The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : ඉල්ලා අස්වීම නොහොත් අලුත් ම ’’ට්‍රෙන්ඩ්’’ එක

T

The Leader Desk

January 14, 2024 • 6:50 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : ඉල්ලා අස්වීම නොහොත් අලුත් ම ’’ට්‍රෙන්ඩ්’’ එක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ සිරිත අලුත් කරමින් සමගි ජනබලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රීවර චමින්ද විජේසිරි, පසුගියදා තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීය.
  • ඉන් ප්‍රධාන හේතුව වූයේ, පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් දෙසීය විසිපහේම දරුවන්ට පවා ශාප කරන තැනට රට පත්වී ඇති බවය.
  • ''සත්ව ලෝකයේ දත් හතළිහක් සහ කකුල් හතරක් ඇත්තේ කාටද?'' ''කිඹුලට...'' අනෙකා පිළිතුරු දෙයි.
  • එතකොට, අපේ රටේ දත් හතරක් සහ කකුල් දෙක බැගින් තියෙන්නෙ කාටද?'' ''දේශපාලන මණ්ඩලයේ උදවියට.'' අපේ රටේ දේශපාලන බිමේද, දත් හතරේ මෙන්ම කකුල් හතරේ, උදවිය සිටින බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ සිරිත අලුත් කරමින් සමගි ජනබලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රීවර චමින්ද විජේසිරි, පසුගියදා තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීය.

තම අස්වීමට හේතු දක්වමින් ඔහු වැදගත් හේතු කීපයක්ම පැවසීය. ඉන් ප්‍රධාන හේතුව වූයේ, පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් දෙසීය විසිපහේම දරුවන්ට පවා ශාප කරන තැනට රට පත්වී ඇති බවය.

විජේසිරි මහතා මෙසේද කියා තිබුණි.

''දවසක්, මේ දියවන්නාව ළඟට කිඹුලෙක් ඇවිත් හිටියා. ඒක බලන්න රැස්වුණු සෙනඟ කිඹුලට කිව්වේ, පුළුවන් නම් මේකෙ ඉන්න දෙසීය විසිපහම කාපන් කියලා.''

මේ කිඹුල් කතාව අසද්දී, කලකට පෙර කියැවූ රුසියානු කිඹුල් කතාවක්ද මගේ මතකයට නැගුණි.

p010p7ns

ලියොනිඩ් බ්‍රෙෂ්නෙව්

ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් පාලන සමයේදී සෝවියට් දේශයේ, පාලක මණ්ඩලයේ, තරුණයන්ට තැනක් හිමි නොවීය. ඉතාම වයෝවෘද්ධ පුද්ගලයන්ට රට පාලනය හිමිවීම ගැන බොහෝ විවේචන එල්ල වුණි. ඒ පිළිබඳව පොදු ජනතාව අතර පැතිර ගිය උපහාස කතාවකි මේ.

අවන්හලකට ගිය කම්කරුවන් දෙදෙනෙක් වොඩ්කා බොමින්, රටේ තත්ත්වය ගැන කතා කරමින් සිටින අතර, එක් අයෙක් මෙසේ ඇසීය.

''සත්ව ලෝකයේ දත් හතළිහක් සහ කකුල් හතරක් ඇත්තේ කාටද?''

''කිඹුලට...''

අනෙකා පිළිතුරු දෙයි.

360 F 625912896 aCPIXJQBU7cqLhU6ZNAbaWQCDi8Z9RSV
''හරි. එතකොට, අපේ රටේ දත් හතරක් සහ කකුල් දෙක බැගින් තියෙන්නෙ කාටද?''

''දේශපාලන මණ්ඩලයේ උදවියට.''

අපේ රටේ දේශපාලන බිමේද, දත් හතරේ මෙන්ම කකුල් හතරේ, උදවිය සිටින බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. ඔවුහු පරිණත, දේශපාලන වෘත්තිකයෝ වෙති. එහෙත් අවාසනාව වන්නේ, ඒ පරිණතයන් බොහෝ විට එක දතක්වත් නැති, කිරි සප්පයන් මෙන් බොළඳ ලෙස හැසිරීමය.

