The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ඒෂාන් කියන්නෙ ගැම්මක්!

T

The Leader Desk

January 14, 2024 • 4:52 PM

ඒෂාන් කියන්නෙ ගැම්මක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • I hate it when people call me lucky.
  • Comments 10 ක් කියෙව්වොත් 8 කම තියෙන්නේ කුනුහර්ප බැනුම්, නැත්තම් ලිංග භේද අහලා, එහෙමත් නැත්තම් මැරියන් කියලා.
  • මෙයා මගේකම හෑල්ලුවට ලක්කළාවත්ද?
  • ඔයාලට මතකත් ඇති මට දෙපාර තුන්පාරක්ම physical assault වෙන්න ගියා.
අකුරු ප්‍රමාණය (Font Size):


I hate it when people call me lucky. මට lucky කියන්න එපා. It’s not luck. It’s my blood sweat and tears.

මම හිතන්නේ මම තමයි ලංකාවේ හිටපු unluckyම Social Media Personality. දැන් හූල්ලන්න එපා. මම කිව්වේ past tense එකෙන්????දැන් නම් කාලා බීලා ඇදලා fun එකේ ඉන්නවා ???? ඒත් ඒක තමයි ඇත්ත. මට කාලයක් තිබ්බා උදේට ෆෝන් එක අල්ලන්නෙවත් නැති. ඇයි ඒ? Comments 10 ක් කියෙව්වොත් 8 කම තියෙන්නේ කුනුහර්ප බැනුම්, නැත්තම් ලිංග භේද අහලා, එහෙමත් නැත්තම් මැරියන් කියලා. මම ඒ කාලේ ෆෝන් එකේ ting ගාන notification සද්දෙටත් බයයි. Video එකක් කරන්න සාරිය අතට ගත්තාම anxiety attacks එනවා මේ video එකට මොන බැනුමක් අහගන්න වෙයිද කියලා.

zfsdf


මට අවුරුදු තුන හතරක්ම තිබ්බා ad promotion මොකුත් set වෙන්නැති. ඇයි දන්නවද? හුගාක් අය අකමැති ලු එයාලගේ brand එකත් එක්ක පො/&@යෙක්ව associate කරන්න. ඉතින් අවුරුදු ගානක් මම Social Media popular වුනත් අමු හිගන්නා. මම යන හැම audition එකක්ම මම පුලුවන් උපරිමේටම කරනවා. හැමෝටම ආස හිතෙනවා. ඒත් brand rep ආ ගමන් කතා දෙකක් නෑ කෙලින්ම reject කරනවා. ඇයි ඒ? මම ගෑනියෙක්ද මිනිහෙක්ද කියලා හොයාගන්න බැරිලු. එක්කෙනෙක් කිව්වා මගේ දත් ටික කෙල්ලෙක් වගේලු. ඒ නිසා ගන්න බෑ කියලා. යකෝ දත් ටිකේ ලිංගේ හොයන එවුන් ඉන්න රටක් මේ. මෙහෙමයි මට තේරෙනවා brands වැඩ කරන විදිය. ඒත් අපි මිනිස්සු නෙමෙයිද?


තව මම director කෙනෙක්ව හම්බෙන්න ගියා එයාගේ ටෙලියක audition එහෙකට. එයා මාව තඹ සතේකට ගනන් ගත්තේ නෑ. පොඩ්ඩක් ඉන්න කිව්වා. පැය එකාමාරක් ගියා. තාම මම පොඩ්ඩක් ඉන්නවා. මම බැරිම තැන එයාගේ shooting මැද්දෙම එයා ගාවට ගියා. එයාට කියන්න දෙයක් නැතුව එයා කියනවා “ඔයා වගේ චරිත” මේ ටෙලියේ නෑ” කියලා. මොකද්ද මේ මං වගේ චරිත කිව්වේ? මෙයා මගේකම හෑල්ලුවට ලක්කළාවත්ද? මම සාමාන්‍යයෙන් අනේ ඕවා ගනන් ගන්නෙ නෑ. ඒත් මමත් මනුස්සයෙක්නේ. මටත් breaking point එකක් තියෙනවනේ. මට rejection after rejection උහුලන්න අමාරුයි.

xzcdfvsdf
මට අද වගේ මතකයි එදා audition එකෙන් පස්සේ මට මාර දුකයි. දරාගන්න බැරි දුකක්. පාරේ යනකොටත් මගේ මූනෙන් කදුලු බේරෙනවා. අවුරුදු ගානක frustration එක ගිනිකන්දක් පිපුරුනා වගේ ඒ වෙලේ දුක පිපිරෙන්න ගත්තා. දැන් පාරේ අඩන්නත් බෑනෙ මාව අදුරන අය හිටියොත්. මං කලේ අර කුට්ටි කරලා විකුනන ඉඩම් තියෙන්නේ, ඔය වත්තකට පැනලා ගහකට මුවා වුනා. මුවා වෙලා ඇඩුවා ආයේ නෑ shirt එක තෙමෙන්න. ඇඩුවා නෙමෙයි ඇඩුනා. මට තිබ්බ ලොකුම දුක තමයි මට මගේ අම්මටවත් මොනාහරි අරං දෙන්න අතේ සතේ නෑ කියන එක. මම හරි අකමැති මගේ talent එක නාස්ති වෙනවට. මගේ talent එක නාස්ති වෙනවා කියලයි මට එදා දැනුනේ.


ඔයාලට මතකත් ඇති මට දෙපාර තුන්පාරක්ම physical assault වෙන්න ගියා. ඒවා hate crimes කියලා මං දන්නේ පස්සේ. Physical පැත්තකින් තියන්නකෝ sexual ඒවා. මට දවසක් මතකයි event එකක්දි එක මිනිහෙක් මගේ පුප මිරිකුවා මට පහුවෙනිදත් රිදුනා, ඉදගන්න බැරි තරම්.

මේවා ඔක්කොම මගේ ඉතිහාසය. දැන් වර්තමානේ දෙයියන්ගේ පිහිටෙන් හොද සැපවත් life එකක් ගත කරනවා. මට අවශ්‍ය වෙලා තිබ්බ respect එකත් මට ලැබෙනවා. අඩුපාඩු නැතුවාම නෙමෙයි. ඒත් කලින්ට වඩා හොදයි. ඉතින් අනේ ඔයාලා අද දකින මගේ ලස්සන සුන්දර නිදහස් ජීවිතේට lucky කියන්න එපා. එතකොට මම කාපු කට්ට, මගේ දුක, මගේ මහන්සිය, මගේ අම්මගේ මහන්සිය හෑල්ලුවට ලක්වෙනවා. මට කියන්න Eshan You earned it කියලා. මගේ luck එක මංම හදාගත්තා මිසක් මම Lucky නෑ….

(facultyofsex.com)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඒෂාන් කියන්නෙ ගැම්මක්! | The Leader