The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : ණයට ගෙන හෝ ජීවත් වෙනු !

T

The Leader Desk

February 18, 2024 • 6:21 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : ණයට ගෙන හෝ ජීවත් වෙනු !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුද්ගල ණය, ව්‍යාපාර ණය, බැංකු ණය, රාජ්‍ය ණය, විදේශ ණය යනාදී වශයෙන් ණය ක්‍රම රාශියකි.
  • සාමාන්‍යයෙන් සමාජයේ පවත්නා පිළිගැනීම වන්නේ ණය ගැනීම නොකර සිටිනවා නම් හොඳ බවය.
  • වත්මන් සිංහල භාෂාවේ මුර්ධජ 'ණ' යන්නෙන් ඇරඹෙන වචන ඇත්තේ එකකි.
  • එක් දිනක් සිබූ නානා, ලැම්බට්ගේ ගෙදරට ගොඩවුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

පුද්ගල ණය, ව්‍යාපාර ණය, බැංකු ණය, රාජ්‍ය ණය, විදේශ ණය යනාදී වශයෙන් ණය ක්‍රම රාශියකි.

සාමාන්‍යයෙන් සමාජයේ පවත්නා පිළිගැනීම වන්නේ ණය ගැනීම නොකර සිටිනවා නම් හොඳ බවය. බොහෝ විට ණයට ගැනීම ලැජ්ජාවට කාරණයකි. ණයට ගෙන නොගෙවා සිටීම නයාට ගසා පොල්ල වරද්දවා ගත්තා වැනි වැඩකි.

මගේ මිතුරෙක් කිසිදා ණයට ගත්තේ නැත. ඒ වෙනුවට කළේ ''අතමාරු'' ය. එය ණයටම යෙදෙන නම්බුකාර යෙදුමකි. අත මාරුව යනු සුළු ණයකි. එසේම එය ඉක්මනින් ගෙවා දමන්නකි.

 

Property Finance Condo Loan sts 1372683893
වත්මන් සිංහල භාෂාවේ මුර්ධජ 'ණ' යන්නෙන් ඇරඹෙන වචන ඇත්තේ එකකි. ඒ 'ණය' ය. එහෙත් සිංහල ජන වහරේදී ණය වෙනුවට වැඩිපුර භාවිත වන්නේ ඉංග්‍රීසියෙන් 'ණයට ගත්' ලෝන් (Loan) ය.

එදා අපේ රටේ ගමේ ගොඩේ මිනිස්සු ගමේ කඩෙන් බඩු ගත්තේ ණයටය. මුදලාලි ඒ ණය පොතේ ලියා ගත්තේය. ණයකාරයෝ කීයක් හෝ අතට ලැබුණු විට එය ගෙවා දැමූහ. මාස් පඩිකාරයෝ නගරයේ වෙළෙඳසල්වලින් 'එකවුන්ට්' එකට බඩු ගෙන මාසේ අන්තිමට ගෙවූහ. 'ක්‍රෙඩිට් කාඩ්' ආවේ පසු කාලයකදීය.

දුප්පත් - නැති බැරි මිනිස්සු ණය ගෙවා ගැනීමට බැරි වූ විට, මුදලාලිගෙන් කල් ඉල්ලා ගත්හ. මුදලාලි ද පොතට තව කීයක් හෝ එකතු කර ණය හිමියාට අනුකම්පා කරයි. ණයකාරයා වෙනුවට ඔහුගේ බිරිඳ ආවොත්, මනමාල කතාවක් කියා තව ණයක් දෙයි.

 

82529427 2271672459796800 1042137423116500992 n

ණය දීමෙන් මුදලත් මිතුරාත් නැති වෙයි යන කතාව අදාළ වන්නේ අප වැනි අයටය. මුදලාලිලා එසේ 'පොලු'වලට අසුවන්නේ නැත. කෙසේ හෝ තම ණය ලබාගැනීමට ඔවුහු උපාය මාර්ග දනිති.

'සිබූ නානා' ද එවැනි මුදලාලි කෙනෙකි. ඔහු කාටත් නොමසුරුව ණය දුන්නේය. ලැම්බට් සිබූ නානාගේ හොඳ ගනුදෙනුකාරයෙකි. එහෙත් වැඩවර්ජනයකින් රුකියාව අහිමි වූ ලැම්බට්ට ගත් ණය ගෙවාගත නොහැකි විය.

 

දේශීය රුපියල් ණය ප්‍රතිව්‍යුහගත කිරීම තවත් අර්බුදයක් ද ? - (දිනේෂ්  වීරක්කොඩි )
ඔහුගේ තත්ත්වය වටහාගත්, සිබූ නානා ද, ටික කලක් යනතුරු ඒ ගැන කතා කළේ නැත.

එක් දිනක් සිබූ නානා, ලැම්බට්ගේ ගෙදරට ගොඩවුණි. සැඟවෙන්නට වෙලාවක් නොතිබුණෙන් ලැම්බට් බොරු හිනාවක් දාගෙන ඉදිරියට පැමිණියේය.

