The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

නයි නෙයියාඩගමින් පසු කැලණි පුදබිමේ දී රඟ දැක්වුණු 'අවලම්' කිතේශ්වර කෝලම

T

The Leader Desk

January 16, 2024 • 11:24 AM

නයි නෙයියාඩගමින් පසු කැලණි පුදබිමේ දී රඟ දැක්වුණු 'අවලම්' කිතේශ්වර කෝලම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව පසුගිය දා මෙම පුද්ගලයාට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් ද නිකුත් කරන ලදී.
  • එමෙන්ම මෙම පුද්ගලයා යූටියුබ් නාලිකාවක් බුද්ධ චරිතයට දැඩි අපහාසයට ලක් කර ඇති බව ද මහායානික සූත්‍ර ආදිය පදනම් කොට බුදු දහමට අපහාස වන ආකාරයෙන් යූටියුබ් හරහා අසත්‍ය කරුණු ඉදිරිපත් කර බෞද්ධ ජනතාව නොමග යැවීමට කටයුතු කර ඇති බව ද වාර්තා විය.
  • ඔහු සුඛෝපභෝගී ලිමොසින් මෝටර් රථයකින් කැලණිය රජමහා විහාරයට පැමිණිමෙන් පසු සිල් මාතාවක් ඇතුළු පිරිසක් ඔහුට වැඳුම් සිදුකරන අයුරු ද එක් වීඩියෝවක දැක්වුණු අතර බුදුදහම ගැන විකෘති අර්ථකථන සපයමින් විවිධ අදහස් පළකරන බවට ද ද වාර්තා වී තිබේ.
  • එමෙන්ම එය පූර්ව සැලසුමක් මත සිදු වූ දෙයක් බවත් මෙම ක්‍රියාදාමය හා සම්බන්ධ තවත් කිනම් හෝ පාර්ශවයක් සිටින බවත් ඒ අනුව ඔවුන් කවුරුන් ද ඔවුන් ගේ සැබෑ අරමුණු මොනවා ද?
අකුරු ප්‍රමාණය (Font Size):

බෞද්ධ ආගමික සංස්කෘතික පසුබිම තුළ විෂමාකාරී බවක් පළ කරන මොහු පිළිබඳ පරික්ෂණයක් ආරම්භ කරන්නැයි ඉල්ලා බොද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු ගිහි පැවිදි පාර්ශ්ව ගණනාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබූ බැවින් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් ඔහු පිළිබඳ විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු දක්වා තිබුණි. ඒ අනුව පසුගිය දා මෙම පුද්ගලයාට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් ද නිකුත් කරන ලදී.

mahinda kodithuwakku copy

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය එහි දී අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් පසුගියදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණි මහින්ද කොඩිතුවක්කු නමැත්තා අනුගාමිකයින්ගේ වැඳුම් පිඳුම් ලබන අයුරු වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කර ඇති බවත් ඒ ඔස්සේ කිසියම් මිථ්‍යා දෘෂ්ටියක් මත ආගමික අසමගියක් මතුකරවීමට උත්සාහ කරන බවටත් අධිකරණයට කරුණු දක්වා තිබුණි.

එමෙන්ම මෙම පුද්ගලයා යූටියුබ් නාලිකාවක් බුද්ධ චරිතයට දැඩි අපහාසයට ලක් කර ඇති බව ද මහායානික සූත්‍ර ආදිය පදනම් කොට බුදු දහමට අපහාස වන ආකාරයෙන් යූටියුබ් හරහා අසත්‍ය කරුණු ඉදිරිපත් කර බෞද්ධ ජනතාව නොමග යැවීමට කටයුතු කර ඇති බව ද වාර්තා විය. ඔහු සුඛෝපභෝගී ලිමොසින් මෝටර් රථයකින් කැලණිය රජමහා විහාරයට පැමිණිමෙන් පසු සිල් මාතාවක් ඇතුළු පිරිසක් ඔහුට වැඳුම් සිදුකරන අයුරු ද එක් වීඩියෝවක දැක්වුණු අතර බුදුදහම ගැන විකෘති අර්ථකථන සපයමින් විවිධ අදහස් පළකරන බවට ද ද වාර්තා වී තිබේ.

