The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : මිනිස් මොළයට 'චිප්ස්'

T

The Leader Desk

February 4, 2024 • 9:33 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : මිනිස් මොළයට 'චිප්ස්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම ''මොළ චිප්'' එක නිපදවන්නේ ''X'' සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධානියා වන ප්‍රකෝටිපති එලෝන් මස්ක්ට අයත් ස්නායු තාක්ෂණ ආයතනයක් මගිනි.
  • ඉන්දියාවේ පමණක් නොව සිරි ලංකාවේද, දැන් දැන්, අන්ත දෙකක ජීවත්වෙන ජනතාවක් සිටින බව පැහැදිලිව පෙනී යයි.
  • එලෝන් මස්ක් 1971 දකුණු අප්‍රිකාවේ උපන් එලෝන් මස්ක්ට එරට හැරුණුවිට, අමෙරිකාවේ හා කැනඩාවේද පුරවැසිභාවය හිමිය.
  • මොළයක් නැතිනම්, මොළ චිප්ස් සවිකරන්නේ ශරීරයේ කොතැනටද (ඔළුවක් මිස මොළයක් නැති අයද සිටින බව මින් පැහැදිලි වේ) මෙය සිරි ලංකාවේ කීර්ති නාමයට බලවත් කැළලක් වීමට ඉඩ තිබූ නමුත්, වාසනාවකට මෙන් මස්ක් මධ්‍යස්ථානය, තම පර්යේෂණයන්ට සහභාගි වන අයගේ නම් ගම් හෝ වාර්තා ප්‍රසිද්ධියට පත් කරන්නේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම ''මොළ චිප්'' එක නිපදවන්නේ ''X'' සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධානියා වන ප්‍රකෝටිපති එලෝන් මස්ක්ට අයත් ස්නායු තාක්ෂණ ආයතනයක් මගිනි.

කෙසේ වෙතත්, කොවිඩ් වසංගත කාලයේ සිටම දණින් වැටී සිටින තවමත් හොම්බෙන් යන දිළිඳු සිරි ලාංකිකයන්ට ''මොළ චිප්ස්'' සවිකර ගැනීම තබා, ''පොටේටෝ චිප්ස්'' එකක් මිලදී ගැනීමටවත් හයියක් නැත.

brain chip 1

 

හොම්බෙන් යන උදවිය හැරුණු විට අහසින් යන වර්ගයේ සුපිරි ජනයාද සිරිලංකාවේ වෙසෙති. ඉන්දියාවේ පමණක් නොව සිරි ලංකාවේද, දැන් දැන්, අන්ත දෙකක ජීවත්වෙන ජනතාවක් සිටින බව පැහැදිලිව පෙනී යයි.

 

එලෝන් මස්ක්ගේ ''මොළ චිපය'' පිළිබඳ පර්යේෂණ කෙරෙමින් පවතින කාලයේ, ඒ පුවත, ඔහුගේ ගෝලයකුගේ මාර්ගයෙන් සිරි ලංකාවේ සුපිරි පොරකට ආරංචි වුණි. මස්ක්ගේ පිහිටෙන් තම ගිණුම තරකර ගැනීමට සිතූ ඔහු, මොළ චිප්ස් සවිකර ගැනීමට කැමති තවත් සුපිරි පිරිසක් කැඳවාගෙන අමෙරිකාව බලා පිටත් වුණේය.

 

elon musk 012924 tout cb73d1e7fae447f0964cf6455c4af3d7එලෝන් මස්ක්
1971 දකුණු අප්‍රිකාවේ උපන් එලෝන් මස්ක්ට එරට හැරුණුවිට, අමෙරිකාවේ හා කැනඩාවේද පුරවැසිභාවය හිමිය. මස්ක් වැනි ප්‍රකෝටිපතියකුට, පුරවැසිභාවය පමණක් නොව, රටින් භාගයක් වුව දීමට අකැමැති වන රටක් රාජ්‍යයක් මොලොව නැති තරම්ය. සිරි ලංකාව වැනි රටකට, මස්ක් පුරවැසියකු කරගත හැකි නම්, ඩොලර් ප්‍රශ්නය එක රුයින් අවසන්ය. එහෙත්, අනුන්ගේ මොළවලටත් චිප්ස් සවිකරන, මස්ක්ගේ මොළය ගැන අමුතුවෙන් කිවයුතු නැත.

සිරි ලංකාවෙන් ගිය සුපිරි කණ්ඩායමට උතුමන්ලාද, තුමන්ලාද, වහන්සේලාද ආදී වශයෙන් නමගිය උදවිය ගණනාවක් අයත් වූහ. ඒ සියලුදෙනාටම, මස්ක් මධ්‍යස්ථානයේදී මූලික පරීක්ෂණයකට මුහුණපෑමට සිදුවිය. අවාසනාවකට මෙන් ඔවුහු සැම ඉන් අසමත් වූහ. හේතුව වූයේ ඒ කිසිවකුට මොළය පිහිටා නොතිබීමයි. මොළයක් නැතිනම්, මොළ චිප්ස් සවිකරන්නේ ශරීරයේ කොතැනටද (ඔළුවක් මිස මොළයක් නැති අයද සිටින බව මින් පැහැදිලි වේ)

brain implant neuralink wide 221e28e9aaae35655e5dffe0f97ad3cab363a57a s1100 c50

 

