The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කුල දේශපාලනය සහ ශාන්ගේ පිම්ම - (රජිත් කීර්ති තෙන්නකෝන්)

T

The Leader Desk

January 3, 2024 • 7:17 AM

කුල දේශපාලනය සහ ශාන්ගේ පිම්ම - (රජිත් කීර්ති තෙන්නකෝන්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහා මැතිවරණයේ දී ගාල්ලේ වෙරළබඩ කලාපයේ එකම ආසනයකින්වත් (අම්බලන්ගොඩ, රත්ගම, බලපිටිය, හබරාදූව, බෙන්තර හා කරන්දෙණිය) සජබට 18% ඉක්මන ඡන්ද ප්‍රමාණයක් ලැබී නැත.
  • රත්ගම හා 1976 දී කරන්දෙණිය ආසනය ඇතිකරන්නේම කුල පදනමිනි.
  • කරාව - සලාව (අම්බලන්ගොඩ - බලපිටිය) කුල නිර්ණායකයට විලියම් සිල්වා හා ආතර් සොයිසා (1947), ඉයන් ද සොයිසා හා විලියම් සිල්වා (1952), ඇම්.පී.
  • ද ඇස්.කුලරත්න 1960 ජූනි මැතිවරණයෙන් ද, ඇම්.එච්.සද්ධාසේන (1965), අජිත් සිල්වා ගේ මව වූ ඇල්.සී.ද සිල්වා (1970), රයිටර් තිලකසේකර (1977), බුද්ධික කුරුකුලරත්න (1989) සජින් වාස් ගුණවර්ධන (2010) හා ශාන් විජයලාල් ද සිල්වා (2020) කරාව කුලයෙන් පාර්ලිමේන්තු ආවේය.
අකුරු ප්‍රමාණය (Font Size):


2020 මහා මැතිවරණයේ දී ගාල්ලේ වෙරළබඩ කලාපයේ එකම ආසනයකින්වත් (අම්බලන්ගොඩ, රත්ගම, බලපිටිය, හබරාදූව, බෙන්තර හා කරන්දෙණිය) සජබට 18% ඉක්මන ඡන්ද ප්‍රමාණයක් ලැබී නැත. අමු සිංහලෙන් කියන්නේ නම් ගාල්ලේ කරාව සහ සලාගම කුල ඡන්දයක් සජබට තිබුණේම නැති තරම්ය.

පොහොට්ටුවෙන් ඡන්දය දිනා සජබයට ගිය ගාල්ලේ දෙවැනියා ශාන් ය. පළමුවැනියා චන්දිම වීරක්කොඩි ය. මනාප ලැයිස්තුවේ ඊලඟට ඉන්න හබරාදූවේ දිල්ශාන් ගුණසේකර ට පාර්ලිමේන්තු යන්න වැඩි උනන්දුවක් නැති නිසා පක්ෂ මාරුව ගැන තවම අධිකරණයේ නඩු පවරා නැත.

WhatsApp Image 2024 01 03 at 9.26.17 AM
ගාල්ලේ සජබ දේශපාලනය බලය තිබුණේ ගොවිගමට ය. මනූෂ නානායක්කාර සජබ හැර දමා යාම නිසා දැන් ගයන්න කරුණාතිලක එහි එකම සජබ මන්ත්‍රීවරයා ය.  පක්ෂයේ ඊලඟ ප්‍රබලම සංවිධායකවරුන් තිදෙනා මඟුලට මරණයට හැමදා සිටින බන්දුලාල් බණ්ඩාරිගොඩ, පියසේන ගමගේ සහ විජේපාල හෙට්ටිආරච්චි ය. දැන් මේ සජබ ප්‍රධාන චරිත හතරට අමතරව ශාන් ද, චන්දිම ද සිටී. බද්දේගමින් ආනන්ද අබේවික්‍රම හා කනිෂ්ක ලැනරෝල් වන බැවින්, තරඟකරුවන් අටකි.

ලංකා දේශපාලනයේ කුලය තරම් බලවත් සාධකයක් තවත් නැත. 1946 සීමා නිර්ණයේ දී අම්බන්ගොඩ, බලපිටිය ආසන දෙක හැදුණේම  කරාව - සලාගම කුල පදනමිනි. සරළව ම,  සිල්වා ලා සහ සොයිසා ලා දෙන්නෙකුට පාර්ලිමේන්තු එන්නට ය. රත්ගම හා 1976 දී කරන්දෙණිය ආසනය ඇතිකරන්නේම කුල පදනමිනි. ගොවිගම කුලය පැත්තකට කළ විට, කරාව හා සලාගම කුල දෙක ගාල්ලේ හරි හරියට සිටී.  වහුම්පුර කුලයට දැන් ගාල්ලේ නායකයෙකු දැන් නැති තරම්ය.  මොහාන් සිල්වා සලාගම කුල ඡන්ද පදනමට බලපිටිය, රත්ගම, හබරාදූව හා කරන්දෙණියේ දී බලපැම් කරයි.

