The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

පිටිපන ලෙල්ලම: කොළඹ අගරදගරු මැදුර සහ ධීවරයින් අතර ආරවුල කුමක් ද?

T

The Leader Desk

February 19, 2024 • 4:56 PM

පිටිපන ලෙල්ලම: කොළඹ අගරදගරු මැදුර සහ ධීවරයින් අතර ආරවුල කුමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජේසුස් වහන්සේ තම ගෝලයන් ලෙස ද තෝරා ගත්තේ ධීවරයෙන් දොළොස් දෙනෙකි.
  • මීගමුව පිටිපන ධීවරයන් පිරිසක් අද (පෙබරවාරි 19 වැනිදා) කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වුයේ කතෝලික සභාව තමන් රැකියාව කරනු ලබන ලෙල්ලම පවරා ගැනීමට උත්සාහ දරන බවට චෝදනා කරමින් ය.
  • ධීවරයින් පිරිස විසින් ශූද්ධෝත්ම පාප් තුමන්ගේ කොළඹ සිටින නියෝජිත හිමියන්ට ද තම ගැටලු ඇතුළත් සංදේශයක් භාර දෙන ලදි.
  • ඉන් අනතුරුව කොළඹ අගරදගුරු නිවාස බලා ගිය ඔවූහූ, ධීවර ලෙල්ලමේ අයිතිය තමන්ට දෙන ලෙස ඉල්ලමින් විරෝධතාවයක නිරත වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ජේසුස් වහන්සේ තම ගෝලයන් ලෙස ද තෝරා ගත්තේ ධීවරයෙන් දොළොස් දෙනෙකි.

මීගමුව පිටිපන ධීවරයන් පිරිසක් අද (පෙබරවාරි 19 වැනිදා) කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වුයේ කතෝලික සභාව තමන් රැකියාව කරනු ලබන ලෙල්ලම පවරා ගැනීමට උත්සාහ දරන බවට චෝදනා කරමින් ය.

ධීවරයින් පිරිස විසින් ශූද්ධෝත්ම පාප් තුමන්ගේ කොළඹ සිටින නියෝජිත හිමියන්ට ද තම ගැටලු ඇතුළත් සංදේශයක් භාර දෙන ලදි.

ඉන් අනතුරුව කොළඹ අගරදගුරු නිවාස බලා ගිය ඔවූහූ, ධීවර ලෙල්ලමේ අයිතිය තමන්ට දෙන ලෙස ඉල්ලමින් විරෝධතාවයක නිරත වූහ.

vghrtuyrtධීවරයන් පිරිස විසින් ශූද්ධෝත්ම පාප් තුමන්ගේ කොළඹ සිටින නියෝජිත හිමියන්ට ද තම ගැටලු ඇතුළත් සංදේශයක් ද භාර දෙන ලදි.

 

මේ ආරවුල කුමක් ද?

2008 වසරේ දී එවකට කොළඹ අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපානන් විසින් පිටිපන එක්සත් ධීවර සමිතියට එරෙහිව නඩු පවරා ඇත්තේ ලෙල්ලම ලබා දීමේ දී පනවා ඇති කොන්දේසි කඩ කළ බවට චෝදනා කරමිනි.

අදාළ ඉඩම කොළඹ අගරදගුරු හිමියන්ට අයත් බවට නියෝගයක් ලබා දෙන ලෙසත් එසේ නියෝගය ලබා දෙන තුරු තම නියෝජිතයෙකු ලෙල්ලමේ පරිපාලනයට හා භාරකාරීත්වයට පත් කරන ලෙසත් කොළඹ එවකට සිටි අගරදගුරු හිමිපානන් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීමට අනුව පෙබරවාරි 02 වැනිදා මීගමුව දිසා අධිකරණය විසින් අතුරු නියෝගයක් ලබා දෙමින් ලේලලමේ පරිපාලනයට සහ කළමනාකාරිත්වයට නියෝජිතයෙකු පත් කරන ලෙස නියෝග කර ඇති අතර එසේ පත්කරන ලද භාරකරුට එම දේපළට අදාළ ගිණුම් සහ අත ඉතිරි සියලු මුදල් ද භාර දෙන ලෙසටත් නියෝ කර තිබුණි.

ධීවර ජනතා වෘත්තිය සංගමයේ ජාතික සංවිධායක ප්‍රසංග ප්‍රනාන්දු චෝදනා කරන්නේ මුදල් අර්බුදයක සිටින කතෝලික සභාව ධීවරයන් සතු ලෙල්ලම පවරා ගැනීමට උත්සාහ දරන බවට ය.

 

"අපේ ධීවරයෝ අවුරුදු 65 ක් තිස්සේ භුක්ති විඳින එයාලා මාළු විකුණන ධීවර ලෙල්ලම අද වෙනකොට කාදිනල් උන්වහන්සේ අතුරු තහනම් නියෝගයක් අරගෙන ලේලලම භාර ගන්න යනවා. අපි ගරු අධිකරණයේ තීන්දුවට ගරු කරන ගමන් අපි කියන්නේ අපි අවුරුදු 65ක් භුක්ති වින්ඳ අපේ ලෙල්ලම අපිට දෙන්න ඕනේ." යැයි ඔහු බීබීසී සිංහල වෙත කියා සිටියේය.

