The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

රට හදන හරිපාර කුමක් ද? - (මහාචාර්ය චරිත හේරත්)

T

The Leader Desk

December 31, 2023 • 11:00 AM

රට හදන හරිපාර කුමක් ද? - (මහාචාර්ය චරිත හේරත්) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආර්ථිකයට අමතරව දේශපාලන ක්ෂේත්‍රයේද ගැටලු ගණනාවක්ම මේ වර්ෂයේ පැවතුනි.
  • රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 2024 වර්ෂයේ ඔක්තෝබර් මාසය ඉකුත්වීමට කලින් අලුත් ජනාධිපතිවරයකු තෝරා පත්කර ගත යුතුය.
  • ඒ නිසා ලබන වසරේ ජූලි මාසයේ සිටම ජනාධිපතිවරණයට රට මෙහෙයවන කාලයක් වනු ඇති බව පැහැදිලිය.
  • සිදුවූ දේශපාලන විරෝධතා සහ රටේ ආර්ථිකය බංකොලොත්භාවයට පත්වීම යන කාරණා හේතුවෙන් ඇතිවී තිබෙන අවිනිශ්චිතභාවය සමහන් විය හැක්කේ එළඹෙන වර්ෂයේ පැවැත්වෙන ජනාධිපතිවරණයත් සමගය.
අකුරු ප්‍රමාණය (Font Size):


ආර්ථිකයට අමතරව දේශපාලන ක්ෂේත්‍රයේද ගැටලු ගණනාවක්ම මේ වර්ෂයේ පැවතුනි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් ලබා නොදීම ඒ අර්බුද අතරින් එකක් පමණය.

2024 වර්ෂයට අප ගමන් කරන්නේ මෙම ගැටලුවලට අමතරව නොවිසිදුණු ප්‍රශ්න රාශියක්ම සමගය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 2024 වර්ෂයේ ඔක්තෝබර් මාසය ඉකුත්වීමට කලින් අලුත් ජනාධිපතිවරයකු තෝරා පත්කර ගත යුතුය. ඒ නිසා ලබන වසරේ ජූලි මාසයේ සිටම ජනාධිපතිවරණයට රට මෙහෙයවන කාලයක් වනු ඇති බව පැහැදිලිය.

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්? -(ගාමිණී වියන්ගොඩ)

2022 සිදුවූ දේශපාලන විරෝධතා සහ රටේ ආර්ථිකය බංකොලොත්භාවයට පත්වීම යන කාරණා හේතුවෙන් ඇතිවී තිබෙන අවිනිශ්චිතභාවය සමහන් විය හැක්කේ එළඹෙන වර්ෂයේ පැවැත්වෙන ජනාධිපතිවරණයත් සමගය. ඒ නිසා 2024 වර්ෂය කියන්නේ ඉතිහාසයට එක්වෙන වැදගත් වර්ෂයක්ය.

එළඹෙන වර්ෂයේ ජනාධිපතිවරණය පැවැත්වීමට කලින් මහ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් තිබේදැයි සමහරු  අසති. එවැනි ඉඩක් ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමාට ලැබී ඇති බව සැබෑය. එහෙත් මහ මැතිවරණයක් පැවැත්වීමේ ඉඩක් වත්මන් තත්ත්වය තුළ ආණ්ඩුව පැත්තේ  නැති බව මගේ අදහසය. ඒ නිසාම එන්නේ ජනාධිපතිවරණය බව මගේ නිරීක්ෂණයයි.

වැදගත් දේශපාලන මාතෘකා 03ක්

ආර්ථිකය වැටුනොත් ඔක්කොම ඉවරයි. - මහාචාර්ය චරිත හේරත්
ඒ අනුව 2024 වර්ෂයේ රටේ දේශපාලනය බරපතළ සංවාදයකට විවෘත වීමට නියමිතය. ඒ සංවාදයේ දී අවධානයට ගත යුතු මූලික මාතෘකා (මූලික ගැටලු) 03ක් පවතින බව මගේ අදහසයි. ඒවා වන්නේ රටේ ආර්ථිකය මෙසේ කඩා වැටුණේ ඇයි? මෙම කඩා වැටීමේ වගකීම ගත යුත්තේ කවුරුන්ද? සහ රට ගොඩ නගන්නේ කෙසේද? යන්නය.