ගාල්ලේ කරාවේ නායකයින් අතර ශාන් විජයලාල් සිල්වාට දෙවන පෙල විකල්පයක් හෝ විය හැකිවන්නේ අම්බලන්ගොඩ අනුර ප්‍රදීප් හා පුෂ්පලාල් කුමාරසිංහ ය.  

2e81fc01af5281efb0482b886af4b0f3 XL
කරාව - සලාව (අම්බලන්ගොඩ - බලපිටිය) කුල නිර්ණායකයට විලියම් සිල්වා හා ආතර් සොයිසා (1947), ඉයන් ද සොයිසා හා විලියම් සිල්වා (1952), ඇම්.පී. ද සොයිසා හා විලියම් ද සිල්වා (1956), 1960 මාර්තු ලක්ෂ්මන් ද සිල්වා (බලපිටිය) හා විලියම් ද සිල්වා (අම්බලන්ගොඩ) උදාහරණය.

අම්බලන්ගොඩ පී. ද ඇස්.කුලරත්න 1960 ජූනි මැතිවරණයෙන් ද, ඇම්.එච්.සද්ධාසේන (1965), අජිත් සිල්වා ගේ මව වූ ඇල්.සී.ද සිල්වා (1970), රයිටර් තිලකසේකර (1977), බුද්ධික කුරුකුලරත්න (1989) සජින් වාස් ගුණවර්ධන (2010) හා ශාන් විජයලාල් ද සිල්වා (2020) කරාව කුලයෙන් පාර්ලිමේන්තු ආවේය.

මනාප ක්‍රමය යටතේ 1989 සිට මේ දක්වාම කරාව කුලයෙන් ගාල්ලෙන් එජාපයට තේරී පත් වූවේ බුද්ධික කුරුකුලරත්න පමණී.  89 ජවිපෙ වෙඩි ප්‍රහාර මැද ඡන්දය කළ අම්බලන්ගොඩ බුද්ධික කරාවේ ඡන්ද ටික තමාට වැටෙන තැනට කළේ ඉතිහාසයේ ශුරතම කුල ඡන්ද මෙහෙයුමකි. 2010 දිනන්නට සජින් වාස් ගුණවර්ධන මහින්ද රාජපක්ෂගේ බලය ද, යහමින් මුදල් ද තිබුනේ ය. වසර විස්සක් ශාන් ගාල්ල දේශපාලනයේ රැදෙන්නේ මෙවැනි පරිසරයක ය. (එවැනි බලයක් තිබූ අනෙක් පුද්ගලයා මෑතක දී නැසී ගිය විනී කාරියවසම් ය)

මේ තත්වයට ඓතිහාසික වූ හේතුවක් තිබේ. කරාව සහ සලාගම ඡන්ද ඉතිහාසය පුරා වැඩිපුරම වැටුනේ සම සමාජ හා කොමියුනිස්ට් පක්ෂවලට ය. නගර සභාවක පළමු සභාපතිනිය එල්.සී ද සිල්වා (ල.ස.ස.ප. 1969), ශ්‍රීලකොප යේ එම්.ජී.මෙන්ඩිස්, පාර්ලිමේන්තුවට පත් නොවූ විනී කාරියවසම් මෙයට උදාහරණ ය. ඉතිහාසය පුරාම කරාව නායකයින් සජබ/එජාපයෙන් ඉදිරිපත් කළ නමුත් මනාප ක්‍රමය යටතේ ඔවුන් දිනා නැත! මාගේ මතකය නිවැරදි නම්, එජාපයේ නන්දිමිත්‍ර ද සොයියා ගෙන් පසුව සලාගම අයෙකු ද සජබ/එජාප මනාපයෙන් ගාල්ලෙන් පාර්ලිමේන්තු ආවේ නැත!!

පුංචි ඡන්දය මාස 04කින් කල් යයි !
මේ සියළු කතා කිවේ, ඊලඟ මහා මැතිවරණයේ ගාල්ලේ මනාප ප්‍රතිඑලය ගැන චිත්‍රයක් මවා ගැනීමට ය.

මෙය දේශපාලන කතාවක් මිස කුල කතාවක් නොවේ. සීමා නිර්ණය ගැන අශෝක පීරිස් අනු කමිටුව සමඟ මාගේ අත්දැකීම නම්, ජාතිය ආගම තරමටම කුල සාධකය ද, ඡන්ද මැෂින් ය. ලංකාවේ දිස්ත්‍රික්ක නවයක (9) කුලය තීරණාත්මක දේශපාලන සාධකයයි. එයට කොළඹ දිස්ත්‍රික්කය ද ඇතුලත් ය. වහුම්පුර කුලයට ලියාපදිංචි දේශපාලන පක්ෂයක් තිබූ අතර එහි සලකුණ පවා එම කුල රස්සාවට සෘජුව බැඳී ඇත.