ඒ කෙසේ වෙතත්, ජනතා ශාපයට බියෙන්, මන්ත්‍රීකමින් (දේශපාලනයෙන්දැයි ස්ථීරව කිව නොහැකිය) ඉල්ලා අස්වීම නම්, බොළඳ ක්‍රියාවකැයි අවතක්සේරු කළ නොහැකිය.

අපගේ මිතුරකුගේ අදහස අනුව, එම ඒකපුද්ගල ඉල්ලා අස්වීම, වඩා ඵලදායක වනු ඇත්තේ, අනෙක් මන්ත්‍රීවරුද එකා පසුපස එකා බැගින්, ගෙදර යාමට පටන් ගතහොත්ය. එය වර්තමාන සිරිලාංකීය දේශපාලනයේ, අලුත්ම ''ට්‍රෙන්ඩ් එක'' වෙනවා නම්, ජනතාවට යම් අස්වැසිල්ලක් ඇතිවනු නිසැකය.

ඩිජිටල් යුද්ධය ජයග්‍රහණය කරන්නා මීළඟ ජනාධිපති වනු ඇත ! - (සාලිය වීරකෝන්)

''කිඹුලා කනවා ඉවසන්ට පුළුවනි. කොහිල කටු ඇනෙනවා ඉවසන්ට බැරි'' යැයි පිරුළක් ජනවහරේ පවතී. සිරි ලාංකිකයාටද දැන් සිදුවී තිබෙන්නේ ඒ ටිකමය. දත් ඇති කිඹුල්ලු මෙන් දත් නැති කිඹුල්ලුද, දණ බිම ඇනී සිටින මිනිසුන් හපා, ගිල දමති.

ජනාධිපතිවරණය සඳහා අලුත් අලුත් අපේක්ෂකයන් ඉදිරිපත්වීම ද, මේ දිනවල දක්නට ලැබෙන තවත් දේශපාලන ට්‍රෙන්ඩ් එකකි. මේ කවුරුත් එන්නේ රට ගොඩ දමන්නටය. මෙතෙක් සිටි අයත් ආවේ ඒ කරුමාන්තයටමය. එහෙත් අපේ කරුමය වූයේ ඒ කිසිවකුටත් ඒ දේ හරිහැටි ඉටුකර ගත නොහැකි වීමය. අපට ඇති සැකය වන්නේ ඔය අප්පුහාමිලා කාට කාටත්, ගොඩ දමන්නට රටක් ඉතිරි වේද කියාය.

එක්තරා රටක, ජනපතිවරණය ආසන්නයේදී පැවති රැළියක දී අපේක්ෂකයෙක් මහත් ආවේගයෙන් යුතුව මෙසේ පැවසීය.

''මම ජනාධිපති පදවියට පත්වුණාට පස්සෙ මේ රටට වසංගතයක්ව තිබෙන වංචාව, දූෂණය සම්පූර්ණයෙන්ම නැතිකර, සෞභාග්‍යය උදා කරවනවා.''

කතාව අසා සිටි ජනපති ලේකම් අසල සිටි සගයකුට මෙසේ කීය.

''මෙයා මොනවද මේ කතා කරන්නෙ... ඊළඟ ඉලෙක්ෂන් එකේදී කියන්නත් ටිකක් ඉතිරි කරගන්න එපායැ.''

ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණයකට ඇති අවකාශ? - ජයදේව උයන්ගොඩ
පිස්සු පොරවල් නොහොත් මානසික රෝගීන්, සමාජය ඉදිරියට පැමිණීමද, මේ කාලයේ තවත් ට්‍රෙන්ඩ් එකකි.

එක් රටක ජනාධිපතිවරයෙක්, මානසික රෝහල් පරීක්ෂණය සඳහා ගියේය. ඔහු ඉදිරියට ආ මානසික රෝගියෙක් මෙසේ ඇසීය.

''ඔබතුමා කවුද?''

''මම තමයි ජනාධිපති.''

''එහෙනං පරිස්සමින්.... ඕක කියන්ඩ ගිහිං තමයි මටත් මෙහෙ එන්ඩ සිද්ධ වුණේ...''

රෝගියා බැරූරුම් ලෙස කීය.

අනේ, මෙහෙම බූරුවෝ - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...