මෙම මාතෘකා තුන පිළිබඳව අවධානය යොමු කිරීමෙන් තොරව 2024 ජනාධිපතිවරණ වේදිකාව තුළ සිදු කළ යුතු වෙනත් දෙයක් නැත.

රටේ ආර්ථිකය වැටුණේ ඇයි?

වරද ඇත්තේ විවෘත ආර්ථිකයේ නොවේ!' -මහාචාර්ය චරිත හේරත්
නිදහසින් පසු කාලයේ රටේ ආර්ථිකය මෙහෙයවූ සුසමාදර්ශ (paradigms) කීපයක් තිබූ බව සැබෑවක්ය. ඒවා ගැන මෙහි නැවත කතා කිරිමට ඉඩක් නැත. 1948-1970 කාලයේ ආණ්ඩු වර්ග කීපයක් තිබුණත් ඒ ආණ්ඩු (ඩී. එස්, ඩඩ්ලි, සර්ජෝන්, බණ්ඩාරනායක, සිරිමා)  සියල්ලම පාහේ 1970 වන තෙක් සම්භාව්‍ය මිශ්‍ර ආර්ථිකයක් ක්‍රියාත්මක කළෝය. 1970-77 කාලයේ ක්‍රියාත්මක වුණේ සංග්‍රෘහිත, වාමවාදී ආරක්ෂණවාදී සංවෘත ආර්ථිකයක්ය. 1977 සිට විවෘත ආර්ථික මොඩලයක් මේ රටේ ක්‍රියාත්මක වන බව හැමෝම දන්නා කාරණයක්ය.

එහෙත් වර්තමානයේ රට අත්දකින ආර්ථික කඩාවැටීම පටන් ගන්නේ 2008 වර්ෂයේ සිටය. එයින් කියන්නේ ඊට පෙර වර්ෂවල ‘හරි - හොඳ’ ආර්ථිකයක් තිබූ බව නොවේ.

ඒ කාලවල ආර්ථිකයේ විවිධ කඩා වැටීම් තිබුණු බව සැබෑවක්ය. එහෙත් 2008 න් පසු කාලයේ ආර්ථිකයට සිදුවූ තරමේ අවුලක් ඊට පෙර සිදු වුණේ නැත.

 1x 1
රටේ ආර්ථිකයේ එක් බරපතළ ගැටලුවක් වූයේ ඉතාමත් බරපතළ ගෙවුම් ශේෂ අර්බුදයක රට වෙළී තිබීමය. ඒ කියන්නේ ජාත්‍යන්තර ගනුදෙනු සඳහා අවශ්‍ය ඩොලර් සංචිත නොමැතිවීමය. තෙල්, ගෑස්, බෙහෙත්, යන්ත්‍ර සූත්‍ර වැනි බොහෝ අවශ්‍ය දේවල් මිලදී ගැනීමට ඩොලර් නොමැති නිසා 2008 න් පසු කාලයේ ‘මුදල් වෙළෙඳපොළේ’ ස්වෛරී බැඳුම්කර නිකුත් කරමින් වැඩි පොලියට ඩොලර් ණය ගන්නට පටන් ගන්නේ මේ අනුවය.

2010-15 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමන්ගේ ගෙවුම් ශේෂ අර්බුදය සටහන් කර ගනිමින් ණය වාරික ගෙවීමට තව තවත් ණය ගන්නට බැඳුම්කර නිකුත් කළේය. 2015-19 මෛත්‍රී- රනිල් ආණ්ඩුවත් කළේ ඒ වැඩේමය. ඒ යහපාලන ආණ්ඩු කාලයේ ඩොලර් මිලියන 12000ක් පමණ බැඳුම්කර හරහා ණය ලබා ගත්තේය. ඒ ණයත් එක්කම 2019-22 ගෝඨාභයගේ ආණ්ඩුවට ගෙවා ගන්නට බැරි ණය කන්දක් ගොඩනැගුණේය. ඊට අමතරව ගෝඨාභයගේ ආර්ථික මෙහෙයුම්කරුවන් ඒ විෂය ගැන හරි අවබෝධයකින් වැඩ කළේද නැත. එතෙක් කාලයක් ණය අර ගනිමින් ණය ගෙවමින් ගිය වැඩේ ණය ගන්නේ නැතිව ණය ගෙවන තැනට වැටුණේය. ඒ කියන්නේ ‘අතේ තිබු සියලු ඩොලර් ටිකින් ණය ගෙව්වා මිස අලුතින් ඩොලර් හොයා ගත්තේ නැත’ කියන එකය. තෙල්, ගෑස්, ගල් අඟුරු සහ බෙහෙත් ගේන්නට ඩොලර් නැති වුණේ ඒ නිසාය. ණය වාරිකය ගෙවන්නට ඩොලර් නැති වුණේ ඒ නිසාය. අන්තිමට සිදු වුණේ ණය ගෙවන්නට නොහැකි යැයි කියමින් බංකොලොත්භාවය ප්‍රකාශ කිරිමටය.

