The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : අවමඟුල් සහ රතිඤ්ඤා

T

The Leader Desk

February 11, 2024 • 8:38 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : අවමඟුල් සහ රතිඤ්ඤා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත් මෘත දේහයක් ආදාහනය හෝ භූමදානය පිණිස ගෙන යන විට රතිඤ්ඤා දැල්වීම හෝ මළබෙර වැයීම අද පවා දක්නට ලැබේ.
  • අප අසා ඇති පරිදි නම් මේ සිරිතට මුල් වූයේ අතීතයේදී මළසිරුරු වනගත සුසාන භූමිවලට ('කැලේ ගසනවා' යෙදුමද භාවිත විය) ගෙන යන විට ''මිනී ගඳට'' රැස්වන වල් සතුන් බියගන්වා පලවා හැරීමය.
  • අවසානයේදී අද එය අවමඟුලකදී ගෞරවය දක්වනු පිණිස සිදු කෙරෙන්නක් බවට හැරී තිබේ.
  • ඇතැම් දේශපාලනඥයන් හෝ ප්‍රදේශයක් බියගැන්වූ මැරයන් මියගිය විට රතිඤ්ඤා දැල්වීම මෑතකදී (දශක කිහිපයක සිට) සමාජගත වූ අමුතු සිරිතකි.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් මෘත දේහයක් ආදාහනය හෝ භූමදානය පිණිස ගෙන යන විට රතිඤ්ඤා දැල්වීම හෝ මළබෙර වැයීම අද පවා දක්නට ලැබේ. නගරබදව නම් ''මිනී බෑන්ඩ්'' නමින් ප්‍රකට බෑන්ඩ් කණ්ඩායම්ද යොදා ගැනේ.

අප අසා ඇති පරිදි නම් මේ සිරිතට මුල් වූයේ අතීතයේදී මළසිරුරු වනගත සුසාන භූමිවලට ('කැලේ ගසනවා' යෙදුමද භාවිත විය) ගෙන යන විට ''මිනී ගඳට'' රැස්වන වල් සතුන් බියගන්වා පලවා හැරීමය. පසු කාලයකදී ''මිනිය ගෙනියනවා'' යන පණිවුඩය ගම්මුන්ට දැන්වීම ද එහි අරමුණක් විය. අවසානයේදී අද එය අවමඟුලකදී ගෞරවය දක්වනු පිණිස සිදු කෙරෙන්නක් බවට හැරී තිබේ.

arlington national cemetery historic

 

මුල් කාලයේ මළසිරුර කනත්තට ගෙන යද්දී වැලි ඉසිනු ලැබුවේද මඩ හෝ වළ ගොඩැලි සහිත නොදියුණු මං මාවත් සකසා දෙනු පිණිසය. පසුව කාපට් පාරවලද වැලි ඉසිනු ලැබුවේ නොදන්නාකම නිසාය. වැලි මිල ඉහළ ගිය නිසාදෝ අද ඒ සිරිත දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.

ඇතැම් දේශපාලනඥයන් හෝ ප්‍රදේශයක් බියගැන්වූ මැරයන් මියගිය විට රතිඤ්ඤා දැල්වීම මෑතකදී (දශක කිහිපයක සිට) සමාජගත වූ අමුතු සිරිතකි. එහි යටි අරුත විරෝධය පෑම හෝ සතුට ප්‍රකාශ කිරීමය.

සාමාන්‍යයෙන් මේ රටේ රතිඤ්ඤා පත්තු කළේ මංගල්‍ය අවස්ථාවන්හිය. නොඑසේ නම් සිංහල අවුරුදු දා, දෙසැම්බර් 31 හෝ ක්‍රිකට් තරගයක් ජයගත් විටය.

 

fire w2
බඩු මිල, බදු හා බස් ගාස්තු යනාදියෙන් සමන්විත ජීවන වියදම නමැති 'තුන් හුලස' පත්තු වී තුෂ්ණිම්භූත වී සිටි බොදු ජනතාවට අලුත් අවුරුදු සැමරුම් එපා විය. 'බයිට් කඩල' එක කඩන්නටත් පෙර ක්‍රිකට් මැච් අවසන් වූයෙන් ඒ සඳහා ගෙනා රතිඤ්ඤා ද ගෙදර ඉතිරි වී පුස් කෑවේය. එහෙයින් ඒවායින් වැඩක් ගැනීමට ජනතාවට අවශ්‍ය වී තිබුණි.

මිනිසකු මියගිය විට සතුටු වීම, මිනිස්කමට නොහොබිනා ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. තමන්ගේ සතුරු එළාර මියගිය විට දුටුගැමුණු රජතුමා ඔහුට ගරු බුහුමන් කළ සැටි මෙරට ජනතාවට අමුතුවෙන් කියා දිය යුතු නැත.

 

ආණ්ඩු බලය රැකගැනීම සහ ජයවර්ධන උපක්‍රම - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

කෙනකු මියගිය විට රතිඤ්ඤා දැල්වීම, කිරිබත් කෑම වැනි දුසිරිත් ආරම්භ වූයේ දේශපාලන ප්‍රතිවාදීන් සම්බන්ධයෙන් යැයි සමහරු කියති. එහෙත් වැඩවර්ජකයන් දහස් ගණනකගේ රැකියා අහිමි කොට ඔවුන් පාරට ඇද දැමූ ජනාධිපති උතුමාණන් වන ජේ.ආර්. ජයවර්ධන මියගිය විට ඒ වැඩවර්ජකයකු හෝ රතිඤ්ඤා පත්තු කළේ නැත. ''ජේ.ආර්. මරමු'' යැයි පෝස්ටර් ගැයූ අය පවා කිරිබත් කෑවේ නැත.

