාශෝක දූත මෙහෙවර සමගම එන උරුමයක්. ඒක මෑත කාලීන දේශපාලකයො විතරක් කරන දෙයක් නෙමෙයි.

ඇත්තටම අශෝකලා දිහා බැලුවම මහින්ද රාජපක්ෂලා අපරාධ ලෝකෙ පොඩි ළමයි වගේ පේනවා. ඒ කියන්නෙ අශෝක මහා බෞද්ධ වීරයෙක් වුනා නම් රාජපක්ෂලා අනාගතයේදී කොයි තැනක තියලා ලියයිද කියන එක ඉතිහාස පාඩම් දිහා බැලුවම පේනවා.

( පරිවර්තනයට යොදා ගත් වීඩියෝව පහල)



හෑලි ටයිම්ස් - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com


 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...