The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ආදායම් බදු සටන් චක්‍රය........? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

January 15, 2024 • 6:28 PM

ආදායම් බදු සටන් චක්‍රය........? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලිහිල් කිරීම නිසා මිස, සුනාමි අපදාව හෝ විදේශ සංචිත අඩුවීම නිසා නොවේ.
  • අදවන විට රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරිමට යෝජනා වී ඇත.
  • එහෙත් අදටත් රජයේ කාර්යාලයකට මහජනතාවට අවශ්‍ය ලිපි යැවීමට ප්‍රමාණවත් තරම් මුදල් නැතිකම හේතුවෙන් රාජකාරි ලිපි තැපැල් කිරීමේ හැකියාව අඩපන වී ඇති බව ජනතාව දන්නේ නැත.
  • කැලේගම ප්‍රකාශයෙන් වසර පනස් ගණනක් ගෙවුණ වර්තමානයේ ටින් අංකය හරහා තොරතුරු ලබා ගැනීමට ගන්නා උත්සාහයට විපක්ෂය ඍජුව බාධා පමුණුවමින් වෘත්තීය සමිති මෙහෙයවති.
අකුරු ප්‍රමාණය (Font Size):

ලිහිල් කිරීම නිසා මිස, සුනාමි අපදාව හෝ විදේශ සංචිත අඩුවීම නිසා නොවේ. භාණ්ඩාගාරයට අපේක්ෂිත දේශීය බදු ආදායම අඩුවීමේ ආසන්න පිපිරීම රාජ්‍ය සේවක වැටුප් ගෙවාගත නොහැකි වීමය.

අදවන විට රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරිමට යෝජනා වී ඇත. එහෙත් අදටත් රජයේ කාර්යාලයකට මහජනතාවට අවශ්‍ය ලිපි යැවීමට ප්‍රමාණවත් තරම් මුදල් නැතිකම හේතුවෙන් රාජකාරි ලිපි තැපැල් කිරීමේ හැකියාව අඩපන වී ඇති බව ජනතාව දන්නේ නැත. වැටුප් වැඩි කළද සද්භාවයෙන් රාජකාරි කරන රාජ්‍ය නිලධාරින්ට අවශ්‍ය සංනිවේදය පිණිස ඉඩකඩ අවමය. වැටුප් ඉල්ලා සටන් කළ කිසිවෙකු මේ ඌණතා වෙනුවෙන් පෙනී නො සිටිති.

xgret

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව තම වගකීම් ඉටු කිරීමේදී කිසි විටෙක සාර්ථක වී නැත. ඊට හේතුව බදු නීතියේ ව්‍යුහාත්මක ස්වරූපයයි. මහාචාර්ය ජයන්ත කැලේගම (හැට ගණන්වල කළ) විග්‍රහය අනුව, මහජන පෙත්සම් හැර ලංකාවේ බදු නො ගෙවන්නන් ගැන තොරතුරු ලබා ගන්නා නිසි ක්‍රම වේදයක් නැත. කැලේගම ප්‍රකාශයෙන් වසර පනස් ගණනක් ගෙවුණ වර්තමානයේ ටින් අංකය හරහා තොරතුරු ලබා ගැනීමට ගන්නා උත්සාහයට විපක්ෂය ඍජුව බාධා පමුණුවමින් වෘත්තීය සමිති මෙහෙයවති.  


ජාතික හැඳුනුම් පත හඳුන්වා දුන් අවස්තාවේද එවකට විපක්ෂය පුද්ගල අනන්‍යතාව විමසීමට එරෙහිව දැවැන්ත විරෝධතා දියත් කළහ.

මිනිස්සු ආදායම හෙළි කරන්නේ වාසියක් ඇත්නම් පමණකි. ලැබෙන බදු වලින් ලැබෙන සහන ගැන සමහරුන් ප්‍රශ්න කරති.

