The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ආණ්ඩුව සාර්ථකත්වය කරා ගමන් කරන්නේ විශාල වියදමක් සහිතවය - ජෙහාන් පෙරේරා

T

The Leader Desk

January 24, 2024 • 8:05 AM

ආණ්ඩුව සාර්ථකත්වය කරා ගමන් කරන්නේ විශාල වියදමක් සහිතවය - ජෙහාන් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දාර්ශනිකයකු වන ජෝන් ලොක් පැවැසුවේ, “අපට මෙන් අපගේ අසල්වැසියාට ප්‍රේම කිරීම මානව සමාජය නියාමනය කිරීම සඳහා වන සත්‍යයකි, එයින් පමණක් සමාජ සදාචාරයේ සියලු සිද්ධීන් තීරණය කළ හැකිය” යනුවෙනි.
  • එහෙත් ආණ්‌ඩුව සදාචාරය මනිනු ලබන බව පෙනෙන්නේ, ආර්ථික සාර්ථකත්වයෙන් මිස පොදු යහපත මගින් නොවේ.
  • IMF දූත මණ්ඩලය අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකා රජය සිය ආදායම් ඉලක්ක සපුරාලීමේ සාර්ථකත්වය පිළිබඳව ප්‍රශංසා කර ඇත.
  • IMFහි ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සඳහන් කළේ, “ඔබ අර්බුදයට හේතුව විසඳීමට අවශ්‍ය ආදායම රැස්කරමින් සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

දාර්ශනිකයකු වන ජෝන් ලොක් පැවැසුවේ, “අපට මෙන් අපගේ අසල්වැසියාට ප්‍රේම කිරීම මානව සමාජය නියාමනය කිරීම සඳහා වන සත්‍යයකි, එයින් පමණක් සමාජ සදාචාරයේ සියලු සිද්ධීන් තීරණය කළ හැකිය” යනුවෙනි. එහෙත් ආණ්‌ඩුව සදාචාරය මනිනු ලබන බව පෙනෙන්නේ, ආර්ථික සාර්ථකත්වයෙන් මිස පොදු යහපත මගින් නොවේ.

 

IMF දූත මණ්ඩලය

අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකා රජය සිය ආදායම් ඉලක්ක සපුරාලීමේ සාර්ථකත්වය පිළිබඳව ප්‍රශංසා කර ඇත. IMFහි ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සඳහන් කළේ, “ඔබ අර්බුදයට හේතුව විසඳීමට අවශ්‍ය ආදායම රැස්කරමින් සිටිනවා. ඉතින්, එය ඇත්තෙන්ම ඉතා හොඳ ආරංචියක්” යනුවෙනි.

 

ප්‍රශ්නය වන්නේ රජය එම ආදායම එකතු කර ගැනීමේදී බොහෝදෙනකුට දුක්ඛිත තත්වයක් අත්කරදී ඇති නමුත්, විශේෂයෙන් රට දැනට පවතින අවාසනාවන්ත තත්ත්වයට පත්කිරීමට වගකිව යුතු පුද්ගලයන් ඇතුළු තවත් පිරිසක් බේරාගැනීමට කටයුතු කිරීමයි. 

දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටී ඇති (ජනගහණයෙන් හතරෙන් පංගුවකට වඩා වැඩි) සහ විශේෂයෙන්ම දුර බැහැර ගම්බද ප්‍රදේශවල මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සිටින බොහෝ ප්‍රජාව වෙතින් බදු අයකිරීම මගින් රජය මූලික වශයෙන් සිය මූල්‍ය කාර්යභාරය ඉටුකරමින් සිටින බව පෙනේ.

image 10baea7f1d

 

