The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

අද සමාජයෙන් මතු වන කීර්තිමත් චරිත සැබැවින්ම කීර්තිමත් ද? - (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

T

The Leader Desk

February 16, 2024 • 11:27 AM

අද සමාජයෙන් මතු වන කීර්තිමත් චරිත සැබැවින්ම කීර්තිමත් ද? - (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එවිට තම සිතැඟි අනුව ඔවුන් විවිධ පුද්ගල නාම ඉදිරිපත් කොට තිබූ අතර එම සිසු කණ්ඩායමේ සිසු සිසුවියන් සියලුම දෙනා පොදුවේ නම් කොට තිබූ එකම පුද්ගල නාමයක් වත් සොයා ගත නොහැකි විය.
  • පසුව ඔවුන් එම සිසුන් ගේ ප්‍රියතම සමාජ ජාල ක්‍රියාකාරීන් බව මට දැන ගත හැකි විය.
  • මීට දශක කිහිපයකට ඉහත අප සමාජයේ දක්නට ලැබුණු කීර්තිමත් පුද්ගල ප්‍රතිරූප වල අභිමානනීය බව පෞරුෂය මේ වන විට අව ප්‍රමාණ වීම මතින් සමාජමය පරමාදර්ශ ද අහිමි වීමේ ඉතා පැහැදිලි ප්‍රවණතාවක් දක්නට ලැබේ.
  • යන පැනය ද ඉදිරිපත් කළ හැකි බව මම දනිමි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එවිට තම සිතැඟි අනුව ඔවුන් විවිධ පුද්ගල නාම ඉදිරිපත් කොට තිබූ අතර එම සිසු කණ්ඩායමේ සිසු සිසුවියන් සියලුම දෙනා පොදුවේ නම් කොට තිබූ එකම පුද්ගල නාමයක් වත් සොයා ගත නොහැකි විය. සාහිත්‍යය, ලලිත කලා, ක්‍රීඩා, මාධ්‍ය, සමාජ ක්‍රියාකාරී ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් එම සිසු සිසුවියන් එලෙස විවිධ පුද්ගල නාම ඉදිරිපත් කොට තිබූ අතර ඉන් සිසුන් සැළකිය යුතු ප්‍රමාණයක් එක් දහස් නවසිය අසූව, අනූව දශක තුළ සමාජයට පිවිසි කීර්තිමත් පුද්ගලයන් ගේ නම් ද ඊට එක් කොට තිබෙනු පෙනිණ.

 

එමෙන්ම එහි වඩාත් විස්මයට කරුණ වූයේ සමාජයේ ඉහළම කීර්තියකට ලක් වූ පුද්ගලයන් වශයෙන් එම සිසුන් දක්වා තිබූ සමහර පුද්ගලයන් මා කිසිදා නම් වශයෙන් වත් අසා නොමැත්තවුන් වීම ය. පසුව ඔවුන් එම සිසුන් ගේ ප්‍රියතම සමාජ ජාල ක්‍රියාකාරීන් බව මට දැන ගත හැකි විය. මීට දශක කිහිපයකට ඉහත අප සමාජයේ දක්නට ලැබුණු කීර්තිමත් පුද්ගල ප්‍රතිරූප වල අභිමානනීය බව පෞරුෂය මේ වන විට අව ප්‍රමාණ වීම මතින් සමාජමය පරමාදර්ශ ද අහිමි වීමේ ඉතා පැහැදිලි ප්‍රවණතාවක් දක්නට ලැබේ. එහෙත්,මෙහි දී වර්තමානයේ යමකුට තම පෞරුෂය ගොඩ නඟා ගැනීමට පරමාදර්ශී පුද්ගලයන් සිටිය යුතුමද? යන පැනය ද ඉදිරිපත් කළ හැකි බව මම දනිමි.

ඒ කෙසේ හෝ අතීතයට සාපේක්ෂව කීර්තිමත් පුද්ගල (Celebrity ) ප්‍රතිරූප මේ වන විට සමාජ ගත නොවීමේ හේතු ද අප විචක්ෂණශීලීව විමසා බැලිය යුතු ය. කිසිවකුත් අමනාප නොවන්නේ නම් කිව යුත්තේ නූතන සමාජය හමුවේ ඉදිරිපත් ව ඇති කීර්තිමත් ප්‍රතිරූප බොහොමයක් දෙවන හා තුන් වන පෙළ නියෝජනය කරන අතර මුල් පෙළ නිසැක ලෙසම මුල් පෙළ හිස්ව ඇති බවකි. ඒ සම්බන්ධයෙන් එම සිසු දරුවන්ට එක්දහස් නවසිය අසූව සහ අනූව දශකයන් පිළිබඳව මතකයන් අවදි කර ගත නොහැකි බැවින් මේ සම්බන්ධයෙන් තම පවුල් වල වැඩිහිටියන් ගෙන් ද අදහස් විමසන ලෙස එවර මම ඔවුන්ට කීවෙමි. එවිට ඔවුන් කියා සිටියේ එම මාදිලියේ ප්‍රබල කීර්තිමත් පුද්ගල ප්‍රතිරූප බිහිවීම අතීතයට පමණක් සීමා වූවක් මිස වර්තමානයේ දක්නට නොලැබෙන්නක් බව ය.