නිත්‍ය ආදායම් සඟවා බදු නො ගෙවා සිටීම, ඉහළ ආදායම් ලබන්නන් හැමදාම කළ තක්කඩිකමකි. ඩඩ්ලි ඩොනල්ඩ් සිද්ධිය මීට උදාහරණයකි. ඩොනල්ඩ් රණවීර කියන්නේ 1960 මාර්තු ජූනි මස්කෙළිය සහ 1965-1970 කාලයේ නුවරඑළිය එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි වරයා විය. ඩොනල්ඩ් එවකට ලංකාවේ දෙවන මාධ්‍ය ආයතනය ලෙස සැලකුණ ටයිම්ස් ආයතනයේ හිමිකරු මෙන්ම රටේ ප්‍රමුඛ තේ වතු හිමියෙකු විය. ඩඩ්ලි ලංකාවේ අගමැති වරයා විය.  නිරන්තරයෙන්ම ආදායම් බදු මුදල් හිඟ තබන්නෙකු හැටියට නම් දරා සිටි ඩොනල්ඩ් රණවීර පිළිබඳව එ දවස දේශීය ආදායම් බදු කොමසාරිස් අගමැති ඩඩ්ලි සේනානායක දැනුවත් කළේය. තම මන්ත්‍රි වරයා පිළිබඳ ඩඩ්ලිගේ ප්‍රතිචාරය කුමක් වීද?    

ජාතික ආදායම් බදු කොමසාරිස් රටේ අගමැති නොවන නිසා දෙසතියක් ඇතුළත ඩොනල්ඩ් ඇතුළු සියල්ලන්ගේම හිඟ බදු මුදල් අය කර ගැනීමට පියවර ගෙන මුදල් ඇමති වරයා හරහා තමන්ට කරුණු වාර්තා කරන ලෙස කොමසාරිස්ට නියෝග කළේය. ඒ සමග ඩොනල්ඩ් රණවීර කැඳවූ ඩඩ්ලී දැඩි සේ අවවාද කොට හිඟ බදු ගෙවා ලබා ගත් වාර්තාවත් වහාම තමාට පෙන්වන ලෙස නියම කළේය.

dsafw4e

ඩොනල්ඩ් රණවීර සහ අගමැති ඩඩ්ලි සේනානායක


අගමැති නියමය පරිදි නැවත තමන් හමුවූ ඩොනල්ඩ් ඇමතූ අගමැති වරයා,  බදු නො ගෙවීම යනු රටටත් ජනතාවත් කරන ද්‍රෝහි කමක් මෙන්ම මන්ත්‍රි වරයෙක් රජයට ගෙවිය යුතු බදු ගෙවීම් පැහැර හැරීම විෂමාචාරයක් බව විස්තර කොට තවදුරටත් එජාපයෙන් නාම යෝජනා අපේක්ෂා නො කරන ලෙස දැන්වීය. 1970 දී නුවරඑළිය නාම යෝජනා ලැබුණේ ගාමිණි දිසානයකටය.


සෝල්බරි ආණ්ඩු ක්‍රමය සක්‍රිය මේ කාලයේ රටේ අගමැතිට හෝ රාජ්‍ය තන්ත්‍රයට ඇඟිලි ගැසීමට කිසිදු ඉඩක් නො තිබිණ. ඒ කාලයේ රාජ්‍ය සේවය මෙන්ම දේශපාලනයද ගෞරවනීය විය.

කවදත් ලංකාවේ දේශීය විදේශීය ආදායම වාර්ෂික වියදමට වඩා බෙහෙවින් පහළ අගයක පැවතිණ.  අලුත්ම වාර්තා අනුව අපගේ වෙළඳ පොළ අපනයන ආදායම ඩොලර් බිලියන 13කි. එහෙත් රටේ අවශ්‍යතා සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 22ක් වැය වේ. මෙම සංඛ්‍යා වාර්ෂිකව ගෙවිය යුතු විදේශීය ණය වාරික ප්‍රමාණයට අමතරවය. මේ අනුව වාර්ෂික පරිභෝජනය සඳහා පමණක් අප ඩොලර් බිලියන 09ක් ණය විය යුතුවේ. වසර විසි පහක් මේ තත්වය වෙනස් නොවේ නම්....? (වාර්ෂික වැඩිවීම් ගණනය නොකර) අප ඩොලර් බිලියන 225ක් ලෝකයට ණයට විය  යුතුවේ. මේ සිදු කළ යුතු අනිවාර්ය සංවර්ධන කාර්යයන්ට  පරිබාහිරවය.


