The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

පූනම් පාණ්ඩේ: ආචාර ධර්ම පිළිබඳ විවාදයකට තුඩු දුන් ඉන්දීය නිළියකගේ ව්‍යාජ පිළිකා මරණය

T

The Leader Desk

February 7, 2024 • 4:58 AM

පූනම් පාණ්ඩේ: ආචාර ධර්ම පිළිබඳ විවාදයකට තුඩු දුන් ඉන්දීය නිළියකගේ ව්‍යාජ පිළිකා මරණය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගැබ්ගෙළ පිළිකාවක් හේතුවෙන් ඉන්දීය නිළියක මිය ගිය බවට සමාජ මාධ්‍ය සටහනක් සහ ඉන්පසුව ඇය ජීවතුන් අතර සිටින බව නිවේදනය කරන වීඩියෝවක් සමග ඔන්ලයින් ප්‍රචාරණ ව්‍යාපෘති වටා ඇති සදාචාරය සමබන්ධව ඇති ප්‍රශ්නසහගත තත්ත්වය පිළිබඳව දැඩි විවාදයක් ඇති වී තිබේ.
  • පසුගිය සිකුරාදා දිනයේ, 32 හැවිරිදි පූනම් පාණ්ඩේ නම් රංගන ශිල්පිනිය "නිර්භයව පිළිකාව සමග සටන් කර" මිය ගිය බවට, ඇගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි නිවේදනයක් පළ කර තිබිණි.
  • පූනම් පාණ්ඩේ රංගනයෙන් දායක වී ඇත්තේ චිත්‍රපට අතලොස්සකට පමණක් වුව ද, ආන්දෝලනාත්මක සටහන් සහ ප්‍රචාරණ ව්‍යාපෘති හේතුවෙන් ඇය ඔන්ලයින් ඔස්සේ වඩාත් කතාබහට ලක්වන්නට විය.
  • ඇගේ "මරණයෙන්" දිනකට පසු, පාණ්ඩේ වීඩියෝවක් පළ කරමින් පැවසුවේ, ඇය "තමන්ගේ මරණය ව්‍යාජයක්" බවත්, සිය මිලියන 1.3 ක අනුගාමිකයින් සඳහා ඉන්ස්ටග්‍රෑම්හි තැබූ සටහන ගැබ්ගෙළ පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ සමාජ මාධ්‍ය ව්‍යාපාරයක කොටසක් බවත් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ගැබ්ගෙළ පිළිකාවක් හේතුවෙන් ඉන්දීය නිළියක මිය ගිය බවට සමාජ මාධ්‍ය සටහනක් සහ ඉන්පසුව ඇය ජීවතුන් අතර සිටින බව නිවේදනය කරන වීඩියෝවක් සමග ඔන්ලයින් ප්‍රචාරණ ව්‍යාපෘති වටා ඇති සදාචාරය සමබන්ධව ඇති ප්‍රශ්නසහගත තත්ත්වය පිළිබඳව දැඩි විවාදයක් ඇති වී තිබේ.

පසුගිය සිකුරාදා දිනයේ, 32 හැවිරිදි පූනම් පාණ්ඩේ නම් රංගන ශිල්පිනිය "නිර්භයව පිළිකාව සමග සටන් කර" මිය ගිය බවට, ඇගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි නිවේදනයක් පළ කර තිබිණි.

බොහෝ දෙනෙකු එම සටහන විශ්වාස කර තිබිණි‍; මිනිත්තු කිහිපයකදී පුවත් ආයතන එම පුවත වාර්තා කර තිබූ අතර, එම රංගන ශිල්පිනිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පූර්ණ ගෞරවයක් පළ කර තිබිණි.

 

poonam insta
පූනම් පාණ්ඩේ රංගනයෙන් දායක වී ඇත්තේ චිත්‍රපට අතලොස්සකට පමණක් වුව ද, ආන්දෝලනාත්මක සටහන් සහ ප්‍රචාරණ ව්‍යාපෘති හේතුවෙන් ඇය ඔන්ලයින් ඔස්සේ වඩාත් කතාබහට ලක්වන්නට විය. 2011 වසරේදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණය කළහොත් නිරුවත්ව පෙනී සිටීමට පොරොන්දුවක් දුන්න ද, ඇය එය ඉටු කළේ නැත.

