The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

අමාත්‍යංශ ලේකම් ගේ අනීතික ග්‍රහණයෙන් මිදුණු ආත්මා යළි උඩ පළාතටම

T

The Leader Desk

February 23, 2024 • 9:38 AM

අමාත්‍යංශ ලේකම් ගේ අනීතික ග්‍රහණයෙන් මිදුණු ආත්මා යළි උඩ පළාතටම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය රාජ්‍ය සේවා කොමිසම විසින් ගනු ලැබූ ප්‍රශස්ථ තීරණයක් බව විද්වත් මතයයි.
  • රාජ්‍ය සේවා කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම්වරයා විසින් සිදු කර තිබූ මේ ස්ථාන මාරුව සඳහා ආවරණ අනුමැතිය ලබා නොදීමට මීට පෙර ද රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ඒ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්ට දැනුම් දී තිබුණි.
  • එම ඉල්ලීමට පිළිතුරු ලෙස රාජ්‍ය සේවා කොමිසම තම තීරණය වෙනස් කිරීමක් සිදු නොවන බවට හෙවත් “බෑ නම් බෑම තමයි ඉතින්” යන අදහස සහිත ලිපියක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම්වරයා එවා තිබේ.
  • මේ අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාව (22) රැස්වී රාජ්‍ය පරිපාලන සවදේශ කටයුතු ලේකම්වරයා විසින් අනීතිකව නිකුත් කර තිබූ ස්ථාන මාරුව අවලංගු කිරීමට තීරණය කොට තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

පත් ව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් වරයා විසින් අනීතිකව රාජ්‍ය පරිපාලනයේ සංචිතයට(පූල් එකට) මාරු කළ මහනුවර උඩ පලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න ගේ ස්ථාන මාරුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අවලංගු කිරීම මත ඇය යළි පෙර දැරූ මහනුවර උඩපලාත ප්‍රාදේශීය ලේකම් පදවියටම පත් කොට තිබේ. මෙය රාජ්‍ය සේවා කොමිසම විසින් ගනු ලැබූ ප්‍රශස්ථ තීරණයක් බව විද්වත් මතයයි.

 

Public service

 

රාජ්‍ය සේවා කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම්වරයා විසින් සිදු කර තිබූ මේ ස්ථාන මාරුව සඳහා ආවරණ අනුමැතිය ලබා නොදීමට මීට පෙර ද රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ඒ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්ට දැනුම් දී තිබුණි. නමුත් තමන්ට නිසි අධිකාරි බලයක් නොමැතිව දේශපාලකයන්ගේ අවශ්‍යතා පදනම් ව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම්වරයා ලබා දුන් ස්ථාන මාරුවට රාජ්‍ය සේවා කොමිසමේ ආවරණ අනුමැතිය ලබා නොදීම පිළිබඳව තවදුරටත් විමසා සිටීමට තමන්ට නෛතික බලයක් නැති බව හොඳින් දැන දැනත් දේශපාලන බලපෑම ඉදිරියේ වකුටු වූ කොන්ද දිග හැරීමට නොහැකි නිසාදෝ ලේකම්වරයා රාජ්‍ය සේවා කොමිසමෙන් ඊට ආවරණ අනුමතිය නොදීමේ තීරණය යළි සලකා බලන ලෙසට යළි ඉල්ලීමක් ද කර තිබිණ. එම ඉල්ලීමට පිළිතුරු ලෙස රාජ්‍ය සේවා කොමිසම තම තීරණය වෙනස් කිරීමක් සිදු නොවන බවට හෙවත් “බෑ නම් බෑම තමයි ඉතින්” යන අදහස සහිත ලිපියක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම්වරයා එවා තිබේ.

 

udapalatha

 

එමෙන්ම ඒ වන විටත් තම අනීතික නියෝග මත සංචිතයට වාර්තා කර සිටි ප්‍රාදේශීය ලේකම් වරියට යළි උඩ පලාත ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට සේවයට වාර්තා කරන ලෙස දැන්වීමේ වගකීම පැවරුණු රාජ්‍ය පරිපාලන රාජ්‍ය පරිපාලන ලේකම්වරයා දේශපාලනඥ අභිලාෂය මත එය තව දුරටත් මග හැරීම නිසා පසුගිය දිනවල සංචිත ගතව සිටීමට අදාල නිලධාරිනියට සිදු විය. මෙය ඔහු විසින් ඇය අනීතික ග්‍රහණයකට නතු කර ගැනීමකි. බරපතල රාජකාරී අවභාවිතාවකි.