එහෙත් හැටේ දසකය තෙක් ලංකාවේ මුදල් තත්වය අයහපත් නොවීය. නවසිය හතලිස් නවයේ ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය සඳහා එක් සතයක් හෝ ණයක් නො ගත් බව මෙන්ම නවසිය පනස් ගණන්වල මුල් අවදියේ එංගලන්තයත් ලංකාවෙන් ණය පහසුකම් ලබා ගත් බව පාසල් සිසූන් හැටියට අපට කියා දුන් බව මතකය. නිදහසින් වසර 75ක් ගෙවී ගිය අද දවස ලංකාවේ දේශීය විදේශීය සංචිත බිංදුවට වැටීම සමහරුන්ට අනුව මෙය 75ස් වසරක ප්‍රතිපලය නම් ගල්ඔය ව්‍යාපාරය යනු ප්‍රලාපයකි. මහවැලිය සඳහා ගත් සියලු ණය තුරුස් බේරා හමාර බව කියති.


ආසන්න වසර පනහක් බොහෝ ව්‍යාපාරිකයන් ආදායම් බදු ගෙවීම් පැහැර හැරීමත් රාජ්‍ය පාලකයන් ඊට සහාය වීමත් රහසක් නොවේ. නිතර බඩු මිල වැඩි වී උද්ධමනය ඉහළ යාමෙන් අමතර දිමනා වැටුප් ඉහළ දැමීමෙන් පාරේ තබා විකුණන කොස් පොල් දෙල් මිල පවා ඉහළ ගියේය. ව්‍යාජ හිඟ ආදායම් බදු වාර්තා නිකුත් කරමින් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගන්නා දේශීය අදායම් බදු නිලධාරින්  ඉහළ සිට පහළට  මුළුමනින්ම මේ තත්වයට වගකිව යුතුවේ.

ලාභ නො ලබන ආයතන වලින් වාර්ෂිකව බෝනස් සහ දිරි දීමනා අපේක්ෂා කරන සහ එවැනි සටන් වලට සහාය දෙන දේශීය අදායම් බදු නිලධාරින් ඇතුළු කිසිදු රාජ්‍ය සේවකයෙකු රටේ යහපත පිණිස සිය වගකීම් ඉටු කළාද යන්න තමන් ගෙන් ඇසිය යුතුවේ.

cvbdgr
සේවා මුර අවසානයේ රෝහලේ ජල සැපයුමෙන් ස්නානය කරන සෞඛ්‍ය සේවකයන් ඇඟ පිස දා ගන්නේ රෝගින් සඳහා රජය සපයා ඇති ගෝස් වලිනි. පුද්ගලික වෛද්‍ය සේවය පිණිස රාජකාරි කාලයේ රෝහලෙන් නික්ම යන වෛද්‍යවරුන් ද, මේ අවලාදයට අයත්ය. සුව සැරිය ගිලන් රථවල විදුලි කාන්දුව සහ කාබනික පොහොර පාවිච්චිය ගැන රජයේ වෛද්‍ය නිලධාරි සංගමය පෙනී සිටියේ දේශපාලනික ජයග්‍රහණ වෙනුවෙනි.  


විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ජනතාව ගෙන් ප්‍රතික්ෂේප වුවද, අදටත් වෛද්‍ය වෘත්තිකයන්ගේ හැසිරීම වෙනස් වී නැත.  වරායේ ඉරු දිනක අතිකාල සේවයේ යෙදෙන්නෙකුට පැය අසූවක් ගෙවීම ආයතනිකව පාඩුවක් නේද ඇසූ විට ලැබෙන පිළිතුර ඒවා වෘත්තීය අයිතියක් බවය. ලංකාවේ හැම වෘත්තිය සමිතියම ඒ අනුව සටන් කළොත් රටට කුමක් වේද? 2022 වසරේ වරාය ඛණිජ තෙල් සේවක දීමනා කැපූ විට කීවේ තමන් ගත් බැංකු ණය ගෙවීමට ඒ දීමනා අවශ්‍ය බවය. ලංවිම සේවකයන්ගේ උපයන විට බද්ද ගෙවන්නේද ආයතනයේ මුදලිනි. එයද දිනාගත් අයිතියකි. ඊට සමගාමිව රටේ ප්‍රකට ව්‍යාපාරිකයන් බිලියන ගණන් බදු මුදල් නොගෙවා සිටිති. ටින් ක්‍රමයට එරෙහි සටන දියත් වන්නේ මෙවැනි පරිසරයකය.