 

Businessman using mobile smartphone on global network connection on investor and customer with sale data exchange and development of business. Technology and digital marketing. Financial and banking.

 

විසි වන සියවසේ මුල් භාගයේ සිට ලොව පුරා ව්‍යාප්ත වූ ගෝලීයකරණ සංකල්පයට සහ විශ්ව ගම්මාන සංකල්පය අද අප රටේ ජන ජීවිතය ද ශීඝ්‍රයෙන් නතු වෙමින් තිබේ.

ඒ අනුව නූතන පරපුරේ ජන විඥානය තුළ වීරාභිවන්දනීය ප්‍රතිරූප බිහිවීම පිණිස දේශ සීමා ඉවහල් නොවන බවක් පහසුවෙන් පෙනී යයි. නූතන සුහුරු දුරකථනය යනු අද වන විට විශ්වීය තොරතුරු සන්නිවේදන මධ්‍යස්ථානයක් බව නොදන්නා කෙනකු නොමැති තරම් ය. එනිසාම ඒ ඔස්සේ පොදු ජන අවධානය බහුවිධ අරමුණු වෙත යොමු වන බවක් පෙනෙයි. යම් පුද්ගලයකු හමුවේ එක්වර නිමිති අරමුණු සම්භාරයක් ඒකරාශී වීමේ දී ඒ තැනැත්තා අන්දමන්ද වීමේ ස්වභාවික නැඹුරුවක් පවතී. එය මිනිස් ශිෂ්ටාචාරයේ දියුණුව හා සබැඳි සංසිද්ධියක් සේ යමකුට හැඟී යා හැකි බව ඇත්තකි. එහෙත්, මගේ වැටහීම අනුව එවැනි බහු විධ අරමුණු රැසක් එක් වර ග්‍රහණය කර ගැනීම මඟින් මිනිසා සතු විවේක බුද්ධියට බාධා පැමිණීම වලකා ගත නොහැක.

RS9334 178888180

 

කිසියම් සමාජයක සහපැවැත්ම උදෙසා සාම්ප්‍රදායිකත්වයෙන් ලද හැකි පිටිවහල විවිධාකාරයේ අගැයුම් වලට ලක්ව තිබේ. නමුදු අද සම්ප්‍රදායිකත්වය යනු මුළුමනින් ඉවත හෙළිය යුත්තකැයි පවසන පිරිස් ද සිටිති. අතීත සමාජයේ ජනකාන්ත චරිත බිහිවූයේ ඒ සම්බන්ධ යෝග්‍යතා රැසක් මුල්කර ගනිමිනි. එහෙත්, මේ වන විට ලොව බිලිගෙන ඇති පරිභෝජනවාදය මුල් කොට මූල්‍යමය බලය යොදා ගෙන කෘත්‍රිම ජනකාන්ත චරිත බිහිවීමේ සමාජමය නැඹුරුවක් ද දක්නට ලැබේ. වර්තමානයේ රූපවාහිනී චැනල් වල ජංගම දුරකථන කෙටි පණිවිඩ මගින් ජනප්‍රිය පුද්ගලයන් තේරීම ඒ සම්බන්ධ ඉතා සරල උදාහරණයක් පමණි. අප එසේ පවසනුයේ වත්මන් සමාජයේ ජනකාන්ත චරිත මවා පෑම පිණිස අති විශාල මූල යාන්ත්‍රණයන් මේ වන විට ක්‍රියාත්මක වන බැවිනි.

 

DdZmtPlX0AIqwKQ.jpg large

අතීත සමාජයේ ඉහළම කීර්තියකට පත් පුද්ගලයන් බිහිවීම ස්වාභාවික සංසිද්ධියකි. නමුදු අද වන විට එය ජන මාධ්‍ය ඔස්සේ බහුවිධකරණයට වානිජකරණයට ලක් කළ යාන්ත්‍රික සංසිද්ධියක් බවට පත් කොට ඇත. එම විවිධාංගීකරණය මඟින් නූතන ව්‍යවහාරයට අනුව කිව හොත් “තරු ” සමාජ ගත වීමේ නොව කරවීමේ නැඹුරුවක් දක්නට ලැබේ. ඔවුන් අතරේ “වෛද්‍ය තරු” “සූපවේදී තරු” ආදී විවිධ වෘත්තීන්ට අයත් “තරු’ ද දක්නට ලැබේ. ඒ අනුව ඉදිරියේ දී භික්ෂූන් අතරින් ද සුපිරි තරුව තේරීමේ තරඟයක් ජන මාධ්‍ය කරලියට නැංවීමට පුළුවන.

