The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

පළමුව, ජනාධිපතිවරණය ද? මහ මැතිවරණය ද ? - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

T

The Leader Desk

January 9, 2024 • 6:00 AM

පළමුව, ජනාධිපතිවරණය ද? මහ මැතිවරණය ද ? - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙසේ නමුත් මෙම හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව කථිකාව රජය සිදු කරගෙන යන ක්‍රියාමාර්ග අඩපණ කිරීමට හෝ මන්දගාමී කිරීමට හේතු වනු ඇත.
  • මේ තුළින් උපරි ව්‍යූහය ආතතියට ලක්වී රජය බලාපොරොත්තුවන ඉලක්ක සපුරා ගැනීමට නොහැකිවනු ඇත.
  • පෞද්ගලීකරණය සහ ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ වැඩපිළිවෙළවල් මන්දගාමීවී අසාර්ථක වීමට ඉඩ ඇත.
  • මේ තත්ත්වය තුළ උද්ඝෝෂණ, වැඩවර්ජන අනිවාර්යෙන් වර්ධනය වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සමහර පළාත් සභා මැතිවරණ කල් තබා වසර හයකට වඩා වැඩි කාලයක් ද, පළාත් පාලන මැතිවරණය කල් තබා වසරකට ආසන්න කාලයක් ද ගත වී තිබෙන මේ මොහොතේ ජනාධිපතිවරණයද කල් තැබීමේ 'ජිල්මාට් එකක්' ක්‍රියාත්මක වේදෝයි ඡන්දදායකයන් කල්පනා කරන නමුත් එසේ කිරීමට කිසිදු නෛතික හැකියාවක් නැත. 

සාධාරණ සමාජයක් සදහා ජාතික ව්‍යාපාරය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ගෙන යන ව්‍යාපාරය ජනතා අවධානය වෙනතකට යොමු කිරීම සඳහා කරන මාධ්‍ය මෙහෙයුමක් පමණක් යැයි සිතීමේ අසාධාරණයක් නැත.


ජනවාරි පලවෙනි දා සිදුවූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සමගි ජන බලවේගයට සිදුවූ පිල් මාරුවත් සමගම මහ මැතිවරණයක් කලින් පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව කතිකාවක් ආරම්භ වී ඇත. 


ඇතැම් පක්ෂවලට මහ මැතිවරණයක් කලින් පැවැත්වීම තීරණාත්මකව වාසිදායක විය හැකි බැවින් හදිසි මහ මැතිවරණයක් පිළිබඳව කණ්ඩායම් සලකා බලමින් සිටිය හැකිය.

කෙසේ නමුත් මෙම හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව කථිකාව රජය සිදු කරගෙන යන ක්‍රියාමාර්ග අඩපණ කිරීමට හෝ මන්දගාමී කිරීමට හේතු වනු ඇත. මේ තුළින් උපරි ව්‍යූහය ආතතියට ලක්වී රජය බලාපොරොත්තුවන ඉලක්ක සපුරා ගැනීමට නොහැකිවනු ඇත. පෞද්ගලීකරණය සහ ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ වැඩපිළිවෙළවල් මන්දගාමීවී අසාර්ථක වීමට ඉඩ ඇත. ඉදිරියේ මැතිවරණයක් මගින්  දේශපාලන වෙනසක් සිදුවේ යැයි උපකල්පනය කරමින් රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාවන් මන්දගාමී විය හැකිය. මේ තත්ත්වය තුළ උද්ඝෝෂණ, වැඩවර්ජන අනිවාර්යෙන් වර්ධනය වනු ඇත. නීතිය රැකීම සඳහා සිටින ආයතනයන් එම උද්ඝෝෂණ මර්ධනය කිරීමට උනන්දුවකින් සිදු නොකරනු ඇත. 

ජනාධිපතිවරයා උතුරට ගොස් නල්ලුර් කෝවිල විශාල කොට සෑදීමට ඇති අභිලාෂය ප්‍රකාශ කිරීම් මගින් දමිළ ජනයා සතුටු කිරීමටත්, රතු මුහුදට නාවික හමුදාව යැවීමට ඇති අභිලාෂය ප්‍රකාශ කිරීමේ මගින් ඇමෙරිකාව, ඉන්දියාව ඇතුළු බලවතුන් සතුටු කිරීමත් මගින් ඔහු ජනාධිපතිවරණයට තරග කිරීම පිළිබඳව ගැඹුරින් සලකා බලමින් සිටින බව කිව හැකිය.

මේ වන විටත් සිදු කරනු ලබන සමීක්ෂණ මගින් වඩා ඉදිරියෙන් සිටින්නේ සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය බව පෙනීයයි. 

