The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

රනිල්ගේ වැල්ලේ කැරකෙන බඹර චක්‍රය - (සුදත් චන්ද්‍රසේකර)

T

The Leader Desk

January 11, 2024 • 7:25 PM

රනිල්ගේ වැල්ලේ කැරකෙන බඹර චක්‍රය - (සුදත් චන්ද්‍රසේකර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චේතනාව කුමක් වූවද, ප්‍රාර්ථනාවලින් නම් අඩුවක් නැත.
  • නමුත් ඔහුගේ දේශපාලන දිවියේ බඹරය වැල්ලේ කැරකෙන්නට පටන් ගත්තේ 2022 මැයි මාසෙයන් පසුවය.
  • ඔහුගේ ග්‍රහචාරය අණුව ලබන සැප්තැම්බර් මාසයේ සිට 2030 දක්වා ජීවිතයේ වාසනාවන්තම කාලය ලබනු ඇත.
  • එදාවේල ටුවර්ස් අද වන විට දුප්පත්, පොහොසත් භේදයකින් තොරව සියඵම දෙනාට ජීවත්වීම ඉතාම අසීරු තත්වයක් උදාවී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

චේතනාව කුමක් වූවද, ප්‍රාර්ථනාවලින් නම් අඩුවක් නැත. මවුකුස පිලිසිද ගත්විට මවට දොලදුක් කෑම පවා ලබා දී ලස්සන දරුවෙක් ලැබීමට සුභ පතති.

ඉපදුන පසුවත්, උපන් දිනවලටත්, පාසැල් යන දිනයටත්, විභාග, උපාධි, රැකියාවක්, උසස්වීමක්, විවාහය, ලෙඩක් දුකක් වූ විට, මෙකි නොකි කාරණ වලින් නොනැවති මියගිය පසුවද, සුභ ගමන් යයි ප්‍රාර්ථනා කරති.

ඉන් පසුව හත් දවසේ, තුන්මාසයේ සහ වාර්ෂික දානයද දී යහපත් ආත්මයක් ලැබීමට ප්‍රාර්ථනා කරති.


කවුරු කුමක් පැතුවද, අපගේ කර්මය අනුව මේ සෑම කරුණකදි ම නියම් හෝ අනියම් ආකාරයෙන් දේශපාලනය සමග අපගේ ජීවිත බැඳී පවති. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටත් එය පොදුය. නමුත් ඔහුගේ දේශපාලන දිවියේ බඹරය වැල්ලේ කැරකෙන්නට පටන් ගත්තේ 2022 මැයි මාසෙයන් පසුවය.


පසුගිය මහා මැතිවරණයෙන් පක්ෂය අන්ත පරාජයට පත්ව, ජාතික ලැයිස්තු තනි මංත්‍රීධූරයකින් පාර්මේන්තුව තේරි පත්වන විට ප්‍රබල රජයක් සහ විපක්ෂයක් ද තිබියදි, රටේ ජනාධිපතිවීම ආශචර්යක් නොවන්නේද? එය ශ්‍රී ලාංකීය දේශපාලනය තුල සිදුවේයයි සිහිනයකින්වත් සිතිය හැකි දෙයක්ද? එයයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ග්‍රහචාරය.

ඔහුගේ ග්‍රහචාරය අණුව ලබන සැප්තැම්බර් මාසයේ සිට 2030 දක්වා ජීවිතයේ වාසනාවන්තම කාලය ලබනු ඇත. එමනිසා එළෙඔන සැප්තැම්බර් මාසයේ අනිවාර්යයෙයන්ම ජනාධිපතිවරණයට මුහුණ දීමට සිදුවනු නියතය.

ජීවත්වීමට දේශපාලනය තිබිය යුතු ය. අනෙක් අතට දේශපාලනය කරන්නට ජීවත් විය යුතු ය.

