The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

මහේෂ් අමලියන් එල්ලයිද? - ( එරන්ද ගිනිගේ )

T

The Leader Desk

January 13, 2024 • 8:21 AM

 මහේෂ් අමලියන් එල්ලයිද? - ( එරන්ද ගිනිගේ )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හේතුවෙන් “එල්ලා දමන” බවට ජාතික ජන බලවේගයේ සමාජ මාධ්‍ය ප්‍රකාශක, කෝට්ටේ නගර සභාපති අපේක්ෂක චතුරංග අබේසිංහ පවසයි.
  • ඔහු විසින්ම පටිගත කර පළ කර ඇති එම වීඩියෝවේ කියන ආකාරයට ලංකාවේ රාජ්‍ය ව්‍යාපාරවලින් ලාබ ඉපැයීමට අසමත් වූ සියලු ඉහළ නිලධාරීන් ජාජබ රෙජීමයක් යටතේ මරණීය දණ්ඩනයට පමුණුවනු ඇත.
  • ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ (SLINTEC) සභාපතිවරයා ලෙස 2008 - 2019 දක්වා ඔහු ක්‍රියා කළේය.
  • වසරේ ජාතික විද්‍යා සහ තාක්ෂණ කොමිසම විසින් සිදු කළ කාර්යසාධන ඇගයීම් වාර්තාවට අනුව SLINTEC ආයතනය දිගින් දිගටම වාර්ෂිකව රුපියල් මිලියන සිය ගණනින් පාඩු ලබා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

හේතුවෙන් “එල්ලා දමන” බවට ජාතික ජන බලවේගයේ සමාජ මාධ්‍ය ප්‍රකාශක, කෝට්ටේ නගර සභාපති අපේක්ෂක චතුරංග අබේසිංහ පවසයි.

ඔහු විසින්ම පටිගත කර පළ කර ඇති එම වීඩියෝවේ කියන ආකාරයට ලංකාවේ රාජ්‍ය ව්‍යාපාරවලින් ලාබ ඉපැයීමට අසමත් වූ සියලු ඉහළ නිලධාරීන් ජාජබ රෙජීමයක් යටතේ මරණීය දණ්ඩනයට පමුණුවනු ඇත.

Mahesh Amalyan 2024.01.13

 මහේෂ් අමලියන් යනු සුප්‍රකට MAS සමූහ ව්‍යාපාරයේ සම-නිර්මාතෘවරයෙකු වන කෝටිපති ව්‍යාපාරික දානපතියෙකි. ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ (SLINTEC) සභාපතිවරයා ලෙස 2008 - 2019 දක්වා ඔහු ක්‍රියා කළේය. එම ව්‍යාපාරය ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසායකත්ව අමාත්‍යංශය යටතේ ජනතාවගේ බදු මුදලින් ක්‍රියාත්මක වේ. 2021 වසරේ ජාතික විද්‍යා සහ තාක්ෂණ කොමිසම විසින් සිදු කළ කාර්යසාධන ඇගයීම් වාර්තාවට අනුව SLINTEC ආයතනය දිගින් දිගටම වාර්ෂිකව රුපියල් මිලියන සිය ගණනින් පාඩු ලබා ඇත. එම කෝටි ගණනක පාඩුව පියවා ඇත්තේ රජයේ භාණ්ඩාගාරයේ මුදලින් හෙවත් ජනතාවගේ බදු මුදලිනි.

 
එම වාර්තාවට අනුව SLINTEC ආයතනය මූල්‍යමය වශයෙන් තවදුරටත් පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයට පත් කර තිබේ. ජාතික ජන බලවේගයේ මහලේකම්ගේ පුත්‍රයා වන චතුරංග අබේසිංහ එම පක්ෂයේ විධායක කමිටුවේ ප්‍රබල සාමාජිකයෙකි. එතුමා පවසන ආකාරයට ඉහත ආකාරයේ පාඩු ලැබීම් සඳහා ඒවායේ නායකත්වය අනිවාර්යෙන් වගකිව යුතු වන අතර එම අවකළමනාකරණය වෙනුවෙන් දඬුවම් විඳිය යුතුය. චතුරංග ඉතා ප්‍රචණ්ඩකාරීව පවසන්නේ එවැනි පුද්ගලයන් “එල්ලා” ඝාතනය කර දැමිය යුතු බවයි.

