The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

දක්ෂිණාංශික අන්තවාදයට එරෙහිව වීදි බට ජර්මානුවෝ - (සේනක වත්තේගෙදර)

T

The Leader Desk

January 23, 2024 • 7:43 AM

දක්ෂිණාංශික අන්තවාදයට එරෙහිව වීදි බට ජර්මානුවෝ - (සේනක වත්තේගෙදර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ සති අන්තයේ සිට ජර්මානු ජනතාව දක්ෂිණාංශික අන්තවාදයට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දහස් ගණනින් වීදි බසිමින් සිටී. ඒ AFD (Alternative for Germany) හෙවත් ජර්මනිය සඳහා විකල්පය නැමති දේශපාලන පක්ෂයේ දක්ෂිණාංශික අන්තවාදයට එරෙහිවයි.
  • ජර්මානු පොලිස් වාර්තා දෙන පරිදි ඇතැම් නගර වල දෙදෙහසක් පමණ විරෝධතාකරුවන් අපේක්ෂා කළත් විනාඩි ගණනාවක් ඇතුළත එය දහස් ගණනක්, ලක්ෂ ගණනක් ඉක්මවීය.
  • වසර 30 කට ආසන්න යුද්ධයක ඉතා අමිහිරි මතකයන් තිබුණද අද ජාතික ප්‍රශ්නය, ජාතික ප්‍රශ්නයක්ව ඇත්තේ රටෙන් එක ජනකොටසකට පමණි.
  • රටේ කේන්ද්‍රීය ප්‍රශ්නය ලෙස එය තේරුම් ගැනීමට හෝ එයට විසඳුමක් අවශ්‍ය බව කියා දකුණ පාරට එන්නේ හෝ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මේ සති අන්තයේ සිට ජර්මානු ජනතාව දක්ෂිණාංශික අන්තවාදයට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දහස් ගණනින් වීදි බසිමින් සිටී. 

ඒ AFD (Alternative for Germany) හෙවත් ජර්මනිය සඳහා විකල්පය නැමති දේශපාලන පක්ෂයේ දක්ෂිණාංශික අන්තවාදයට එරෙහිවයි. එය සතුට දනවන සුළු දර්ශනයකි.  

 105191016 afdleadersepa

AFD පක්ෂයේ එක් දේශපාලන සටන් පාඨයක් වන්නේ සංක්‍රමණිකයන් ජර්මනියෙන් පිටුවහල් කළ යුතුය යන්නයි (Remington). පසුගිය නොවැම්බර් 25 වැනිදා ඉතා රහසිගතව රැස්වූ එම පක්ෂය ඔවුනට බලය ලැබුණහොත්, සියලු සංක්‍රමණිකයන් රටින් පිටුවහල් කිරීමට අදාළ සැලසුම් සකස් කළ බවට මාධ්‍ය වාර්තා කළේය. 

එය වඩාත් තහවුරු කරමින් ජුනි මාසයේ පැවැත් වීමට නියමිත යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වදින එක් අපේක්ෂකයෙකු සිය කෘතියක සඳහන් කරන්නේ සංක්‍රමණික පසුබිමක් සහිත මිලියන 15 ක් පමණ වන ජර්මානු ජාතිකයන්ද ජර්මනියෙන් පිටකර හැරිය යුතු බවයි.

ඒ අනුව, නාසි දක්ෂිණාංශික අන්තවාදීන්ගේ නැගිටීම් හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානවවාදය ආරක්ෂා කර ගැනීම සඳහා ගෙවී ගිය සති අන්තයේ දහස් ගණනින් ජනයා සිය පවුල් පිටින් දරුවන් සමඟ පාරට ආවේය. ජර්මානු පොලිස් වාර්තා දෙන පරිදි ඇතැම් නගර වල දෙදෙහසක් පමණ විරෝධතාකරුවන් අපේක්ෂා කළත් විනාඩි ගණනාවක් ඇතුළත එය දහස් ගණනක්, ලක්ෂ ගණනක් ඉක්මවීය. දුම්රිය ජනයාගෙන් පිරී ඉතිරී ගියේය.



එය, ලෝක යුද්ධයන් වල කටුක අත්දැකීම් ඇති ජර්මානුවන්, නැවත වතාවක් එවැනි අඳුරු අමිහිරි අතීතයකට යාමට ඇති අකමැත්ත පෙන්වීමට කදිම සාක්ෂියකි. 

ජර්මානුවන් මහා පවුරක් ලෙස පෙළ ගැසෙමින් සංක්‍රමණිකයන් ලෙස මෙරටට පැමිණි ජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙළ ගැසීම එහි ඇති චමත්කාරජනකම අත්දැකීමයි. 

ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතීන් ආරක්ෂාවීමේ වාසිය සංක්‍රමණිකයන්ට පමණක් නොව මුළු රටටම වැදගත් වන බව ඔවුන්ගේ හැගීමයි. මෙසේ වීදි බට ජනයාට සිය පෞද්ගලික දේශපාලන මතවාදයන් පැවතියද, ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමෙහිලා එය දෙවැනි තැනෙහිලා ඔවුන් සැලකීම විශේෂත්වයි.

dis pro

රටක් වශයෙන් ලංකාව බොහෝ අඳුරු යුග පසුකර තිබුනද ප්‍රජාතන්ත්‍රවාදය, තමාගේ මෙන්ම අනෙකාගේද අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය මානවවාදී හැඟීම ජනිත වන්නේ ඉතා සුළු පිරිසකට පමණි. වසර 30 කට ආසන්න යුද්ධයක ඉතා අමිහිරි මතකයන් තිබුණද අද ජාතික ප්‍රශ්නය, ජාතික ප්‍රශ්නයක්ව ඇත්තේ රටෙන් එක ජනකොටසකට පමණි. රටේ කේන්ද්‍රීය ප්‍රශ්නය ලෙස එය තේරුම් ගැනීමට හෝ එයට විසඳුමක් අවශ්‍ය බව කියා දකුණ පාරට එන්නේ හෝ නැත. මන්ද එය අපේ නොව අනෙකාගේ ප්‍රශ්නයකි.

වතුකරයේ ජනතාව වසර 200 ක් තිස්සේ දෙවෙනි පුරවැසියන් ලෙස සලකමින් රාජ්‍ය කළ අපරාධයට වගවීමක් නැත. සමාව අයැදීමක් නැත. මනුෂ්‍යත්වයට එරෙහි එකී අපරාධය සිහිකැඳවමින් ඔවුන් පාගමන් යද්දි රටේ සිව්කොනින් ජනයා පාරට පිළිපන්නේ නැත. මන්ද එය අපේ නොව ඔවුන්ගේ ප්‍රශ්නයකි. ජර්මානුවන් විශිෂ්ට වන්නේ ඒ අර්ථයෙනි.

WhatsApp Image 2024 01 23 at 11.35.50 AM

Stuttgarter-zeitung / Foto Fotoagentur Stuttgart/Andreas Rosar

පසුගිය වසරේ ලංකාවේ සිදුවූ ජන අරගලය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අරගලයක ලක්ෂණ පෙන් වූ වර්ණවත් අරගලයක් ලෙස පෙනෙන්නට තිබුනද එය හුදෙක් දකුණට සීමා වූද දේශපාලන පක්ෂ කණ්ඩායම් විසින් අත්පත් කරගත්තා වූ ද අරගලයකට ලඝු වී යැයි කිව හැකිය. අරගලය නිමා වීමෙන් පසු අද දක්නට ඇත්තේ, සියලු දෙනා තම තම බෙදුම් රේඛාවල සිට සුපුරුදු පක්ෂ දේශපානයේ නිරත වෙමින් සිටින අයුරුය.

ජර්මානුවන්ගෙන් අප ඉගෙන ගත යුතු අන්ර්ඝතම පාඩම අන් කිසිවක් නොව, අන්ත දක්ෂිණාංශිකයන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එල්ල වන අභියෝගයන්ට එරෙහිව දහස් ගණනක් ජනතාව වීදියට ගෙන එන උත්තේජනය සැපෙයෙන්නේ දේශපාලන පක්ෂ හෝ වෙනයම් කණ්ඩායම්වලින් නොව එය ඔවුන් තුළම ඇති අත්හල නොහැකි ගුණයක් ලෙස වීමයි.

2024 01 16T203341Z 167191787 RC27J5A45Z8L RTRMADP 3 GERMANY PROTEST AFD 696x457
එවන් වූ සමාජයකට අපි ශක්තිමත් සිවිල් සමාජයක් යැයි කියමු.

වඩාත් ආශ්චාර්යමත් දේ නම්, උද්ඝෝෂණ අවසානයේ ජර්මානු ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියා සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පාරට පැමිණි ජනයාට ස්තුතිවන්ත වන බවයි.

ඉදින් ලෝකයේ කොහේ හෝ එවන් ආශ්චාර්යමත් දේ සිදුවීම වෙනුවෙන් අපි සතුටු වෙමු!
  
WhatsApp Image 2024 01 23 at 11.31.33 AM(සේනක වත්තේගෙදර)
මානව හිමිකම් ක්‍රියාකාරී
ජර්මනියේ සිට
csenaka@gmail.com

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...