මක් නිසා ද යත් එහි ද යම් වානිජ වටිනාකමක් ඇති බැවිනි. මගේ අදහස අනුව මෙය කෘත්‍රිම උත්තේජනයක් නිසා හටගත් නවතම තත්වයකි.එමෙනම එය හුදෙක් පරිභෝජනවාදය විසින් සමාජයට දායාද කරන ලද්දකි.

 

what is the difference between extortion and bribery in nc

 

‘රටක් වටින මිනිසෙක්’ යන වදන විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් යොදනු අපි ළමා වියේ දී කොතෙකුත් අසා ඇත්තෙමු. ඉන් පැවසෙනුයේ ඒ පුද්ගලයා පොදු සමාජයට කිනම් හෝ යහපත් ආදර්ශයක් සපයන්නකු බවය. එහෙත්, ඒ සාරධර්ම සපිරි සාම්ප්‍රදායිකත්වය මේ වන විට සමාජයෙන් කොතෙක් ගිලිහී තිබේද යත් නූතනයේ ජනකාන්ත වශයෙන් ඇතැමුන් හඳුනා ගෙන හිඳින්නවුන් අතරේ සාපරාධී ක්‍රියා ඇතුළු නීති විරෝධී කටයුතු වලට සම්බන්ධ සමාජ විරෝධීන් ද හිඳින බව රහසක් නොවේ. ඔවුන් අතරේ හිඳින කුප්‍රකට චරිත ද ජනකාන්ත මට්ටමකට පත් වන අවස්ථා බහුල ය.

ඕනෑම සමාජයක සදාචාර මට්ටම නිරතුරු උච්ඡාවචනයට ලක් වන්නකි. එමෙන්ම එය යම් ප්‍රමිතියකට රඳවා ගැනීමට සාම්ප්‍රදායිකත්වය ඉවහල් වන බව නොරහසකි. නමුත් සාම්ප්‍රදායිකත්වය පිළිබඳ අක් මුල් සියල්ල සිඳී බිඳී යන සමාජයක අතීතයට සාපේක්ෂව සදාචාර මට්ටම රඳවා තබා ගැනීමට නොහැකි වීමේ අරුමයක් නැත. මක් නිසා ද යත් මතු එළඹෙන යාවත් කාලීන තත්වයන් එවක සදාචාරය ලෙසින් අනාගත පරපුර පිළිගන්නා බැවිනි.

 

sm hero

අතීතයේ කීර්තිමත් පුද්ගලයන් හට සමාජයේ කිසියම් ගෞරවාදරයක් හිමි වූ බව නොරහසකි. ඒ වෙනුවට අද බිහි වන එලෙස ගෞරවාදරයට ලක් නොවන කීර්තිමත් පුද්ගලයන් හඳුන්වාලීම පිණිස ජනප්‍රිය ව්‍යවහාරයේ භාවිතා වන ප්‍රධාන වදනක් තිබේ. එනම් ‘පොර’ යන්න ය. ඒ කෙසේ හෝ සාම්ප්‍රදායිකත්වයේ අක්මුල් සිඳ ගැනීම මගින් පරමාදර්ශ වියුක්ත සමාජයක ඇති විය හැකි අනේකවිධ ව්‍යාකූලතා ඒ සමාජයේ යහපැවැත්මට හේතු වෙතැයි කිසිවකුටත් කිව නොහැක.

මක් නිසා ද යත් කිසියම් සමාජ ආර්ථික විපරිනාමයකින් පසු සාරධර්ම විරහිත හෙවත් අනෝමීය(Anomie) සමාජයක් බිහිවීමට ඇති අවකාශය දහ නව වන සියවසත් විසි වන සියවසත් අතර ජීවත් වු කීර්ත්මත් ප්‍රංශ ජාතික සමාජ විද්‍යාඥ එමිල් ඩර්ඛයිම් විසින් මුල් වරට අනාවරණය කොට තිබීම ය. මෙම අනෝමීය සමාජ සංකල්පය මේ වන විට ලොව විවිධ සමාජ සම්බන්ධ ප්‍රායෝගික තත්වයක් බවට පත්ව තිබේ. වත්මන් සමාජ ගමන් රටාව අනුව එය අප සමාජය හමුවේ ද යථාර්ථයක් බවට පත් වීමේ පැහැදිලි අවදානමක් පවතින බව නොකියාම බැරි ය.


z PraneethAbayasundara(ප්‍රණීත් අභයසුන්දර)
මානව විද්‍යා මහාචාර්ය 

(උපුටා ගැනීම - vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...