මේ කඩා වැටීමට වගකිය යුත්තේ කව්ද?

අගමැති මහින්ද, රනිල් ගේ මනාප වාර්තාව බිඳ දමයි: ජයග්‍රහණය කළ සියලු  අපේක්ෂකයින් මෙන්න
මෙම කඩා වැටීම සම්බන්ධයෙන් වගකීම එකිනෙකාට පටවන්නට ආණ්ඩුවේ සිටින අයම මේ දිනවල විවිධ කථා කියන්නට පටන්ගෙන තිබේ. වත්මන් ආණ්ඩුව කියන්නේ රාජපක්ෂ - වික්‍රමසිංහ යන ප්‍රධාන දෙකොට්ඨාසයම එකට වැඩ කරන ආණ්ඩුවක්ය. ඒ කොට්ඨාස 02 යනු 2010-15 ආණ්ඩුවේ නායකයන් සහ 2015-19 ආණ්ඩුවේ නායකයන්ගෙන් කොටසක් ඇතුළත් කුලකයක්ය.

සැබවින්ම මේ මොහොතේ රට  පාලනය කරන්නේ 2010-2022 දක්වා රටේ මූල්‍ය පාලනය භාරව කටයුතු කළ රාජපක්ෂ වික්‍රමසිංහ නායකත්වයේ ආණ්ඩුවක්මය.

මේ කඩාවැටීම හෙවත් රටේ ආර්ථික බංකොලොත්භාවය මූලික වශයෙන් පදනම් වන්නේ 2010 සිට 2022 දක්වා ලබා ගත් අපරිනත ඩොලර් ණය කන්ද නම් ඒ වැඩේ සිදු කළ කට්ටියම නැවතත් රට පාලනය කරන බව පැවසීම නිවැරදිය.

273212992 3790460567745542 5056195274632904580 n

මෙහිදී සඳහන් කළ යුතු තවත් කාරණයක් වන්නේ 2015-19 කාලයේ යහපාලන ආණ්ඩුවේ සිටි සියලු අය මේ ආණ්ඩුවේ නැති බවය. ඒ නිසා මේ අර්බුදයේ වගකීම භාරගත යුතු ක්ෂේත්‍ර සහ පුද්ගලයන් වෙන වෙනම සාකච්ඡා කිරීමේ ඉඩක් මේ තත්ත්වය තුළ නොමැති බව පැහැදිලි කළ යුතුය. ඒ කෙසේ වෙතත් විදේශ සංචිත ගැටලුව විසින් මතු කරන ලද වත්මන් අර්බුදයේ නිර්මාතෘවරුන් වන්නේ ගෙවන්නට බැරි ඩොලර් ණය කන්දක් මුල්‍ය වෙළඳපොළෙන් ගන්නට ISB නිකුත් කළ 2010-15 ආණ්ඩුව සහ 2015-19 ආණ්ඩුවය.

ඒ ආණ්ඩුවල ප්‍රධානීන් දැන් මාධ්‍ය ඉදිරියට විත් තමන්ගේම වැරදි තීරණ අනුන්ගේ ඇඟේ තැවරීමට දරන උත්සාහය විහිලු සහගත බව මගේ අදහසය.

රට ගොඩ නගන්නේ කෙසේද?

2024  වර්ෂය වැදගත් යැයි මා මුලින් කීවේ මේ තත්ත්වයෙන් රට ගලවා ගැනීමේ ඉඩ ඉදිරි ජනාධිපතිවරණයත් සමගින් මතු වන නිසාය. රට ගොඩනැගිය හැක්කේ කෙසේද යන ප්‍රශ්නය සාකච්ඡා කළ යුත්තේ රට වැටුණේ කෙසේද යන මා මුලින් කථා කළ කාරණයක් සමගින්ය.

