The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

දකුණු අප්‍රිකාව ගාසාහි වර්ග සංහාරයට එරෙහිව ලෝක අධිකරණයට පැමිණිලි කරයි - (සුනන්ද දේශප්‍රිය)

T

The Leader Desk

December 31, 2023 • 10:19 AM

දකුණු අප්‍රිකාව ගාසාහි වර්ග සංහාරයට එරෙහිව ලෝක අධිකරණයට පැමිණිලි කරයි - (සුනන්ද දේශප්‍රිය)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිදු කිරීමෙන් පසු ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව සිදු කරන වර්ග සංහාර අපරාධ පිලිබඳව චෝදනා කරමින් දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ ICJ නඩුවක් ගොනු කර තිබේ.
  • ගාසා තීරයේ සිය හමුදා මෙහෙයුම් වහාම අත්හිටුවන ලෙස ඊශ්‍රායලයට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස දකුණු අප්‍රිකාව එමගින් හේග් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ අධිකරණයෙන් ඉල්ලා සිටි තිබේ.
  • ඉදිරි දින හෝ සති කිහිපය තුළ එම ඉල්ලීම පිළිබඳ විභාගයක් පැවැත්වීමට ඉඩ ඇති බව මාධ්‍ය වාර්තා දක්වයි.
  • නඩුව, එය ඉදිරියට ගියහොත්, වසර ගණනාවක් ගතවනු ඇති නමුත් සති කිහිපයකින් අතුරු නියෝගයක් නිකුත් කළ හැකි බවත් වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සිදු කිරීමෙන් පසු ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව සිදු කරන වර්ග සංහාර අපරාධ පිලිබඳව චෝදනා කරමින් දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ ICJ නඩුවක් ගොනු කර තිබේ.

ගාසා තීරයේ සිය හමුදා මෙහෙයුම් වහාම අත්හිටුවන ලෙස ඊශ්‍රායලයට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස දකුණු අප්‍රිකාව එමගින් හේග් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ අධිකරණයෙන් ඉල්ලා සිටි තිබේ. ඉදිරි දින හෝ සති කිහිපය තුළ එම ඉල්ලීම පිළිබඳ විභාගයක් පැවැත්වීමට ඉඩ ඇති බව මාධ්‍ය වාර්තා දක්වයි. නඩුව, එය ඉදිරියට ගියහොත්, වසර ගණනාවක් ගතවනු ඇති නමුත් සති කිහිපයකින් අතුරු නියෝගයක් නිකුත් කළ හැකි බවත් වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 93 වැනි වගන්තියේ දක්වා ඇති පරිදි, එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් 193 දෙනාම මෙම අධිකරණයේ ප්‍රඥප්තියට ස්වයංක්‍රීයව පාර්ශවකරුවන් වේ.

16

ලෝක අධිකරණය පිහිටා ඇත්තේ නෙදර්ලන්තයේ හේග් නුවරය

යුද අධිකරණයට වඩා වෙනස්


ICJ ය ලෝක අධිකරණය ලෙසද හැඳින්වේ.  රටවල් අතර ආරවුල් විනිශ්චය කරන එක්සත් ජාතීන්ගේ සිවිල් අධිකරණයකි. එය, යුද අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන්ට නඩු පවරන ජාත්‍යන්තර යුද අධිකරණයට (ICC) වඩා වෙනස් ය.
 
shutterstock 1091235845
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 93 වැනි වගන්තියේ දක්වා ඇති පරිදි, එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් 193 දෙනාම මෙම අධිකරණයේ ප්‍රඥප්තියට ස්වයංක්‍රීයව පාර්ශවකරුවන් වේ.

එනයින් එක්සත් ජාතීන්ගේ සාමාජිකයන් ලෙස දකුණු අප්‍රිකාව සහ ඊශ්‍රායලය යන රටවල් දෙකම අධිකරණයට බැඳී සිටී.

යුද අධිකරණයටත් පැමිණිල්ලක්

නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් පහක් ඊශ්‍රායල-හමාස් යුද්ධය සම්බන්ධයෙන් ජාත්‍යන්තර යුද අධිකරණයෙන් ද, ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් පරීක්‍ෂණයක් ඉල්ලා සිටියේය. එම රටවල් නම්  දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, බොලිවියාව, කොමරෝස් සහ ජිබුටි  රටවල්ය. ඒවා ජාත්‍යන්තර යුද අධිකරණයෙහි සාමාජිකයික රටවල් වේ.
 
