The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : හිස් ටින් එකක් වාගෙයි දැන් ජීවිතේ

T

The Leader Desk

January 28, 2024 • 8:01 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : හිස් ටින් එකක් වාගෙයි දැන් ජීවිතේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන් දශක ගණනාවකට පසු, මේ ගීතයට නව පණක් ආවේ එම්.ජී.
  • සිරි ලංකාවේ වෙසෙන වයස 18ට වැඩි හැමදෙනාම විසින් ලබාගත යුතු බදු ගෙවන්නා හඳුනා ගැනිමේ අංකයයි.
  • (Tax identification number) ඒ නිසා ''ටින්'' කියූ සැණින් මතකයට එන්නේ බදු ගෙවිය යුතු බවය.
  • ඔන්ලයින් පනත සම්මත වුවහොත් ටින් එක ගැන කතා කිරීම පමණක් නොව ''හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ'' ගීතය ප්‍රචාරය කිරිමද තහනම් කෙරෙනු ඇත. ''දැන් මතකද?'' වෙනුවට කියන්නට වනුයේ ''දැන් සැපද?'' කියාය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන් දශක ගණනාවකට පසු, මේ ගීතයට නව පණක් ආවේ එම්.ජී. ධනුෂ්ක නමැති තරුණ ගායකයා විසින් රියැලිටි ප්‍රසංගයකදී එය ගැයීමෙන් පසුවය.



කලක් ''දවස'' පුවත්පතේ කර්තෘවරයාවද සිටි සිරිල් ඒ. සීලවිමල විසින් රචනා කෙරුණු ''හිස් ටින්'' ගීතයේ එක් කොටසකි මේ.

නැති බැරි එකා තල්ලු වෙනවා
පුළුවන් මිනිහා හිනහා වෙනවා
වැටි වැටි වුණත් නැගිටිනවා
මගේ බලෙත් මං පෙන්නනවා

මෙසේ කියන්නේ කිසි වාසියක් නැති, අතේ සල්ලිත් නැති, හාමතේ සිටින මිනිසුන්ය. එතකොට ජීවිතේ හිස් ටින් එකක් වගේය.

ගීතයේ ''වැටි වැටී'' පද ''වැට් වැට්'' යනුවෙන් වෙනස් කරගතහොත් අදට අදාළ වෙයි.

GDGKTokbQAISKB

ටින් යනු එදා තිබූ බෙලෙක්ක ටින් එක නොවේ. සිරි ලංකාවේ වෙසෙන වයස 18ට වැඩි හැමදෙනාම විසින් ලබාගත යුතු බදු ගෙවන්නා හඳුනා ගැනිමේ අංකයයි. (Tax identification number) ඒ නිසා ''ටින්'' කියූ සැණින් මතකයට එන්නේ බදු ගෙවිය යුතු බවය.

ඔන්ලයින් පනත සම්මත වුවහොත් ටින් එක ගැන කතා කිරීම පමණක් නොව ''හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ'' ගීතය ප්‍රචාරය කිරිමද තහනම් කෙරෙනු ඇත. 

''දැන් මතකද?'' වෙනුවට කියන්නට වනුයේ ''දැන් සැපද?'' කියාය.

මිනිස් ජීවිත හිස් ටින් බවට පත්වීම මහා අපරාධයකි. ඒ මදිවාට ඒ ''හිස් ටින්'' වලට අංකයක් දී බදු අය කිරීමට යාම මහ පොළොව නුහුලන අපරාධයකි.

ජවිපෙ/ පරිපාලන සේවා සමිති ආදායම් බදු යෝජනා ප්‍රෙහෙලිකාව - (මහාචාර්ය රොහාන්  සමරජීව)

රටක පැවැත්මට රජයට බදු අය කළ යුතු වන බව ඇත්තය. එහෙත් ඒ සඳහා බදු ගෙවිය හැකි මට්ටමේ ජනතාවක් රට තුළ සිටිය යුතුය. දැන් සිදුවී ඇත්තේ හිඟන්නාගේ හිස් ටින් එකට ටැක්ස් හෙනහුරා පාත්වීමකි. අවසානයේදී අපටත් කියන්නට සිදුවනුයේ චින්තන ජයසේන, ඔහුගේ ''කොළම'' නම් තීරු පත්තරේ ලියුවාක් මෙන් ''ඇත්තෝ කති, බොති, සුඛති, නැත්තෝ විරවති'' යනුවෙනි.

