The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : තවත් අවුරුද්දක්

T

The Leader Desk

December 31, 2023 • 6:36 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : තවත් අවුරුද්දක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත් ගතවූ වසරේ කිණිහිරියටත් මිටියටත් මැදිව සිටි සිරි ලාංකිකයාට එන වසරේදී දඬු අඬුවට පමණක් නොව ගල්රෝලටත් හසුවී තැලී පෙලී යාමට සිදුවන බව පෙනි පෙනීත් සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කළ හැකි ද?
  • ඒ අනුව උදෑසන ආහාරයටත්, රාත්‍රී ආහාරයටත් පිරිසුදු ජලය පමණක් පානය කිරීමට ඉටා ගතිමි.'' ඇත්තෙන්ම එය ඉතා හොඳ අදහසකි.
  • කල් යාමේදී ඔහුට දිවා ආහාරවේලටත් පිරිසුදු ජලයම පානය කිරීමේ හැකියාව ලැබෙනු ඇත.
  • ''මම දෙසැම්බර් 31දා ඉඳන් මත්පැන් බීම නවත්තනවා.'' ''තමුසෙ ගිය අවුරුද්දෙත් ඕක කිව්වනෙ?'' ''ඔව්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

2023 ද එසේ ගෙවී යන්නට ආසන්නය. 2024 දොරකඩට වී බලා සිටී. එහෙත් ගතවූ වසරේ කිණිහිරියටත් මිටියටත් මැදිව සිටි සිරි ලාංකිකයාට එන වසරේදී දඬු අඬුවට පමණක් නොව ගල්රෝලටත් හසුවී තැලී පෙලී යාමට සිදුවන බව පෙනි පෙනීත් සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කළ හැකි ද?

crisis sri lanka 696449 850x460 700836 850x460

ලොකු ලොක්කෝ නත්තල් නිවාඩුව ගත කිරීමට පවුල් පිටින් රටරටවල යද්දී, එසේත් නැතිනම් නිවාඩු නිකේතනවල විනෝදයෙන් කාලය ගෙවද්දී, සොක්කෝ ණය තුරුස් ගෙවාගත නොහැකිව හොදියි බතුයි අනමින් දුක සේ වෙසෙති.

මල් වෙඩි සංදර්ශන පැවැත්වූ පමණින් අඳුරු අනාගතය එළිය වන්නේ නැත. ජනතාවට උත්සව අවශ්‍යය. විනෝදය අවශ්‍යය. බලාපොරොත්තු තිබිය යුතුය. එහෙයින් යන යකා කොරහත් බිඳගෙන යද්දී එන යකා දෙස බයෙන් සැකෙන් යුතුව බලා සිටින්නේ වෙන කරන්නට දෙයක් නැති නිසාය.

rally in Colombo

කෙසේ වෙතත් මේ රටේ පොඩි මිනිසුන්ට (සිම්පල් සයිමන්ලාට) මරුවා දැක දැකත් උපහාසයෙන් සිනාසීමේ 'අන්දරේ ජාන' පිහිටා තිබීම මහත් වාසනාවකි. වැට් මරුවා 'කට් කට්' කියමින් තර්ජනය කරද්දීත් මිනිස්සු එන එන හැමදේටම හුරුවන්නට සැලසුම් කරමින් දත නියවන්නේ එහෙයිනි.

සමාජ ජාලා කැඩපතේ මෑතකදී දක්නට ලැබුණු සටහනකි මේ.

''උදාවන නව වසරේදී මම මගේ සෞඛ්‍ය පිළිබඳව (මානසික හා ශාරීරික) වැඩි අවධානයක් යොමුකිරීමට තීරණය කළෙමි. ඒ අනුව උදෑසන ආහාරයටත්, රාත්‍රී ආහාරයටත් පිරිසුදු ජලය පමණක් පානය කිරීමට ඉටා ගතිමි.''

ඇත්තෙන්ම එය ඉතා හොඳ අදහසකි. කල් යාමේදී ඔහුට දිවා ආහාරවේලටත් පිරිසුදු ජලයම පානය කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

තවත් සටහනක මෙසේ දැක්වුණි.