 

 

                  

අමලියන්ට මේ හරහා ඇතිවන තවත් ගැටලුවක් වන්නේ ඉහත ආකාරයට SLINTEC ආයතනය වසරක් වසරක් පාසා දිගින් දිගටම අසාර්ථක වෙමින් කෝටි ගණනින් පාඩු ලැබීමට හේතුවක් වන්නේ, මෙරට අහිංසක දුප්පත් ජනතාවගේ බදු මුදලින් ඉතා ඉහළ වැටුප් සහ සැප විඳින එම ආයතනයේ විද්‍යාඥයන් විසින් පරීක්ෂණ කර ලබාගත් පේටන්ට් බලපත්‍රවලින් එන ආදායමෙන් වැඩි කොටසක් එම පේටන්ට් බලපත්‍රවල වැඩි අයිතිය හිමි මාස් හෝ වෙනත් පුද්ගලික ආයතන වෙත යනවාද යන ප්‍රශ්නය ජනතාව අසන නිසාය.

එය සත්‍යයක් නම් SLINTEC ආයතනය තුළ බරපතල වංචාවක් හා දූෂණයක් සිදුව ඇත. ජාජබ රෙජීමය විසින් ලංකාව වංචාවෙන් හා දූෂණයෙන් සපුරා තොර රටක් බවට පත් කරන බවට ඔවුන් දිවුරා තිබේ. සිය බිහිසුණු තර්ජනාත්මක ප්‍රකාශයේ ජාජබ තරුණ නායක චතුරංග අබේසිංහ පවසන්නේ මහේෂ් අමලියන් වැනි ධනවතුන් භුක්ති විඳින "නියෝ-ලිබරල් ධනවාදය" ලංකාවෙන් සහමුලින්ම විනාශ කර දමන බවයි.

JVPInsurgency Montage

 ජාජබ නමින් සිටින ජවිපෙ 1988-89 කාලය තුළ හැටදාහක පිරිසක් ඝාතනයට ලක් කරමින් මහා ජාන සංහාරයක් කරමින් මානව අයිතිවාසිකම් කඩ කළ අතර මෑතක ක්‍රියාත්මක කළ සාහසික අරගලය හරහා මෙරට ව්‍යාපාරිකයන්ට පහර දී ඔවුන්ගේ දේපළ පුළුස්සා දැමීය. සේවයෙන් පහ කළ අපකීර්තිමත් හමුදා සෙබළුන්ගෙන් සමන්විත අතිශය බිහිසුණු රණවිරු සේනාංකයක් දැනටමත් නිර්මාණය කර තිබෙන ජාතික ජන බලවේගය මෙරට ආණ්ඩු බලය ලබා ගත් සැනින් සිදු කරන්නට යන මර්දනය පිළිබඳව මෙරට ව්‍යාපාරිකයන් බොහෝ කලබලයට පත්ව තිබේ. විශේෂයෙන්ම රාජ්‍යයට අයිතියක් ඇති ව්‍යාපාර ආයතනවල ඉහළ පුටු දරන සහ දැරූ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ට මෙය ප්‍රබල රතු නිවේදනයකි. "රට බංකොලොත්" ලෙස ප්‍රකාශයට පත් කිරීමට අරගල කාලය තුළ දැඩිව කතා කළ අය අතර අමලියන් පවුලද සිටී.

දැනට සිදු කර ඇති සියලු සමීක්ෂණ වාර්තා අනුවත් කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් දේවසිරි මහතා පවසන ආකාරයටත් ඊළඟ ජනාධිපතිවරයා බවට පත් වීමට නියමිතව ඇත්තේ ජවිපෙ/ජාජබ නායක අනුර කුමාර දිසානායකය. චතුරංග අබේසිංහ මාස් සමූහ ව්‍යාපාරයේ සේවය කළ දත්ත විද්‍යාඥයයෙකි.


eranda. ginige
(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභයගේ උපදේශක

eranda.ginige@gmail.com

2023 ජනවාරි 13

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...