මෙය ක්‍රම එකතුවක් හරහා සිදුවී ඇත. බදු ජාලය පුළුල් කරමින්, වයස අවුරුදු 18 ට වැඩි සියලුදෙනාටම බදු අංකයක් සඳහා ලියාපදිංචිවීමට බලකිරීම සාමාන්‍ය ජනතාව මවිතයට පත්කරවන අතර, මීට පෙර කිසිදා බදු ගෙවීමට නොසිතූ මගී වාහන ධාවනය කරන රියදුරන් වැනි අඩු ආදායම්ලාභීන්ව පවා ඊට ඇතුළත් කර තිබේ. පෞද්ගලික බදු අනුපාත ද සැළකිව යුතු ලෙස ඉහළ නංවා ඇති අතර, ඉහළ ආදායම්ලාභීන් සඳහා බදු මට්ටම් දෙගුණ තෙගුණ කර ඇත. සමහර කාණ්ඩවල පුද්ගලයන්ට මෙම බදු ගෙවීමට හැකියාව තිබුණද, ඔවුන්ට පවා, ඒ සඳහා, ඔවුන්ගේ ඉතුරුම්වලින් මුදල් ලබාගැනීමට හෝ ඔවුන් සුළුකොට තැකූ වෙනත් වියදම් කපාහැරීමට සිදුව තිබේ. 

IMF ඉලක්ක සපුරාලීමේ රජයේ ජයග්‍රහණවල අවාසිය නම්, ඉපැයීම් සහ මිලදී ගැනීමේ ශක්තිය නොසළකා සෑම මට්ටමකම ජනතාව විසින් ගෙවිය යුතු එකතු කළ අගය මත බදු (වැට්) හරහා සමස්ත ජනතාවගෙන්ම දැවැන්ත බදු ආදායමක් ලබාගැනීමයි. එය ධනවත් අයට වඩා දුප්පත් අයට බෙහෙවින් පහර දෙන බැවින් මෙය ප්‍රතිගාමී බද්දක් බව කිවයුතුය. 

2024 මානව හිමිකම් දිනය: පුරවැසි සමාජය මුහුණ දෙන අභියෝග - (සුනන්ද දේශප්‍රිය)

අතීතයේ බොහෝ භාණ්ඩ නිදහස් කර පැවැති කාලයේදී මෙන් නොව, මෙම නව සියයට 18 ක වැට් බද්ද, වෙළඳාම් කළ හැකි සෑම භාණ්ඩයකටම පාහේ අදාළ වන අතර, එය ජිවන මට්ටමේ පහළ මායිමේ සිටින ජනතාවට දරාගත හැක්කක් නොවන බව දැකගත හැකිය. කෙසේවෙතත්, මෙම බදු බර පැටවීමේ අසාධාරණය නම්, පාඩු ලබන මහා ව්‍යාපාරවල හිමිකරුවෝ සහ කොටස් හිමියෝ බදු ගෙවීමේ බරින් මිදී සිටීමයි. එම සමාගම්වල ණය සම්බන්ධයෙන් බැංකු හෝ බදු අධිකාරීන් විසින් සහන ලබාදී හෝ සමාව දී තිබීමයි.

උපාය මාර්ගය අභියෝගයට ලක්විය

 

යුක්තිය' මෙහෙයුමට පොලිස් කොමිසමෙන් උපදෙස්
බිලියන ගණන් උපයන පුද්ගලයන් ඉතිරි කර, ධූරාවලියේ පහළ පිරිස් අල්ලා ගැනීමේ එවැනිම සංසිද්ධියක් රජය දියත් කර ඇති මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධයේදී දැකගත හැකිය. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ අරමුණින් දියත් කරන ලද යුක්තිය මෙහෙයුම විසින් දෙසැම්බර් මාසයේ ආරම්භයේ සිට සති දෙකක කාලයක් තුළ (2023 දෙසැම්බර් 17 සිට දෙසැම්බර් 31 දක්වා (සංඛ්‍යාව දැන් 30,000ට ආසන්න වේ)) සැකකරුවන් 20,000 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රකාශ කළේය. සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට විසඳුම් සෙවීමේ වැදගත්කම පිළිගන්නා නමුත්, මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කර ඇත්තේ, මෙහෙයුමට සම්බන්ධ වධහිංසා, අමානුෂික සැළකීම්, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් පිළිබඳ පැමිණිලි රාශියක් ලැබී ඇති බවයි.

