The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කුල සාධකය තව දුරටත් දේශපාලනයට වලංගු ද? - (දර්ශන තන්ත්‍රීගේ)

T

The Leader Desk

January 8, 2024 • 7:12 AM

කුල සාධකය තව දුරටත් දේශපාලනයට වලංගු ද? - (දර්ශන තන්ත්‍රීගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගියදා රජිත් කීර්ති තෙන්නකෝන් සමගි බලවේගය පීඩනයට පත් කුල නායකයන් එකතු කරන බවට අපුරු විශ්ලේෂනයක් කර තිබිනි.
  • වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරි, කලමනාකරන, තොරතුරු තාක්ෂන ඇතුලු වෘත්තීන් වලට බලපාන්නේම නැත.
  • ඒ 1943 CWW කන්නන්ගර මහතා හදුන්වාදුන් නිදහස් අධ්‍යාපනය ට පිංසිදුවන්නටය.
  • දී ඒක තවත් අර්ථවත් කරමින් අධ්‍යාපනික පෙලපොත් නොමිලේ දෙන්නට සමාජ ද්‍රෝහියෙක් වී ඇති ජේ.ආර්.කටයුතු කල නිසාය.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුගියදා රජිත් කීර්ති තෙන්නකෝන් සමගි බලවේගය පීඩනයට පත් කුල නායකයන් එකතු කරන බවට අපුරු විශ්ලේෂනයක් කර තිබිනි.
 
කුල සාධකය කුසලතාවය මත තෝරා ගන්නා වෘත්තීන් වලට අදාල වී නැත. වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරි, කලමනාකරන, තොරතුරු තාක්ෂන ඇතුලු වෘත්තීන් වලට බලපාන්නේම නැත. ඒ 1943 CWW කන්නන්ගර මහතා හදුන්වාදුන්  නිදහස් අධ්‍යාපනය ට පිංසිදුවන්නටය. 1978 දී ඒක තවත් අර්ථවත් කරමින් අධ්‍යාපනික පෙලපොත් නොමිලේ දෙන්නට සමාජ ද්‍රෝහියෙක් වී ඇති ජේ.ආර්.කටයුතු කල නිසාය. මේ ගැන හරියටම දැනගන්න 70-80 දශකවල පාසල් ගිය දරුවන් කිහිප දෙනෙකු සිටි පවුල් වලින් අහන්න ඕනෑ ය.
 90949366 gettyimages 51934715
 
රදල වේවා, ගොවිගම වේවා, කරාව- දුරාව- හලාගම වේවා, පදු වේව, හකුරු වේවා, නවන්දන්න වේවා, රදා වේවා, හින්න වේවා, බෙරව වේවා, බඩහැල වේවා, හුනු  වේවා, දෙමලගත්තර වේවා, ඔය මොකා වුනත් අධ්‍යාපනයේදී ඔවුන්ට සම අවස්ථා හිමිව ඇත. ඒ නිසා ලංකාවේ අධ්‍යාපනය සහ කුසලතාවය මත ඉදිරියට යා හැකි ක්ෂේත්‍රයන්ට කුල සාධකය තවදුරටත් වැදගත් නැත.

අධ්‍යාපනයේ පිහිටෙන් සමාජයේ ඉහලට ගිය කුලපීඩීත උගතුන් පවා වාසහම් වෙනස් කිරීම (පුවත් පත් බලන්න), මුල් ගම් වල පදිංචිය අතහැර නාගරික හෝ වෙනත් වෙන්දේසී ඉඩම් වල පර්චස් 06-10 ට කොටුවීම හෝ මහල් නිවාසයක සිරවීම බොහෝ විට දක්නට ලැබෙයි.

ඊට හේතුව ඉරිදා පුවත්පත් වල මංගල දැන්වීම් තීරුවෙන් පෙනෙයි. තවමත් විවාහයට කුලය සාධකයක් වන නිසා විය හැකිය.
 
