The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ඇඩ්වර්ටයිසිං ලෝකයේ ඇට මැස්සාගේ නික්ම යාම…

T

The Leader Desk

December 30, 2023 • 7:04 AM

ඇඩ්වර්ටයිසිං ලෝකයේ ඇට මැස්සාගේ නික්ම යාම…

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මේ වන විට අප අතරින් නික්ම ගොසිනි.
  • වඩාත් නිරවුල්ව කියනවා නම් ඔහු අප ලීඩර් වෙබ් අඩවිය වෙත එන්නේ ඇටමැස්සෙකු ලෙසය.
  • වොයිනික් (Ethel Voynich ) විසින් රචිත The Gadfly නවකතාව සුගතපාල සිල්වා විසින් පරිවර්තනය කරන ලද්දේ ‘ඇට මැස්සා’ ලෙසිනි.
  • මරණින් පසු ගුණවැයීම ගැන ඇඩ්ඩා සිටියා නම් මෙසේ ලියනු ඇතැයි මට සිතේ, හොඳ මිනිසුන් සිටින්නේ දෙදෙනෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මේ වන විට අප අතරින් නික්ම ගොසිනි.

වැඩ්ඩන් යැයි පෙන්වීමට වෙහෙසෙන සමාජයක ඔහු නිහඬ වැඩ්ඩෙකු විය.

දැඩි විවේචකයකු මෙන්ම ප්‍රහසන කලාව මැනවින් ප්‍රගුණ කළ ඔහු ප්‍රහාරාත්මක කලාවේදී ඇට මැස්සෙකු බඳු විය. ‘ඕල්වේස් බ්‍රේක්ඩවුන්’ - ’කිං බානට්’ දේශපාලන ප්‍රහසනයන් මෙසිරිලක දේශපාලන පෙරළි කිරීමට සමත් වූ නිර්මාණයන්ය.

 

විශේෂයෙන් දැඩි උපහාසය ඉපැද්දවීමද පද පෙරළීමෙන් අර්ථ වෙනස් කිරීමෙන් වැඩ අල කිරීම ඇඩ්ඩා සතු සුවිශේෂි උපන් හපන්කමකි. ඇඩ්ඩාගේ වැඩ කිඩ ගැන ලිවීමට මම තරම් නොවුවකුද ඇඩ්ඩා මට මුණගැසෙන්නේ අප නම නොකියන මිතුරා වන වෙබ් ගෝඩ් ෆාදර් හරහාය. වඩාත් නිරවුල්ව කියනවා නම් ඔහු අප ලීඩර් වෙබ් අඩවිය වෙත එන්නේ ඇටමැස්සෙකු ලෙසය.

 

රහස් ගබඩාවක් සහිත වූ ඇටමැස්සා එයින් එකින් එක විවෘත කරමින් ප්‍රහාරාත්මක, සෞන්දර්යාත්මක නව නළු රසයෙන්ම හැඩවුණ සිය අත්දැකීම් අප පාඨකයන් හා බෙදා ගත්තේය. එයින් සිත රිදුනාවුවන්ද, විශ්මයට පත් වූවන් ද ඇටමැස්සා කවරෙක් ද? යන්න අප වෙතින් නිරන්තර නැගූ පැණයකි.

 

  ඊ එල් . වොයිනික් (Ethel Voynich ) විසින් රචිත The Gadfly නවකතාව සුගතපාල සිල්වා විසින් පරිවර්තනය කරන ලද්දේ ‘ඇට මැස්සා’ ලෙසිනි. එහිදී ද ඇට මැස්සා කවරෙක්ද යන්න හෙළි වූයේ ආතර් ගේ මරණයෙන් අනතුරුවය. එසේම 'ද ලීඩර්' හි ඇට මැස්සා කවුද යන්න හෙළි කෙරුණුයේ ඔහුගේ අභාවයෙන් පසුවය.

මරණින් පසු ගුණවැයීම ගැන ඇඩ්ඩා සිටියා නම් මෙසේ ලියනු ඇතැයි මට සිතේ, හොඳ මිනිසුන් සිටින්නේ දෙදෙනෙකි. එකෙකු ජීවතුන් අතර නැත. අනෙකා තවමත් ඉපදී නැත’ යනුවෙනි.

ඇඩ්ඩාගේ ඇටමැසි ප්‍රහාරයෙන් අනතුරුව තවත් ගේමක් The Leader හරහා පටන් ගැනුනි. ඒ ඇඩ්ඩාට නැතුවම බැරි ඇඩ්වර්ටයිසිං ලෝකය ගැනය. ලියන්නට පෙර කතාව කීම ඇඩ්ඩාගේ සිරිත විය. ඒ සියල්ලටම ‘අපි ඕක වෙබ් එකට ලියමු නේද…’ යන්න අපගේ ඇවිටිල්ල විය.