"ලෙල්ලම අපේ ජීවිතය. ඇයි ඒකත් උඳුරන්නේ, අපේ ලෙල්ලම අපිට දෙන්න ඔයාට දෙන සැප මදි නම් ඒකත් අපිටම කියන්න, අගරදගුරු මේ අහන්න අපේ ලෙල්ලම අපිට දෙන්න." යනාදි සටන් පාඨ කියමින් ඔවුන් සිය විරෝධය පළ කළේය.

 

kadinal

"පැහැදිලිව තමුන්ගේ බැටළුවන් රැවැට්ටුවා. සින්නක්කර අපේ මුදල්වලින් ගන්න ආපු භාණ්ඩයක් ඒක අපිට සින්නක්කරව ලියලා දෙන්න ඕනේ. සින්නක්කරව ලියලා දුන්නේ නැත්තේ ඒගොල්ලන්ගේ හොරකමක්, වංචාවක් තිබ්බ නිසා. දිර්ඝ අරමුණක් ඔලුවේ තියාගෙන තමයි ඕක තෑගි ඔප්පුවක් විදියට ලියලා දුන්නේ සහ ඒකට කන්ඩිෂන් දැම්මේ." යැයි ඔහු කියා සිටියේය.

 

කොළඹ අගරදගරු මැදුර මොකද කියන්නේ ?

නිවේදනයක් නිකුත් කරමින් කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සඳහන් කර සිටියේ අද දින විරෝධතාවට සහභාගි වූ ඇතමුන් පිටිපන ලෙල්ලම පිළිබඳව අසත්‍ය පවසමින් ධීවර ප්‍රජාව සහ මහජනතාව මුළා කිරීමට උත්සාහ කළ බව දුටු බව ය.

එම නිවේදනයේ දැක්වෙන්නේ මීගමුව පිටිපන ලෙල්ලමේ මුල් අයිතිය හිමිව තිබුණේ කොළඹ අගරදගුරු හිමිපාණන්ට බව ය. 1963 දී එවකට කොළඹ අගරදගුරු අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් විසින් තෑගි ඔප්පුවක් මගින් කොන්දේසි කිහිපයක් ඉටු කිරීමේ එකඟතාවයට යටත්ව එම ලෙල්ලම මීගමුව පිටිපන මිසමෙහි එක්සත් ධීවර සමිතිය වෙත පවරා දී තිබේ.

kkdjxfe

එහෙත් පසුකාලීනව පත් වූ එම එක්සත් ධීවර සමිතියේ නිලධාරීන් විසින් අදාළ තෑගි ඔප්පුවේ සඳහන් කොන්දේසි උල්ලංඝණය කරමින් කොළඹ අගරදගුරු හිමිපාණන්ගේ පූර්ව අවසරයකින් තොරව එම දේපළේ කොටසක් සහ කඩ කාමර වෙනස් පිරිස් වෙත බදු දෙමින් ද එම දේපොළේ ආදායමෙන් කොටසක් පිටිපන මීසමේ ජීවත් වන ධීවර ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් වැය කිරීම සඳහා පිටිපන දේවස්ථානයට දිය යුතු බවට වූ කොන්දේසිය උල්ලංඝණය කරමින් එම ආදායම දිගින් දිගටම තනිව භුක්ති විදිමින් ඇතැයි අදාළ නිවේදනයේ දැක්වෙයි.

 

සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කර සිටින්නේ මීගමුව පිටිපන ලෙල්ලමේ අයිතිය නැවත පවරා දෙන ලෙස ඉල්ලා අගරදගුරු හිමිපාණන් අධිකරණය ඉදිරියට ගොස් ඇත්තේ වසර ගණනාවක් පුරා පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතිය යැයි කියාගනු ලබන පුද්ගලයින් කීපදෙනෙක් විසින් පමණක් භුක්ති විඳින ලද ලෙල්ලමේ පාලනය සහ කළමනාකරණය වඩා විනිවිදභාවයකින් සිදුකර එහි ආදායම පුළුල් ධීවරයින් පිරිසකට හිමිකර දීමේ අදහසින් මිස එය පෞද්ගලිකව අයිතිකර ගැනීම සඳහා නොවන බවය.

 

215dfe4කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිට විරෝධතාව

මෙම නඩුව තවමත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින අතර දිර්ඝ සාක්ෂි විභාගයකින් අනතුරුව මීගමුව දිසා අධිකරණය අදාළ අතුරු නියෝගය නිකුත් කර තිබුණි.

මීගමුව, පිටිපන ධීවර ලෙල්ලම එම ප්‍රදේශයේ ධීවර රැකියාවේ නිරත සිය ගණනක් වු ධීවර ප්‍රජාව තම මත්ස්‍ය අස්වැන්න අලෙවි කරගන්න ප්‍රධානතම ස්ථානයකි.

දිවා/ රාත්‍රි දෙකෙහිම මාළු වෙළඳාම් කරනු ලබන ලෙල්ලමක් ලෙස පිටිපන ධීවර ලෙල්ලමද ප්‍රසිද්ධියක් ද උසුලයි.

(BBC සිංහල සේවය)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...