The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

නොඒ ආයෝජකයන් - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

January 9, 2024 • 7:15 AM

නොඒ ආයෝජකයන් - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එයින් විදෙස් ආයෝජකයන් ලංකාව ගැන ඉතා බියට පත් වී තිබෙනවා.
  • අශිෂ්ට ගෝල්ෆේස් අරගලය විසින් ලංකාව ඇතුළේ ආරක්ෂාව පිළිබඳව ඉතා අහිතකර ප්‍රතිරූපයක් ජාත්‍යන්තරය තුළ ගොඩනැගුවා. 1971 හෝ 88-89 ත්‍රස්තවාදය මෙදා තරම් ජාත්‍යන්තරයට ගියේ නැහැ.
  • මැල්කම් සහ කන්‍යාවියන් විසින් අමූලික බොරු ඉලක්කම් ලියූ බැනර් රෙද්ද උස්සලා පිටරට චැනල්වලට පෙන්වා ආයෝජකයන් බියට පත් කළා. ඔබට මතකද ඒ දවස්වල රාජපක්ෂලා පිටරට සඟවා ඇති ධනය ලංකාවට ගෙන ඒමට මොකක්දෝ UN සංවිධානයකට යනවාය කියා අරගලකරුවන් පිරිසක් දැඟලුවා.
  • ඔබගේ දරුවන්ට ලැබීමට තිබුණු සුන්දර අනාගතය අරගලකරුවන් විසින් නැති භංගස්ථාන කළා. රටේ ජනාධිපතිට පවා ආරක්ෂාව නැහැ කියා ලෝකයට පෙන්නුවම ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

එයින් විදෙස් ආයෝජකයන් ලංකාව ගැන ඉතා බියට පත් වී තිබෙනවා. ආයෝජකයන් තමන්ගේ වත්කම් යොදවන්නේ ආරක්ෂිත ස්ථානයක පමණයි. අශිෂ්ට ගෝල්ෆේස් අරගලය විසින් ලංකාව ඇතුළේ ආරක්ෂාව පිළිබඳව ඉතා අහිතකර ප්‍රතිරූපයක් ජාත්‍යන්තරය තුළ ගොඩනැගුවා. 

1971 හෝ 88-89 ත්‍රස්තවාදය මෙදා තරම් ජාත්‍යන්තරයට ගියේ නැහැ. ඒ කාලයේ ස්මාර්ට් ෆෝන් සහ ජංගම දුරකථන තිබුණේ නැහැ. නමුත් මෙවර ලංකාව අරාජික කළ සාහසික ත්‍රස්තනය මුළු ලෝකයම දැක්කා. Hashtag ගගහා ඒක ඕනකමින්ම ලෝකයට පෙන්නුවා. ඒ පිටුපස තිබුණේ රටට එන ආයෝජකයන් බියට පත් කිරීමේ කට්ට අරමුණයි. දැන් ලංකාව ගැන google එකේ හොයපු ගමන්ම එන්නේ සාහසික අරගලයේ දර්ශන. ඒක ඉතාම සැලසුම් සහගතව සිදු කළ උපාය උපක්‍රමයක්.

Protesters in Colombo, Sri Lanka, rally against Ranil Wickremesinghe after he was elected by lawmakers in Parliament as the new president on Wednesday, July 20, 2022. Wickremesinghe, a canny political survivor with ties to the exiled former president, inherits a nation in deep crisis. (Atul Loke/The New York Times)
ඒ වගේම උගැන්ඩාවට ඩොලර් පැටෙව්වා වගේ අමූලික පච ගහලා රටේ දේශපාලන නියෝජිතයන් පිළිබඳව පදනම් විරහිත වැරදි මතයක් ජාත්‍යන්තරය තුළ ගොඩනගන්න අරගලය පිටුපස සිටි දෙමළ ඩයස්පෝරාව කටයුතු කළා. මැල්කම් සහ කන්‍යාවියන් විසින් අමූලික බොරු ඉලක්කම් ලියූ බැනර් රෙද්ද උස්සලා පිටරට චැනල්වලට පෙන්වා ආයෝජකයන් බියට පත් කළා. 

ඔබට මතකද ඒ දවස්වල රාජපක්ෂලා පිටරට සඟවා ඇති ධනය ලංකාවට ගෙන ඒමට මොකක්දෝ UN සංවිධානයකට යනවාය කියා අරගලකරුවන් පිරිසක් දැඟලුවා. දැන් කෝ ඒ අය? හංගපු සල්ලි ගේන්නේ නැද්ද? ඒ ඔක්කොම එකම තිර පිටපතක්. රාජපක්ෂලා ඝාතනය කරනවාට යටින් තිබුණේ ලංකාවේ අනාගතය සදහටම සුන්නද්ධූලි කිරීමේ පාපිෂ්ඨ අරමුණයි. ඒක ඔවුන් කරගත්තා. අරගලයට ගිය කිසිවෙකුට ඒ පාපයෙන් මිදෙන්න බැහැ. ඔබගේ දරුවන්ට ලැබීමට තිබුණු සුන්දර අනාගතය අරගලකරුවන් විසින් නැති භංගස්ථාන කළා. 