ගීත රචක සීලවිමලට ජීවිතය හිස් ටින් එකක් වූ අතර, රාජේෂ් ඛන්නාගේ දියණිය ට්වින්කල් ඛන්නාට ජීවිතය සරුංගලයක් සේ පෙනී ගියේය.

DBVI8d2v Untitled 2023 12 11T111930.074 1200x900

ට්වින්කල් ඛන්නා

ට්වින්කල් ඛන්නා නිළියක, නිෂ්පාදිකාවක පමණක් නොව ප්‍රකට ලේඛිකාවකද වූවාය. ඇය ලියූ තීරු ලිපිද පාඨක ප්‍රසාදයට ලක්විය. 2015දී ට්වින්කල් ලියූ Mrs. Funnybones නමැති විවිධ ලිපි එකතුව, පිටපත් ලක්ෂයකට වඩා අලෙවි වූයේ, ඇය එම වසරේ ඉන්දීය ලේඛිකාවන් අතර ඉහළම තැනට (අලෙවි ලැයිස්තුවේ) ගෙන යමිනි. විවිධ මාතෘකා යටතේ ලියැවුණු, ''මිසිස් ෆනිබෝන්ස්'' හි එක තැනක මෙසේ සඳහන් වෙයි.

''ජීවිතය සරුංගලයක් බඳුය. ඇතැම් විට එහි නූල ලිහිල්ව තබාගත යුතුවෙයි. තවත් විටෙක තදින් අල්ලා ගත යුතුය. විටෙක එය නිදහසේ පාවී යයි. එසේම විටෙක ඔබට එය පාලනය කරගත නොහැකිසේ වේගයෙන් ඈතට ඇදෙයි. එවිට නූලට ඔබේ අතැඟිලි කැපෙන්නටද ඉඩ ඇත. සුළඟ සරුංගලය ඩැහැ ගැනීමට තැත් කළත් ඔබ ඊට ඉඩ නොදී එය රුකගත යුතුය.''

සිරි ලංකාවේ ජනතාවගේ ජීවිතයද මේ දිනවල උඩු සුළඟට හසුව කැරකෙන සරුංගලයකි. එහි නූල් පන්දුව ඇත්තේ වෙනත් අතකය. සරුංගලය කැඩී ගියත්, කූරියා ගැසුවත් ඒ අතට ගාණක් නැති සේය.

kite

ඒ බලගතු හස්තයේ ඉංග්‍රීසි අකුරු තුනක් කොටා (ටැටූ) තිබෙනු පෙනේ. සිරිලංකා අහසේ පාවෙන සරුංගලය, තරු සහ පටිවලින් අලංකාර වී ඇත. කලකට පෙර දුටු ඉන්දියානු හා චීන සරුංගල් දැන් එහි දක්නට ඇත්තේ බොහෝ පහතිනි. අපේ ජීවිත සරුංගලය පාලනය කිරීම දැන් අපට අහිමි වී ඇති සැටියකි. එහෙත් අපේ ඇඟිලි කැපී ලේ ගලයි. 

IMF මීටරයට අසු නොවන තැන් වෙරිටේ කියයි

 

අනුන්ගේ සරුංගලයක වලිගයක් නොවෙන්නැයි කියමනක් ඇත. ඒ නිදහස සම්බන්ධයෙනි. පෙබරවාරි 04දා අපි තවමත් නිදහස සමරමු. එහෙත් ඒ අනුන්ගේ සරුංගල් වලිගයක එල්ලීගෙනය.

කිසියම් රටක මුහුදු තීරයක ඇමෙරිකානුවෙක්, චීනෙක් සහ සිරි ලාංකිකයෙක්, මත්පැන් බොමින් සිටියහ. ඈත අහසේ පාවෙන සරුංගලයක් දුටු චීනා මෙසේ කීය.

''සරුංගලය නිර්මාණය කෙරුවෙ අපි.''
''ඕක මොකද්ද... රොකට් එක හැදුවෙ අපි'' ඇමෙරිකානුවා සරදම් කළේය.
''අපි නැත්තං තමුසෙලට ඕවා කරන්න වෙන්නෙ නෑ...''

සිරි ලාංකිකයා ආඩම්බරයෙන් කීය.

''ඒ මොකද?'' 

චීනා සහ ඇමෙරිකානුවා ඇසූහ.

''අහස හොයාගත්තෙ අපි.''
සිරි ලාංකිකයා කීය.
 

හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : හිස් ටින් එකක් වාගෙයි දැන් ජීවිතේ | The Leader