Sri Lanka

එදාවේල ටුවර්ස්

අද වන විට දුප්පත්, පොහොසත් භේදයකින් තොරව සියඵම දෙනාට ජීවත්වීම ඉතාම අසීරු තත්වයක් උදාවී ඇත. අනාගතය ගැන කිසිවෙකුටවත් විශ්වාසයක් නැත. අද දවස ගෙවා ගැනීමට උත්සාහ කරනවා මිස හෙට ජීවත්වන්නේ කෙසේදැයි අද කල්පනා කරන්නේ නැත. මුඵ රටම එදාවේල ටුවර්ස් තත්වයට පත්ව ඇත.
මෙයිනුත් වැඩියෙන්ම ආර්ථික ගැටඵවලින් මිරිකී ඇත්තේ මධ්‍යම පංතියයි. විශේෂයෙන්ම, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, කථිකාචාර්යවරුන්, නීතිඥයින්, පුද්ගලික අංශයේ හා විධායක ශ්‍රේණියේ නිළධාරින් වැනි පිරිස් මෙම ආර්ථික පීඩනයෙන් දැඩි ලෙස අපහසුතාවයට පත් ව ඇත.

ඔවුන් ඉපයූ ආදායමෙන් තමන්ට හුරුපුරුදු ජීවන රටාවට අනුව අද ජීවත්විය නොහැකි තත්වයට පත්ව ඇත. මෙම අර්බුදයෙන් මිදීමට තිබෙන එකම මාර්ගය විදේශගතවීම ලෙස ඔවුන් විසින් තෝරාගෙන ඇත. සෑම අංශයකින්ම සලකන විට මෙය රටේ අනාගතයට ප්‍රබල බලපෑම් ඇති කරන්නකි.

කුමන හේතුවකින් හෝ අද අපට වැරදි ඇත. වැරදි දේශපාලන තීන්දු තීරණ එයට බලපෑ ප්‍රධානම කාරණය බවට විවාදයක් නැත. නමුත් වැරදි දේශපාලකයින් නැවත නැවතත් බලයට ගෙනවිත් ඉල්ලන් කාගෙන ඇත්තේ ද අප විසින්මය.



හදවතේ මනාපය

z p04 Women

ශ්‍රී ලංකාවාසි අප, ප්‍රජාතන්ත්‍රවාදි රටක පුරවැසියන් ලෙස, අපට අපේ පාලකයා පත්කර ගැනීමට, අපගේ පරම අයිතිය වූ කතිරය නිවැරදි ලෙස භාවිතා කළේ නම් මේ ඉරණම අද අපට අත්විය නොහැකිව තිබිණි.  


නිවැරදි තීරණයක් ගැනීමට නොහැකි වූ ශ්‍රී ලාංකික ඡන්දදායකයා සෑම විටම හදවතට වහල් වී තීරණ ගැනීම නිසා ඇතිවූ ආර්ථික අර්බුදෙයන් ගොඩ ඒමට නම් බුද්ධියට මුල්තැන දී තීන්දු ගැනීමට වගබලා ගත යුතුයි. නමුත් අවාසනාවකට මෙන් බුද්ධියට එකගව තීරණ ගනු ලබන්නේ සමස්ත ඡන්දදායකයින්ගෙන් අතලොස්සක් පමනි.

අප හදවතින් ගන්නා වූ තීරණයක් සහ කරුණු සොයා බලා අවබෝධයක් ඇතිව මනසින් ගන්නා තීරණයක් අතර වෙනස පවතින්නේ එක් එක් තීරණ ගැනීමේ ක්‍රියාවලියට බලපාන සාධක මතය. ඒ අවස්ථාවේ ඇතිවන චිත්තවේගය, හැඟීම්, පුද්ගලික වටිනාකම් සහ ආශාවන් සහ වෙනත් අයකුගේ මෙහෙයවීම නිසා ද, බොහෝ විට අනුකම්පාව, දයාව, ආදරය සහ පුද්ගලික සම්බන්ධතා ද ඒ සදහා  බලපායි.

මෙම තීරණ සාමාන්‍යයෙන් ආත්මීය වන අතර පුද්ගලික සතුට, සබඳතා, තරහා වෛරය හෝ සදාචාරාත්මක සලකා බැලීම් වලට ප්‍රමුඛත්වය දි ගනු ලබන තීරණ වේ.