විශේෂාංග - Results from #780
වත්මන් ආණ්ඩුව (වික්‍රමසිංහ ආණ්ඩුව) කියන්නේ IMF බෙහෙත මිස වෙනත් බෙහෙතක් නැති බවය. එසේම 2027 නැවතත් ISB හෙවත් ස්වෛරී බැඳුම්කර ඩොලර් මිලියන 1500 නිකුත් කළ යුතු බවයි. එතැන් සිට නැවතත් ණය කන්ද ගහන්නට පටන් ගත යුතු බවයි.

මගේ යෝජනාව වන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී සාකච්ඡා කළ යුතු කේන්ද්‍රීයම ගැටලුව වන්නේ රටේ විදේශ මුල්‍ය වර්ධනය කළ හැක්කේ කෙසේද? යන කාරණය බවය. රට ගොඩ නගන්නේ කෙසේද යන ප්‍රශ්නයම වෙනත් ලෙසකින් ඇසීමය. මේ ප්‍රශ්නයට වත්මන් ජනාධිපතිතුමාගේ පිළිතුර වන්නේ IMF එකේ නිර්දේශ පත්‍රයට අනුව ඉදිරියට යාම හැර වෙන දෙයක් නැති බවය. විපක්ෂයේ ප්‍රධාන ධාරාවේ පක්ෂය වන ස.ජ.බ. පක්ෂයේ ආර්ථික වැඩසටහන ද අඩු - වැඩි වශයෙන් කියන්නේ වික්‍රමසිංහ මහතා කියන කථාවමය. IMF සහාය යනු යම් නිශ්චිත මොහොතක රටක ආර්ථිකයකට ‘තල්ලුවක්’ ලබාදීමට ඇති මුල්‍ය සහයක් මිස තනිකරම අනුගමනය කළ යුතු න්‍යාය පත්‍රයක් නොවේ. ලෝකයේ සමහර රටවල් IMF සහාය ලබාගෙන එම න්‍යාය පත්‍රයෙන් එළියට ගිය අවස්ථා ඕනෑ තරම් ඇත. අසල්වැසි ඉන්දියාව මෙහිදී අපට තිබෙන හොඳම උදාහරණය බව කිව හැකිය.

ඒ නිසා IMF බෙහෙත යනු රෝගියා දැඩි සත්කාර ඒකකයේ සිටින විට ලබාදෙන එන්නතක් වැනි ක්‍රියාවකි. ඒ එන්නත ලබාගැනීම දක්වා රෝගය වර්ධනය කිරීමම වරදකි. එසේ රෝගය උත්සන්නවීමෙන් පසුව ඒ එන්නත ලබාගැනීමෙන් පසු ඉදිරි කාලයම රෝගියා දැඩි සත්කාර එක්කයේ තබාගැනීමට තර්ක කරන දොස්තරලා කරන්නේ රෝගියා අනතුරේ දැමීමය.

මගේ යෝජනාවේ ඉතිරි කොටස වන්නේ එළඹෙන ජනාධිපතිවරණයේ දී රටේ ආර්ථිකය සම්බන්ධව පළල් නව ආකෘතියක් සඳහා රටේ එකඟතාව ලබාගැනීමය. එම නව ආකෘතිය තුළ IMF සහාය ඇතුළත් විය යුත්තේ අන්තර්වාර අවශ්‍යතාවක් ලෙසින්ය. මෙම නව ආකෘතියේ සංරචක පිළිබඳව මගේ යෝජනා ඉදිරියේදී සාකච්ඡා කරමි. සමස්ත ආර්ථික ක්‍රියාදාමය ජාලගත ධනවාදයත් (networked capitalism) ලෙසින් ගොඩනැගීමත් රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය අතර අන්තර් සම්බන්ධතාවත් ගොඩනැගීමත් එහිදී අවශ්‍ය බව දැනට ප්‍රකාශ කරමි.

අයි.එම්.එෆ්.වන්දනාවේ යන අයවැය - (මහාචාර්ය චරිත හේරත්)(මහාචාර්ය චරිත හේරත්) -පා.ම.
charith9@yahoo.com

(ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)

(කිවිදා දැක්ම : ලංකාදීප- 2023 දෙසැම්බර් මස 29)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...