ඇගේ "මරණයෙන්" දිනකට පසු, පාණ්ඩේ වීඩියෝවක් පළ කරමින් පැවසුවේ, ඇය "තමන්ගේ මරණය ව්‍යාජයක්" බවත්, සිය මිලියන 1.3 ක අනුගාමිකයින් සඳහා ඉන්ස්ටග්‍රෑම්හි තැබූ සටහන ගැබ්ගෙළ පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ සමාජ මාධ්‍ය ව්‍යාපාරයක කොටසක් බවත් ය.

"හදිසියේ ම අපි හැමෝම ගැබ්ගෙළ පිළිකා ගැන කතා කරන්න පටන් අරන්, එහෙම නැද්ද?" සිය වීඩියෝවෙහි ඇය පවසන්නේ, ඇයගේ මරණය පිළිබඳ පුවත තුළින් "ඉටු කර ගැනීමට හැකි වූ" දේ ගැන "ආඩම්බර" වන බව ය.

 

මුල් අවධියේදී හඳුනාගත හැකි රෝග ලක්ෂණ මතු නොවන හෙයින් ගැබ්ගෙළ පිළිකා බොහෝවිට හඳුන්වන්නේ, "නිහඬ මාරයා" ලෙසිනි. පියයුරු පිළිකාවට පසු ඉන්දියාවේ වෙසෙන කාන්තාවන් අතර දෙවන ස්ථානය ගන්නා පිළිකාව ගැබ්ගෙළ පිළිකා ලෙස සැලකේ. එම රෝගයෙන් ඉන්දියාවේ සෑම වසරක ම මිය යන සංඛ්‍යාව 77,000කි.

කෙසේ වෙතත්, HPV (මානව පැපිලෝමා වෛරසය) එන්නත මගින් ඉහළ අවදානම් සහිත පිළිකා ඇති කරන වෛරස් ප්‍රභේදවලින් ආරක්ෂා කරන හෙයින් එම පිළිකාව වළක්වා ගත හැකි පිළිකාවලින් එකකි. නමුත් එන්නත මගින් සියලු ම පිළිකා ඇති කරන HPV රෝගයෙන් ආරක්ෂා නොවන බැවින් නිතිපතා ගැබ්ගෙළ පිළිකා පරීක්ෂාවන් අඛණ්ඩව කරගෙන යාමට කාන්තාවන්ට උපදෙස් දෙනු ලැබේ.

 

ind 2
පසුගිය බ්‍රහස්පතින්දා, එනම් පාණ්ඩේගේ ව්‍යාජ මරණයට පෙර දින, ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් නිවේදනය කළේ, වයස අවුරුදු 9 සහ 14 අතර වියැති ගැහැනු දරුවන්ට එන්නත් ලබා දීමට පියවර ගනිමින් සිටින බව ය. කෙසේ වෙතත්, ඇය එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහන් කර තිබුණේ නැත.

පූනම් පාණ්ඩේ ඉන්ටග්‍රෑහි සටහන පළ කළ වේලාව අනුව බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අනුමාන කළේ, එය HPV එන්නත ප්‍රචාරණය කිරීම වෙනුවෙන් රජය සැලසුම් කළ උපාය මාර්ගයේ කොටසක් බව ය. එහෙත්, රජය හෝ පූනම් පාණ්ඩේ අතර සම්බන්ධයක් දක්නට නොතිබිණි.

poonam 4ඇගේ සටහන සහ වීඩියෝව හරහා ගැබ්ගෙළ පිළිකා වැනි බරපතළ ගැටලුවක් කෙරෙහි අවධානය යොමු කරවීමට භාවිත කරන ලද ක්‍රමවේදය පිළිබඳව පසුගිය සති අන්තයේදී විවාදයක් ඇති විය.