බුද්ධියේ මනාපය

heart and brain removebg preview

මනසින්, එනම් බුද්ධිය මෙහෙයවා ගනු ලබන තීරණයක් මීට ඉඳුරාම වෙනස් ස්වරූපයක් ගනි. මනසින් ගනු ලබන තීරණයක් පදනම් වන්නේ තර්ක විතර්ක, විවේචන, සිතුවිලි, කරුණු සහ තොරතුරු හරියාකාරව විශ්ලේෂණය කිරීම මත ය. එහිදි වාසි සහ අවාසි සලකා බැලීම, සාක්ෂි කිරා මැන බැලීම සහ නිසි ප්‍රතිඵල ඇගයීම ඇතුළත් වේ.

මනසෙහි තීරණ ප්‍රායෝගිකත්වය, කාර්යක්ෂමතාව හෝ දිගු කාලීන ප්‍රතිලාභ ආදිය සඳහා ප්‍රමුඛත්වය දෙනු ඇත.


එනමුත් අවසාන තීරණය බොහෝ අවස්ථාවල හදවත සහ මනස යන සාධක දෙකෙහි එකතුවක් වේ. තේරීම් කිරීමේදී මිනිසුන් බොහෝ විට ඔවුන්ගේ හැඟීම් සහ තාර්කිකත්වය විවිධ මට්ටම්වලට සලකා බලයි. හදවත මනස හා තීරණ අතර සමබරතාවය පුද්ගලයා, තත්වය සහ තීරණයේ වැදගත්කම අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි ය.


ශ්‍රී ලංකා දේශපාලනයේ අපට වැරදුන තැන මෙම හදවතේ මනාපයයි. අපගේ මෙම අඩුපාඩුව මනාව අධ්‍යයන කර ඇති දේශපාලකයා කුමන පක්ෂයකට අයත් වූවද, අපගේ අඩුපාඩුවට සරිලන ලෙසට හදවතේ මනාපයට සරිලන පරිදි සිය දේශපාලන පක්ෂ ඡන්ද ව්‍යපාරය මෙහෙයවයි.

කිසිදා සැබෑ කර ගැනීමට නොහැකි එමෙන්ම ප්‍රායෝගික නොවන සුරංගනා ලෝකයක් තුළ  ඡන්දදායකයා අතරමං කර තම අනාගත ආත්මාර්තකාමී පරමාර්ථ පූරණය කර ගැනීමට ගැනීමට කිසිඳු හිරිකිතයකින් තොරව විශේෂයෙන්ම ඡන්දයක් ආසන්නයේ දී, අපේ බොහෝ දේශපාලකයන් සැදී පැහැදී සිටිති.

ඒ තුළ කටුක වුව ද, ප්‍රායෝගිකව පවතින තත්වයන් නිසි පරිදි විශ්ලේෂණය කර කපටි ජනප්‍රිය තීරණ නොගෙන, ජනතාව හා රටේ අනාගතය වෙනුවෙන් ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රායෝගික තීරණ ගනු ලබන දේශපාලන නායකයින්  ජනතා දුක නොහඳුනන  නායකයින් ලෙස හංවඩු ගසනු ලැබේ. අතීතයේ සිටම මෙරට තුළ සැබෑ ජනතාවාදී නායකයන් යටපත් වී ඡන්දය තුළින් බොල් චරිත ඉස්මතු විමට මෙකී තත්වය හේතු වූ බව සැම දෙනාම අවබෝධ කර ගත යුතු ය.

sri lanka afp
2010 රජකු, වීරයකු වූ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව 2015 දී රාජපක්ෂලා හොරු දූෂිතයින් යයි කියමින් පලවා හරී. එයට නායකත්වය දුන් මෛත්‍රීපාල සිරිසේන නැවතත් රාපක්ෂවරුන්ව බලයට ගෙනෙයි. 69 ලක්ෂයක් විසින්, වර්ෂ කීපයකට පෙර දූෂිතයයි තීරණය පාලකයින්ව නැවතත් නිර්දෝෂි කරති. මේ අපගේ හදවතේ මනාපය ක්‍රියාකරන ආකාරයයි.


