The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

මැඩගස්කරයේ මැණික් සොයන ලාංකිකයෝ

T

The Leader Desk

February 13, 2024 • 10:08 AM

මැඩගස්කරයේ මැණික් සොයන ලාංකිකයෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මඩගස්කරයේ ඉලකාකා නගරය මෙරට මැණික් ව්‍යාපාරිකයන්ගේ ආගමනයත් සමගම එසේ දියුණුවට පත්වු නගරයකි.
  • “99 වගේ කාලේ මාතලේ රිගල් බායි කියන කෙනා දැනගෙන තියෙනවා මෙහෙ මැණික් තියෙනවා කියලා.
  • “මෙහෙ ඉස්සර තිබුනා 250නේ සල්ලි කොළයක්, බායි මුලින්ම කරලා තියෙන්නේ පැදුරක් දාලා මැණික් බලලා පැදුරට 250 කොළේ කොළේ දාලා තමයි මැණික් අරගෙන තියෙන්නේ.
  • දශකයේ මුල් භාගයේදී මෙම ප්‍රදේශයේ පදිංචිකරුවෝ 40 ක් පමණ වාසය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ගැන ඔබ අසා තිබේ ද?

මඩගස්කරයේ ඉලකාකා නගරය මෙරට මැණික් ව්‍යාපාරිකයන්ගේ ආගමනයත් සමගම එසේ දියුණුවට පත්වු නගරයකි.

දශක දෙකකට වැඩ කාලයක් තිස්සේ සිය ගණනක් ලාංකික මැණික් ව්‍යාපාරිකයෝ මැඩගස්කරයට යමින් එමින් සහ එහි ස්ථිර පදිංචිය ලබා ගෙන ව්‍යාපාර කටයුතුවල නිරතව සිටිති.

සිය ගණනක් මැණික් වෙළඳුන් මැඩගස්කරය හා ගනුදෙනු කළ ද ඒ අත්දැකිම් ගැන අදහස් දැක්වීමට කැමැත්ත පළ කරන ලද්දේ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් පමණි.

ඔවුන් ද බීබීසී සිංහල සේවය හා කතා බහකට එක් කරගැනිමට හැකි වුයේ ඔවුන්ගේ ආරක්ෂාව පිණිස අනන්‍යතාවය හෙලි නොකරන පොරොන්දුව පිටය.


මඩගස්කරයේ ඉලකාකා නගරය මෙරට මැණික් ව්‍යාපාරිකයන්ගේ ආගමනයත් සමගම දියුණුවට පත්වු නගරයකි.

මැඩගස්කරයේ මැණික් ව්‍යාපාරයට ගිය මුල්ම ලාංකිකයා


මාතලේ පදිංචි රිගල් බායි නම් ව්‍යාපාරියකු ප්‍රථම වතාවට මැඩගස්කරයට ගොස් මැණික් මිල දී ගෙන තිබේ.

“99 වගේ කාලේ මාතලේ රිගල් බායි කියන කෙනා දැනගෙන තියෙනවා මෙහෙ මැණික් තියෙනවා කියලා. එතකොට මේ ඉලකාකා නගරයේ තිබිලා තියෙන්නේ කටු මැටි ගහපු එක ගෙයයි. ඒ දවස්වල මෙහෙ මිනිස්සු මැණික් ගැන දැනගෙන ඉඳලා නැහැ.” යි මැඩගස්කරයේ සිට බීබීසී සිංහල සේවය ඇමතු පත්මසිරි කියා සිටියේය.

 

“මෙහෙ ඉස්සර තිබුනා 250නේ සල්ලි කොළයක්, බායි මුලින්ම කරලා තියෙන්නේ පැදුරක් දාලා මැණික් බලලා පැදුරට 250 කොළේ කොළේ දාලා තමයි මැණික් අරගෙන තියෙන්නේ. මොකද එතකොට භාෂාව හරියට කතා කරන්න බැරි නිසා. මෙයා මේ මැණික් ටික අරගෙන ලංකාවට ගිහින් තියෙනවා. මේ ගල් ටික නිවිතගල මැණික් වෙන්දේසියට ගියාට පස්සේ මිනිස්සු අහලා තියෙනවා මේ ගල් කොහෙද තියෙන්නේ කියලා. මොකද මෙහෙ ගල් පළුදු නැහැ හොඳ පිරිසිදුයි. මේ පණිවිඩය කටින් කටට ගිහින් තියෙනවා. එහෙම තමයි ලංකාවේ කට්ටිය මෙහෙ එන්න පටන් අරන් තියෙන්නේ.”