එමෙන්ම එය පූර්ව සැලසුමක් මත සිදු වූ දෙයක් බවත් මෙම ක්‍රියාදාමය හා සම්බන්ධ තවත් කිනම් හෝ පාර්ශවයක් සිටින බවත් ඒ අනුව ඔවුන් කවුරුන් ද ඔවුන් ගේ සැබෑ අරමුණු මොනවා ද? යන්න පිළිබඳව විශේෂ විමර්ශන කළ යුතු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් විමර්ශන කළ එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනවල ප්‍රගතිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඔහුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට අවසර දෙන ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මහේස්ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා තිබුණි. ඊට අවසර දුන් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ලබන 17 වනදා විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

awaloka2

මේ අතර බුදු දහමට අපහාස වන මෙබඳු සිදුවීම් පිටුපස ක්‍රියාත්මක වන බලවේග නිවැරදිව හඳුනාගත යුතු බව යථාර්ථය සංවිධානයේ මහ ලේකම් කිරිඉබ්බන්ආරේ විජිත හිමි පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් විජිත හිමියෝ මේ බව පැවසූහ. පසුගිය කාලසීමාව තුළ ද මෙවැනි පුද්ගලයින් පිළිබඳව සිදුවීම් වාර්තා වී ඔවුන් අත්අඩංගුවට ගත්තද ඔවුන් පසුපස සිටින පුද්ගලයින් සහ සංවිධාන ගැන නිසි විමර්ශනයක් සිදු නොවූ බව විජිත හිමි වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම සිද්ධියට සම්බන්ධ කැලණි විහාරය කේන්ද්‍ර ගත කරමින් 2019 වර්ෂයේ ජනපතිවරණයට ඔන්න මෙන්න කියා තිබිය දී නාග ලෝකයෙන් වැඩම කළ නාග රාජයකු යැයි පවසමින් කුඩා ප්ලාස්ටික් බෝතලයක දැමූ නයි පැටවකු ප්‍රදර්ශනය කිරීමට එහි විහාරාධිපති හිමියන් ද සම්බන්ධ බව ඒ හිමියන් ගේ ප්‍රකාශ මඟින් තහවුරු වී තිබේ. ඉන් ඓතිහාසික කැලණි විහාරස්ථානය පිළිබඳ බෞද්ධයන්ගේ සිත් තුළ තිබූ විශ්වාසය ක්‍රම ක්‍රමයෙන් පළුදුවීමට පටන් ගත් අතර කැලණි රජ මහා විහාරාධිපති පදවිය පවා බරපතල හෑල්ලුවකට ලක් විය. ඒ සමඟම එහි රැස් වූ දහස් සංඛ්‍යාත ජනතාවට කැලණි විහාර වාසී භික්ෂූන් නෙළුම් පොහොට්ටු දෙමින් “රට ගැන හිතලා පූජා කරන්න”යැයි පැවසීමත් සමඟ කැලණි නයා පොහොට්ටු නාඩගමේ පැටිකිරිය සමාජගත විය. මෙවර කැලණි විහාරය පසුබිම් කිට රඟ දැක්වුණු එම නාටකයේ ප්‍රධාන නළුවා වූයේ අවලෝකිතේශ්වර නමින් හඳුන්වාගත් බෝධිසත්වයෙකි.

එම නර නාටකයේ තිර නාටකයට අනුව සිද්ධිය සැකවින් මෙසේය.

 

පසුගිය ජනවාරි පළමුවැනිදා බණ්ඩාරනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඊජිප්තුවේ සිට ශ්‍රී ලාංකික ගුවන් මඟියෙක් පැමිණියේ ය. කොණ්ඩය දිගට වවා රැවුල මුඩු කර සිටි ඔහු සුදු ඇඳුමකින් සැරසී සිටි ඔහු සාමාන්‍ය ගුවන් මඟියකු නොවිණි. ඒ ගුවන්තොටින් එළියට පැමිණි ඔහු පිළිගැනීමට නැටුම් කණ්ඩායමක් ද සහිතව පිරිසක් සැදී පැහැදී සිටි බැවිනි. ඒ පිරිස අතරේ මෙහෙණියක් ද වූවා ය. ඊජිප්තුවේ සිට පැමිණි පුද්ගලයා ගුවන්තොටුපළ පර්යන්තයෙන් එළියට පැමිණෙත්ම ඔහු පිළිගැනීමට සිටි පිරිස නැටුම් ගැයුම් මැද මහත් හරසරින් යුතුව ඔහු පිළිගත්හ. ඒ සමඟම මෙහෙණිය ඇතුළු තවත් පිරිසක් ඔහුට දණ්ඩ නමස්කාර කළහ. පසුව එම පිරිස පැවසුවේ ඊජිප්තුවේ සිට මෙරටට පැමිණියේ එසේ මෙසේ පුද්ගලයකු නොව මතු බුදුවන අවලෝකිතේශ්වර බෝධිසත්වයා බවයි.

