The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ඔබේ අත්වල ලේ ! - සමාජ මාධ්‍ය සමාගම්වලට චෝදනාවක්

T

The Leader Desk

February 4, 2024 • 6:03 AM

ඔබේ අත්වල ලේ ! - සමාජ මාධ්‍ය සමාගම්වලට චෝදනාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇති අතර එම සමාජ මාධ්‍ය හේතුවෙන් සමාජයට සිදුවී ඇති හානිය සම්බන්ධයෙන් චෝදනා කළ බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
  • සෙනෙට් මණ්ඩල සාමාජිකයින් පවසන්නේ එම ආයතන නියාමනය සඳහා කොංග්‍රසය හැකි ඉක්මණින් සුදුසු නීති සම්මත කළ යුතු බවය.
  • එසේම එම මාධ්‍ය ජාල ඔස්සේ ළමුන්ව විවිධ අපයෝජනයට ලක්වීම සිදුවන බවත් එය වළක්වාලීමට සමාජ මාධ්‍ය සමාගම් අපොහොසත් වී ඇති බවත් පෙන්වා දුන් සෙනෙට් සාමාජිකයෝ "ඔබේ අත්වල රුධිරය තිබෙනවා..." යනුවෙන්ද සමාජ මාධ්‍ය සමාගම්වල නිලධාරීන් ට පැවසීය.
  • මෙම කරුණු වාර්තා වූයේ අමෙරිකානු සෙනෙට් මණ්ඩලය විසින් කැඳවා ඇති විශේෂ කමිටු විභාගයක දීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇති අතර එම සමාජ මාධ්‍ය හේතුවෙන් සමාජයට සිදුවී ඇති හානිය සම්බන්ධයෙන් චෝදනා කළ බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

සෙනෙට් මණ්ඩල සාමාජිකයින් පවසන්නේ එම ආයතන නියාමනය සඳහා කොංග්‍රසය හැකි ඉක්මණින් සුදුසු නීති සම්මත කළ යුතු බවය.

එසේම එම මාධ්‍ය ජාල ඔස්සේ ළමුන්ව විවිධ අපයෝජනයට ලක්වීම සිදුවන බවත් එය වළක්වාලීමට සමාජ මාධ්‍ය සමාගම් අපොහොසත් වී ඇති බවත් පෙන්වා දුන් සෙනෙට් සාමාජිකයෝ "ඔබේ අත්වල රුධිරය තිබෙනවා..." යනුවෙන්ද සමාජ මාධ්‍ය සමාගම්වල නිලධාරීන් ට පැවසීය.

 

මෙම කරුණු වාර්තා වූයේ අමෙරිකානු සෙනෙට් මණ්ඩලය විසින් කැඳවා ඇති විශේෂ කමිටු විභාගයක දීය.


එහි අරමුණ වන්නේ සමාජ මාධ්‍ය සමාගම් ලාභ ලැබීමේ අරමුණු මත නිසි ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වා නොදී විශේෂයෙන්ම ළමුන් ට හානිවන ආකාරයට කටයුතු කරන බවට දෙමව්පියන් සහ මානසික සෞඛ්‍ය විශේෂඥයින් මතුකර ඇති කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමය.  

"සකර්බර්ග් මහත්මයා, ඔබ සහ සමාගම් අපේ ඉදිරියේ ඉන්නවා. මම දන්නවා ඔබ හිතනවා ඔබ එවැන්නක් කිරීමට සිතුවේ නෑ...නමුත් ඔබලාගේ අත්වල රුධිරය ගෑවිලා," යනුවෙන් රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් පැවසීය.



ඔහු මෙටා ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් ට පැවසුවේ, "ඔබට නිෂ්පාදනයක් තිබෙනවා...ඉන් මිනිසුන් මරා දමනවා..." යනුවෙනි.

මෙම අවස්ථාවට සකර්බර්ග් සමග X ප්‍රධාන විධායක ලින්ඩා යකරිනෝ, ස්නැප් ප්‍රධාන විධායක ඉවාන් ස්පීගල්, ටික්ටොක් ප්‍රධාන විධායක ෂෝ සී චූ සහ ඩිස්කොර්ඩ් සමාගමේ ප්‍රධාන විධායක ජේසන් සිට්‍රොන් එක්වූහ.

මෙම අවස්ථාවට එක්වූ ඩික් ඩර්බින් දත්ත පෙන්වමින් පැවසුවේ මූල්‍යමය වාසි පෙන්වා, සමාජ මාධ්‍ය ඔස්සේ බාල වයස්කරුවන් ව රවටා ඔවුන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ ගෙන්වා ගැනීමට සමහර පුද්ගලයින් කටයුතු කරන බවය.

සෙනෙට් සභික ඩර්බින් පෙන්වා දුන්නේ, "මෙය ළමා ලිංගික සූරාකෑමේ බලාපොරොත්තු නොවන වර්ධනයක්, එය සිදුවන්නේ එක් කරුණක් ඒ කියන්නේ තාක්ෂණයේ වෙනස්කම් නිසා..." යනුවෙනි.

මෙම කටයුතු ආරම්භයේදී ම කමිටුව විසින් වීඩියෝවක් එළි දැක්වීය. එහි දක්නට ලැබුණේ ළමුන් තමන්ව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අතවර වලට ලක්වූ ආකාරය සම්බන්ධ යෙනි.

"මාව ෆේස්බුක් ඔස්සේ ලිංගික අතවරයට ලක්වුණා..." එහිදී එක් දරුවෙක් පැවසීය. ඔහුගේ සෙවනැල්ල පමණක් එම වීඩියෝවේ දැක්වුණි.

