The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

යුරෝ සොයා නීතිවිරෝධීව ඉතාලියට: ‘ජීවිතේ නම් කටුකයි, කරන්න දෙයක් නැතිකමට කාගෙන ඉන්නවා’

T

The Leader Desk

January 12, 2024 • 12:00 PM

යුරෝ සොයා නීතිවිරෝධීව ඉතාලියට: ‘ජීවිතේ නම් කටුකයි, කරන්න දෙයක් නැතිකමට කාගෙන ඉන්නවා’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රංග නමින් අප ඔහුව හඳුන්වනු ලබන්නේ ඔහුගේ අනන්‍යතාවය හෙළි නොකිරිමටයි.
  • නිත්‍යානුකූලව හෝ නීති විරෝධි ලෙස ඔවුන් තම අපේක්ෂාව ඉටු කර ගැනීමට උත්සාහ දරනු ලබන අතර ඒ නිසාම ජාවාරම්කරුවන්ට හසුවී රැවටුන අවස්ථා ගැන ද බොහෝ විට අසන්නට ලැබෙයි.
  • වීසා නොමැතිව හොර පාරෙන් විදේශගතවන්නට උත්සාහ දරන පිරිස් යාමට බලාපොරොත්තුවන විදෙස් රටවල් අතර ඉහළින්ම කියනවෙන රට ලෙස ඉතාලිය හැඳින්විය හැකිය.
  • මීගමුව, වෙන්නප්පුව, මාරවිල වැනි මුහුදුකරයේ බොහෝ දෙනෙකු අතීතයේ එසේ ඉතාලියට ගොස් ඇති අතර තවත් බොහෝ පිරිසක් කෙසේ හෝ ඉතාලියට යාමට වෙර දරමින් සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):


රංග නමින් අප ඔහුව හඳුන්වනු ලබන්නේ ඔහුගේ අනන්‍යතාවය හෙළි නොකිරිමටයි. රංග රුමේනියාවට ගොස් ඉන් පසුව හොර පාරෙන් ඉතාලියට යන්නේ දැනට මාස හයකට පමණ පෙරයි.

ආර්ථික හා දේශපාලන අර්බුදවලට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව වන්නේ වඩා යහපත් ජීවිතයක් ලබා ගැනීමට විදේශ රටකට සංක්‍රමණය වීමයි.

නිත්‍යානුකූලව හෝ නීති විරෝධි ලෙස ඔවුන් තම අපේක්ෂාව ඉටු කර ගැනීමට උත්සාහ දරනු ලබන අතර ඒ නිසාම ජාවාරම්කරුවන්ට හසුවී රැවටුන අවස්ථා ගැන ද බොහෝ විට අසන්නට ලැබෙයි.

 

වීසා නොමැතිව හොර පාරෙන් විදේශගතවන්නට උත්සාහ දරන පිරිස් යාමට බලාපොරොත්තුවන විදෙස් රටවල් අතර ඉහළින්ම කියනවෙන රට ලෙස ඉතාලිය හැඳින්විය හැකිය. මීගමුව, වෙන්නප්පුව, මාරවිල වැනි මුහුදුකරයේ බොහෝ දෙනෙකු අතීතයේ එසේ ඉතාලියට ගොස් ඇති අතර තවත් බොහෝ පිරිසක් කෙසේ හෝ ඉතාලියට යාමට වෙර දරමින් සිටිති.

අඩු වැටුපකට නිවාඩු නැතිව වැඩ කරන්නට සිදුවීම

rum it
“ඩොකියුමන්ට් නැතිනම් මෙහේ රස්සාවක් හොයාගන්න අමාරුයි. මොකද එහෙම හොරට ඉඳලා අහුවුනොත් වැඩට ගත්ත කෙනාටත් ප්‍රශ්න. ඒ නිසා මෙහෙ වීසා නැතිව ඉද්දි රස්සාවක් හොයාගන්නවා කියන එක අමාරු වැඩක්.”

රැකියාවක් සොයා ගැනීම අපහසු සේම රැකියාවෙන් ඔවුන්ට ලැබිය යුතු නිසි වැටුප් මෙන්ම අයිතිවාසිකම් ද නොලැබෙන බව වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව එරට අනවසරයෙන් රැඳී සිටින රංග සඳහන් කළේය.

“මම කරන ජොබ් එකට මට හම්බ වෙන්නේ යුරෝ 800යි, මේ ජොබ් එක වීසා තියෙන කෙනෙක් කළා නම් යුරෝ 1300ක් විතර ගෙවන්න ඕනේ. නමුත් වීසා නැති හින්දා මට ඒ ගාන ලැබෙන්නේ නැහැ.”