ජනතාව රෝගය ගැන සැලකිලිමත් වීමට තරම් "කම්පනයට" පත්වීම සම්බන්ධයෙන් කිහිප දෙනෙකු සමාජ මාධ්‍ය ප්‍රචාරණය අගය කළ අතර, බොහෝ දෙනෙකු එය විවේචනය කළේ, පිළිකාව සමග සටන් වදින්නන් සහ රෝගයට ගොදුරු වූ ආදරණීයයන් කෙරෙහි සංවේදී නොවීම හේතුවෙනි.

"මරණය යනු විහිළුවක් නොවේ," X (මීට පෙර Twitter) සමාජ මාධ්‍යය භාවිත කරන්නෙකු ලියා තිබූ අතර, තමන් කුඩා කාලයේදී ම පිළිකාවක් නිසා සිය පියා අහිමි වූවෙකු පවසා තිබුණේ, අදාළ ප්‍රචාරණ ව්‍යාපෘතිය තමන්ව අමිහිරි මතක වෙත නැවත ගෙන යමින් මානසික පිඩාවක් ඇති කළ බවයි.

සත්‍ය අසත්‍යතාව තහවුරු කර නොගෙන පූනම් පාණ්ඩේගේ මරණය වාර්තා කළ මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් ද ඇතැමෙකු විවේචන එල්ල කර තිබිණි.

"පූනම් පාණ්ඩේගේ මරණය ඉන්දීය මාධ්‍යවලත් මළගම සනිටුහන් කළා. තහවුරු කිරීමක් නෑ, කරුණු සෙවීමක් නෑ... කිසි ම සෙවිල්ලක් නෑ. ඇය අද ආපහු ඉපදිලා. අපේ මාධ්‍යකරණය ආපහු ඉපදුණා කියන්න නම් බෑ," X භාවිත කරන්නෙක් ලියා තිබිණි.

කෙසේ වෙතත්, ඇතැම් මාධ්‍යවේදීන් සිය ක්‍රියාව සාධාරණීකරණය කිරීමට උත්සහ කර තිබුණේ, එම පුවත රංගන ශිල්පිනියගේ "නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි" සටහන් කර තිබූ බව පවසමිනි.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපෘතිය නිර්මාණය කිරීම සඳහා වගකිව යුතු සමාජ මාධ්‍ය ඒජන්සිය වන Schbang සමාගම, සිය ප්‍රචාරණයෙන් "පීඩාවට පත්වූවන්ගෙන්" සෙනසුරාදා දිනයේ සමාව අයැද සිටියේ ය.

poonsm5

"අපි ක්‍රියාත්මක වුණේ, එක් මෙහෙයුමක් සම්බන්ධයෙන් විතරයි, ඒ, ගැබ්ගෙළ පිළිකා සම්බන්ධයෙන් දැනුවත්භාවය වැඩි කිරීමයි," එම ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් එසේ පැවසුවේ, ඉන්දියාවේ එම රෝගය සම්බන්ධ සංඛ්‍යා දත්ත ද ඉදිරිපත් කරමිනි.

 

p1 65c0971960252
පාණ්ඩේගේ මව පිළිකාවට එරෙහිව සටන් කර තිබූ බවත්, "විශේෂයෙන් එය වැළැක්වීමට එන්නතක් තිබියදී, රෝගය වැළැක්වීමේ වැදගත්කම සහ ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම ඇය තේරුම්ගෙන ඇති" බවත් එහි සඳහන් විය.

කෙසේ වෙතත්, ප්‍රචාරණ ව්‍යාපෘතියට එරෙහි විරෝධය තවමත් පහව ගොස් නැත.

මෙවැනි "පුළුල්ව ව්‍යාප්ත වන" ප්‍රචාරණ ව්‍යාපෘති නිර්මාණය කිරීමේදී ආචාර ධර්ම නොසලකා හැරිය හැකි ද? යනුවෙන් ජනතාව ප්‍රශ්න කරති. මෙම ප්‍රමිතීන් සැකසීමට වගකිව යුත්තේ කවුරුන් ද? - ප්‍රචාරකයන් ද?, මාධ්‍ය ද? නැතහොත් නරඹන්නන් ද?


Article information
Author, චෙරිලන් මෝලන්
Role, බීබීසී පුවත්, මුම්බායි


(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...