සිබූ නානා ණය ගැන වචනයක්වත් කතා කළේ නැත. ලැම්බට්ගේ බිරිඳ දුන් හැලපය හා කිරි තේ එකද භුක්ති විඳ, ආපසු යන විට සාලයේ තිබූ වටිනා පිත්තල පහන ද තම රථයේ පටවාගෙන ගියේය. මෙසේ වරින් වර, සිබූ නානා ලැම්බට්ගේ දුක සැප බලන්නට ගියේය. එන විට නිවසේ තිබූ මොනවා හෝ පටවාගෙන ආවේය. සිබූගේ ගමන නතර වූයේ ලැම්බට්ගේ ණය පොලියත් සමඟම පියවාගත් පසුය.

 

IMF ණය අපගේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට සමත් ද ? - (ජයශ්‍රී ප්‍රියලාල්)

තුන්වැනි ලෝකයේ රටවල් ධනවත් රටවල් සමඟ කෙරෙන ගනුදෙනු පියවා ගන්නා ක්‍රමය ද සිබූ නානාගේ ක්‍රමයට දෙවැනි නැත. කෙසේ වෙතත්, 'ප්‍රතිව්‍යුහගත කිරීම' වැනි යෙදුම් හෝ ක්‍රම, සිබූ නානා දැන සිටියේද නැත. කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ වැඩේ වෙනවා නම් එච්චරය.

සමහර මුදලාලිලා 'දුන් දේ සුවඳයි' යනුවෙන් සිතමින් නොසිට, ණය අය කිරීම සඳහා කවිය යොදා ගත්හ. මෑතකදී මුහුණුපොතේද එබඳු කවි දෙකක් දක්නට ලැබුණි.

ගමක එක් කඩයක ඉදිරියේ මේ කවිය ප්‍රදර්ශනය කෙරුණි.

''මා වැනි වෙළෙන් ඳා
ණයට දුන් හින් ඳා
බොහෝ කරදර වින් ඳා
ණයට නම් බෑ - මෙන්න වැන් ඳා''

තවත් කඩයක ඉදිරියේ මෙසේ දැක්වුණි.

''යනවා නම් ණයට බඩු අරන්
ඉක්මනටම දෙන්න රත්තරන්
ඉල්ලනකොට යන්නෙ දික් කරන්
මම යන්නද කඩේ අස් කරන්

debt trap large

 

ණයට ගැනීම, ණයට කෑම සමහරුන්ට ඇබ්බැහියකි. තවත් සමහරුන්ට ජීවන මාර්ගයකි.


එක්තරා ගමක සිටි අප්පුහාමි කෙනකු ණයට ආප්ප කෑමට පුරුදුව සිටි බවත්, අවසානයේ ඒ ණය හිලව්වට තම ඉඩමක්ද ආප්ප හාමිනේට පුදන්නට වූ වගත් ගැමි කතාවල එයි.

එක් බැංකුවකින් ණයක් ගෙන තවත් බැංකුවක ණය ගෙවන්නා සේ, රෝල ගෙන යාමද ණයකරුවන්ගේ උපාය මාර්ගයකි.

 

තවමත් නිමක් නැති ක්ෂුද්‍ර ණය සාපය ! -( මිතුන් ජයවර්ධන)

මෑත කාලයේ සිරි ලාංකීය ග්‍රාමීය සමාජයට පුරුදු කළ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රම, මාෆියාවක් ඇති බවට චෝදනාවක්ද නැගුණි. ගැමි කතුන් ගොදුරු කරගන්නා නිසා, එම ක්‍රමය, 'ඇඳ ණය' ලෙසට හැඳින්වෙන බවද මාධ්‍ය තුළ කියැවුණි. ණය ගෙවන්නට යහන්ගත වන්නට සිදුවීම නම් බලවත් සමාජ ඛේදවාචකයකි.

ණය ගෙවා ගන්න බැරුව කාන්තාවෝ 200ක් සියදිවි හානි කරගෙන !

 

පැරණි දඹදිව පැවති චාර්වාක දර්ශනයට අනුව නම් ණයට ගෙන හෝ සැපයේ ජීවත්වීමේ වරදක් නැත. මරණයෙන් පසු පැවැත්මක් නැති හෙයින්, ණයට ගෙන හෝ රස බොජුන් වළඳමින් විනෝදකාමී ලෙස කල්ගත කළ යුතු යැයි එම උච්ජේදවාදීහු (Nihilists) පැවසූහ.

සිනා කතාවකට අනුව පොලී මුදලාලි කෙනකුගෙන් ණය මුදලක් ගත් මහතෙක්, ආපසු යන අතරේ දුර සිටින මංකොල්ලකරුවන් කණ්ඩායමක් දැක, මුදල් මිටි පිටින් ගිල දැමුවේය.

පසුව, වෛද්‍යවරයකු හමුවට ගිය ඔහු, ඒ මුදල් සැත්කමකින් ලබාගත හැකිදැයි විමසීය. වෛද්‍යවරයා මෙසේ කීය.

''ඔපරේෂන් ඕනෙ නෑ... මං පෙති වගයක් දෙන්නං. හෙට උදේට ඔහෙගෙ මුදල් මාරු කාසිවලින් ලැබේවි.''
 

හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : ණයට ගෙන හෝ ජීවත් වෙනු ! | The Leader