a0c4d55 1657526070010 651149

රටේ ජනාධිපතිට පවා ආරක්ෂාව නැහැ කියා ලෝකයට පෙන්නුවම ඇති. එතකොට ආයෝජකයන් හිතනවා ඔවුන්ට කිසිසේත්ම ආරක්ෂාව ගැන විශ්වාස කරන්න බැහැ කියලා. විශේෂයෙන්ම දිගුකාලීන ව්‍යාපාර සහ ව්‍යාපෘති සඳහා එන ආයෝජකයන් ලංකාව දිහා දැන් බලන්නෙවත් නැහැ. ඔවුන් වැඩිපුරම බලන්නේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව. ම්ලේච්ඡ අරගලය විසින් ඒ දෙකම නැති කරලා දැම්මා. ශවේන්ද්‍ර සහ කමල් වැන්නවුන් එම ව්‍යාපෘතියේ කුලී හේවායන්. එදා තමන්ගේ ජනපතිට ආරක්ෂාව දීමට නොහැකි වූ ඔවුන් අද ජනපතිට තියාගෙන ඉන්න වෙලා තිබෙන්නේ ඔවුන් එදා කළ ඒ නිගරු-සේවයට ස්තුති කිරීමක් ලෙසට පමණයි.

ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාවේ ප්‍රතිරූපය විනාශ කිරීමට හැමදාම කටයුතු කළ ජවිපෙ මෙවරත් එය ඉතා සාර්ථකව සිදු කළා. ධනේශ්වර පිටරැටියන්ට බැලමෙහෙවරකම් කරන නූගත් ජේවීපීකාරයන් විසින් ලංකාවට ඩොලර් එවන්න එපා කියමින් විශාල ජාත්‍යන්තර මෙහෙයුමක් දියත් කළා. ආයෝජකයන් කොහොමට බය වෙන්න ඇතිද? තමන්ගේ ඩොලර් ලංකාවේ ආයෝජනය කරන්න තවදුරටත් ඔවුන් හිතන්නෙවත් නැහැ. ආයෝජනය කරපු අයත් දැන් බලන්නේ කොහොම හරි ලංකාවේ තියෙන ඔවුන්ගේ විදෙස් විනිමය පිටරටකට ගෙනියන්නයි. ජවිපෙ හැමදාම කළේ ලංකාව ඔළුව උස්සගෙන එනකොටම එය කඩාකප්පල් කර දැමීමයි.



එක්තරා විදිහකට බැලුවම මා මෙයට කැමතියි. මොකද අරගලයක් නොකර ආර්ථිකය යථා තත්ත්වයට ඇවිල්ලා ලංකාව ඉක්මණට ස්ථාවර වුණා නම් මෙලහකට ආයෝජකයන් එනවා. එහෙම වුණා නම් මහා පරිමාණයේ අලුත් ව්‍යාපෘති රටේ පටන් ගන්නවා. රැකියා දහස් ගණන් නිර්මාණය වෙනවා. ආර්ථික වර්ධනය වේගවත් වෙනවා. නමුත් එතකොට අපේ රටේ දෙදහෙන් පස්සේ ඉපදුණු නොහික්මුණු තරුණ තරුණියන්ට ඒ දියුණුවේ වටිනාකමක් තේරෙන්නේ නැතුව යනවා. ඔවුන් තව තවත් ඒකම ඉල්ලනවා. පොඩ්ඩක් හරි අඩුපාඩු වුණොත් කිරට අඬන තොත්ත බබාලා වගේ අඬනවා. බටහිර ඒජන්තලට කත් අදින NGO මුදලාලිලට අහුවෙලා ලෝකයටම පේන්න ජනපති මන්දිරයේ ස්විමින් පූල් එකේ සබන් ගාලා නානවා. ජීවිතේට ඇඳක් නොදැකපු වනචරයන් වගේ ඇඳන් උඩ පිස්සුවෙන් නටනවා. නිර්මාල් දේවසිරි 1983 දෙමළට ගැහුවා වගේම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා. නමුත් දැන් කාලෙකට එහෙම වෙන්නේ නැහැ. 

poverty 54 800x533

දැන් නැවත සෑහෙන්න කාලෙකට ලංකාවේ ආර්ථිකය දියුණු වෙන්නේ නැහැ. හරියට මගේ ජීවිතේ පළමු අවුරුදු තිහ වගේ. යුද්ධය අවසන් කිරීමට පෙර තිබුණු ලංකාව වගේ. අපේ රට තව දශක ගණනාවක් මේ විදිහට එක තැනම තියෙනවා. ඒකට අවංකවම මම කැමතියි. එතකොට තමයි කට්ටියගේ අමාරුව හොඳ වෙන්නේ. දියුණුවේ වටිනාකම දැනෙන්නේ. ව්‍යවස්ථාවේ අගය දැනෙන්නේ. සාමයේ වටිනාකම දැනෙන්නේ. මනුෂ්‍යත්වයේ වටිනාකම දැනෙන්නේ. සිහින මාලිගා කැඩිලා මහපොළොවේ දුක්ඛ සත්‍යයට එන්නේ.

අනික තමයි මෙහෙම රට එක තැන පල් වෙනකොට ලොකුම පණු අමාරුකාරයන් ටික රටින් පනිනවා. හරියට 80-90 දශකවල රටින් ගිය අපේ හිපි මාමලා නැන්දලා වගේ. උන් ටික ගියාම රටේ බර අඩු වෙනවා. ඒ කාලේ හොඳයි. හරියට මේ දැන් එළඹෙන කාලය වගේ.

ධර්මය ඔබට මග වේවා!

ඩලස් සහ පුත්‍රයෝ - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභයගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 ජනවාරි 9


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නොඒ ආයෝජකයන් - (එරන්ද ගිනිගේ) | The Leader