 

ඉලකාකා යනු මැඩගස්කරයේ නිරිතදිග කොටසේ ඉහොරොම්බේ කලාපයේ පිහිටි කුඩා නගරයකි.


1990 දශකයේ මුල් භාගයේදී මෙම ප්‍රදේශයේ පදිංචිකරුවෝ 40 ක් පමණ වාසය කර තිබේ.

1998 දී ඉලකාකා ගං මිටියාවතෙන් විශාල නිල් මැණික් නිධියක් සොයා ගැනීමෙන් පසු, 2005 වර්ෂයේදී නගරයේ ජනගහනය 60,000 කට ආසන්න සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී තිබේ.


'ගෙදරට වඩා සැප පහසුකම් තියෙනවා මෙහේ'


පත්මසිරි මුල්වරට මැණික් ව්‍යාපාරය සඳහා මැඩගස්කරයට ගොස් ඇත්තේ 2000 වර්ෂයේ දී ය.

එවක ඉලකාකා නගරයේ කිසිඳු පහසුකමක් නොතිබුන බව පැවසු ඔහු කියා සිටියේ මේ වන විට නගරය බොහෝ සෙයින් දියුණු වී ඇති බවයි.

“ඉස්සර නම් කිසිම පහසුකමක් තිබුනේ නැහැ. ටොයිලට් එකක්, ඉන්න තැනක් හරියට තිබුනේ නැහැ. දැන් නම් ඉතින් ගෙදරට වඩා හොඳටම සැප පහසුකම් තියෙනවා මෙහේ.” යැයි මැණික් ව්‍යාපාරිකයා කියා සිටියේ ය.

මේ වන විට මැඩගස්කරයේ මැණික් ව්‍යාපාරයේ නිරත ලාංකිකයන් 600කට වඩා පිරිසක් සිටින අතර ඇතමෙක් එරටින් විවාහ වී ස්ථිර ලෙස පදිංචිය ලබා ගෙන තිබේ.


මැණික් ව්‍යාපාරය නිසා දියුණු වු ඉලකාකා


මීට වසර විස්සකට පමණ ඉහත දී රත්නපුරයේ සිට මැඩගස්කරයට හා මැණික් ව්‍යාපාරය ආරම්භ කළ මොහොමඩ් අතීත මතක ආවර්ජනය කරමින් ඉලකාකා නගරයේ ආරම්භය ගැන විස්තර කළේය.

 

“ඉස්සර නාන්න කරන්න, ඉන්න හරි අමාරුයි. එතන ඇවිල්ලා හැදුන තැනක් නෙමෙයි නේ. කාන්තාරය වගේ තිබුනේ. අපේ කට්ටිය ගියාට පස්සේ තමයි දියුණු වෙලා ආවේ. අපේ කට්ටිය ගියාට පස්සේ තමයි ඉලකාකා නගරයක් වගේ දියුණු වුණේ. දැන් එහේ ඉන්නවා දහ දාහකට වැඩිය කට්ටිය. ඒ ඔක්කොම පතල් කර්මාන්තය කරන්නේ.”


මැඩගස්කරයේ, ඇන්ටනානාරිවෝ අගනුවරට ගොස් තවත් සැතපුම් අට සියයක් පමණ අභ්‍යන්තර ගුවන් ගමනකින් තුරියාර් නගරයට යන මැණික් ව්‍යාපාරිකයන්, දුෂ්කර මාර්ග ඔස්සේ තවත් සැතපුම් සියයක් පමණ ගමනකින් පසුව ඔවුන්ගේ ගමනාන්තය වන ඉලකාකා වෙත පැමිණෙයි.

“ඉස්සර ඔන් එරයිවල් වීසාවලින් යන්න පුලුවන්. දැන් එහෙම බැහැ දැන් ලයිසන් හදන්න ඕනේ. මම පස් දෙනෙක් අරන් යනවා නම් ඒ පස් දෙනාගේ විස්තර දාලා මම ලයිසන් එකක් ගන්න ඕනේ. මෙහෙ ඉඳන් ඩුබයි ගිහින් එතනින් මොරිසස් ගිහිල්ලා තමයි මැඩගස්කර් යන්නේ.”