 
 
පසුගිය 29 දා ලෝක අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පිටු 86කින් සමන්විත වන අයදුම්පතෙහි දකුණු අප්‍රිකාව ගාසා තීරයේ ඊශ්‍රායලයේ ක්‍රියාවන් "පළස්තීන ජාතික, වාර්ගික කණ්ඩායමේ සැලකිය යුතු කොටසක් විනාශ කිරීමට ඔවුන් අදහස් කරන නිසා" ස්වභාවයෙන් වර්ග සංහාරයක් ලෙස  දක්වා තිබේ.
ජන සංහාර සම්මුතියේ 2 වැනි වගන්තියට අනුව, වර්ග සංහාරයට “ජාතික, වාර්ගික, වාර්ගික හෝ ආගමික කණ්ඩායමක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විනාශ කිරීමේ චේතනාවෙන්” සිදු කරන ලද ක්‍රියා ඇතුළත් වේ.
dd19ad70 b85b 43db a254 cb3559282b5cදකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා, ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ ඊශ්‍රායලයේ ප්‍රතිපත්ති 1994 දී අවසන් වූ සුදු-සුළුතර පාලනය විසින් සිය රටෙහි පනවන ලද වාර්ගිකව බෙදා විශම ලෙස සැළකීමේ වර්ණභේදවාදී පාලනය සමඟ සංසන්දනය කර ඇත.
 
"ගාසාහි පලස්තීනුවන් ඝාතනය කිරීම, ඔවුන්ට බරපතල ශාරීරික හා මානසික හානියක් සිදු කිරීම සහ ඔවුන්ගේ ගේ දොර විනාශ කිරීම ප්‍රශ්නගත ක්‍රියාවන්ට ඇතුළත් වන " බව අයදුම්පතෙහි සඳහන් කරයි.
දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා, ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ ඊශ්‍රායලයේ ප්‍රතිපත්ති 1994 දී අවසන් වූ සුදු-සුළුතර පාලනය විසින් සිය රටෙහි පනවන ලද වාර්ගිකව බෙදා විශම ලෙස සැළකීමේ වර්ණභේදවාදී පාලනය සමඟ සංසන්දනය කර ඇත.
 
south africa takes israel to international court for genocide in gaza 800x450
දකුණු අප්‍රිකාව සිය අයදුම් පතෙහි කියා සිටින්නේ, විශේෂයෙන් ඔක්තෝබර් 7දා යුද්ධය ආරම්භ වූ දා සිට ඊශ්‍රායලයේ හැසිරීම එක්සත් ජාතීන්ගේ වර්ග සංහාර සම්මුතිය උල්ලංඝණය කරන බවත්, එබැවින් කඩිනම් විභාගයක් ඉල්ලා සිටින බවත්ය.

ප්‍රඥප්තිය යටතේ “පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම්වලට තවදුරටත් සහ දරුණු සහ ආපසු හැරවිය නොහැකි හානියකින් ආරක්ෂා වීමට” තාවකාලික ක්‍රියාමාර්ග සඳහන් කරන ලෙස ද අයදුම්පත අධිකරණයෙන් ඉල්ලා සිටී.
 
ApNewsroom APTOPIX Israel Palestinians 89097
ගාසා ජන ජීවිතය එකම ඛේදවාචකයකි
 
“අවිචාරවත් ලෙස බලය යෙදවීම සහ බලහත්කාරයෙන් වැසියන් ඉවත් කිරීම හේතුවෙන් ගාසා තීරයේ වර්තමාන ඊශ්‍රායල ප්‍රහාරවලට හසුව සිටින සිවිල් වැසියන්ගේ දුක්ඛිත තත්ත්වය පිළිබඳව දකුණු අප්‍රිකාව දැඩි ලෙස සැලකිලිමත් වන” බවත්  "ඊශ්‍රායල් ජාතිකයන් ඇතුළු සියලුම සිවිල් වැසියන්ට එරෙහි සියලු ප්‍රචණ්ඩත්වය සහ ප්‍රහාර හෙළා දකින බව නැවත නැවතත් ප්‍රකාශ කරන" බව දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගීතා දෙපාර්තමේන්තුව (DIRCO) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටි තිබේ.

ස්ථිර සටන් විරාමයක් සහ සාකච්ඡා නැවත ආරම්භ කිරීමක්
 
 132172910 118efbb9a54f79fbc051e731d24268aba19581360 0 3473 23151000x667
 
"පලස්තීනයෙහි ඊශ්‍රාලය කරනු ලබන අඛණ්ඩ යුදමය වාඩිලෑම නිසා පැන නගින ප්‍රචණ්ඩත්වය අවසන් කරන වහාම සහ ස්ථිර සටන් විරාමයක් සහ සාකච්ඡා නැවත ආරම්භ කිරීමක් දකුණු අප්‍රිකාව අඛණ්ඩව ඉල්ලා සිට ඇත," යනුවෙන් එම ප්‍රකාශය වැඩිදුරටත් සඳහන් කළේය.
 