ශ්‍රී ලංකා දේශපාලනය අධ්‍යයනය කිරීමේදි බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසුව සිරිමා බණඩාරනායක මැතිණියට බලය ලැබිණි. ඩී. එස්. සේනානායක අගමැතිවරයාගේ හදිසි මරණයෙන් පසු පුත් ඩඩ්ලි සේනානායක අගමැති විය. හාල් සේරු දෙකට, ඇට කිලෝ අටට, ජනසවියට, රු. 3.50ට පාන් රාත්තල ගන්නට, රු.350ට පොහොර ගන්නට, රැකියා දස ලක්ෂයකට, මෙකි නොකී කරුණුවලට අප අපගේ හදවතේ මනාපය භාවිත කර ඇත්තෙමු.

ප්‍රතිපත්ති ප්‍රකාශ නොහොත් සුරංගනා කථා

 

1

එසේම හදවතේ මනාපය ලබා ගැනීමට නොයෙක් නම්වලින් ලස්සනට රචනාකර, සිත් ගන්නා ලෙසට මුද්‍රණය කල ප්‍රතිපත්ති ප්‍රකාශනවලට අප රැවටී නැද්ද? මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් කිසිදු රජයක් 1%ක්වත් ඉටුකර තිබේද? ඒවා සියල්ලම අපව රැවැට්ටු සුරංගනා කථා නොවේද? ජනාධිපතිවරණයකට එක් ප්‍රතිපත්ති ප්‍රකාශයකුත්, ඉන් අනතුරුව පැවැත්වෙන මහ මැතිවරණයකදි තවත් ප්‍රතිපත්ති ප්‍රකාශයක්ද ඉදිරිපත් කර ඇති අවස්ථා ද ඇත.

අප දැන් අඵතින් සිතිය යුතු ය. පොරොන්දු හා රැවටිලි දේශපාලනයෙන් ඉවත්ව, අප ජාතික ප්‍රතිපත්ති දේශපාලනකට යොමු වීමට සිතට ගත යුතුය. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ රට සංවර්ධනය කරන වැඩපිළිවෙල, එය ක්‍රියාත්මක කරන ආකාරය, එයට අවශ්‍ය මූල ප්‍රතිපාදන ලබා ගන්නා ආකාරය, ආරම්භ කරන සහ අවසන් කරන දින වකවානුව, වැය කරන මුදල සහ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ ඇතුලත් කළ යුතු ය. එසේ නොමැතිව ඉදිරිපත් කරනු ලබන සුරංගනා මැතිවරණ ප්‍රකාශන සහ එම පක්ෂ කුණු කූඩයට දැමිමට අප වගබලා ගත යුතුය. එ‌සේ නොවුනහොත් තවත් අවුරුදු 70 ක් මෙම අත්දැකීමටම අපට මුහුණ දීමට සිදුවනු ඇත.


විපක්ෂයේ ප්‍රධාන කාර්යය වී ඇත්තේ විවේචනය කිරීමයි. එය ඉතා පහසු ක්‍රියාවකි. ප්‍රශ්ණය හදුනා ගත්තේ නම් පිළිතුරක් හෝ විකල්පයක් ඉදිරිපත් කල යුතු නොවේද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට එකග නොවන්නේ නම් විකල්ප මාර්ගය ඉදිරිපත් කල යුතුය. බදු වැඩි නොකර කෙටිකාලිනව රජයේ ආදායම වැඩිකර ගැනීමට, ඩොලර් ආදායම වැඩිකර ගැනීමට විකල්ප ඉදිරිපත් කල යුතුය.

යායුතු නිවැරදි මග තෝරා ගෙන, හදවතේ මනාපය වෙනුවට විචාරශීලී මනසින් සිතා බලා අපේ මනාපය රට වෙනුවෙන්, අපේ අනාගතය වෙනුවෙන් පාවිච්චි කරන්න අපි සූදානම් වෙමු.

Sudath Chandrasekara(සුදත් චන්ද්‍රසේකර)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
ජනාධිපති වික්‍රමසිංහගේ හිටපු පෞද්ගලික ලේකම්

sudathunp@sltnet.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල්ගේ වැල්ලේ කැරකෙන බඹර චක්‍රය - (සුදත් චන්ද්‍රසේකර) | The Leader