The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

සාහිත්‍යය අමිල ද? - (උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

February 1, 2024 • 10:17 AM

සාහිත්‍යය අමිල ද? - (උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සතියකට පෙර කැරට් කිලෝවක් රුපියල් 1600 කට අලෙවි වූ අතර, පසු ව එය දෙදහ ද ඉක්මවී ය.
  • එළවලු මිල නිරීක්ෂණය කරන පිරිස් කීවේ ලංකා ඉතිහාසයේ කැරට් වැඩි ම මිලකට අලෙවි වූ අවස්ථාව මෙය බව යි.
  • කැරට් මිල මෙලෙස ඉහළ යන්න පෙර ද, සමාජ මාධ්‍යයේ බහුලව සාකච්ඡා කෙරෙන මාතෘකාවක් වූයේ ජනතාවට ජීවන බර දරාගන්න තියෙන දැඩි අපහසුතාවය ගැන ය.
  • කරවිල ගෙඩි දෙකකුයි, බී ලූණු ගෙඩියකුයි, අමුමිරිස් පනහකුයි ගන්න රුපියල් 500ක් යනවා කියා තරහෙන් සමාජ මාධ්‍ය පෝස්ටු දමන්නේ පොටෝ හා බිලුත් සමග ය.
අකුරු ප්‍රමාණය (Font Size):

සතියකට පෙර කැරට් කිලෝවක් රුපියල් 1600 කට අලෙවි වූ අතර, පසු ව එය දෙදහ ද ඉක්මවී ය.

එළවලු මිල නිරීක්ෂණය කරන පිරිස් කීවේ ලංකා ඉතිහාසයේ කැරට් වැඩි ම මිලකට අලෙවි වූ අවස්ථාව මෙය බව යි. කැරට් මිල මෙලෙස ඉහළ යන්න පෙර ද, සමාජ මාධ්‍යයේ බහුලව සාකච්ඡා කෙරෙන මාතෘකාවක් වූයේ ජනතාවට ජීවන බර දරාගන්න තියෙන දැඩි අපහසුතාවය ගැන ය.

419745638 7911961212165579 6674063181373492308 nකරවිල ගෙඩි දෙකකුයි, බී ලූණු ගෙඩියකුයි, අමුමිරිස් පනහකුයි ගන්න රුපියල් 500ක් යනවා කියා තරහෙන් සමාජ මාධ්‍ය පෝස්ටු දමන්නේ පොටෝ හා බිලුත් සමග ය. කැරට් මිල ඉහල ගිය විට මේ පෝස්ටු දැමීම ජාතික ප්‍රවණතාවයක් වූ අතර මට සිතුණේ ලාංකික අපගේ ස්ටේපලය හෙවත් ප්‍රධාන ආහාරය බත් නොව කැරට් විය හැකි බවයි. හාල් මිල සත ගණනකින් ඉහළ ගිය විට 1953 දී මතුවුණු හර්තාලය නිසා අගමැති ඩඩ්ලි සේනානායක ඉල්ලා අස් විය. මෙවැනි ම තත්ත්වයක් අරභයා දෝ තුන් වේල ම කැරට් කමින් සිටි බුකි-හර්තාල-හාවන් පිරිසක් නිර්මාණය කරමින් සිටිය හ.

416333026 7016082441805571 6178508207963431269 n

මීට සති දෙකකට පමණ පෙර මා මිත්‍ර විෂ්ණු වාසු සමාජ මාධ්‍ය සටහනකින් කීවේ ඔහු විසින් රචිත  'සාරි ඇඳපු පිරිමි පොත' දවස් විස්සකින් පළමු මුද්‍රණය ම විකිණී අවසන් වූ බව ය. විෂ්ණුගේ පොත පළ වූයේ දෙසැම්බරයේ මැද ය. දෙසැම්බර් හා ජනවාරි දෙමාසය සාමාන්‍යයෙන් වියදම් අධික ය. නව වසරක අධ්‍යාපන කටයුතුවලට සූදානම් වන දරුවන්ගේ පොත් ලැයිස්තුව වියදම් අතර ප්‍රධාන තැනක් ගනියි. 