“හරි නම් මෙහේ පැය 8ට වඩා වැඩිපුර වැඩ කරනවා නම් ඒකට ගෙවන්න ඕනේ. නමුත් අපිට ඒ මුකුත් ගෙවන්නේ නැහැ. ඒ ගැන කතා කරන්න ගියොත් රස්සාව නැති වෙන එක වෙන්නේ. මොකද අපිට වීසා නැති නිසා කොන්ත්‍රාත් ගහලා නැහැ. ඒ නිසා ඕන වෙලාවක අපිව එළියට දාන්න පුලුවන්.” යැයි වේදනා බර ස්වරයකින් ඔහු පැවසීය.

ඉතාලියේ වීසා සහිතව රැකියාවේ නිරතවන්නන් හට දෙසැම්බර් මාසයේ දී වැටුපට අමතරව තවත් වැටුපක් ලබා දෙනමුත් වීසා නොමැතිව රැකියා කරන බොහෝ දෙනෙකුට එය නොලැබෙනවා මෙන්ම අනිකුත් දීමනා ද ලැබෙන්නේ නැත.

“මෙහේ නිවාඩු දවසට වැඩ කළාම ඒකට ගෙවන්න ඕනේ. අපිට එහෙම ගෙවන්නේ නැහැ. අඩුම තරමේ නිවාඩුවවත් දෙන්නේ නැහැ.” ආපස්සට හැරෙන්නට බැරි තැන අමිහිරි කටුකත්වය සමග ගෙවා දමන රැකියා ජීවිතය ගැන ඔහු එසේ විස්තර කළේය.

9efcffb0 b0f9 11ee 8f07 bbfdfa890097
'ආපහු කවදා ලංකාවට යන්න වෙයි ද, ගෙදර අයව දකින්න වෙයි ද කියලා දන්නේ නැහැ'

සහන් ද මීට වසරකට පමණ ඉහත දී රුමේනියාවේ සිට කන්ටේනර් රථයක නැගී ඉතාලිය වෙත ගොස් තිබේ. ඒ සඳහා ඔහුට යුරෝ 3500ක් ජාවාරම්කරුවන්ට ගෙවන්නට සිදුව ඇත.

හිතේ ආසාව නිසා ඉතාලියට පැමිණි ඔහු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව අඩු වැටුපකට රැකියාව කරන්නට සිදුවීම ගැන පසුතැවෙයි.

සහන් දැනට ලාංකිකයෙකුට අයත් ලොරි රථයක සහයකයෙකු ලෙස සේවය කරන අතරතුර ඔහුට විඳින්නට සිදුව ඇති කටුක අත්දැකීම් බීබීසී සිංහල වෙත විස්තර කළේය.

“වීසා නැතිව ජොබ් එකක් හොයා ගන්න අමාරුයි, ඩොකියුමන්ට් නැති නිසා වැඩ කරන්න වෙන්නේ අඩු පඩියකට. ඉතාලියේ ඩොකියුමන්ට් නැතිව රස්සා දෙන්නේ නැහැ. මොකද එහෙම කරලා අහුවුනොත් රස්සාව දුන්න කෙනාටත් ප්‍රශ්න වෙනවා.”

8ae0a90fd4af8b72d067289ee9e12e35740564d7
“ඩොකියුමන්ට් නැතිව ඉතාලියේ ඉන්නවාට වැඩිය රුමේනියාවේ හිටියා නම් හොඳයි කියලා දැන් හිතෙනවා. සුද්ද කරන ඒවා, හෝටල්වල පිඟන් හෝදනවා, වගේ රස්සා තමයි හම්බ වෙන්නේ. ඒවත් ස්ථිර නැහැ. වැඩ තියෙන්නේ ටික කාලයයි. සීත කාලයට ජොබ් හොයන්න අමාරුයි.” රැකියාව අතරතුර කඩිමුඩියේ අප අමතමින් සහන් කියා සිටියේය.

සහන් පැවසු පරිදි වීසා නොමැතිව ඉතාලියට පැමිණෙන බොහෝ දෙනෙකු සරණාගත වීසා අයදුම් කළ ද ඔහු තවමත් ඒ ගැන තීරණයක් ගෙන නොමැත.

“ආසාවට ඉතාලියට ආවා තමයි, ඒත් ආපහු කවදා ලංකාවට යන්න වෙයි ද, ගෙදර අයව දකින්න වෙයි ද කියලා දන්නේ නැහැ. මෙහේ හොරට එන අය රිෆියුජි වීසා දානවා. මම තාම ඒ ගැන හිතුවේ නැහැ. ඒක දාලා ලංකාවට ගියොත් ආපහු ඉතාලියට එන්න බැහැ.” යැයි ඔහු පැවසුවේ අනාගතය ගැන අවිනිශ්චිතව ය.

coastal police
වීසා සහිත ලාංකිකයන්ගේ කෙ‍ෙනහිලිකම්

අවන්හලක සේවය කරන රංග බොහෝ වෙලාවට පැය 10ක් පමණ සේවයේ නිරතවන නමුත් ඔහුට වැඩිපුර මුදලක් අතට ලැබෙන්නේ නැත. ඔහු පවසන පරිදි සේවක අයිතිවාසිකම් ඔවුනට හිමි නැති අතර රැකියාවද බොහෝදුරට අවිනිශ්චිත ය.

