The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ජංගම දුරකථන මිල සහ සේවා ගාස්තු ඉහළ නැංවීම එච්චර හොඳ සෙල්ලමක් නොවේ

T

The Leader Desk

January 2, 2024 • 6:46 AM

ජංගම දුරකථන මිල සහ සේවා ගාස්තු ඉහළ නැංවීම එච්චර හොඳ සෙල්ලමක් නොවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් පසුගිය දා සඳහන් කළේ වැට් බද්ද සියයට 18%කින් ඉහළ දැමීම නිසා මෙම තීරණය ගෙන ඇති බවකි.
  • ඒ අනුව 2024 ජනවාරි 01 වන දා සිට ජංගම දුරකථනයක මිල සියයට 35%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව ද හෙතෙම කීය.
  • මේ අතර ජනවාරි මස (01) දින සිට වැට් බද්ද ඉහළ දැමීමට රජය ගත් තීරණයත් සමග දුරකථන සමාගම් විදුලි සංදේශ සේවා ගාස්තු ද ඉහළ නංවා තිබේ.
  • දුරකථනය යනු සුඛෝපභෝගී සේවා අතරට ගැනෙන්නක් බවට අප සමාජයේ පැවැති මතය මේ වන විට කුඩු පට්ටම් වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් පසුගිය දා සඳහන් කළේ වැට් බද්ද සියයට 18%කින් ඉහළ දැමීම නිසා මෙම තීරණය ගෙන ඇති බවකි. ඒ අනුව 2024 ජනවාරි 01 වන දා සිට ජංගම දුරකථනයක මිල සියයට 35%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව ද හෙතෙම කීය.

මෙම මිල ඉහළ යාමත් සමග ජංගම දුරකථන වෙළෙඳපොළේ සියයට 50%ක පමණ පසුබෑමක් සිදුවනු ඇති බවත් ලක්ෂයක් වටිනා ජංගම දුරකථනයක් රුපියල් 135,000ක මිලකට අලෙවි වනු ඇති බව ද ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කීය. 

වැට් බද්ද සියයට 18%කින් ඉහළ දැමීමට සාපෙක්ෂව මිල ඉහළ නැංවෙන භාණ්ඩ අතර ජංගම දුරකථනය තවත් එක් භාණ්ඩයක් සේ යමකුට හැඟී යනු ඇත. එහෙත්, එය මුළුමනින්ම වැරදි අදහසකි. මක් නිසා ද යත් ජංගම දුරකථනය විශේෂයෙන් ස්මාර්ට් දුරකථනය බහු විධ ප්‍රයෝජනය සඳහා ගැනෙන්නක් බැවිනි. ඒ අනුව ජංගම දුරකථන යනු එකම භාණ්ඩයක් නොව විවිධ සේවා සළසන භාණ්ඩ සමූහයක් සේ සැලකීම වඩාත් නිවැරදි සේ පෙනෙයි.

මේ අතර ජනවාරි මස (01) දින සිට වැට් බද්ද ඉහළ දැමීමට රජය ගත් තීරණයත් සමග දුරකථන සමාගම් විදුලි සංදේශ සේවා ගාස්තු ද ඉහළ නංවා තිබේ. ඒ අනුව විදුලි සංදේශ සේවා සඳහා වන බද්ද සියයට 3% කින් ඉහළ නැංවීමට සාපේක්ෂව සියලුම ඇමතුම් ගාස්තු, අන්තර්ජාල සේවා ගාස්තු, මුදල් ගෙවා ලබාගන්නා රූපවාහිනී සේවා ගාස්තු යනාදී සියලුම සේවාවන් ගාස්තු ඉහළ නංවා ඇත. 

මෙලෙස සියයට 15%ක්ව පැවති වැට් බද්ද සියයට 18%ක් දක්වා ඉහළ දැමීම හේතුවෙන් ඇතැම් පෙර ගෙවුම් කාඩ්පත් සඳහා වන ගාස්තු ඉහළ දැමීමක් සිදුකර නැත. එහෙත් ඒවා මඟින් ලබාදෙන දත්ත කෝටා අඩු කිරීමට දුරකථන සමාගම් පියවර ගෙන තිබේ.