වැටුප දීමනා පිළිබඳව මිස, රට වෙනුවෙන් පැවරුණු වගකීම් ගැන නො සිතන වෘත්තීය සමිති ව්‍යාපාර හැසිරෙන ආකාරය ගැන මාසික වැටුප් නො ලබන රටේ බහුතර පුරුවැසියන් දැනුවත් කළ යුතුව තිබේ. පසුගිය දිනවල වැඩි වැටුප් ඉල්ලා කළ වර්ජනය ගැන රාජ්‍ය සේවයේ සමහරු වැටුපෙන් ජීවත්වීම අපහසු වුවද ඉල්ලන වැටුප් වැඩි කිරීමට තබා දෛනික කාර්යාල සේවා සැපයීමට අවශ්‍ය මුදල් දීමට රජයට හැකියාවක් නැති බව පිළි ගනිති. එහෙත් මේ අවබෝධය ජනතාව දන්නේ නැත.

ටින් අංකය ගැන සාමාන්‍ය ජනතාව කලබල නැත. ටින් අංකය යනු ආර්ථික මට්ටමෙන් පුරවැසියන් හඳුනා ගැනීම පමණකි. ඒ අවබෝධය සමාජ ගතවී නැතුවා පමණක් නොව සන්නස්ගලට අනුව ජාතික හැඳුම්පත් අංකයේ වී අකුර ඉවත් කොට අදාළ කාර්ය සඳහා යොදා ගත්තා නම් විපක්ෂයට මේ සටන් පාඨය ලැබෙන්නේ නැත.


ලංකාවේ ප්‍රශ්න ගැන කතා කිරීමත් ව්‍යාපාරයකි. රටේ බහුතරය අවශ්‍ය දේ ගැන පවා කතා නැත. රජයේ එකම කාර්යාලයේ සමාන තනතුරු දරණ සියලු දෙනාගේ ආර්ථික හැකියාවන් එක සමාන නැත. රජයේ කළමනාකරණ සහකාරයෙකුට අනුව, තම කාර්යාලයේ එකම ශ්‍රේණියේ වැඩ කරන දොළොස් දෙනා ගෙන් හය දෙනෙකුගේ දරුවන් පුද්ගලික පාසල් වල අධ්‍යාපනය ලබති. ආපදා කාලය ගැන සලකා පාසල් ගාස්තු ප්‍රමාණයක් අඩු කරන ලෙස කළ ඉල්ලීම  පාසල් අධිකාරින් එක එල්ලේ ප්‍රතික්ෂේප කර විට කිසිවෙකු ඒ ආයතන ඉදිරිපිට වර්ජන කර හෝ කිසිවෙකු තම දරුවන් ඉවත් කරවා ගත්තේ  නැත.


මේ සිද්ධිමය කාරණය උපුටා දැක්වූ අර රජයේ සේවකයා කීවේ එකී හය දෙනාම ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියන නිසාය. ආදායම් බදු නො ගෙවන ඔවුන් ටින් අංක ක්‍රමයට කැමති නැත. විපක්ෂය සටන් කරන්නේ ඒ ආදායම් බදු නො ගෙවන අය වෙනුවෙනි. අරු විස්තරය කළ රජ්‍ය සේවකයාගේ දරුවන් යන්නේ රජයේ පාසල් වලටය. ඔවුන් ප්‍රතිකාර ගන්නේ රජයේ රෝහල් වලිනි. පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහන සේවාවන්ය. ඔහු අසන්නේ රට පුරා ක්‍රියාත්මක  බදු වැඩි කිරීමට එරෙහි ව්‍යාපාර නිසා භාණ්ඩාගාරයට ලැබිය යුතු බදු නො ලැබුණොත් නොමිලේ ලබා දෙන පාසල් අධ්‍යාපනයත් සෞඛ්‍ය සේවයත් දෙකම නතර විය හැකි බවත් ඒ නිසා තමන්ටත් තම දරුවන්ටත් යන කල දවස ගැන බලය අපේක්ෂා කරන කිසිවෙකුට පෙනී නො සිටින බවය. එසේම ඔහු කියා සිටියේ මෙතෙක් කල් රටේ මිනිසුන් බහුතරයක් ගම පහසුකම් ආරක්ෂා කර ගැනීමට සිය ප්‍රජාතන්ත්‍රවාදී බලය පාවිච්චි කර නැති බවය.