ඊට අමතර ව ඔවුනගේ පාසල් ගමන් සඳහා අවශ්‍ය අලුත් යුනිෆෝර්ම් හා සපත්තු මේස්, පාසල් බෑග් ගා වතුර බෝතල් ද ගැනීමට විශාල අමතර වියදමක් දෙමාපියන් විසින් මේ මාස දෙකේදි දරනු ලැබේ. වසර අවසානයේ ප්‍රීති සාද ද අඩුවක් නොවේ. රටේ ක්‍රිස්තියානිකාරයන් සිටින්නේ සුළුතරයක් වුවත් වසර අවසානයේ වෙනදාට වඩා කෑම බීම පරිභෝජනය පොදුවේ ඉහළ මට්ටමක් ගනී. මේ පසුබිමේ වුව ද විෂ්ණු වාසුගේ පොත උණු කැවුම් ලෙස, එසේත් නැතිනම් ඔහු ම කියන ලෙස තෙලෙන්ද බාගත් උළුඳු වඩේ මෙන්, පොත අලෙවි විය. විෂ්ණු වාසු නම් යම් ඉතිහාසයක් තියෙන සමාජයේ ප්‍රචලිත සෙලිබ්‍රිටියෙකි. මේ අසාමාන්‍ය අලෙවිය ඒ නිසා සිදු වූ ලෙස අනුමාන කරමු. ඊට වඩා ඉතාමත් ම වයසින් ලාබාල කතුවරියක වන චතුරි දමයන්තිගේ 'ඇහැළ මලට දම්පාටක්' පොතේ පළවෙනි මුද්‍රණයෙහි පිටපත් පන්සීය, දින දෙකකින් විකිණී අවසන් වූ බවත් තමන්ටවත් කොපියක් ඉතිරි නොවූ බව කීවේ පොතේ ප්‍රකාශක ප්‍රකාශන විදර්ශන සභාපති ජනක ඉනිමංකඩ ය.

 

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 22 ඇරඹේ

එම මහතා ම පසුගිය සැප්තැම්බරයේ යම් අවස්ථාවක කියා සිටියේ කොළඹ පැවතෙන වාර්ෂික පොත් ප්‍රදර්ශනයේ සමස්ත පිරිවැටුම හෙවත් අලෙවි ආදායම කෝටි 150ක් වන බව යි. දින විස්සක් වැනි කෙටි කාලයක් තුළ මේ සා අලෙවියක් කළ හැකි දැයි මට අදහා ගත නොහැකි විය. ඒ නිසා මම වහා ම ඉනිමංකඩ මහතාට පෞද්ගලික ව ලියා විමසීමි. ඔහු මට හැරෙන මැසෙන්ජරයෙන් උත්තරයක් එවී ය : "ඔව්. කෝටි 150 යි." සාහිත්‍යය, උභය කලාපයක් වන අතර ම කර්මාන්තයක් ද වේ. ඒ කර්මාන්තය ආර්ථිකය තුළ මූල්‍ය වශයෙන් ශක්‍ය එකක වීම එම කර්මාන්තයේ ශක්තියට හා ස්වාධීනතාවයට හේතු වේ. කෝටි 150ක පිරිවැටුම යනු, පාරිභෝගිකයන් හෙවත් පොත් මිලදී ගන්නන්, ප්‍රදර්ශනයේදී මිලදී ගත් පොත් සඳහා ගෙවනු ලැබූ සමුච්චිත මුදල් ප්‍රමාණය යි. දවස් විස්සක කාලයක් තුළ කොළඹට රැස් වෙන මේ පාරිභෝගික ජනතාවට කෝටි 150ක මිලදී ගැනීමට තරම් ක්‍රය ශක්තියක් (purchase power) ඇති බව පරිකල්පනයක් නොව යථාර්ථයකි.

යට කී හා අනෙකුත් සියලු ම පොත් ප්‍රකාශකයන් හා අලෙවිකරුවන් සියයට සියයක් පෞද්ගලික ව්‍යවසායකයෝ වෙත්. ඒ අනුව, පොත් ප්‍රදර්ශනය වෙළඳපල ගතිකයන් මත තීරණය වන ආර්ථික කර්තව්‍යක් වන අතර, රාජ්‍ය යාන්ත්‍රණයේ මැදිහත්වීමක් හෝ කිසිදු ඇන්ජීඕ භූමිකාවක් දක්නට නොමැත. මෙවන් වෙළඳපොළ ආර්ථික කර්තව්‍යයකට රජය විසින් සහන (subsidies) සම්පාදනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැත. මා මේ හුවා දැක්වූයේ දින විස්සක නිරීක්ෂණය කළ හැකි සාහිත්‍ය ක්ෂේත්‍රයේ ආර්ථික පැතිමානයකි. වසරේ සෙසු කාලය තුළ පොත් ප්‍රකාශකයන් හා අලෙවිකරුවන්ගේ අලෙවි පිරිවැටුම ගැන සංඛ්‍යා හා දත්ත මා සතුව නැත. ඒවා එම ආයතනවලින් ඉල්ලා සිටීම යුක්ති සහගත නොවන්නේ ඒවා පෞද්ගලික ආයතන නිසා ඔවුන්ගේ ව්‍යාපාරික රහස්‍යතාවයේ අයිතියට අප ගරු කළ යුතු බැවිනි. එහෙත් ප්‍රදර්ශනයේ පිරිවැටුමේ පරිමාණයෙන් සමස්ත වාර්ෂික පිරිවැටුම ගැන යම් අදහසක් ලබා ගත හැක.