වසර ගණනාවක් තිස්සේ රටේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය උග්‍ර වෙමින් පවතින අතර එය ලෝකයේ සිදුවන දෙයට අනුරූප වන සංසිද්ධියකි. ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය උග්‍ර වන්නේ රට ප්‍රතිනැව්ගතකරණය කිරීමේ ස්ථානයක් වන බැවිනි. එමගින් තම දේශපාලන සහ වෙනත් බලයන් භාවිත කරන අයට නීතියෙන් ගැලවීමට ඉඩ පවතී. අද ධනවතුන්, බලවතුන්, මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධවූවන් පිළිබඳ කතාන්දර ඕනෑ තරම් තිබේ. ප්‍රශ්නය වන්නේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය යටපත් කිරීමට රජයගෙන යන වත්මන් ප්‍රයත්නය අඛණ්ඩ සහ තිරසාර වන්නේද, නැතහොත් එය පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයකු විසින් දහස් ගණන් මිනිසුන් අනුකම්පා විරහිතව මරා දැමූ මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය වැනි දෙයක්ද යන්නයි. එහිදී අදාළ ජනාධිපතිවරයා බලයෙන් ඉවත්ව ගොස් ඇති නමුත් ගැටලුව දිගටම පවතී.

 

මත්ද්‍රව්‍ය පාලනය සඳහා රජය ගෙන යන ව්‍යාපාරය දැන් අන්තර්ජාතික හෙළාදැකීමට ලක්වෙමින් තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් රජයෙන් ඉල්ලා ඇත්තේ, ක්‍රියාත්මක 'යුක්තිය' මෙහෙයුම සමාලෝචනය කරන ලෙසත්, සමාජයේ පවතින නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ ගැටළු විසඳීමේදී මානව හිමිකම් පදනම් කරගත් ප්‍රවේශයන්, විශේෂයෙන් සෞඛ්‍ය සඳහා ඇති අයිතිය ක්‍රියාත්මක කරන ලෙසත් ය. මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන්ට ඇබ්බැහි වීමට මූලික හේතු වන කරුණු සොයාබලා ඔවුන් නැවත සමාජයට එක්වීමට උපකාර වන සුදුසු සහාය සහ වැඩසටහන් ක්‍රියාත්මක කළයුතු බව ඔහු පෙන්වා දී තිබේ. මත්ද්‍රව්‍ය භාවිතය සාපරාධීකරණය කිරීම සහ පෞද්ගලික භාවිතය සඳහා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම ඇතුළුව ඵලදායී ඖෂධ ප්‍රතිපත්ති සකස් කරන ලෙස රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටිමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පසුගිය වසරේ වාර්තාවක් නිකුත් කළේය. කෙසේවෙතත් රාජ්‍ය පද්ධතිය තුළ මානව හිමිකම් කඩකරන්නන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳ අධිකරණ තීන්දු නොසළකා හරින ආණ්ඩුවක් මෙවැනි අදහස් ගණන් ගන්නේ නැත.

රතු මුහුද 

 



ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ චින්තනය අන්තර්ජාතික සබඳතාවලට ද ව්‍යාප්ත වෙමින් පවතී. ප්‍රහාරයන්ට එරෙහිව අන්තර්ජාතික නැව් ගමනාගමනය ආරක්ෂා කිරීමේ ඒකාබද්ධ අන්තර්ජාතික මෙහෙයුමක කොටසක් ලෙස, ශ්‍රී ලංකා නාවික හමුදාව රතු මුහුදට යැවීමේ තීරණය ශ්‍රී ලංකාවේ ආර්ථික අවශ්‍යතා ආරක්ෂා කිරීමක් ලෙස රජය විසින් සාධාරණීකරණය කරනු ලැබේ. වාසනාවකට මෙන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ මැදපෙරදිග රටවල තානාපතිවරුන්ගෙන් වඩාත් ප්‍රඥාවන්ත උපදෙස් හා බලපෑම් ලැබී ඇති බව පෙනේ. අන්තර්ජාතික ප්‍රජාව තුළ ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පිළිබඳ අඩු අවබෝධයක් පවතින බව අවබෝධ කරගැනීමෙන් පසු ජනාධිපතිවරයා පසුබැස ඇති බව දැකගත හැකිය.