ඊශ්‍රායලය කරනු ලබන වර්ග ඝාතනය සහ  විනාශය සම්බන්ධයෙන් ගෝලීය හෙළා දැකීම එන්න එන්නම ඉහළ යන අතර පලස්තීන ජනතාවට සාමූහික දඬුවම් ලබා දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

පසුගිය මාසයදී දකුණූ අප්‍රිකානු අගනුවර වන  ප්‍රිටෝරියා හි ඊශ්‍රායල තානාපති කාර්යාලය වසා දැමීමට සහ සටන් විරාමයකට එකඟ වන තෙක් සියලු රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට පක්ෂව එරට පාර්ලිනේතුව ඡන්දය ප්‍රකාශ කළේය.
 
නොවැම්බර් 16දා, එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් 36 දෙනෙකු ප්‍රකාශයක් නිකුත් කරමින් "පලස්තීන ජනතාවට එරෙහි වර්ග සංහාරය වැළක්විය යුතු" යැයි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටි අතර, ඔක්තෝබර් 7 දා සිට ඊශ්‍රායලයේ ක්‍රියාවන් " ගාසා තීරයේ සිදුවෙමින් පවතින ජන සංහාරයක්" ලෙස හඳුන්වන ලදී.
 
මෙම වර්ග සංහාරය වැළැක්විය නොහැක්කේ ඊට සහාය දෙන රටවල් නිසා බව ද එම ප්‍රකාශය සඳහන් කළේය.

දකුණු අප්‍රිකාවේ චෝදනා ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කර තිබේ.

ජන සංහාරය සාධාරණීයකරන නෙතෙන්යාහු
 
ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 1100 ඉක්මවයිඅගමැති නෙතන්යාහු
 
එසේ නමුත්  ඊශ්‍රායල ජනාධිපති හර්සොග් පැවසූවේ ගාසා තීරයේ අහිංසකයන් නැතැයි යනුවෙනි. ඊශ්‍රායලය ගාසා තීරයේ මිනිසුන්ට සාමූහික දඩුවම් පනවන්නේ ඔවුන් 'මිනිස් සතුන්' නිසා බැවින් යැයි එරට ආරක්ෂක ඇමතිවරයා පැවසීය. තවද අගමැති නෙතන්යාහු ජන සංහාරක කැඳවීමක් ලෙස පුළුල් ලෙස අර්ථකථනය කරන ලද බයිබලානුකුල  ප්‍රකාශයක් ද උපුටා දක්වා තිබේ.
 
ඊශ්‍රාලයේ සොල්දාදුවන් පමණක් නොව ළමුන් පවා ගසා තීරයේ පලස්තීනුවන් සාමුහිකව ඝාතනය කිරීම ගැන උදම් අනන වීඩියෝ සමාජ ජාලයන්හි පවතී.
 
දකුණු අප්‍රිකාවේ පියවර සාදරයෙන් පිළිගත් පලස්තීන විදේශ කටයුතු අමාත්‍යාංශය  "පලස්තීන ජනතාවට තවදුරටත් හානියක් වැලැක්වීමට" වහාම පියවර ගන්නා ලෙස ICJ වෙතින් ඉල්ලා සිටි තිබේ.
 
අපට අවශ්‍ය ඔබේ ජයග‍්‍රහණය” පැරණි ලෝකය විනාශයට අතවනයි!
රටවල් අතර ආරවුල් විනිශ්චය කරන ICJ විසින් ගන්නා තීරණ අවසාන තීන්දු වන නමුත් එහි තීරණ බලාත්මක කිරීමට එයට ක්‍රමයක් නොමැත. එම තීරණ බලාත්මක කිරීමේ අයිතිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහ ආරක්ෂක කවුන්සිලය සතුය.

දකුණූ අප්‍රිකානු අයැදුම් පත ගාසාහි කැරෙන ජන සංහාරය පිළිබඳ අදහස් දක්වා ඇති රටවල් ගණනාවක් උපුටා දක්වා ඇත. ඒවා නම් ඇල්ජීරියාව, තුර්කියාව,බොලිවියාව, බ්‍රසීලය, කොලොම්බියාව, කියුබාව, ඉරානය, වෙනිසියුලාව බංග්ලාදේශය, ඊජිප්තුව, හොන්ඩුරාස්, ඉරාකය, ජෝර්දානය, ලිබියාව, මැලේසියාව, නැමීබියාව, පකිස්ථානය සහ සිරියාවය.

අවකාශයේ සංසරණය වන 'ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය' ගැන කතාබහක් !
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
sunandadeshapriya@gmail.com

(උපුටා ගැනීම - srilankabrief.org) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දකුණු අප්‍රිකාව ගාසාහි වර්ග සංහාරයට එරෙහිව ලෝක අධිකරණයට පැමිණිලි කරයි - (සුනන්ද දේශප්‍රිය) | The Leader