දේශපාලන ඝාතන රැසකට මුල් වී යැයි චෝදනා ලැබූ රෝහණ විජේවීර මරා දැමූ විටද කිසිවකු රතිඤ්ඤා පත්තු කළේ නැත. මෙසේ ජාතික වශයෙන්ද ප්‍රාදේශීය වශයෙන්ද දැක්විය හැකි උදාහරණ බොහෝය.

මෑතකදී මියගිය රාජ්‍ය ඇමැතිවරයාට විරුද්ධව සමාජ ජාලා තුළ රතිඤ්ඤා කැරලි පිටින් පත්තු වුණත් ඔහුගේ ආසනය තුළ සිටි මනාප ජනතාව නිහඬවම සිටියහ. ඒ ඇමැතිවරයාගේ බිරිඳ හා දූ දරුවන් කඳුළු සලන අයුරු දුටු අපේ මිනිස්සුද කම්මුලේ අත ගසාගෙන දුක් වූහ.

 

325417222 588220549986263 8383195624512646665 n
එහෙත් මියගිය ඇමැතිවරුන්ට පමණක් නොව, ජීවතුන් අතර සිටින මැති ඇමැතිවරුන්ටද ''නිවන් සුව ලැබේවා'' යැයි සමාජ මාධ්‍ය තුළ කොමෙන්ටු පළවන විට අර මිනිසුන්ම සිනා පහළ කරති. එතැන ඇත්තේ උපහාසයයි. එසේම තවත් කෙනකුට එය අපහාසයකැයි හැඟෙන්නටද ඉඩ ඇත. ''තොප්පිය හරි නම් දමාගන්නැ''යි පිරුළක් ඇත්තේ එවැනි තැන්වලටය.

''අවසන් ගෞරවය'' යනු මිනිසාගේ සංස්කෘතිය හැදියාව පළ කරන සංකල්පයකි. එහෙත් මළ මිනිසුන්ට බල්ලන්ට බළලුන්ට මෙන් සැලකූ කාලවකවානු ද මේ රටේ තිබුණි. ඒ කාලේ සමාජ මාධ්‍ය පමණක් නොව මානව හිමිකම්ද නොවීය.

සංස්කෘතිය වෙනස් වන විට සිරිත් විරිත්ද වෙනස් වෙයි. සිකුරාදා, අඟහරුවාදා දිනවල අවසන් කටයුතු නොකළ යුතු යැයි පැවති තේරුමක් නැති ''හින්දු ප්‍රලාපය'' දැන් වෙනස් වී ඇත්තේ ආදාහනාගාරවල තදබදය නිසාය. මළ බත, පාංශකූලය, මළබෙර, පාවඩ හා ආදාහනය හෝ භූමදානය ඇතුළත් ''ෆියුනරල් පැකේජ'' ද දැන් ඇතැම් මල් ශාලා වෙතින් ලබාගත හැකිය. මළසිරුර තබන්නේ ද මල් ශාලාවන්හිය. ඒ කාර්යබහුල ජීවන රටාවට ගැලපෙන සේ චාරිත්‍ර වෙනස් වූ සැටිය.

 

selfie
විදෙස් සමාජ මාධ්‍ය කාටූනයක දැක්වුණු අන්දමට තම මිතුරකුගේ අවමඟුලට එන තරුණයෙක් එහි සිටි අවමංගල්‍ය අධ්‍යක්ෂ හමුවී මළසිරුරේ හිස මඳක් ඉහළට එසැවිය හැකිදැයි අසයි.

''ඒ මොකටද?'' අධ්‍යක්ෂ අසයි.
''සෙල්ෆියක් ගහන්න.'' මිතුරා කියයි.

විදෙස්ගතව සිටි බිරිඳක් තම සැමියාගේ අවමංගල්‍ය සඳහා පැමිණෙන්නේ අවසන් මොහොතේය. ඇය මළසිරුර දැක අවමංගල්‍ය අධ්‍යක්ෂකට මෙසේ කියයි.

 

coffin 2
''මගේ මහත්තය කැමැති නිල් පාටට. කරුණාකරල මේ කළු සූට් එක ගලවල නිල් සූට් එකක් අන්දවනවද... මං ඒකට වෙනම ගෙවන්නම්.''

සුළු මොහොතක් තුළ ඇගේ ඉල්ලීම ඉටුවුණි.

''මෙච්චර ඉක්මනට කොහොමද සූට් මාරු කළේ?''

ඇය වැඩිපුර මුදලක්ද දෙමින් ඇසුවාය.

''සූට් මාරු කරන්න වෙලා නෑ. එහා පැත්තේ තිබුණු කළු සූට් එකක් අන්දපු බොඩි එකක්. මම කෙරුවෙ ඔළු දෙක මාරු කරන එක.''

කපිල කුමාර කාලිංගගේ හීසරය : මිනිස් මොළයට 'චිප්ස්'(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...