දුරකථනය යනු සුඛෝපභෝගී සේවා අතරට ගැනෙන්නක් බවට අප සමාජයේ පැවැති මතය මේ වන විට කුඩු පට්ටම් වී තිබේ. ඒ අද වන විට විද්‍යුත් සන්නිවේදනය මූලික මිනිස් අවශ්‍යතා අතරට පත් ව ඇති බැවිනි. මේ තත්වය කොතෙක් ද යත් අද උතුරු මැද සහ වයඹ පළාත්වල බොහෝ ගොවීන් වන අලින් ගෙන් වගාව රැක ගැනීම පිණිස වන අන්තර් සන්නිවේදන කටයුතු කරනුයේ ජංගම දුරකතන මඟිනි.

එපමණක් නොව අප රටේ පමණක් නොව මුළු මහත් ලෝකයේම අඩුම වැටුප් ලබන්නවුන් පිරිසක් සේ සැලකෙන අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග වල ගේට්ටු මුරකරුවන් දුම්රියක් ළඟ එන බවට එම දුම්රිය මාර්ගයේ තමනට දෙපස හිඳින ගේට්ටු මුරකරුවන් ගෙන් අනතුරු සංඥා ලබා ගනුයේ සහ ඔවුනට අනතුරු සංඥා ලබා දෙනුයේ ද ජංගම දුරකථන වලිනි.

එමෙන්ම ප්‍රාදේශීය වශයෙන් ජනතාව හා සම්බන්ධ වන සංචාරක වෙළඳුන්ට සේම එදිනෙදා තම ජීවිකාව ගත කරන අනියම් කම්කරුවන්ට ද ජංගම දුරකථන මඟින් ලබා ගත හැකි පිටිවහල සුළුපටු නොවේ. 

phoneegd

මෙම ජංගම දුරකථන අතරේ වඩාත් දියුණු තාක්ෂණයක් හා සබැඳි සුහුරු හෙවත් ස්මාර්ට් දුරකථනය පසුගිය කොවිඩ් වසංගත සමයේ පාසල් සිසුන් ගේ අධ්‍යාපනයට නැතිවම බැරි උපකරණයක් වූ බව නොදන්නා කිසිවකුත් මෙරට සිටිය නොහැක. ඒහි දී එම දරුවන් ලබා ගත් ඔන් ලයින් අධ්‍යාපනය අද වන විට නොවැදගත් කරුණක් වූයේ කෙසේද? යන්න අපට නම් කවර ලෙසින් වත් නොවැටහෙයි.

එමෙන්ම ඒ සඳහා වන දුරකථන සංඥා නොමැති දුර බැහැර ප්‍රදේශ වල දරුවන් ඒ ඒ ප්‍රදේශ වල උස් කඳු පර්වත සේම උස් ගස් මතට නැඟ එම පහසුව ලබා ගත් බව ප්‍රකට කරුණකි. 

GPJNews Srilanka NP Font 37 L web 650x434
එමෙන්ම මෙලෙස ජංගම දුරකථන භාවිතය ගමට යාම නිසා අද බොහෝ ගම්බද ගෘහණියන් පවා අන්තර්ජාල භාවිතයට පුරුදු වී තිබේ. මේ තත්වය මේ වන විට කෙතරම් ප්‍රවර්ධය වී තිබේ ද යත් අද වන විට එය පුවත් පත් කර්මාන්තයට පවා මරු පහරක් වී ඇති බව සමීක්ෂණ වාර්තා කියයි.එහෙත්, එය නිශේධනීය දෙයක් ලෙස අපට නොහැඟෙනුයේ ගත වූ දශක කිහිපයකට සාපේක්ෂව අද වන විට ග්‍රාමීය ජන්තාව ගේ සාමාන්‍ය දැනුම, සමාජාවබෝධය සහ ඉංග්‍රීසි දැනුම සැලකිය යුතු ලෙසින් ප්‍රවර්ධනය වී ඇති බැවිනි.

මේ සියළු තත්වයන් මත මෙතෙක් ජංගම දුරකථන භාවිතය මුල් කොට රට තුළ නව මානව සංවර්ධනය සඳහා නව මංපෙතක් විවර වී ඇති බව පැහැදිලිය. 

මෙම නව සමාජමය ප්‍රවණතාව අප රටේ සෙසු බොහෝ දේශපාලනඥයන්ට කලින් දුටු විශේෂ දේශපාලනඥයෙක් ද විය. ඒ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය. ඔහු සමඟම නව ලිබරල්වාදී සමාජ අර්ථ ක්‍රමයක ප්‍රවර්ධනය සඳහා තොරතුරු තාක්ෂණයෙන් ලද හැකි පිටිවහල ගැන මුලින්ම අවබෝධ කර ගත් තවත් අයෙක් විය. ඒ 2015 යහපාලන ආණ්ඩුවේ විදේශ ඇමැති මංගල සමරවීර ය. 

