The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාවේ සිදුවන භික්ෂූත්වයෙන් නෙරපීමේ ක්‍රියාවලිය කෙබඳු ද?

T

The Leader Desk

January 25, 2024 • 3:06 PM

ශ්‍රී ලංකාවේ සිදුවන භික්ෂූත්වයෙන් නෙරපීමේ ක්‍රියාවලිය කෙබඳු ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විවිධ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.
  • එහි නවතම සිද්ධිය වූයේ, විශ්ව බුද්ධි නමැති භික්ෂුවක බුදු දහමට අපහාස කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ය.
  • රත්නපුරේ විමලබුද්ධි භික්ෂූත්වයෙන් නෙරපීම විශ්ව බුද්ධි හෙවත් රත්නපුරේ විමලබුද්ධි නමින් භික්ෂුවක් ලෙස පෙනී සිටි තැනැත්තා භික්ෂූත්වයෙන් නෙරපීමට තීරණය කළ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක මකුලෑවේ විමල හිමි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබිණි.
  • පසුගිය දෙසැම්බර් මස 15 වන දා පැවති රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව විසින් විශ්ව බුද්ධි නමැත්තා සාමණේරත්වයෙන් නෙරපා හැරීමට තීරණය කළ බව එම ලිපියෙහි සඳහන් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

විවිධ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

එහි නවතම සිද්ධිය වූයේ, විශ්ව බුද්ධි නමැති භික්ෂුවක බුදු දහමට අපහාස කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ය.


බුදු දහමට අපහාස කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින රත්නපුරේ විමලබුද්ධි හෙවත් 'විශ්ව බුද්ධි මුනි' නමැත්තා භික්ෂූත්වයෙන් නෙරපීමට, රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කළේ ය.

කෙසේ වෙතත්, භික්ෂූත්වයෙන් නෙරපූ පමණින් භික්ෂුවක චීවර දැරීම තහනම් කිරීමට භික්ෂු සමාජයට බලයක් නැතැයි භික්ෂූන් වහන්සේ පෙන්වා දෙති.


එසේ නම්, භික්ෂූත්වයෙන් ඉවත් කිරීම යනු කුමක් ද? භික්ෂූත්වයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය කුමක් ද? මේ ඒ පිළිබඳව විමසා බැලෙන සටහනකි.

රත්නපුරේ විමලබුද්ධි භික්ෂූත්වයෙන් නෙරපීම

විශ්ව බුද්ධි හෙවත් රත්නපුරේ විමලබුද්ධි නමින් භික්ෂුවක් ලෙස පෙනී සිටි තැනැත්තා භික්ෂූත්වයෙන් නෙරපීමට තීරණය කළ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක මකුලෑවේ විමල හිමි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබිණි.

පසුගිය දෙසැම්බර් මස 15 වන දා පැවති රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව විසින් විශ්ව බුද්ධි නමැත්තා සාමණේරත්වයෙන් නෙරපා හැරීමට තීරණය කළ බව එම ලිපියෙහි සඳහන් විය.

ඒ අනුව, විශ්ව බුද්ධි හෙවත් රත්නපුරේ විමල බුද්ධි නමැති චීවරධාරියාගේ සාමණේර ලේඛනයත් උපසම්පදා ලේඛනයත් එම තීරණයත් සමග අවලංගු වන බව ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකාය පවසයි.

අදාළ ලිපියෙන් දැනුම් දී ඇත්තේ, බුද්ධ ශාසනයට කරන ලද අතිවිශාල හානිය පදනම් කර ගනිමින් රත්නපුරේ විමල බුද්ධි නමැත්තා, රාමඤ්ඤ මහා නිකායෙන් නෙරපීමට තීරණය කළ බව ය.

විශ්ව බුද්ධි නමින් පෙනී සිට 'බුදු දහමට නිගා වන අයුරින්' ප්‍රකාශ නිකුත් කර එම ප්‍රකාශ සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් කටයුතු කළේ යැයි භික්ෂුන් වහන්සේලා ඇතුළු පාර්ශ්ව රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කිරීම මත ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළේ ය.