 

sm 23

මෙම අවස්ථාව ට එක්වූ දෙමව්පියන් පිරිසක් තම දරුවන්ගේ ඡායාරූප පෙන්වමින් "එම දරුවන්" සමාජ මාධ්‍ය හේතුවෙන් හානි කරගත් බව පැවසීය.

මේ අතර ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය වල හිමිකාරීත්වය දරන මෙටා සමාගමේ ප්‍රධාන විධායක, මාර්ක් සකර්බර්ග් අදහස් දැක්වීම ආරම්භ කළ විට දෙමව්පියන් පිරිසක් හූ කියමින් විරෝධය දැක්වීය.

එසේම ඔහු පැවසූ බොහෝ කරුණු සඳහා දෙමව්පියන් සිය විරෝධය දක්වනු දැකිය හැකිවිය.

එක් අවස්ථාවකදී, සෙනෙට් මණ්ඩල සභික ජෝෂ් හව්ලි සකර්බර්ග් ට අභියෝග කළේය. එහිදී ඔහු පැවසුවේ දෙමව්පියන් ට ඝෘජුවම කනගාටුව ප්‍රකාශ කරන ලෙසටය.

 

mark zuckerberg parents social media hearing

දෙමව්පියන් දෙසට සකර්බර්ග් හැරෙන විටම ඔවුන් නැවතත් අනතුරට ලක්වූ සිය දරුවන්ගේ ඡායාරුප ඉහළට ඔසවමින් විරෝධය දැක්වීය. එම දෙමව්පියන් මුහුණදුන් අවස්ථා ගැන සකර්බර්ග් සිය කනගාටුව ප්‍රකාශ කළේය. අනෙක් අයට එවැන්නක් සිදුවීම වැළැක්වීමට අවශ්‍ය කටයුතු කරන බවට ඔහු පොරොන්දු විය.

නමුත් සිදුවූ අතවර සම්බන්ධයෙන් සෙනෙට් සභිකයා අභියෝග කළ ආකාරයට, වගකීම බාරගැනීමෙන් සකර්බර්ග් වැළකී සිටි බව එම කමිටු සැසිවාරය සම්බන්ධයෙන් සවිස්තරාත්මක ව වාර්තා කළ රොයිටර්ස් පුවත් සේවය පැවසීය.  

මෙම අවස්ථාවේ උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුණි.

එහිදී කමිටු සාමාජිකයින් මෙටා සමාගමේ "ප්‍රධාන ප්‍රතිපත්ති විධායකයා" සකර්බර්ග් ට යොමුකළ විද්‍යුත් ලිපි කිහිපයක් පෙන්වීය.

එහි දැක්වෙන්නේ ආරක්‍ෂිත ක්‍රමවේද තවත් දියුණු කිරීම සඳහා තාක්ෂණික ඉංජිනේරුවන් 45ත් 84ත් අතර ප්‍රමාණයක් බඳවා ගැනීමට එම නිලධාරියා කළ ඉල්ලීම් සකර්බර්ග් ප්‍රතික්ෂේප කර ඇති ආකාරයයි.

මෙම විමර්ශනය තුළ චීන සමාගමක් වන බයිට්ඩාන්ස් සමාගමට අයත් ටික්ටොක් සමාජ ජාලය පිළිබඳ විශේෂ කරුණු විමසීමක් සිදුවිය.

ඊට එක්වීමට සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා පැමිණ තිබුණේ සිංගප්පූරුවේ සිට ය.

තමන් කිසිදාක චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකත්වය දරා ඇත්දැයි අමෙරිකානු සෙනෙට් සභික ටොම් කොටන් මෙහිදී ඔහුගෙන් විමසා තිබුණි.

 



ටික්ටොක් ප්‍රධානියා එහිදී අවධාරණය කර සිටියේ තමන් සිංගප්පූරු ජාතිකයෙකු බවය.

එමෙන්ම සිංගප්පූරුවේ සිටින තම දරුවන් ටික්ටොක් භාවිත නොකරන බවද මෙහිදී ඔහු පිළිගත්තේය.

ඒ එරට දැඩි නීති හමුවේ වයස අවුරුදු 13ට අඩු ළමයින්ට ටික්ටොක් ගිනුම් විවෘත කිරීම තහනම් වීම හේතුවෙනි.

කෙසේ නමුත් විමර්ශනයේ වැඩිම චෝදනා එල්ල වූයේ මෙටා ප්‍රධානී මාර්ක් සකර්බර්ග් වෙත ට ය. ඒ ඔහු දැනට අවස්ථා 8කදී කොංග්‍රසය හමුවේ කරුණු දක්වා ඇති පසුබිමක වීම විශේෂත්වයකි.

සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති සීමා දැඩි කිරීම සම්බන්ධව මෙහිදී සෙනෙට් සභිකයින්ගේ අවධානය යොමුව තිබුණි.

 

Meta Congress


එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලකයින්ගේ දත්ත රැස්කිරීම නැවැත්වීම සම්බන්ධව ගෙනඒමට නියමිත නව කෙටුම්පතට සහාය දක්වන්නේද යන්න මෙහිදි නීති සම්පාදකයෙක් සමාගම් ප්‍රධානීන්ගෙන් විමසීය.

කෙසේ නමුත් ඒ පිළිබඳ ඔවුන් කිසිවෙක් පිළිතුරු දී නැත.

(adaderana.lk)

සබැඳි පුවත් :

ප්‍රධාන සමාජ මාධ්‍ය 5ක් අධිකරණ කමිටුවට කැඳවයි

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...