The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : සිරගෙවල් රැක ගනිමු

T

The Leader Desk

January 21, 2024 • 6:46 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : සිරගෙවල් රැක ගනිමු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හියුගෝ ලියූ ''ල මිසරාබ් ල'' නවකතාව, මෙරට අධ්‍යාපන ඇමැතිවරයකු ලෙසද කටයුතු කළ අයි.එම්.ආර්.ඒ.
  • එහි කතානායකයා වන, ෂෝන් වැල්ජින් (Jean Valjean) සිය දිළිඳු සොයුරියගේ දියණියගේ කුසගිනි නිවනු පිණිස, පාන් ගෙඩියක් සොරකම් කිරීමේ වරදට හසුව 19 වසරක් සිරගත කෙරෙයි.
  • එනම්, සිරි ලංකාවේ සිරගෙවල් පිරී ඉතිරී යමින් පවතින බවය.
  • එය සිරි ලංකාව තුළ පවතින, බන්ධනාගාර විසි අටට (28) දරාගත නොහැකි තත්ත්වයකි.
අකුරු ප්‍රමාණය (Font Size):


හියුගෝ ලියූ ''ල මිසරාබ් ල'' නවකතාව, මෙරට අධ්‍යාපන ඇමැතිවරයකු ලෙසද කටයුතු කළ අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ලේ මහතා විසින් ''මනුතාපය'' නමින් සිංහලට පරිවර්තනය කරනු ලදුව, බෙහෙවින් ජනප්‍රිය විය.

එහි කතානායකයා වන, ෂෝන් වැල්ජින් (Jean Valjean) සිය දිළිඳු සොයුරියගේ දියණියගේ කුසගිනි නිවනු පිණිස, පාන් ගෙඩියක් සොරකම් කිරීමේ වරදට හසුව 19 වසරක් සිරගත කෙරෙයි. ඉන් නිදහස් වූ පසුවද ඔහුගේ ලියකියවිලිවල ''සිරකරු ලේබලය'' දක්නට තිබීම නිසා කිසිදු රැකියාවක් සොයාගත නොහැකි වෙයි. එවිට ඉතිරි වන එකම ජීවනෝපාය වන්නේ නැවතත් සොරකමට පිවිසීමටය.

මට වික්ටර් හියුගෝගේ සුප්‍රකට කියමනත්, නවකතාවත් මතකයට නැගුණේ මෑතකදී ජනමාධ්‍ය තුළින් දුටු පුවතක් නිසාය. එනම්, සිරි ලංකාවේ සිරගෙවල් පිරී ඉතිරී යමින් පවතින බවය. බන්ධනාගාර ගත කෙරෙන රුඳවියන්ගේ ප්‍රතිශතය වසරක් තුළ සියයට තුන්සියයකින් පමණ ඉහළ ගොසිනි. එය සිරි ලංකාව තුළ පවතින, බන්ධනාගාර විසි අටට (28) දරාගත නොහැකි තත්ත්වයකි.

මෙම අවාසනාවන්ත තත්ත්වය පාලනය කළ හැකි විසඳුම කුමක්දැයි, අපේ රටේ ඇමැතිවරයකුගෙන් ඇසුවහොත් ඔහු මෙබඳු පිළිතුරු දෙකක් දීමට ඉඩ ඇත.


1. වික්ටර් හියුගෝගේ කියුමට අනුව යමින් වහ වහා අලුත් පාසල් විවෘත කළ යුතුය.

2. බන්ධනාගාරවල තත්ත්වය දැක බලා ගැනීම සඳහා, මැති ඇමැතිවරුන් පනස් දෙනෙකුගෙන් හා විශ්‍රාමික ජනාධිපතිවරුන්ගෙන් යුත් කණ්ඩායමක් සමඟ නිරීක්ෂණ චාරිකාවක යෙදිය යුතුය. (එහි සියලු වියදම්, බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් හෝ ඇමැතිවරයකුගේ ''සාක්කුවෙන්'' ගෙවිය හැකිය.)

IMF මීටරයට අසු නොවන තැන් වෙරිටේ කියයි
අයි.එම්.එෆ්. ආයතනයට මේ තත්ත්වය දැන්වුවහොත්, ඔවුන්ගේ ක්ෂණික ප්‍රතිචාරය වනු ඇත්තේ සිරිලංකාවේ සියලුම බන්ධනාගාර වහාම පෞද්ගලීකරණය කළ යුතු බවය. එසේත් නැතිනම් දේශීය හෝ විදේශීය ආයෝජකයන්ට පෞද්ගලික බන්ධනාගාර පිහිටුවීමට ඉඩදිය යුතු බවය. එසේ කළහොත් 2048 වීමටත් පෙරම සිරි ලංකාවේ බන්ධනාගාර තදබදය විසඳෙනු නොඅනුමානය.

කිසියම් රටක බන්ධනාගාර වැඩිපුර තිබීම ඒ රටේ දියුණුව හා සමාජ ආරක්ෂාව පිළිබිඹු කරන ලක්ෂණයකැයි පෙන්වා දෙන ගෝලීය විශේෂඥයන්ද මෙරට මාධ්‍ය තුළ සිටීමට බැරි නැත.