71 අරගලය පිළිබඳ නොබැලූ පැතිකඩක්..! - (රන්ජන සේනානායක)
1980 දශකයට පෙර උපන් අයට එවක කුල පීඩනය අමතක නැතුව ඇත. 1971 කැරැල්ලට පාදක වන්නේද කුල පීඩනයයි. කරාව නායකයකු වූ විජේවීරගේ පලමු පක්ෂ ලේකම් ඔලී කුලය නියෝජනය කල ලයනල් ය. වහුම්පුර නියෝජනය කල වික්ටර් ඇතුලු ඉහලඇවරියම කිව හැකිය.( ජවිපෙ අනුර දිසානායක අතට නායකත්වය යාමෙන් පසුව එම පක්ෂයේ ඉහල ඇවරිය සුලු කුල නායකත්වයෙන් මිදෙන්නේය.)
 
71:කැරැල්ලෙන් පාඩමක් ඉගෙනගත් ජේ. ආර්. 78  රට විවෘත ආර්ථිකයට යොමු කිරීම ගැන බොහෝ දෙනා දොස් කියති. කොටහක් නොදැන් කියන්නෝය. දෙවනි කොටස බමුනු කුලවල කුහකයෝය. 
 
78 ජේ ආර් විවර ආර්ථිකය ගෙනා නිසා අද Salon කුලවලට අයත් රස්සාවක් නොවේ. ඊටපෙර එය ඔලී කුලයේ රස්සවයි. අද නැටුම් විෂය, බෙර ගැහීම හැමෝම කරති. සංචාරක හෝටල් වල ඒවා පෙන්වා දහස් ගනන් උපයති. ඉස්සර මේක බෙරව කුලයේ රස්සවකි. ලොන්ඩරි අද නගරවල ජනප්‍රිය ව්‍යාපාරයකි. ඉස්සර එය රජක හෙවත් රදා කුලයේ රැකියාවයි. ඉස්සර රන් කර්මාන්තය නවන්දන්නයින්ගේය. අද එයට කුලයක් නැත.
 
ජේ. ආර්. : ඉස්සර දුෂ්ටයා අද වීරයෙක්? - (ගාමිණී වියන්ගොඩ)
රස්සාව කුලයෙන් වෙන් කලේ ජේ. ආර්. ය. එය ලංකාවේ කොතරම් නිහින ලෙස තිබුනාද යත් සුලුකුල මිනිස්සුන්ට පොඩි පුටු දීම, ඔවුන්ට තේ එකක් දෙන්න වෙනම කෝප්ප තිබීම ආදියෙන් සිතාගත හැක. ඒ සාපය නිමාකලේ CWW හා ජේ.ආර් ය.
 
ජවිපෙ නිර්මානය වන්නේද කුල පීඩනය මතිනි. පලමු කැරැල්ලෙන් මියගිය අතිබහුතර සාමාජිකයෝ කුල පීඩිතයෝය. ජේ. ආර්. බලයට ආ විගස හිරේ සිටි ජවිපෙ නායකයින් නිදහස් කර හේතුවට විසදුම දුන්නේය. ඒ ආර්ථිකය විවර කිරීමය. මෙයින් අතෘප්තියට පත් දෙපිරිසකි. එක් කන්ඩායමක් කුලීන මානසිකයෝය. දෙවන්නෝ කුලවාදීව කුලහීන ප්‍රජාව ප්‍රයෝජනයට ගත්තෝය. දෙගොල්ලෝම ජේ.ආර්. ද්‍රෝහියෙක් කලෝය.
 
අතීතයේ සිට දේශපාලනයේදී කුලයසාධකයක් විය.. මොරටුවේ උපන් වීරහැන්නදිගේ ප්‍රැන්සිස්කුට සුද්දන් එලවන සටනට නායකත්වය දෙන්න පුරන් අප්පු වෙන්න සිදුවිය. දකුනේ කරාව අනගාරික ධර්මපාල තුමා ගොවිගම නොවීම නිසා ඇතැමුන්ගේ ගැහැට විදින්න වීමෙන් සිංහලයාගෙ කුල බෙදිල්ලේ ආදීනව ගැන 1929 දී ප්‍රසිද්ධියේ කියන්න විය. වහුම්පුර වූ ගාල්ලෙ හෙන්රි පේදිරිස් වීරයාට හිමි විය යුතු තැන නොලැබුනි.
 