 

 

ගාසා තීරයේ ක්ෂණික සටන් විරාමයක් දැකීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය බවත්, සතුරුකම් අවසන් වූ පසු ගාසා තීරයට ආධාර එවන බවත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ එබැවින් යැයි සිතිය හැක.

 

හූති කැරලිකරුවන්: රතු මුහුදේ නෞකාවලට එල්ල කරන ප්‍රහාර ශ්‍රී ලංකාවට බලපාන්නේ  කෙසේද?රතු මුහුදේ පවතින ගැටලු හේතුවෙන් අන්තර්ජාතික නැව්කරුවන් තම නැව්වලට ප්‍රහාර එල්ල විය හැකි රතු මුහුද හරහා ගමන් කරන කෙටි මාර්ගය භාවිත කරනවාට වඩා කොළඹ වරාය භාවිත කිරීමට කැමැත්තක් දක්වයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් පර්යන්තය විසින් හසුරුවන ලද බහාලුම් පරිමාව පසුගිය දිනවල රතු මුහුදේ ගමන් කරන වාණිජ යාත්‍රාවලට එල්ල වූ ප්‍රහාර වැඩි වීමෙන් පසු සියයට 80 ක පමණ වර්ධනයක් පෙන්නුම් කර ඇත. එබැවින්, මිලිටරි ක්‍රියාවන්ට සම්බන්ධවීමෙන් ආර්ථික වාසියක් අත්වේයැයි සිතා එය සාධාරණීකරණය කිරීම දුෂ්කර ය. විශ්‍රාමික රියර් අද්මිරාල් සහ ජලවිද්‍යාඥ, වයි.එන්. ජයරත්නට අනුව එහි මෙහෙයුම් වියදම් සහ නඩත්තු වියදම් පවතී. මාසයක මුර සංචාරයක් සඳහා අක්වෙරළ මුර යාත්‍රාවක් වෙනුවෙන් පමණක් ඩීසල් වියදම රුපියල් මිලියන 60ක් පමණ වේ. එබැවින් එතරම් විශාල මුදලක් වැයකිරමට රජය සූදානම් විය යුතුයි.

ලෝක ආර්ථිකයේ සහ අහිංසක මිනිසුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මහා බලවතුන් කණ්ඩායම් වශයෙන් එක්ව සටන් කරන යුද්ධ නැවැත්විය යුතුය. මෙය ගාසා සහ යුක්රේන යුද්ධ දෙකටම අදාළ වන අතර, එය අසරණව සහ කිසිවක් කරකියාගත නොහැකිව සිටින සිවිල් වැසියන්ට විශාල වියදමක් දැරීමට සිදුවන්නකි. එය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් වන තරමටම ජීවිත හා දේපළ විනාශයද ඉහළ යනු ලබයි. එක් රටවල් කණ්ඩායමක් සමඟ ලෝකයේ තවත් කණ්ඩායමකට එරෙහිව යුදමය ක්‍රියාමාර්ගවලට එක්වනවා වෙනුවට, රතු මුහුදු ප්‍රදේශයේ ගැටුමට මුල් වූ හේතු විසඳීම සඳහා කලක් නොබැඳි රටවල් කණ්ඩායමට නායකත්වය දුන් රටක් ලෙස ශ්‍රී ලංකාව එහි හොඳ කාර්යභාරයක් ඉටුකළ හැකිය. රජයේ පරමාර්ථය විය යුත්තේ පොදු යහපත මිස, බහුතරයේ හෝ සුළුතරයේ යහපැවැත්ම නොව, සැමගේ යහපැවැත්මයි. එමනිසා රජය විසින් ජාතික සහ අන්තර්ජාතික සබඳතා පැවැත්වීමේදී, ඒ සඳහා සදාචාරාත්මක නායකත්වක අවශ්‍යතාව පවතී.

jehan perera

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විශ්ලේෂක
ආචාර්ය ජෙහාන් පෙරේරා

jehanpc@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...