2015 බලයට පත් යහපාලන රජය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නොමිලේ අන්තර්ජාල පහසුකම් සැපයීමේ වැඩසටහන යටතේ ‘වයි ෆයි‘ කලාප පිහිටුවීම ඇරඹුණු අතර ඒ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ දින සීයේ වැඩසටහන යටතේ දුන් පොරොන්දුවක් ඉටු කිරීමේ ප්‍රතිපලයක් ලෙසිනි. ඒ වසර අවසන් වීමට පෙර රටපුරා ‘වයි ෆයි‘ කලාප දහසක් ඇරැඹිමට සැලැසුම් කොට තිබුණ ද පසුව එය මුළුනින්ම “හබක්” විය.

wifi
පසුව ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනකු කීයේ මෙම නොමිලේ ‘වයි ෆයි‘ කලාප පිහිටුවීමට එරෙහිව ඇතැම් දුරකථන සමාගම් යටින් “කටුව ගැසූ” බවකි. එහෙත්, මෙම රටපුරා ‘වයි ෆයි‘ කලාප දහසක් ඇරඹීමේ සිහිනය එවක අගමැති රනිල් වික්‍රමසිංහගේ සිතින් ඉවත් නොවිණි. ඒ අනුව ඔහු 2018 අප්‍රියෙල් මාසය අවසන් වන්නට පෙර සියළු පාසැල් සඳහා ටැබ් පරිගණක ලබා දෙන අතරේ වසර අවසන් වන්නට පෙර රට පුරා සෑම ගමකටම නොමිලේ වයිෆයි ලබා දෙන පොරොන්දුව ඉටු කරන බවත් පුන පුනාම කීය.



“ජංගම දුරකතනේ තියනවා වයිෆයි නෑ. වයිෆයි දුන්නහම පස්සේ ඕනෙ නම් ඉන්ටනෙට් යන්න පුළුවන්. ඕන නම් යාළුවන්ට ගෑණු ළමයින්ට ඔක්කොටම වයිෆයි වලින් පණිවිඩ එවන්නත් පුළුවන්. වැඩිහිටි අයගේ මූණවල් බැලුවම එච්චර කැමති නෑ වගේ නොමිලේ වයිෆයි දෙන එකට. මොනව කරයිද? දන්නෙ නෑ. ගෑණු ළමයි මොනව කරයිද දන්නෙ නෑ .ඒත් මේක කරන්නම ඕනෙ වැඩක්” එදා අගමැති රනිල් වික්‍රමසිංහ කළ ඒ කතාව පුවත් පත් කාටූන් කරුවන් ගේත් කටහඬ අනුකරණය කරන්නවුන් ගේත් උපහාසයට ලක් වූ බව ද අපට මතක ය. 

එහෙත්, ඒ රනිල් වික්‍රමසිංහ ම ජනපති වශයෙන් අද වන විට පවත්නා ආර්ථික අර්බුදය පිට දමා මේ රටේ පොදු ජනතාව ජංගම දුරකථනයෙන් සහ තොරතුරු තාක්ෂණයෙන් ඉවතට ඇද දමන්නට දරන මෙම වෑයම නම් “එච්චර හොඳ සෙල්ලමක්” නොවන බව අපි කල් තියාම දැනුම් දෙන්නෙමු.

ඒ ආහාර සහ අත්‍යාවශ්‍ය ආහාර හිඟයෙන් ජනතාවගේ බඩට වදින අතරේ ජංගම දුරකථන සහ සේවා ගාස්තු එක් වරම වැඩි කිරීමෙන් ජනතාවගේ බඩට සේම හිසට ද එක වර පහර එල්ල වන බැවිනි.

ඒ නිසා වැට් බද්දේ කඩිනම් ප්‍රතිශෝධනයක් මඟින් මෙම අත්‍යාවශ්‍ය සේවාව ලබා ගැනීම සඳහා ජනතාව හමුවේ එල්ල වී ඇති බාධක වහා ඉවත් කිරීම ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජයේ ප්‍රමුඛතම කාරියක් විය යුතු යැයි අප අනතුරු අඟවනුයේ නො එසේ නම් ඔවුන් ගේ දේශපාලන අනාගතය ද බරපතල අවදානමකට ලක් වන බැවිනි.

(දමයන්ති ගමගේ)

උපුටා ගැනීම - vinivida.lk


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...