සිංගප්පුරුවට හෝ ඉන්දියාවට ගොස් මැඩගස්කරයට යන පිරිස් ද සිටින බව මොහාමඩ් බීබීසී සිංහල සේවයට සිය අත්දැකිම් විස්තර කරමින් කියා සිටියේය.


මැණික් ගන්න මැඩගස්කරයට යන්නේ ඇයි?


ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මැණික් වෙළඳ පොළේ සිය සන්නාමය රඳවා ගැනීමට සමත් වු රටකි. එසේ තිබියදීත් මැණික් මිල දී ගැනීමට දුෂ්කර වෙහෙසකර ගමනකින් පහසුව මාස ගණනන් ගත කරමින් මැඩගස්කරයන්ට යන්නේ ඇයි දැයි බීබීසී සිංහල විසින් මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් විමසනු ලැබීය.

 

“මෙහෙ මහත්තයා අඩුවට මැණික් ගන්න පුළුවන්. දැන් ලංකාවේ අපි මැණික් විකුණන්නේ කැරට් ගාණටනේ. මෙහෙ කැරට් කතාවන් නැහැ, මෙහේ ග්‍රෑම් ගාණට තමයි දෙන්නේ. අපි පතල් කරන අයට හාල් දීලා, කෑම දීලා තමයි මේ වැඩේ කරන්නේ. රුපියල් වලින් නම් දහ දාහක් වගේ තමයි වියදම් වෙන්නේ.”

“ඉස්සර නම් මෙහේ මිනිස්සු මැණික් ගැන දන්නේ නැහැ. හැබැයි දැන් එහෙම නැහැ, මෙහෙ මිනිස්සුම දාහක් විතර ඉන්නවා දැන් මැණික් බිස්නස් කරන.” යැයි මැඩගස්කරයේ රැඳි සිට බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පත්මසිරි කියා සිටියේය. 


ශ්‍රී ලංකාවේ පතල්කරුවන් තමන් හට හමුවන මැණික් ප්‍රසිද්ධ සහ ප්‍රබල මැණික් ව්‍යාපරිකයන් හට වැඩි වශයෙන් ලබා දීම ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මැඩගස්කර් වැනි රටවලට මැණික් වෙළඳාමේ යාමට එක් ප්‍රධානතම හේතුවකි.



ඉලකාකා යනු මැඩගස්කරයේ නිරිතදිග කොටසේ ඉහොරොම්බේ කලාපයේ පිහිටි කුඩා නගරයකි.


“මැඩගස්කර් ගල් ලස්සනයි. ලංකවේ පින්ක් වගේ ගල් අහුවෙනවා අඩුයිනේ. ඉස්සර බේරුවල කට්ටියටනේ ගල් දුන්නේ අපේ කට්ටිය. දැන් ඒගොල්ලන්ට (මැණික් ව්‍යාපරිකයන්ට) ගල් නැහැ ඉතින් ඒගොල්ලෝ ටැන්සානියා, මැඩගස්කර් යනවා ගල් හොයාගෙන.” යැයි මොහොමඩ් පැවසීය.

“ඉස්සර එහෙ (මැඩගස්කරයේ) ගල් අඩුවට තිබුනා දැන් නම් මිල වැඩියි. ඒ අයටත් අවුරුදු විස්සක විසි පහක එක්ස්පීරියන්ස් එකක් තියෙනවානේ. ඉස්සර එහෙ පතල් කරපු කට්ටිය තමයි දැන් මැණික් වෙළෙන්දෝ වෙලා ඉන්නේ.” යනුවෙන් ඔහු තවදුරටත් කියා සිටියේය.

මැඩගස්කරය අප්‍රිකාවේ ගිනිකොණදිග වෙරළට ඔබ්බෙන් පිහිටි දූපත් රටක් වන අතර එය ලෝකයේ සිව්වන විශාලතම දූපතයි.


ශ්‍රි ලාංකික මැණික් ව්‍යාපාරිකයන්ට අමතරව මැඩගස්කරයේ මැණික් වෙළඳාම හසුරුවනු ලබන්නේ තායිලන්ත ව්‍යාපාරිකයන් ය.

( BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...