4d048f90 b13d 11ee 8f07 bbfdfa890097

මෙසේ ලංකාවට පැමිණි අවලෝකිතේශ්වර බෝධිසත්වයා සමාජයට හඳුන්වාදීම ද මින් පෙරත් නයි නාඩගම නම් නෙයියාඩගම රඟ දැක්වූ කැලණි විහාරයේ දීම සිදු කිරීමට කටයුතු සළසා තිබිණ. ඔහු පිළිබඳ ආන්දෝලනාත්මක පුවත රට පුරා පැතිර යාමට පටන් ගත්තේ කැලණි විහාරයට පැමිණීමත් සමගයි. ඒ දැනට දින කිහිපයකට පෙරය. එලෙස විහාරස්ථානයට පැමිණි දින ඔහු පිළිගැනීමට සංවිධානාත්මක ලෙස සුළු පිරිසක් එක් රොක්වී සිටියහ. එපමණක් නොව කැලණි විහාරයට පා තබනවාත් සමග එම ස්ථානයේ සිටි පුද්ගලයෙක් ගෙල වටා චීවරයක් වැනි රෙදි කඩක් දමා ඉතා භක්තියකින් යුතුව ඔහුව පිළිගත්තේ ඔහුට මතුබුදු වීමට නියත විවරණ දෙන්නාක් මෙනි. එලෙස පැමිණි බෝධිසත්වයා ඉදිරියේ එක කාන්තාවක ආවේශයට පත් ව දඟලනු ද දක්නා ලදී.

මෙලෙස අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ලෙසින් කඩා පාත් වූ පුද්ගලයාගේ පැටිකිරිය සෙවීමට බොහෝ දෙනකු උනන්දු වූයේ ඉන්පසුවය. මෙම අවලෝකිතේශ්වර බෝධිසත්ව චරිතය රඟ පෑ මහින්ද කොඩිතුවක්කු යනු 1978 වර්ෂයේ අම්බලන්තොට ප්‍රදේශයේ උපන් පුද්ගලයෙකි. තම බිරිඳගේ පළමු කසාදයේ දියණිය ලිංගික අපහරණයට ලක් කළ මෙම පුද්ගලයා හොර රහසේම ඊජිප්තුවට පැන ගෙන තිබේ. ඒ අනුව ඔහු අවලමකු බව පෙනෙයි. ඊජිප්තුවට ගිය මෙම පුද්ගලයා පසුව එහි ජීවත්ව සිටින ඇමරිකානු ජාතිකයකුගේ නිවසේ සුනඛයන් බලාගැනීම තම රැකියාව වශයෙන් කළ බවක් පැවසෙයි. වසර දහයක් ඔහු එහි සේවය කළේය.

awaloka1

ඔහු යූ ටියුබ් මාධ්‍යයෙන් අමුතු බණක් කියා අනුගාමිකයන් යම් ප්‍රමාණයක් තමන් වටා එකරාශී කර ගන්නේ ඒ අතරේ ය. එලෙස පැමිණීමට පෙර එම අනුගාමිකයන් ලවා ආගමික කල්ලියක්(Cult) තබා බුදු සමයේ මුවාවෙන් මිසදිටු අදහස් ව්‍යාප්ත කිරීමට සැලසුම් කොට තිබූ බවක් පෙනේ. එහෙත් මින් පෙර “නයි නෙයියාඩගම” නිසා සාමාන්‍ය ජන වහරට අනුව කිවහොත් කුජීත වූ කැලණි විහාරය නම් උතුම් පුදබිම මුල් කොට සිදු කළ මෙම අලුත්ම නෙයියාඩගමට මුදල් යොදවා “සාදර අනුග්‍රහය” දැක්වූ පාර්ශවයන් සමාජය හමුවට ගෙන ඒමේ වගකීම දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබේ.

(රේණුකා දමයන්ති)
vinivida.lk


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...