The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ටිරාන් හා දේශබන්දු දැලි පිහියෙන් කිරි කෑම !

T

The Leader Desk

January 2, 2024 • 11:02 AM

ටිරාන් හා දේශබන්දු දැලි පිහියෙන් කිරි කෑම !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි පැතිකඩ ගණනාවක් දකින්නට ලැබේ.
  • ශ්‍රී ලංකාවේ නීතිය අනුව, සැකකරුවකු ලෙස නම් කරන ලද ඕනෑම පුද්ගලයකුට එරෙහිව චෝදනා ඔප්පු වන තෙක් එම පුද්ගලයා නිර්දෝෂී අයෙකු ලෙස සැලකේ.
  • එබැවින්, එම පුද්ගලයාට ඕනෑම පුරවැසියකුට හිමි සියලුම මානව හිමිකම්වලට අයිතිය ඇත.
  • කෙසේ හෝ මෙම උවදුර මර්දනය කිරීමට සමාජය නිහඬව සහාය දක්වන බව පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එහි පැතිකඩ ගණනාවක් දකින්නට ලැබේ. මානව අයිතිවාසිකම් ගරු කරන ජනතාවට ඒ පිළිබඳ මතු කිරීමට ප්‍රශ්න රැසක් තිබේ.

මෙම මෙහෙයුම්වලදී මානව හිමිකම්වලට කෙතරම් ගරු කරනවාද? ශ්‍රී ලංකාවේ නීතිය අනුව, සැකකරුවකු ලෙස නම් කරන ලද ඕනෑම පුද්ගලයකුට එරෙහිව චෝදනා ඔප්පු වන තෙක් එම පුද්ගලයා නිර්දෝෂී අයෙකු ලෙස සැලකේ. එබැවින්, එම පුද්ගලයාට ඕනෑම පුරවැසියකුට හිමි සියලුම මානව හිමිකම්වලට අයිතිය ඇත.

1704189459 HOTLINE YUKTHIYA 6
යුක්තිය මෙහෙයුමේ මූලිකම ගැටලුව වන්නේ පොලිසිය කෙතරම් දුරට නීතිමය රාමුව තුළ කටයුතු කරනවාද යන්නයි. නීතිමය අන්දමින් කටයුතු නොකිරීම අවසානයේදී පවරන නඩුවලින් සැකකරුවන් නිදහස් වීමට ද, පොලිස් නිලධාරීන් මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් දණ්ඩනයට ලක්වීමට ද ඉවහල් වේ.

නඩු භාණ්ඩ අත්අඩංගුවට ගැනීම කෙතරම් දුරට නීත්‍යානුකූලව සිදුවෙනවාද යන්න බරපතළ ප්‍රශ්නයකි.. විශේෂයෙන්ම නීති විරෝධීව උපයාගන්නා ලද දේපළ පවරාගැනීම කෙතරම් දුරට නිවැරදිව සිදු වේද යන්න ප්‍රශ්න කිරීම මේ වන විටත් සිදු වේ.

මෙයට අමතරව අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන්ගෙන් බන්ධනාගාර පිරී ඉතිරී යාම හා නඩු කටයුතු අධික වීම හා ප්‍රමාදය පිළිබඳ ගැටලුවක් ද තිබේ.

කෙසේ වෙතත්, විශේෂ ලක්ෂණයක් වන්නේ යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් සිවිල් සමාජයේ තිබෙන නිහැඬියාවයි. ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය, වාමාංශික රැඩිකල් ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව, අන්ත වාමාංශික පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවා මේ සම්බන්ධයෙන් නිහඬය. මානව හිමිකම් සම්බන්ධයෙන් හඬ නගන රාජ්‍ය නොවන සංවිධාන ද නිහඬය. එසේ වන්නේ ඇයි?

මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධයෙන් සමාජයේ තිබෙන ආකල්ප මෙයට හේතුවයි. කෙසේ හෝ මෙම උවදුර මර්දනය කිරීමට සමාජය නිහඬව සහාය දක්වන බව පෙනේ.



මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළ වෙනුවට අත්අඩංගුවට ගනු ලබන්නේ ඇබ්බැහි වූවන් බවට මුලදී සමාජ මාධ්‍ය හරහා චෝදනා එල්ල වුව ද දැන් එය ඉන් එහාට විහිදී ඇති බව පෙනේ.

මේ අතරම දැකිය හැකි තවත් කරුණක් වන්නේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නීත්‍යානුකූල හා නීති විරෝධී ව්‍යාපාර ජාලයයි. යුක්තිය මෙහෙයුමේදී නීත්‍යානුකූලව හෝ නීති විරෝධීව මෙම ව්‍යාපාර ජාලයට අත තබා තිබේ. මෙම ව්‍යාපාර ජාලය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අතිශය වැදගත්ය. මොවුන් අත ගසා තිබෙන ව්‍යාපාර අතර ප්‍රධාන වශයෙන් දැකිය හැකි අංශ වන්නේ පොළියට දීම, හෝටල් හා පොදු ප්‍රවාහන බස් රථ ආදියයි. මත්ද්‍රව්‍ය ජාවාරම පොදු ප්‍රවාහනය සමග පවා සම්බන්ධ වන්නේ එසේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තම මෙහෙයුම් විදේශ රටවල සිට හෝ සිරගෙදර සිට පවා මෙහෙයවීමට හැකියාව ලැබී තිබෙන්නේ මෙම අති ප්‍රබල ව්‍යාපාරික ජාලය හේතුවෙනි.

එසේම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ඇතැම් ආගමික හා සුබසාධන සංවිධාන සමග සම්බන්ධව මුදල් විශුද්ධිකරණයේ ද යෙදෙති.

යුක්තියේ' මෙහෙයුම ආරම්භක දිනයේම 83ක් මාට්ටු
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් දඬුවම් කර තිබේ. ඔහු වැඩබලන පොලිස්පති ධූරයෙන් ඉවත් කරන ලෙස සිවිල් සමාජයෙන් ප්‍රබල ඉල්ලීමක් තිබේ.

වැඩබලන පොලිස්පතිවරයාත්, ආරක්ෂක ඇමතිත් එක්ව මෙම දැඩි මතභේදාත්මක මෙහෙයුම ආරම්භ කර තිබෙන්නේ එවැනි පසුබිමකය.

ඔවුන් සටන් වදින්නේ දැවැන්ත අධිරාජ්‍යයකට එරෙහිවය. එහි ජාත්‍යන්තර අපරාධ ජාලය හේතුවෙන් ඔවුන්ගේ ජීවිත මෙරටදී පමණක් නොව පිටරටදී පවා අවදානමට ලක්වේ. එසේම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හට නීතිමය සේවා ලබාගැනීමේ තිබෙන ශක්තිය ද පොලිසියට මුහුණ දීමට ලෙහෙසි එකක් නොවේ. රටේ දක්ෂම නීතීඥවරුන්ගේ සේවා ලබාගැනීමේ හැකියාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තිබේ. එසේම, මාධ්‍ය හා සිවිල් සමාජයේ වෙනත් කොටස් ද මෙහෙයවා ගැනීමේ හැකියාව ඔවුන්ට තිබේ.

.

මේ අනුව බැලූ කල, යුක්තිය මෙහෙයුම ඉතා පැහැදිලිවම දැලි පිහියෙන් කිරි කෑමකි.

(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප, වීඩියෝ අපෙන් - සංස්කාරක)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...