මේ කණ්ඩායම් අතුරෙන් අඩුම අර්බුදයට ලක් වී ඇත්තේ ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණයි.


ඉල්මහ විරුසමරුවේදී නායක අනුර කුමාර දිසානායක කළ කතාවට අනුව ඔවුන්ට විසඳාගත යුතු ගැටලු මතුවන්නේ මැතිවරණ ජයග්‍රහණයකින් පසුවය. ලාල් කාන්ත youtube නාලිකාවක් සමග ප්‍රකාශ කළේ බලයට පත් වූ පසු බලය රැක ගැනීම පිණිස රාජ්‍ය විසින් මර්දනයේ උපකරණ පාවිච්චි කළ යුතු බවයි.එය ගැඹුරින් සිතා බැලිය යුතු ප්‍රකාශයකි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 

C5A7FCD1 1D46 4125 BD8A 37A0E89FC703

දේශපාලන පක්ෂ අතුරින් වඩාත් අර්බුදයට ලක් වී ඇත්තේ පොදු ජන පෙරමුණයි. ඔවුන්ගේ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් ස්වාධීනව ඉදිරි ජනාධිපතිවරණයකදී රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය වෙමින් සිටින අතර පක්‍ෂයේ ප්‍රබලයන්ට බැසිල් රාජපක්ෂගේ ඉල්ලීමට අනුව අමාත්‍ය ධූර හිමිවූයේ ද නැත. පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතරෙන් බහුතරයකට ඉදිරි මැතිවරණයක් ජයග්‍රහණය කිරීම පිළිබඳව විශ්වාසයක් නොමැත. එබැවින් බහුතරයකගේ මතය හැකි උපරිම කාලයක් පාර්ලිමේන්තුවේ රැඳී සිටීමයි. 

නමුත් කුමන පාර්ශ්වයක් ජනාධිපතිවරණය ජය ගත්තත් පාර්ලිමේන්තුව වීසුරුවා හැරීම අනිවාර්යය. එබැවින් කිසිදු මන්ත්‍රීවරයෙකුට වසර පහ කාලය සම්පූර්ණ කිරීමට හෝ විශ්‍රාම වැටුපට හිමිකම් කීමට අවස්ථාව නොලැබුණු ඇත. ඔවුනට ඇති හොඳම විකල්පය වන්නේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් ලබා ගැනීමය. 

ධම්මික පෙරේරා ගේ නම ජනාධිපති අපේක්ෂකයා ලෙස  ඉදිරියට ගෙන එන්නේ මෙම සන්දර්භය තුළය. කෙසේ නමුත් පොදු ජන පෙරමුණ මෙම තීරණාත්මක කාලය තුළ ගනු ලබන තීරණය මත රනිල් වික්‍රමසිංහගේ මෙන්ම රාජපක්ෂවරුන්ගේද දේශපාලන අනාගතය රඳා පවතිනු ඇත. 

හදිසි මහ මැතිවරණයක් පැවැත්වුවහොත් බොහෝ දේශපාලන කණ්ඩායම් වලට තමන් සිටගත යුත්තේ කුමන කණ්ඩායමද සමඟ ද යන්න තීරණය කිරීමටවත් කාලයක් නොලැබෙනු ඇත. 

ණය මත දුවන රටක් අපට එපා - දිලිත් ජයවීර
දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂයට අපේක්ෂකයන් සොයාගැනීමට හෝ සන්ධානගතවීමට කණ්ඩායමක් සොයා ගැනීමට සිදුවනු ඇත. ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ ඇති ජනප්‍රියතාවය උරගා බැලීමට පොදු ජන පෙරමුණට ඇති අවස්ථාව මහ මැතිවරණයකි. 

බෙදුණු පාර්ලිමේන්තුවක් ඇතිවුණහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී එහි වාසිය උරගා බැලීමට ජනාධිපති වික්‍රමසිංහට හැකිය.

ජාතික ජන බලවේගය හෝ සමගි ජන බලවේගය ජනාධිපතිවරණයක් ජය ගතහොත්, පාර්ලිමේන්තුව තුළ සිදුවන සෝදා පාළුව නවත්වා ගැනීමට නම් මහ මැතිවරණය ඉදිරියට ගත යුතුමය.   

විජේවර්ධනලාගේ සහ රාජපක්ෂලාගේ අනාගතය රැක ගැනීම පිළිබඳ අපේක්ෂාවන් ඉතිරි කර ගැනීමට හැකිවනු ඇත්තේ එම තීරණය තුළින් පමණි. ඒ අනුව, කරුණු පෙළගැසෙමින් තිබෙන්නේ මහ මැතිවරණයක් පැවැත්වීම සඳහාය.

සටහන :
Rasangaනීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර
නිදහස් ලේඛක
prasadrharischandra@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...