ඒ අනුව, ඔහු වරෙක ගිහියෙකු ලෙසත් වරෙක සිවුරක් දරා ගනිමින් විශ්ව බුද්ධි මුනි ලෙසත් පෙනී සිටිමින් බුදු දහමට නිගා වන වීඩියෝ සහ ප්‍රකාශ ඉන්ටර්නෙට් ඔස්සේ ප්‍රචාරය කරන බව අනාවරණය කරගත් පවසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දෙසැම්බර් 12 වන දා ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

34 හැවිරිදි ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඉකුත් 9 වන දා ඔහු ඇප මත මුදා හැරිණි.

මෙලෙස ඇප මත මුදා හැර සිටියදී යළිත් වරක් බුදු දහමට නිගා වන අයුරින් ප්‍රකාශ සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ බවට පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඔහුට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

පසුව ඔහු කළගෙඩිහේන ප්‍රදේශයේදී නැවත අත්අඩංගුවට ගැනුණු අතර ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

dfgsdfවිශ්ව බුද්ධි නමින් පෙනී සිට 'බුදු දහමට නිගා වන අයුරින්' ප්‍රකාශ නිකුත් කර එම ප්‍රකාශ සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් කටයුතු කළේ යැයි භික්ෂුන් වහන්සේලා ඇතුළු පාර්ශ්ව රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කිරීම මත ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළේ ය.


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක හිමිගේ අදහස

1864 වසරේදී පමණ ශ්‍රී ලංකාවේ ස්ථාපනය වූ රාමාඤ්ඤ නිකාය සහ 1800 වසරේදී පමණ ස්ථාපනය වූ අමරපුර නිකාය 2019 වසරේදී ඒකාබද්ධ කරන ලදී.

ශ්‍රී ලංකාවේ විහාරස්ථාන රැසක වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේ අතරින් බහුතරයක් මෙම නිකාය දෙකට අයත් බව සැලකේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය දරන්නේ, පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ය.


"යම් භික්ෂුවක් සම්බන්ධයෙන් චෝදනාවක් හරි පැමිණිල්ලක් හරි ඉදිරිපත් වුණා ම ඒ ගැන සොයා බලන ක්‍රමවේදයක් තියෙනවා. අධිකරණ සංඝ සභා හරහා ඒ ගැන විමර්ශනය කරලා ඒක නිවැරදි කරන්න පුළුවන් වරදක් නම් අවවාද කරලා මුදා හරිනවා. ඒත් වරද බරපතළ නම් පාරාජිකා හතරෙන් එකකට යටත් වෙනවා නම් කාරක සංඝ සභාව තීරණයක් ගන්නවා, අදාළ භික්ෂුව ගැන," සෝභිත හිමියෝ පැවසූහ.


උන් වහන්සේ බීබීසී පුවත් සේවයට පැවසුවේ, විශ්ව බුද්ධි නමැත්තා වරදක් කර ඇති බවට සැකයකින් තොරව තහවුරු වූ හෙයින් ඔහු භික්ෂූත්වයෙන් නෙරපීමට තීන්දු කළ බව ය.

භික්ෂූත්වයෙන් නෙරපීමේ ක්‍රමවේදය

ශ්‍රී ලංකාව තුළ වැඩ වසන භික්ෂුවකගේ භික්ෂූත්වය අහිමි කිරීමේ අවසන් බලතල අදාළ නිකාය යටතේ ඇති විවිධ පාර්ශවවල නායක හිමිවරුන් සතුව පවතින බව රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි පවසයි.

"ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිකාය සහ ඒ නිකායවලට අයිති පාර්ශව කිහිපයක් ම තියෙනවා. රටේ ඉන්න සියලු භික්ෂූන් වහන්සේලා ඒ පාර්ශවවලින් එකකට අයිති වෙනවා.


ඉතින් යම් භික්ෂුවක වැරැද්දක් කරලා තියෙනවා නම් ඒ භික්ෂුව ගැන අවසන් තීන්දුව ගන්න බලය තියෙන්නේ, අදාළ පාර්ශවයේ නායක හිමිවරුන්ටයි. නායක හිමි ප්‍රමුඛ කාරක සංඝ සභාව තමයි සාකච්ඡා කරලා චෝදනා විභාග කරන්නේ," පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ පැවසූහ.