“මම දන්න කෙනෙක් හිටියා එයත් මම වගේම රුමේනියාවේ ඉඳන් මෙහෙ ඇවිල්ලා ඉන්නේ. එයාට උණ ගැනිලා දවස් දෙකක් නිවාඩු දාලා තිබුනා. අනිත් දවසේ එයා වැඩට යද්දි එතන වැඩ කරන ලංකාවේ කෙනෙක් එයාගේ කෙනෙක්ව එතන රස්සාවට දාලා, මගේ යාලුවට රස්සාව නැති වුනා.”

රංග පවසන පරිදි වීසා නොමැතිව ඉතාලියේ රැකියා කරන ලාංකිකයන් බොහෝදුරට රැකියා කරනු ලබන්නේ වීසා සහිතව එරට සිටින ලාංකිකයෙකු යටතේ ය. එසේම ඔවුන් කෙනෙහිලිකම්වලට ලක්වන්නේ ද ලාංකිකයන් අතින් ය.

වීසා නොමැතිව ඉතාලියේ සිටින ලාංකිකයන්ගෙන් අඩු වැටුපකට සේවය ලබාගැනීම මෙන්ම වැටුප් ලබා නොදී ඔවුන්ව අතරමං කරනු ලබන්නේ ද ඉතාලියේ සිට ව්‍යාපාර හෝ රැකියා කරනු ලබන ලාංකිකයන් බව ඔහු පැවසීය.

'නිදාගන්න හරි වැටිලා ඉන්න තැනක් ඕන නිසා ඉන්නවා'

migrants 346345
“සමහර තැන්වල යුරෝ 200ක් විතර ගන්නවා කාමරයට, එක කාමරයක 5 – 6ක් වගේ කට්ටිය ඉන්නවා. කිසිම පෞද්ගලිකත්වයක් නැහැ. ඒත් මිනිස්සුන්ට යන්න එන්න තැනක් නැති නිසා ඉන්නවා. නිදාගන්න හරි වැටිලා ඉන්න තැනක් ඕන නිසා ඉන්නවා.” යැයි, රංග පැවසුවේ වීසා නොමැතිව හිසට සෙවණක් සොයා ගැනීමට පවා අපහසු වී ඇති ආකාරය යි.

තමන් උපයා ගන්නා සොච්චමින් කාමර කුලී ගෙවා දමා, ලංකාවට මුදලක් යැවු පසුව ඇතැමුන් සන්තකයේ කෑමක්, බීමක් ගැනීමටවත් මුදල් ඉතිරි නොවන බව ඔහු සඳහන් කළේය.

“මෙහෙ ඉන්න ලංකාවේ අයවත් කිසිම කෙනෙක්ට නිකම් එක යුරෝ එකක්වත් දෙන්නේ නැහැ. මෙහෙ පල්ලි තියෙනවා අසරණ අයට නිකං කන්න බොන්න දෙනවා, ඇඳුම් දෙනවා. වීසා නැතිව ඉන්න ගොඩක් අය කන්නේ බොන්නේ ඒවාගෙන්. නොමැරි ජීවත් වෙන්න පුලුවන් ඒ නිසා.”

“ජීවිතේ නම් කටුකයි, නමුත් කරන්න දෙයක් නැති කමට කාගෙන ඉන්නවා. මොකද අපි වැටිලා ඉන්න වලෙන්ම නේ ගොඩ එන්න වෙලා තියෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. ලංකාවට ගිහින් මොනවා කරන්න ද.” යැයි පිළිතුරු සොයාගත නොහැකි ගැටලුවක් ඉතිරි කරමින් රංග බීබීසී සිංහල සමග කළ සංවාදය නිමා කළේය.

යුරෝපා සංගමයට අයත් ඉතාලිය වැනි රටක වීසා කාලසීමාව ඉක්මවා රැඳී සිට යම් හෙයකින් හසුවුවහොත්, දඩයක් පැනවීම, ක්ෂණිකව පිටුවහල් කිරීමට ලක්වීම හෝ යම් කාලසීමාවක් සඳහා ෂෙන්ගන් කලාපයට ඇතුළුවීමේ තහනමකට ලක්විය හැකි ය.

(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යුරෝ සොයා නීතිවිරෝධීව ඉතාලියට: ‘ජීවිතේ නම් කටුකයි, කරන්න දෙයක් නැතිකමට කාගෙන ඉන්නවා’ | The Leader