2022 වසරේ ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අගාධයකට වැටුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස, නිල වශයෙන් බංකොලොත් බවට ප්‍රකාශ කෙරිණ. 2023 වර්ෂයේ අවධානය යොමු වූයේ මේ ආගාධයෙන් ගොඩ ඒමට යි. එවැනි අමාරු අඩියක සිටින ආර්ථික පසුබිමක සාහිත්‍යය නියෝජනය කරන පොත් කර්මාන්ත තුල දක්නට ඇති ප්‍රබෝධය අදහා ගත නොහැක. 2024 වර්ෂය ඇරඹෙන්නේ එවැනි සුභ ආරංචි කිහිපයකිණි.

 

422927319 971115977905918 111166207171701668 n

 

මේ කොලම ලියැවෙන විට, ජනවාරි 25 සිට 28 දක්වා ගාලු සාහිත්‍ය උළෙල පැවැත්වීමට අවැසි සියලු විධිවිධාන සංවිධායකයන් විසින් සම්පාදනය කර ඇති බව වාර්තා වේ. දින හතරක් පුරා ගාලු ප්‍රදේශයේ විවිධ හෝටල් හා පරිශ්‍රයන්හි පැවැත්වෙන සාහිත්‍ය උළෙලට දේශීය හා විදේශීය සහභාගිකයන් විශාල ප්‍රමාණයක් ඒමට නියමිත ය.

දින හතරේ ම වැඩසටහන් සඳහා සහභාගි විය හැකි 'ෆෙස්ටිවල් පාස්' එකක මිල රුපියල් 45,000 කි. දිනකට පමණක් සහභාගී විය හැකි 'ඩේ පාස්' එකක මිල රුපියල් 12,000 කි.මේ වන විට එම දෙවර්ගයේම ටිකට්ටු සියල්ල විකිණී අවසන් ය. මේ පන්නයේ ම සාහිත්‍ය උළෙලක් 'සිලෝන් ලිටරරි ඇන්ඩ් ආර්ට් ෆෙස්ටිවල්' නමින් පෙබරවාරි 8 හා 9 දෙදින නුවරත් එම මාසයේ ම 10 සිට 11 දක්වා කොළඹත් පැවැත්වීමට නියමිත ය. මේ සඳහා ඇතුළුවීමේ ගාස්තුව දිනකට රුපියල් දහ දාහකි.  සැසියක් සඳහා පමණක් සහභාගී වීමට රුපියල් 2, 250ක ටිකැට්ටුවක් ගත යුතු ය.

ගාලු හා සිලෝන සාහිත්‍ය උළෙල ද්වය සඳහා අනුග්‍රහය සපයන සමාගම් අතර සරසවි ප්‍රකාශකයන් සිටීම විශේෂ ලක්ෂණයක් පමණක් නොවන අතර, එවැනි අනුග්‍රහයක් සැපයීම සඳහා තම ව්‍යාපාරයට සාහිත්‍ය කර්මාන්තය තුළ ශක්‍යතාවයක් හා විභවතාවයක් ඇති බව ද පෙන්නුම් කරයි. මීට සතියකට පමණ පෙර විදර්ශන ප්‍රකාශකයන් විසින්, විදර්ශන සාහිත්‍ය ත්‍යාගය නමින් සාහිත්‍ය නිර්මාණ ඇගයීමේ නව ව්‍යායාමයක් ගැන ප්‍රකාශයට පත්විණ.

 
මේ ඇගයීමේදී ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග ද පිරිනැමේ. ඉනුත් කියැවෙන්නේ, මෙවන් සාහිත්‍ය ඇගයීමේ ව්‍යායාමයට අවශ්‍ය පරිත්‍යාගශීලීත්වයක් හා අනුග්‍රාහකත්වයක් උපදින්නේ අදාළ සමාගමේ මූල්‍ය ශක්‍යතාවය නිසා බව ය. මේ සමාගම් දෙකට ම, එම මූල්‍ය ශක්‍යතාවය උපද්දවන්නේ වෙන කිසිවෙකු නොව පොත පත මිලදී ගන්නා පාරිභෝගික භවතුන් ය. පොතක මිල දී ගැනීම යනු බුකියේ පෝස්ටු හා කොමෙන්ටු දැමීම වැනි අධි යථාර්ථයේ සිදු වන දෙයක් නොවේ.  පොත් ලියන්නෙත් අලෙවි කරන්නෙත් මිලදී ගත්නෙත් ෆේක් අකවුන්ටු හෙවත් ඊ-හොල්මන් නොව ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ පුරවැසියන් ය. ඔවුන් කැරට් හා බී ලූනු ඇතුළු අනෙකුත් එළවළු බුදිනවා ද නැති ද කියා මම නොදනිමි.
 
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
udanfer2014@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...