තමන්ට කිසිසේත් අදාළ නැති බදු නීතියට එරෙහිව ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති මෙන්ම, දරුවන් ඇතුල් කිරිමේදී  පොලිසියෙන්ද පගා ගන්නා විදුහල්පති සේවා වෘත්තිය සමිති අරගල කරන පසුබිමක ආකල්ප වෙනසකින් මිස මැතිවරණ ප්‍රතිපල හෝ උණ්ඩ හරහා රට ශක්තිමත් කළ නොහැකි බව ජනතාවට කඩිනමින් වටහා දිය යුතුවේ.


බලය ජන වරම ඉල්ලන බොහෝ දෙනාට සටන් පාඨ ඇතත් විසඳුම් නැත. ඇත්තේ විවේචන පමණකි. පසු ගිය දිනෙක පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක රටේ ජනාධිපතිගේ විදේශ ගමන් ගැන දැඩි ප්‍රහාරයක් එල්ල කර විමසා සිටියේ රටේ ධනය වියදම් කර මෙසේ රවුම් ගසන්නේ කුමක් සඳහාද කියාය. එක් වසරක් තුළ රට යථා තත්වයට පත්වීමට අදාළව රටේ පාලකයන් කළ කී දේ ගැන දන්නා දරුවන් පවා අනුර කුමාරට සිනාසෙනු නො අනුමානය. අනුර කුමාර ගෙවුණ වසරක කාලය තුළ ලෝකය පුරා සංචාරය කළේ ඇයි? වර්තමාන ජනාධිපති ලෝකයේ සංචාරය කළේද එවැනි හේතුවක් නිසාය. 

එපමණක් නොවේ. මහින්ද රාජපක්ෂලා සහභාගිවූ බෝට්ටු සවාරියක් ගැන ප්‍රශ්න කරමින් අනුර මෙසේ ප්‍රශ්න කළේය. මීටර් හත අටක් දුර නො පෙනෙන මහින්දට මොන නිරීක්ෂණ චාරිකාද? ඔහු මේ සිනාසෙන්නේ මිනිසෙකුගේ ගෙවී ගිය වයස ගැන නොවේද? වයෝවෘධභාවය භාවය යනු තම දෙමාපියන්ද ගොදුරු විය හැකි තත්වයක් වන අතර අනුර කුමාරගේ මේ හැසිරීම පිළිබඳ අමුතු විග්‍රහයක් අවශ්‍ය නැත. වයස විසි ගණන් වලදී දේශපාලනයේ නාමයෙන් ගිනි අවි ලෙළවූ අනුර කුමාර දිසානායක වයස පනහ ඉක්මවද්දී මෙසේ හැසිරීම ගැන දහම් පාලස් යන නො දරුවන් පවා සිනාසෙනු ඇත. හේතුව ඔවුන් බිඳ වැටුණ රටක බය ඉල්ලා කරන සටන ආසන්න මාස කිහිපයකට පාලකයාගේ කලිසම වයස වැනි ඕපාදූපවලට සීමා කර, ආර්ථික වර්ධනය උද්ධමනය වැනි තාර්කික කරුණු මගහැර යාම තේරුම් ගෙන ඇති නිසාය.

උක්ත රජයේ කළමනාකරණ සහකරු කී ආකාරයට දියත්ව ඇති බදු විරෝධි සටන දෙස නැති බැරි මිනිස්සු බලා සිටින්නේ බයෙන් බිරාන්ත වෙලාය. හේතුව නැති බැරි එකා වෙනුවෙන් පෙනී සිටින මාලිමාවේ සටන් කෙවිට ආණ්ඩුවේ පාසලට රෝහලට යන බහුතරයක් ජනතාවගේ නාසයේ නො වැදී නොව බඩ පසාරු කරගෙන යන හෙයිනි.

chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com


සබැඳි ලිපියක් :
ඉහළ මාලයේ දීමනා හා පහළ මාලයේ වර්ජන - (අජිත් පැරකුම් ජයසිංහ)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආදායම් බදු සටන් චක්‍රය........? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න) | The Leader