 

ඒ සියලු තොරතුරු තිබුණේ ඇඩ්ඩාගේ මතක ගබඩාවේ පමණමය. ගීතයක් තනු නිර්මාණයේ සිට ප්‍රචාරණය දක්වා වන කතන්දර ගොන්නක් ඇඩ්ඩා සතු විය. ඇඩ්වර්ටයිසිං ලෝකයේ ප්‍රධානම තෝතැන්නක් වූයේ ෆීනික්ස්ය. දැන්වීම්කරණයේ වහල ගැසීමේ සිට අර්වින් වීරක්කොඩිගේ රා මණ්ඩියට එනකම්ම ඇඩ්ඩා ලීවේය.

 

ඇඩ්ඩාගේ ලියවිල්ලේ ඇට මැස්සාමය ස්වරූපය නිසා හිත රිදුණාවුවන් නොවන්නේද නොවේ. ඔවුන්ද ඇට මැස්සාගේ ස්වරූපය දන්නා හෙයින් එය මැදහත්ව දරා ගත් බව ඉත සිතින් සිහිපත් කළ යුතුය.

 AW 231214

කෙසේ වුවද The Leader වෙබ් අඩවිය ඔස්සේ ඇඩ්වර්ටයිසිං ලෝකයට ගැහුව ගැහිල්ලට සහ ලිව්ව ලිවිල්ල අවසානයේ නතර වූයේ ඇඩ්වර්ටයිසිං ලෝකයේ විසේකාරයන්ගේ රාත්‍රිය   දක්වාම දිවගොස්ය. ඒ පිළිබඳව නම් ඇඩ්ඩා සිටියේ නොසෑහෙන සතුටකිනි. ඇඩ්ඩාගේ ඇඩ්වර්ටයිසිං ලෝකයේ කූඨප්‍රාප්තිය ඔහු එසේ අවසන් කළා වන්නට පුළුවනි.

 

මේ සමයේ වැඩකරුවන්ගේ නික්ම යෑම ඉක්මන්වි ඇතැයි විටෙක මට සිතෙන්නේය. ඔහු තබා ගිය බර අඩි ඔස්සේ තවකෙකුට එන්නට අඩි පාරක් ලෙස අප මෙසේ යළිත් ඇට මැස්සා, සහ ඇඩ්වර්ටයිසිං ලෝකය නැවත ඉස්මතුකොට තබන්නෙමු.

 ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇට මැස්සා

 මිනිසුන්ගේ නික්මයාම අපට වැළැක්විය නොහැකිය ඇඩ්ඩාගේ බාසාවෙන් කියනවා නම් ‘සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැත' ඒ පද පෙළ එක් කරනුයේ ඇඩ්ඩා තුළ වූ සෞන්දර්යවේදියා මතක් කරනු පිණිසය.

 

Sarachandara 2023.12.30

 එදා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ අභාවය ගැන ඇඩ්ඩා සාහිත්‍ය ලෝකයට සරදම් කර ලිව්වේ 'සරා සඳ බැස ගියා...සදා ගඳ පොරවල් ඉතුරු වුනා' යන්නය. සරච්චන්ද්‍රයන්ගේම ‘මළවුන්ගේ අවුරුදු දා’ හි සඳහන් පරිදි ලොව ඇත්තේ... යාම්..ඊම් පමනි... නෑවිත් යන්නට බැරිය...නොගොස් එන්නට බැරිය…එහෙත් ඇඩ්ඩාගේ නික්ම යෑම අසාධාරණ යන්න මගේ හැගීමයි.

ඒ අපට එක්ව කරන්නට නියමිත තිබූ වැඩ රාශියක් ඔහු ඉතුරු කරගිය බැවිනි. ඇඩ්ඩා මහ මඟ දී නතර වූවා සේම අපද මහ මඟ දමා ගොස් ඇත. ඇට මැස්සාද අපට නොපෙනෙන දුරකට ඉගිල ගොස්ය.

ඇඩ්ඩා නොහොත් හරිත් ගුණවර්ධන නම් විසල් මිතුර ඔබ සෙවූ සාමය ඔබට හමුවේවා! යයි පතමින් ඇඩ්වර්ටයිසිං ලෝකයේ ඇට මැස්සාට Theleader අපි මෙසේ සමු දෙන්නෙමු.

 

සංස්කාරක:

තුෂාරා සෙව්වන්දි විතාරණ

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇඩ්වර්ටයිසිං ලෝකයේ ඇට මැස්සාගේ නික්ම යාම… | The Leader