ඒ අනුව, භික්ෂූත්වයෙන් නෙරපීමේ ක්‍රියාවලිය පහත පරිදි ය.

1. චෝදනා ලත් භික්ෂුව හඳුනා ගැනීම

2. වරදක් කර ඇද්දැයි යන්න නිශ්චිතව තහවුරු කර ගැනීම

3. වරදේ ස්වභාවය විශ්ලේෂණය කිරීම

4. නිවැරදි කර ගැනීමට අවස්ථාවක් දිය හැකි වරදක් නම් අවවාද කිරීම

5. පාරාජිකා වීමක් සිදු වේ නම් භික්ෂූත්වය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම

6. භික්ෂූත්වයෙන් නෙරපීමට ගත් තීරණය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම් දීම

7. පුවත්පත් දැන්වීම් ඔස්සේ ජනතාව දැනුවත් කිරීම

 

පාරාජිකා වීම යනු කුමක් ද?

විනය පිටකයේ පාරාජිකා 4ක් පිළිබඳව පැහැදිලි කර තිබේ.

ඒ, මෛථුනය, අදින්නාදානය, මනුස්සවිග්ගහය, උත්තරීමනුස්සධම්මය යන සතර පාරාජිකා ය.

විනය පිටකයේ සතර පාරාජිකා මෙසේ නම් කර තිබේ.


"එහි උද්දානය මෙසේයි: මෙථුනය, අදින්නාදානය, මනුස්සවිග්ගහය, උත්තරිමනුස්සධම්මය යන පරිජි සතරකි. ඔවුහු නිසැකයෙන් ඡෙද්‍යවස්තූහු ය." (විනය පිටකය - පාරාජිකා කාණ්ඩය)

මෛථුනය, අදින්නාදානය, මනුස්සවිග්ගහය, උත්තරීමනුස්සධම්මය යන සතර පාරාජිකාවන්ට හසු වන භික්ෂූන්ට සිවුරක් ඇඳ සිටීමට අයිතියක් නැතැයි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහ පවසයි.


භික්ෂූන් භික්ෂූත්වයෙන් නෙරපීමට තීන්දු කරන්නේ එවන් අවස්ථාවකදී ය.

විනය පිටකයේ සඳහන් පාරාජිකා සතරෙන් එකකට හෝ හසුවීම "තාල වර්ගයේ ගසක මුදුන කඩා දැමීමක් හා සමාන බව බුදුන් වහන්සේ දේශනා කර ඇතැයි," ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහ පෙන්වා දෙයි.

වල්පොළ රාහුල ආයතනයේ සභාපති හිමියන් වන පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් බීබීසී සිංහල සේවයට පැවසුවේ, බුදුන් වහන්සේගේ කාලයේ පවා විනය විරෝධී ක්‍රියා සිදුවූ බවත්, විනය පිටකය අනුදැන වදාළේ එහෙයින් බවත් ය.


"ඒ කාලේ ත් කාමයේ හැසිරීම් ආදී විවිධ විනය කඩ කිරීම් සිදු වුණා‍. ඒ වැරදි සැලකිල්ලට අරගෙන තම යි, බුදුන් වහන්සේ වරින් වර විනය ශික්ෂා පද හඳුන්වා දුන්නේ. විනය ශික්ෂා පද ආරක්ෂා කරන්න භික්ෂූන් වහන්සේලාට හෘද සාක්ෂියක් පැවතිය යුතු යි."


අදාළ පාරාජිකාවන් සම්බන්ධයෙන් වර්තමානයේ සාමාන්‍ය නීති රාමුව තුළ ද නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කෙරේ.

භික්ෂූත්වයෙන් නෙරපීම යනු චීවරයෙන් නෙරපීම ද?

භික්ෂූත්වයෙන් නෙරපූ පසු 'සිවුර ගැලවූ' බවට ජනතාව අතර මතයක් පවතී. එහි ඇති සත්‍යාසත්‍යතාව පිළිබඳව රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි පැහැදිලි කළේ මෙලෙස ය.