මෙය සිරි ලංකාවේ කීර්ති නාමයට බලවත් කැළලක් වීමට ඉඩ තිබූ නමුත්, වාසනාවකට මෙන් මස්ක් මධ්‍යස්ථානය, තම පර්යේෂණයන්ට සහභාගි වන අයගේ නම් ගම් හෝ වාර්තා ප්‍රසිද්ධියට පත් කරන්නේ නැත. (මටද මේ පුවත දැනගන්නට ලැබුණේ, ඉතා රහසිගත ආරංචි මාර්ගයකිනි. එහෙයින් මෙය වෙනත් අයට ''ෂෙයාර්'' නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අප කාගේත් මේ කියුම් කෙරුම්, ඔන්ලයින් පනත ක්‍රියාත්මක වනතුරු පමණි.)

පසුගිය දිනවල ''ආගමික පිස්සු කෙළිය'' කිහිප දෙනකුගේ මොළය පරීක්ෂා කිරීමට අදාළ වෛද්‍ය ආයතන වෙත යැවූ බවට මාධ්‍යයන්හි පුවත් පළ කෙරුණි. එහෙත්, මොළය හා මනස යනු දෙකකි. මනස යනු ඉන්ද්‍රියක් නොවේ. එහෙත් එය ශරීරයෙන් බාහිර දෙයක්ද නොවේ. මිනිසාගේ සියලු ක්‍රියාවන් පාලනය වන්නේ මනසිනි. කිසියම් පුද්ගලයකුගේ ක්‍රියාකාරකම්, සිතිවිලි යනාදිය පිළිබිඹු කරන්නේ, ඔහුගේ මානසික තත්ත්වයයි.

සමහරු, මනස යනු සිත යැයි කියති. පෙම්වතුන් පෙම්වතියට පවසන්නේ ''මගේ සිත ඔබ ළඟ'' කියාය.

''සිත'' යනු එසේ, තැන තැන යැවිය හැකි දෙයක්ද? සිත, ශරීරයට පරිබාහිර දෙයක්ද? සිත ඇත්තේ හදවතේද? මේවා කතා කිරීමට, මේ තීරුව මදිය. ඒ නැතත් ''තියෙන පිස්සු ඩබල් කරනවා'' යැයි, මට පාඨක හිතවතුන්ගෙන්  බැණුම් ඇසීමටත් සිදුවනු ඇත.

 

elon brain

පණ්ඩිත කතා කෙසේ වෙතත්, ජනවහරේදී ''මොළේ නැතුව වැඩ කරනවා''යි කීමෙන් අදහස් වන්නේ, දැනුම් තේරුම් නැතුව කටයුතු කිරීමය. මොළේ නැත්තේ මෝඩයාටය. මොළකාරයා යනු නුවණැත්තාය. උගතාය. එලොන් මස්ක් යනු, තමන්ගේ පමණක් නොව අනුන්ගේ මොළවලින් වැඩ ගන්නෙකි.

මොළ චිප්ස් නිර්මාණයෙහි, මස්ක්ගේ අරමුණ කුමක් වුවත්, ඉන් සිරි ලංකාවේ ඇතැම් ටියුෂන් ගුරුවරුනටද උත්තේජනයක් ලැබුණා විය හැකිය. ප්‍රශ්න පත්‍ර සොරකම් කර, තම ශිෂ්‍යයන්ට දෙනවාට වඩා, මොළ චිපයක් සවි කිරීමෙන්, පිළිතුරු සන්නිවේදනය කිරීම වඩාත් පහසු වනු ඇත.

මොළ චිප්ස් ව්‍යාපාරය, සිරි ලංකාවේ ස්ථාපිත වීමෙන් පසු, මෙරට සිටින මොළ සූරන්නන්, මොළ සෝදන්නන් හා මොළ කන්නන්ටද රැකියා අවස්ථා බහුල වනු ඇත.

53176897 10424013 image a 32 1642702864552

 

මිනිස් මොළයට, ඉතා සමීප මොළයක් ඇත්තේ චිම්පන්සියාටය. රුවන්ඩාව චිම්පන්සි හා ගෝරිල්ලා සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රසිද්ධ රටකි. එහි ගිය එක් විදේශීය සංචාරකයකුට, ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි, වියපත් චිම්පන්සියකු මුණගැසුණි.

''ඔතරම් බුද්ධිමත් ඔබ. ඇයි පක්ෂයක් පිහිටුවා ගෙන, මේ රටේ දේශපාලනයට නොඑන්නෙ?'' සංචාරකයා විමසීය.

''අපි මිනිසාට වඩා බුද්ධිමත් නිසා... මේ රටේ ඉතිහාසය ගැන සොයා බැලුවොත් ඔබට එය තේරුම් යාවි.''

1994 දී රුවන්ඩාවේ හටගත් ජනවර්ග යුද්ධයෙන් මිලියනයකට වඩා මිනිස්සු මියගියහ. එහෙත්, එකම චිම්පන්සියකු හෝ මියගියේ නැත!

 

(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : මිනිස් මොළයට 'චිප්ස්' | The Leader