The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

බණ්ඩාරවෙල මෘත ශරීරයක් ගොඩගැනීම : අපගාමී ලිංගික හැසිරීමක් ද?

T

The Leader Desk

January 11, 2024 • 4:55 PM

බණ්ඩාරවෙල මෘත ශරීරයක් ගොඩගැනීම : අපගාමී ලිංගික හැසිරීමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කවුරුන් විසින් හෝ නැවත ගොඩගෙන නිරුවත් කර දමා යෑමේ සිදුවීමක් වාර්තා වූයේ ජනවාරි හත්වැනි දා බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් ය.
  • ජනවාරි හතරවැනි දා මෘත ශරීරය පොදු සුසාන භූමියක මිහිදන් කිරීමෙන් පසු නැවත එම තරුණියගේ පියා විසින් ජනවාරි හත්වැනි දා සුසාන භූමියට ගිය අවස්ථාවේ දී මේ බව දැක වහාම බණ්ඩාරවෙල පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි.
  • මෙම මෘත ශරීරය ආසන්නයෙන් සවලක් සහ වතුර ටැංකියක පියනක් සොයාගෙන තිබූ අතර, ස්ථානීය පරීක්ෂණය පැවැත් වූ මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබුණේ සැක කටයුතු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා මෘත ශරීරය නැවත මිහිදන් කරන ලෙස යි.
  • බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ ඒකකය (SOCO) විසින් සිදු කළ පරීක්ෂාවන්ට අනුව මෘත දේහය අපයෝජනයට ලක් කර ඇති බවක් නිරීක්ෂණය වී ඇති අතර, පසුව ජනවාරි නවවැනි දා පොලිස් නිල සුනඛයන් යොදාගෙන සැකකරුවන් සෙවීමට කටයුතු කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

කවුරුන් විසින් හෝ නැවත ගොඩගෙන නිරුවත් කර දමා යෑමේ සිදුවීමක් වාර්තා වූයේ ජනවාරි හත්වැනි දා බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් ය.

ජනවාරි හතරවැනි දා මෘත ශරීරය පොදු සුසාන භූමියක මිහිදන් කිරීමෙන් පසු නැවත එම තරුණියගේ පියා විසින් ජනවාරි හත්වැනි දා සුසාන භූමියට ගිය අවස්ථාවේ දී මේ බව දැක වහාම බණ්ඩාරවෙල පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි.

මෙම මෘත ශරීරය ආසන්නයෙන් සවලක් සහ වතුර ටැංකියක පියනක් සොයාගෙන තිබූ අතර, ස්ථානීය පරීක්ෂණය පැවැත් වූ මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබුණේ සැක කටයුතු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා මෘත ශරීරය නැවත මිහිදන් කරන ලෙස යි.


බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ ඒකකය (SOCO) විසින් සිදු කළ පරීක්ෂාවන්ට අනුව මෘත දේහය අපයෝජනයට ලක් කර ඇති බවක් නිරීක්ෂණය වී ඇති අතර, පසුව ජනවාරි නවවැනි දා පොලිස් නිල සුනඛයන් යොදාගෙන සැකකරුවන් සෙවීමට කටයුතු කර තිබුණි.


එහි දී පොලිස් නිල සුනඛයා අවමංගල්‍ය උත්සවය පැවති තරුණියගේ නිවස වෙත පැමිණ නතර වී ඇති අතර, මෘත ශරීරය අසල තිබී හමු වූ වතුර ටැංකි පියන ඒ අසල නිවසක වතුර ටැංකියක බව ද පොලිසිය හඳුනාගෙන තිබේ.

මෙතෙක් මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, මේ වන විට තිදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කර ඇති බව බණ්ඩාරවෙල පොලිස් ස්ථානාධිපතිවරයා බීබීසී සිංහල වෙත පැවසුවේ ය.

'මෙය අපගාමී ලිංගික හැසිරීමක්'

මෙම ක්‍රියාව සිතාමතා යම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් සිදු කරන ලද්දක් බව බැලූ බැල්මටම නිරීක්ෂණය වන්නකි.

එනිසා එවැනි දෙයක් සිදු කිරීමට පෙළඹෙන කෙනෙකුගේ මානසිකත්වය මනෝ විද්‍යාත්මව පැහැදිලි කරගැනීමට බීබීසී සිංහල විසින් මනෝවද්‍යවරියකගෙන් විමසීමක් සිදු කරන ලදී.


"මෘත ශරීරවලට මෙවැනි ආකාරයේ හිංසා කිරීම් ලෝකට පුරාම වාර්තා වෙලා තියෙනවා. බොහෝ වෙලාවට මේ දේවල් සිදුවුණා කියලා වාර්තා වෙන්නෙ මෝචරි සහ එම්බාම් කරන ස්ථානවල දී යි. මේක සාමාන්‍ය සිදුවීමක් නෙවෙයි. මනෝවිද්‍යාත්මකව මෙය මානසික රෝගයක්," මෙවැනි සිද්ධියක දී එය සිදු කළ පුද්ගලයාගේ මානසිකත්වය විග්‍රහ කරමින් බීබීසී සිංහල වෙත අදහස් පළ කළේ මනෝ වෛද්‍ය ආචාර්ය කාන්ති හෙට්ටිගොඩ විසිනි.ඇය පෙන්වා දෙන්නේ මෙය අපගාමී ලිංගික ක්‍රියාවක් ලෙස යි.


 "බොහෝවිට මෙවැනි දේකට යොමුවෙන කෙනෙක්ට සාමාන්‍ය ලිංගික හැසිරීමකින් තෘප්තියක් ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ අය මෘත ශරීරයක් තෝරා ගන්නේම මෘත ශරීරයකට ඔවුන්ට එරෙහි වීමට හැකියාවක් නැති නිසයි. ඒ නිසා මේක අපි සලකන්නේ අපගාමී ලිංගික හැසිරීමක් හැටියට යි."

මේ සම්බන්ධයෙන් ලෝකයේ සිදු කර ඇති විද්‍යාත්මක පර්යේෂණ ද ඇත්තේ අඩු මට්ටමක බව ආචාර්යවරිය පෙන්වා දුන්නා ය.

"ජීවත්ව ඉන්න කෙනෙක්ට සිදුවන හිංසනයක් තරම් මේ වගේ දේකදි අවධානය යොමුවෙනවා අඩු යි. මොකද මෘත ශරීරයකට කතා කරලා කියන්න බෑනේ තමන්ව හිංසනයකට ලක්වුණා කියලා. ඒ නිසාම මේ මානසිකත්වය සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණ සිදුවෙලා තියෙන්නෙත් අඩුවෙන්. අපට මේවැනි පුද්ගලයන්ගේ ජානමය දත්ත වගේ දේවල් ගැන කියන්න බැරි ඒ නිසයි. ඒ වගෙම මනෝ විද්‍යාවෙත් මේ රෝගය ප්‍රධාන රෝගයක් විදිහට නෙවෙයි දක්වන්නෙත්. නමුත් මේ පිළිබඳවත් හොඳ පර්යේෂණ සිදු කළ යුතුයි කියා මම හිතනවා."

(BBC සිංහල සේවය)
 

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බණ්ඩාරවෙල මෘත ශරීරයක් ගොඩගැනීම : අපගාමී ලිංගික හැසිරීමක් ද? | The Leader