"භික්ෂූත්වයෙන් නෙරපන්න කාරක සංඝ සභාවට බලයක් තිබුණාට, අපට බලයක් නෑ සිවුරු ගලවන්න. භික්ෂූත්වයෙන් නෙරපුවත් අදාළ තැනැත්තාට සිවුර දරාගෙන ඉන්න පුළුවන්. ඔහුට සිවුර තහනම් කරන්න කාරක සංඝ සභාවට බලතල නැහැ. ඒ නිසා භික්ෂූත්වයෙන් නෙරපූ භික්ෂූන් වහන්සේලා කොහේ හරි අසපුවක් හදාගෙන භික්ෂුවක් විදිහට පෙනී සිටිනවා. ඔවුන් සම්බන්ධයෙන් තීරණය කරන්න පැවරෙන්නේ ගිහි සමාජයට තමයි."


මේ අතර, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් බීබීසී සිංහල සේවයට පැවසුවේ, භික්ෂූත්වයෙන් නෙරපූ තැනැත්තන් චීවරය දරා සිටීම තහනම් කිරීම සඳහා නීති හඳුන්වා දිය යුතු බව ය.

"අපි අනිවාර්යයෙන් ම ඉදිරියේදී පියවර ගන්නවා එවැනි නීති පැනවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න."

ධර්ම සංගායනා

බුදුන් වහන්සේ පරිනිවාර්ණය කිරීමෙන් පසු අවස්ථා තුනකදී ධර්ම සංගායනා පවත්වා බුද්ධ ශාසනය පවිත්‍ර කිරීමට පියවර ගත් බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

එම ධර්ම සංගායනා තුනේදී ම දුස්සීල භික්ෂූන් ශාසනයෙන් නෙරපීම, සංඝයා වහන්සේ අතර ගොඩනැගුණු විනය ගැටලු නිරාකරණය කිරීම ආදී පියවර රැසක් ක්‍රියාත්මක විය.

බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පමණ පසු පැවති තෙවන ධර්ම සංගායනාවෙන් පසු දුස්සීල භික්ෂූන් 60,000ක් ශාසනයෙන් නෙරපූ බව සඳහන් වේ.

 
මෑත කාලීනව විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූ භික්ෂූන්
 
රත්නපුරේ විමලබුද්ධි - බුදු දහමට අපහාස කරන බවට තීන්දු කිරීමෙන් පසු භික්ෂූත්වයෙන් නෙරපීමට රාමාඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව පියවර ගත්තේ ය.

පල්ලේගම සුමන හිමි - කඩුවෙල, බෝමිරිය, වෑකේවත්ත ප්‍රදේශයේ සුමනාරාමය නම් පන්සලකදී කාන්තාවන් දෙදෙනෙකු සමග සිටියදී ගිහි පිරිසකගේ ග්‍රහණයට ලක්වී සිටි අයුරු ත් ගිහි පිරිස කාන්තාවන්ට සහ භික්ෂුවට පහර දෙන අයුරු ත් සමාජ මාධ්‍යවල පළ කර තිබූ වීඩියෝ දර්ශනවල දැක්විණි.

මාගල්කන්දේ සුදත්ත හිමි - ජපානයේ සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ දර්ශන පෙළක් සංසරණය වීම ත් සමග දැඩි ආන්දෝලනයක් නිර්මාණය විය.

පහළගම සෝමරතන හිමි - ළමා ලිංගික අපයෝජකයෙකු ලෙස අධිකරණයෙන් වරදකරු වූ අයෙකු වන අතර ඒ හිමියන් දරුවන් සමග කටයුතු කිරීමට එරෙහිව 'ළමා හිංසනයට තිත' සංවිධානයේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක ජනාධිපතිවරයා වෙත පැමිණිල්ලක් යොමු කර තිබේ.

සමන්ත භද්‍ර හිමි - තමන්ට නොමැති රහත්භාවයක් ඇතැයි පැවසීම විනය පිටකය අනුව භික්ෂූත්වය අහිමි වන වරදක් බව බෞද්ධ දර්ශනය පිළිබඳ විද්වතුන්ගේ චෝදනාවකි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...