රණසිංහ ප්‍රේමදාස අනභිභවනීය නායකයා
නිදහසින් පසු ලංකාවේ ගොවිගම කුලයෙන් පිට රාජ්‍ය නායකත්වය ලබා ඇත්තේ ප්‍රේමදාස මහතා පමනි. ජවිපෙ කෝලාහල නොවන්න එයද නොවන්නට ඉඩ ඇති බව මැතිවරණ ප්‍රතිපල කියාපායි.
 
පාර්ලිමේන්තුව, පලාත් සභාව ප්‍රාදේශීය සභාව අදීයේත් තවමත් කුලය සාධකයකි. සජබ පසුගියදා ෂාන් විජයලාල් ගන්නේ අම්බලන්ගොඩටය. ඒ කරාව බේස් එකක් නිසාය. කරාවෙන් පිට මිනිහෙක්ට අම්බලන්ගොඩ කරන්න බැරිය. වහුම්පුරෙන් පිට කරන්දෙනිය කරන්න බැරිය. ඇල්පිටිය, හිනිදුම, බද්දෙගම ගොයිගම හැර වෙන එකෙක්ට කරන්න බැරිය. ගාල්ලෙ දේශපාලනය ඒකය.
කොලඹ කතාව වෙනස් ය. විජේදාස මොකෙන් ඉල්ලුවත් හැමදාම කොළඹින් දින්න්නේ වහුම්පුර ජන්දවලිනි. මොරටුව කරාවෙ බලකොටුවකි. ඒත් නම් ගම් වෙනස් කරමින් රටවටෙන්ම සංක්‍රමනය වූ කොලඹ ඡන්ද දාය්කයන්ට කුලය ලොකු සාධකයක් නොවේ.

ජනාධිපතිවරනයක් තිබ්බොත් එතැනදීද ඔය කුල සාධකය ඉස්සරහට ආ හැකිය. 2010 , රැල්ල තිබුනු ෆොන්සේකා එතරම් පරතරයකින් පරදින්නත්, 2019  සජිත් ගෝටාට එතරම් ගනනකින් පරදින්නත් එය අප්‍රසිද්ධ හේතුවකි.
 
මේ කුල සාධකයේ විසබීජය ලංකා පොලවෙන් අතුගා දැමිය යුතුය. ඒ CWW  හා JR කලාවගේය. එසේ නැතිව සුලු කුල නායකයින් අල්ලාගෙන හෝ අභ්‍යන්තරයේ සුලුකුල පීඩනය තබාගෙන හෝ නොවේ. 
sri lanka parliament 0 1200x550
රටේ කුසලතාවාදය ඉස්සරහට ගෙන ඊට වටිනාකමක් දීමෙනි. එදාට යාපනයේ රා මදින කුලයේ අරුන් සිද්ධාර්තන්ටත් මහජන ජන්දයෙන් පාර්ලිමේන්තුවට ආ හැකිය. අම්බලන්ගොඩට කරාවෙ මිනිහෙක් හෝ කරන්දෙනියට හකුරුමිනිහෙක් හෝ බලපිටියට හලාගම මිනිහෙක් හෝ ඕන නැත.
 
මේ තත්වය ඇතිකලදාට පසු මේ රට පොහොසත් මිනිස්සුන්ගෙන් පිරුනු පොහොසත් රටක් වෙනවා ඒකාන්තය. ධර්මපාලතුමාටත් වැරදුනු මෙතැන අල්ලන්න ලේසි මිනිහෙක්ට  බැරිය. බය නැතුව තීන්දු ගන්න හිත හයිය මිනිහෙක් වෙන්න ඕනෑය.

(දර්ශන තන්ත්‍රීගේ)
2024.01.07

සබැඳි ලිපිය :
කුල දේශපාලනය සහ ශාන්ගේ පිම්ම - (රජිත් කීර්ති තෙන්නකෝන්)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...