7Gunther Deichmann Tamil Sri Lanka 1413
''අනාගත සිරි ලංකාවේ,
කොවිඩ් නැත.
ඩෙංගු නැත.
සිරගෙවල් නැත.
පෝලිම් නැත.
වැඩවර්ජන නැත.
මැතිවරණ නැත.
ජනතාවක් ද නැත.
ඉතිරි වන්නේ පාලකයෝ පමණි.''

                                              

උදාවන නව වසරේදී තමන්ගේ නරක පුරුදු නතර කරගත යුතු යැයි අදිටන් කර ගැනීම බොහෝ දෙනකුගේ සිරිතකි.

මත්පැන් පානය ද බොහෝ දෙනා විසින් එසේ නතර කර දැමීමට තීරණය කරන දුසිරිතකි. එහෙත් බොහෝ විට එය එසේ නොවන්නේ ලබන අවුරුද්ද අවසානයේ ද අදිටන් කරගත යුතු යමක් තිබිය යුතු හෙයින් විය හැකිය.

893 Happy New Year Messages for 2021 Hero
කාර්යාල මිතුරන් දෙදෙනකු අතර සිදුවූ කතාබහකි මේ.

''මම දෙසැම්බර් 31දා ඉඳන් මත්පැන් බීම නවත්තනවා.''
''තමුසෙ ගිය අවුරුද්දෙත් ඕක කිව්වනෙ?''

''ඔව්. මේ අවුරුද්දෙ නම් ඒක ස්ථිරයි. මට බීම නවත්තන්න අවුරුදු තුනක් ඕනෙ. ප්‍රථම අදියර හැටියට මම ලබන අවුරුද්දෙ ඉඳල මත්පැන් මිලට ගෙන බීම නවත්තනවා.''

                                             
සුරාබදු ආදායම අඩුවෙයි : රටපුරා 'හොර මත්පැන්' වැඩිවෙලා

එක් අවන්හලකට එන මැදිවියේ පුද්ගලයෙක් එකවරම මත්පැන් වීදුරු තුනක් ඉල්ලා සිටියේය. ඒ පිළිබඳව විමසූ අවන්හල් සේවකයාට ඔහු මෙසේ පැහැදිලි කළේය.

''මට සහෝදරයො දෙන්නෙක් ඉන්නවා. අපි අතර තියෙන්නෙ ලොකු බැඳීමක්. අපි තුන්දෙනා කොහේ ඉඳල බිව්වත් අනික් දෙන්නා වෙනුවෙනුත් දෙකක් ගහනවා.''

ජනවාරි පළවෙනිදා අවන්හලට ආ ඒ පුද්ගලයා මත්පැන් වීදුරු දෙකක් ඉල්ලා සිටියේය. 
මඳක් කල්පනා කළ අවන්හල් සේවකයා මෙසේ ඇසීය.
''මට හරි කනගාටුයි සර්... ඇයි එක මල්ලි කෙනෙක් නැතිවුණාද?''

''නෑ... නෑ.. මම ඊයෙ අපේ වයිෆ්ට පොරොන්දු වුණා, ජනවාරි පළවෙනිදා ඉඳලා මත්පැන් පානය නතර කරනවා කියලා. ඒ වුණාට මගේ මල්ලිලා එහෙම පොරොන්දුවෙලා නෑනේ.''

                                           

ගංජා වවා පිටරට යවමු : මත්පැන් සහ ගංජා ගැන වික්ටර් අයිවන්ගේ විග්‍රහයක්

දෙසැම්බර් 31දා සාදයකට ගිය තරුණයෙක් ''රතු කටුව'' පැන, වීදියේ ගමන් කරමින් සිටියේය.

පොලිස් භටයෙක් ඔහු නැවතීය.

''හොඳටම බීල නේද? කොහෙද මේ රූ වැනි වැනි යන්නෙ?''
''මම.. මම.. ලෙක්චර් එකක් අහන්න යනවා.''
''මේ රෑ කවුද හලෝ ලෙක්චර් තියන්නෙ? බොරු කියන්ඩ එපා.''
''මොකද නැත්තෙ? අපේ වයිෆ්!''

කපිල කුමාර කාලිංග, Author at ආලෝචනා(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : තවත් අවුරුද්දක් | The Leader