The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ගාසා තීරයෙන් කසාද බැඳපු ලාංකික කාන්තාවකගේ කතාව

T

The Leader Desk

January 9, 2024 • 5:24 PM

ගාසා තීරයෙන් කසාද බැඳපු ලාංකික කාන්තාවකගේ කතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රිකාසා අබ්දුල් ලතීෆ් සමඟ විවාහ වූයේ මීට වසර 14 කට පෙර ඔහු ඉංග්‍රීසි ඉගෙනීමට ලංකාවට පැමිණ සිටි අවස්ථාවේදීය.
  • “ඊශ්‍රායෙල්වරු පලස්තීනය අපට අපායක් බවට පත් කළා.
  • මාසයකට පසු, ගාසා තීරයෙන් ඉවත් කරන ලද විදේශ ගමන් බලපත්‍ර ඇති දහස් ගණනක් දෙනා අතරට මාත් මගේ දරුවන් හතර දෙනාත් එකතු වුණා,” යි රිකාසා පැවසුවාය.
  • රිකාසාගේ සැමියා ඔහුගේ රෝගී මව සහ ආබාධිත සහෝදරිය සමඟ ගාසා තීරයේ නැවතී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


රිකාසා අබ්දුල් ලතීෆ් සමඟ විවාහ වූයේ මීට වසර 14 කට පෙර ඔහු ඉංග්‍රීසි ඉගෙනීමට ලංකාවට පැමිණ සිටි අවස්ථාවේදීය.

ඇයගේ උපන් ගම වන කොළඹ නගරයේ වසර අටක් ජීවත් වූ පසු, ඔවුන් තම දරුවන් සමඟ ඔහුගේ පවුල සමග එක්වීමට ගාසා වෙත ගියා.

ඇගේ ස්වාමිපුරුෂයාට පලතුරු කඩයක් තිබුණා.

පසුගිය නොවැම්බර් මාසයේදී ප්‍රහාර නිසා ඇය ගාසා තීරයෙන් පිටව ලංකාවට ආවා. ඇය එසේ කළේ, සැමියාගේ ඉල්ලීම ද අනුව, ඇගේ දරුවන් ආරක්ෂිත ස්ථානයකට ගෙන ඒම සඳහායි.

“ඊශ්‍රායෙල්වරු පලස්තීනය අපට අපායක් බවට පත් කළා. අපට ප්‍රායෝගිකව සියල්ල අහිමි වෙලා,” යි ඇය පැවසුවාය.

“සෑම මිනිත්තුවකම ඕනෑම දෙයක් සිදුවිය හැකියි. අපි හදිසි බැක්පැක් එකක් සූදානම් කර තබාගෙන හිටියා. එහි ඇඳුම් දෙකක් සහ යාඥා කරන පැදුරක් තිබුණා. රාත්‍රියේදී පවා අපි සම්පූර්ණයෙන්ම ඇඳ පැළඳ නිදා ගත්මුතා, ඕනෑම වේලාවක පලා යාමට සූදානමිනුයි හිටියේ. මාසයකට පසු, ගාසා තීරයෙන් ඉවත් කරන ලද විදේශ ගමන් බලපත්‍ර ඇති දහස් ගණනක් දෙනා අතරට මාත් මගේ දරුවන් හතර දෙනාත් එකතු වුණා,” යි රිකාසා පැවසුවාය.

රිකාසාගේ සැමියා ඔහුගේ රෝගී මව සහ ආබාධිත සහෝදරිය සමඟ ගාසා තීරයේ නැවතී ඇත.

“මගේ සැමියාගේ පවුලට 50 දෙනෙක් අහිමි වුණා,” යි ඇය පැවසුවාය.

“එහේ ඉන්න අමාරු වුණා. ඒ නිසා, රෆා දේශසීමාවට ගිහින් අපේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සම්බන්ධ වෙන්න කියලා මගේ සැමියා කිව්වා. ඔවුන් අපිට උදව් කළා.”

zxdvgsdfg

ඔවුන් දැන් ඇගේ සහෝදරිය සමඟ කොළඹ ජීවත් වෙති.

ශ්‍රී ලංකාවේ නම් තම දරුවන්ට අඩුම තරමින් නිදා ගැනීමටවත් හැකි වන අතර, ඔවුන් නැවත පාසල් යවන බවට සැමියාට දුන් පොරොන්දුව ඉටු කිරීමට ඇයට හැකි වනු ඇත.

ඇරැබ් නිව්ස් පවසන පරිදි පසුගිය මාස තුන තුළ ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන නිර්දය බෝම්බ ප්‍රහාරයෙන් එහි නිවාසවලින් සියයට 70ක් පමණක් නොව, එම ප්‍රදේශයේ අධ්‍යාපනික, සෞඛ්‍ය සේවා, ජලය සහ විදුලි යටිතල පහසුකම් බොහොමයක් විනාශ කර ඇත. ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 22,600ක් මිය ගොස් 60,000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත. ඔවුන්ගෙන් බහුතරය කාන්තාවන් සහ ළමයි වෙති.

“මම පලස්තීනුවන් වෙනුවෙන් යාච්ඤා කරනවා,” යි රිකාසා පැවසුවාය.

 “ඔවුන් ආදරණීයයි, සැමවිටම උදව් කිරීමට සූදානම්. ඒ දුෂ්කර කාලවලදී පවා ඔවුන් තම ජීවිතය ආරක්ෂා කර ගැනීමට වඩා මා සහ මගේ දරුවන් බේරා ගැනීමට වැඩි සැලකිල්ලක් දැක්වූවා.”

ඇය සතියකට දෙවතාවක් තම සැමියා සමඟ කතා කරයි.

“අපි මගේ සැමියා සමඟ සතුටින් ජීවිතය ගත කරන්න තිබුණා … ඔහුගෙන් ඇමතුමක් ලැබුණු විට ඔහුගේ හඬ ඇසීමෙන් අපි සැවොම සතුටු වෙනවා. දරුවන් නොසිටියේ නම්, මම මගේ ස්වාමිපුරුෂයා සමඟ නැවතී ඔහු සමඟ මිය යනවා.”

(උපුටා ගැනීම - .praja.lk)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගාසා තීරයෙන් කසාද බැඳපු ලාංකික කාන්තාවකගේ කතාව | The Leader