මේ අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාව (22) රැස්වී රාජ්‍ය පරිපාලන සවදේශ කටයුතු ලේකම්වරයා විසින් අනීතිකව නිකුත් කර තිබූ ස්ථාන මාරුව අවලංගු කිරීමට තීරණය කොට තිබිණ.

මෙසේ අනීතික ස්ථාන මාරුවක් ලබාදීම උදෙසා මොකක් හෝ හේතුවක් අටවා ගැනීමට රාජ්‍ය පරිපාලන ලේකම් වරයා විසින් ආත්මා දිලුක්ෂි ජයරත්නට එරෙහිව මූලික විමර්ශනයක් පැවැත්වීමට පත්කර සිටි ස්වදේශ කටයුතු අංශයේ විමර්ශන අතිරේක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්‍ යුතු මූලික විමර්ශන මණ්ඩලය ඉවත් කර වෙනම විමර්ශන කණ්ඩායමක් ඒ සඳහා යොදවා ගැනීමට ද රාජ්‍ය සේවා කොමිසම තීරණය කර ඇති බව දැන ගන්නට ඇත. මෙය බොහෝ විට දඩයම් කරු දඩයම් වීමක ඇරඹුම විය හැකි බව ද විද්වත් මතයයි.

 

 

 

ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන් දේශපාලනඥයන් ගේ නිවෙස් ඉදිරියේ ඔවුන් ගේ ආරක්ෂාවට මුදා හැර සිටින “දඩෝරියන් ගේ” භූමිකාව නිරූපනය කරන මේ අනීතික ක්‍රියාවලිය මෙතනින්වත් නිම විය යුතු ශ්‍රී ලංකා පරිපාලන ජ්‍යෙෂ්ඨයන් ගේ මතයයි. රාජ්‍ය සේවාවේ ගෞරවය සුරකින ලෙසට නීතිගරුක රාජ්‍ය නිලධාරීන් හා වෘත්තීය සමිති ඉදිරියට පැමිණි හඬ නැගිය යුතු බව ශ්‍රී ලංකා පරිපාලන සේවා ජ්‍යෙෂ්ඨයෝ පෙන්වා දෙති. ඒ අතර උඩ පලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලය ද ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න ගේ ස්ථාන මාරුව අවලංගු කොට ඇය යළි එහි සේවයේ පිහිටුවන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් වරයාට එරෙහි උද්ඝෝෂණයක් ද පැවැත්වූහ. මෙය තම අධිකාරීගත බල සීමාවේ නොපිහිටා දේශපාලනඥයන් ගේ අගුපිල් වල ලගින නිලධාරීන් මතක තබා ගත යුතු පාඩමකි.

 

athma 3

 

එමෙන්ම උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න ව නිසි අධිකාරී බලයක් නොමැතිව ස්ථාන මාරු කිරීම මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති රාජ්‍ය නිලධාරීන් පත්වීම උසස් කිරීම ස්ථාන මාරුකිරීම හා ඔවුන් විෂයෙහි විනය පාලනය යන කටයුතු වලට අයුතු ලෙස මැදිහත්වීමේ වරද රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යංශයේ ලේකම් වරයා විසින් සිදුකර ඇති බවට චෝදනා ද ඉදිරිපත් වෙමින් තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61ඇ(1)ව්‍යවස්ථාවට අනුව මේ වරදට වරදකරු කරනු ලැබූ විට රුපියල් එක්ලක්ෂය නොඉක්මවන දඩයක් අවුරුදු හතක් නොඉක්මවන කාලයකට බන්ධනාගාරගත කිරීමේ දඩුවමකට ලක්වන්නට සිදුවේ. සෑම මහාධිකරණයකටම මේ වරද පිළිබඳව නඩු විභාග කිරීමේ අධිකරණ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථැවේ 61ඇ(2)අනු ව්‍යවස්ථාවෙන් ලබා දී තිබේ. ඒ අනුව මහනුවර උඩ පලාත ප්‍රාදේශීය ලේකම් ඇය යළි පෙර දැරූ මහනුවර උඩපලාත ප්‍රාදේශීය ලේකම් පදවියටම යළි පත් කිරීම මෙම “පරිපාලන සේවා දඩ බලු නාඩගමේ” අවසාන ජවනිකාව නොවීමට බොහෝ දුරට ඉඩ කඩ තිබේ.

(vinivida.lk)

සබැඳි ලිපිය :
ආත්මා 'පූල් එකට' දමා නිලධාරීහු ඇදගෙන නාති - (සුනිල් කන්නන්ගර)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...