1977 දක්වා කේවල ඡන්ද ක්‍රමය යටතේ ගාල්ලේ ආසන 10 න් පහක් ගොවිගම වන විට ආසන පහක් ගොවිගම නොවන කුලයේ ය. සමානුපාතික ක්‍රමයේ දී ආසන 8 ක් ගොවිගම කුලයට ලැබෙන විට ආසන දෙකක් පමණක් ගොවිගම නොවන කුලයට ලැබෙන්නේය. ගාල්ලේ කුල බලපෑමේ පරිමාව පරිනාමය වී ඇත්තේ එලෙසය!  (අශෝක පීරිස් සීමා නිර්ණය කමිටුවේ රජයේ හෝ දේශපාලන නියෝජිතයින් අතර එකම ගොවිගම නියෝජනයක් හෝ තිබුණේ නැත. ගාල්ලේ සීමා නිර්ණයේ දී තමන්ට ගොවිගම කුලයෙන් සිදුවන පීඩා සිදුව ඇතැයි ග්‍රාමීය ප්‍රජා නායකයින් කරුණු ඉදිරිපත් කර තිබූ ආකාරය මා පුදුමයට පත් කළේය!)

shan 7652374අජන්ත සොයිසා, මහින්ද අමරවීර, ශාන් විජයලාල් සිල්වා

චන්ද්‍රිකා සමයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දුන්නේ ද කුලය අනුවය. අජන්ත සොයිසා, මහින්ද අමරවීර, ලොකු අතුල හා ශාන් විජයලාල් සිල්වා පළමු ලැයිස්තුවේ සිටියේ ය. දෙවැනි ලැයිස්තුවෙන් ශාන් ගේ නම වෙනුවට වී.පුත්‍රසිගාමනී ගේ නම ගැසට් විය.  

ගීතා, රමේෂ්, ඉසුරු දොඩංගොඩ, සම්පත් අතුකෝරල, මොහාන් සිල්වා දැන් එක කඳවුරකය. එජාපයේ වජිර අබේවර්ධන හා මනූෂ නානායක්කාර දෙදෙනා ද ඒ කඳවුරේමය. චන්දිම හා ශාන් දැන් ගයන්ත කරුණාතිලක සමඟ අනෙක් කඳවුරේ ය. පොහොට්ටුවට ගාල්ලේ එකම මන්ත්‍රීවරයෙකු හෝ ඉතිරි නොවන්නේ නම් එය ද පුදුම විය යුතු නැත.

ගාල්ල දිස්ත්‍රික්යේ මේ වසරේ පැවැත්වෙන මහා මැතිවරණයකින් තේරීපත්වන මන්ත්‍රීවරුන් නවය (9) කි. සජබ ජයගන්නා මැතිවරණයක වුව සජබට බෝනස් ආසනයද ඇතුළුව ආසන හතකරට වඩා ලැබිය නොහැකිය. ගයන්ත, හෙට්ටිආරච්චි, බන්දුලාල්, පියසේන ගමගේ, චන්දිම, අබේවික්‍රම හා ශාන් අතරින් හතරකි. ඉහළම සම්භාවිතාවය ඇත්තේ ආසන තුන (3) කි. ප්‍රශ්නය ඇත්තේ මෙයින් කැපී යන්නේ කවුද කියන එකය!  ඔවුන්ගේ දේශපාලනය නතර වන්නේ කොතැනද කියන එකය!!

WhatsApp Image 2024 01 03 at 9.26.18 AM

(මෙම ගණනය ඔබට රුචි නොවේ නම්, ජනතා විමුක්ති පෙරමුණ ගාල්ලේ ලැබෙන ආසන සංඛ්‍යාව ට නිසි බර තබා ඉතිරිය පක්ෂ අනුව බෙදීම අනුමාන කර ගණනයක් කමෙන්ට් කළ හැකිය)

අනෙක් අතට, මුස්ලිම් ඡන්ද පදනමට වඩා ගාල්ලේ කුලයට බර තැබීමේ තාර්කික බවක් තිබේ ද? යන්න ජනාධිපතිවරණයකට වඩා මහා මැතිවරණයක දී තීරණාත්මක වේ.

කුලය මත ම නොවන නමුත්, පක්ෂ මාරුව නිසා කුරුණෑගල, මහනුවර, කොළඹ, ගම්පහ, රත්නපුර, අනුරාධපුර, මාතර දිස්ත්‍රික්කවල ද දේශපාලන චිත්‍රය වෙනස් විය හැකිය.  කුල සාධකය මත පක්ෂ මන්ත්‍රී ධූරයක් දිනා ගැනීමටම කොළඹ ද ඇතුළුව දිස්ත්‍රික්ක නවයක පිල් මාරුවීම් සිදුවන්නේය.

ශාන් විජයලාල් සිල්වා පක්ෂ මාරුවෙන් දිනා ඇත. ජයග්‍රාහකයෙක් ඇති තැන පරාජිතයෙක්ද සිටිය යුතුය. පරදින්නේ කවුද යන්න දකින්නට මහා මැතිවරණය එන තුරුම සිටිය යුතු නැත!

Rajith(රජිත් කීර්ති තෙන්නකෝන්)
ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) 
rajith_tennakoon@yahoo.com

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...