ලෝකයේ වැඩිම බන්ධනාගාර ඇත්තේ මෙන්ම සිරකරුවන් සිටින්නේ, ඇමෙරිකාවෙහිය. ඊළඟට චීනයෙහිය.

පුදුමයකට මෙන් නෙදර්ලන්තයේ සිරගෙවල් නැත. නොතිබුණා නොවේ. එහෙත්, 2013දී එරට සිරගෙවල් වැඩිහරියක් වසා දැමුණි. ඉතිරි පහද 2018දී වසා දැමීමට කටයුතු කෙරුණි. හේතුව, සිරගත කිරීම සඳහා අපරාධකරුවන්, වැරදිකරුවන් නොසිටීමය. (ඒ රටේ පාසල් කොපමණ ඉදිකර තිබෙනවාදැයි පසුව සොයාබැලිය යුතුය.)

ඩොලර් තෘෂ්ණාවෙන් පෙළෙන අපේ සිරි ලංකාවට නෙදර්ලන්තයට අවශ්‍ය නම් සිරකරුවන් ඕනෑ පදං පැටවිය හැකිය. එහෙත්, චීනයට රිළවෙක්වත් යවාගත නොහැකිව සිටින තත්ත්වය තුළ එය කෙසේ සාර්ථක කරගත හැකිදැයි සැකයක් පහළ වේ.

කිසියම් රටක සිරගෙවල් නැතිවීම, ඉතා යහපත් සමාජ තත්ත්වයක් බව අපගේ හැඟීමයි. මෙය තවත් නිරීක්ෂණ චාරිකාවක් සඳහා කදිම අවස්ථාවකි.

 89714804 89714803නෙලර්ලන්තයේ හිස් බන්ධනාගාර සරණාගත නවාතැන් බවට පත්වී ඇති අයුරු

නෙලර්ලන්තයේ සිරකරුවන් නොමැතිවීම හා සිරගෙවල් වසා දැමීම පිළිබඳව නිරීක්ෂණය කරනු පිණිස බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පනස් දෙනකුට පමණ එරට චාරිකාවක යෙදිය හැකිය. (ඒ සඳහා අවශ්‍ය මුදල් යුක්තිය මෙහෙයුමෙන් ලබාගත හැකි යැයි සිතමි) එම චාරිකාවටම දුම්රිය දෙපාර්තමේන්තුවෙන්ද, පනස් දෙනෙකු පමණ සම්බන්ධ කළහොත් ඔවුන් ආපසු එනවිට නෙදර්ලන්තයේ ඉවත දැමූ දුම්රිය ඇන්ජින් දෙක තුනක්ද රැගෙන එනු ඇත.

මෙම තීරුව ලියා අවසන් කරන්නට යන මොහොතේ ''බ්‍රේකින් නිව්ස්'' එකක්, දුරකථනයට ලැබුණි. ඉන් කියැවෙන්නේ යුක්තිය මෙහෙයුම නිසා ගිය වසරට වඩා අපරාධ ගණන 164කින් අඩුවී ඇති බවය.

යුක්තිය' මෙහෙයුමට පොලිස් කොමිසමෙන් උපදෙස්

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නම් මෙය නරක තත්ත්වයකි. මෙය දිගින් දිගටම වර්ධනය වුවහොත් පොලිස්පතිවරයා හා බන්ධනාගාර කොමසාරිස් අතර විශාල ගැටුමක් ඇතිවීමට ඉඩ ඇත. අනෙක් අතට අපරාධකරුවන් නැත්තට නැතිවී ගියහොත් සිරි ලංකාවද බන්ධනාගාර නැති නෙදර්ලන්තයක් වීම අනිවාර්යය.

බන්ධනාගාර වැසී ගියහොත් ඒවායේ සේවය් කළ සේවකයෝද නිලධාරීහුද පාරට වැටෙති. රැකියා අහිමි වන ඔවුන්ට ජීවත්වීම සඳහා සොරකම් හෝ වෙනත් අපරාධ කිරීමට සිදුවෙයි. ඔවුන් අල්ලාගත් පසු රඳවා තැබීම සඳහා සිරගෙවල් අවශ්‍ය වෙයි. එය ආණ්ඩුවට ''විශාල කරදරයක්'' වන බව අමුතුවෙන් කිවයුතු නැත.

අවුරුදු එකසිය දෙකකට පසු අරුම පුදුම බන්ධනාගාර ගැසට්ටුවක් !

නිගමනය: රටක පැවැත්ම උදෙසා, අපරාධකරුවන් සේම බන්ධනාගාර ද අවශ්‍යය. ඒවායේ ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවේදැයි දැකබලා ගනු පිණිස නිරීක්ෂණ චාරිකාවන්ද අවශ්‍යය.

ධනපති නෙදර්ලන්තය භංගවේවා!
බංකොලොත් සිරිලංකාවට ජයවේවා!

(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : සිරගෙවල් රැක ගනිමු | The Leader