The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ඓතිහාසික වටිනාකමක් සහිත ස්ථානවල නව ඉදිකිරීම්, පෞරාණික වටිනාකම්වලට සිදු කරන හානියක් ද?

T

The Leader Desk

February 23, 2024 • 10:26 AM

ඓතිහාසික වටිනාකමක් සහිත ස්ථානවල නව ඉදිකිරීම්, පෞරාණික වටිනාකම්වලට සිදු කරන හානියක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂයෙන් ම කඳු මුදුන්වල සිදු කරන එවන් ඉදිකිරීම් සම්බන්ධයෙන් යම් ප්‍රතිරෝධයක් ද සමාජය තුළ ඇතැම් අවස්ථාවන්හි නිර්මාණය වූ අතර, එනිසාම ඇතැම් ඉදිකිරීම් අතරමඟ නවතා දැමීමට ද සිදු විය.
  • දාගැබක නටඹුන් හමුවී ඇති කවුඩාගල ඉදිකිරීම් සති කිහිපයකට පෙර ආරම්භ වූ අතර, ඒ සම්බන්ධයෙන් මිශ්‍ර ප්‍රතිචාර සමාජ මාධ්‍ය පුරා දැකගතහැකි විය.
  • නමුත් කූරගල හා කවුඩාගල ඉදිකිරීම් සිදුවන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියට අනුවයි," යැයි වැඩබලන අධ්‍යක්ෂක ජනරාල්වරිය ප්‍රකාශ කළා ය.
  • එහි දී ඇය පැවසුවේ එම ඉදිකිරීම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


විශේෂයෙන් ම කඳු මුදුන්වල සිදු කරන එවන් ඉදිකිරීම් සම්බන්ධයෙන් යම් ප්‍රතිරෝධයක් ද සමාජය තුළ ඇතැම් අවස්ථාවන්හි නිර්මාණය වූ අතර, එනිසාම ඇතැම් ඉදිකිරීම් අතරමඟ නවතා දැමීමට ද සිදු විය.

අලුතෙන් ඉදිකෙරෙන මහා පරිමාණ ඉදිකිරීම් වලින් පරිසරයට සිදුවන බලපෑම හැරුණුවිට, මෙවැනි ඉදිකිරීම් සිදු කිරීමට පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන තෝරාගැනීමේ ප්‍රවණතාවයක් ද තිබේ.

මෑතකාලීනව මුහුදු මහා විහාරය, කුරුන්දි විහාරය, කූරගල මෙන් ම ආසන්නතම සිදුවීම වන කවුඩාගල ඒ සඳහා නිදසුන් ය.

 

කුරුන්දි ඉඩම් හබය විසඳන්න විශේෂඥ කමිටුවක්!කුරුන්දි විහාරය
වර්තමානයවන විට කුරුන්දිය සම්බන්ධයෙන් නඩුවක් ක්‍රියාත්මක ය. දාගැබක නටඹුන් හමුවී ඇති කවුඩාගල ඉදිකිරීම් සති කිහිපයකට පෙර ආරම්භ වූ අතර, ඒ සම්බන්ධයෙන් මිශ්‍ර ප්‍රතිචාර සමාජ මාධ්‍ය පුරා දැකගතහැකි විය.

කෙසේ නමුත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානවල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ඉදි කිරීම් සිදු කිරීමට නීතිමය බලයක් නොමැති නිසා මෙම ඉදිකිරීම් සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී තිබේ දැයි අප එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂක ජනරාල් හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහගෙන් විමසීමක් කරන ලදි.

 

kawdagala
'කවුඩාගල ඉදිකිරීම් සිදුවන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියට අනුවයි'

"කුරුන්දි විහාරය සම්බන්ධයෙන් නඩුවක් තිබෙන නිසා මට ඒ ගැන කිසිවක් කියන්න බෑ. නමුත් කූරගල හා කවුඩාගල ඉදිකිරීම් සිදුවන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියට අනුවයි," යැයි වැඩබලන අධ්‍යක්ෂක ජනරාල්වරිය ප්‍රකාශ කළා ය.

එහි දී ඇය පැවසුවේ එම ඉදිකිරීම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බවයි. "කවුඩාගල ස්ථූපය නැවත ගොඩනගන්නේ පුරාවිද්‍යා නිලධාරීන් විසින්. ස්වාමීන් වහන්සේ විසින් අපට අවශ්‍ය භාණ්ඩ සපයනවා විතරයි."

බීබීසී සිංහල විසින් ඇයගෙන් විමසා සිටියේ එවැනි ඉදිකිරීම් වලින් මුල් පුරාවිද්‍යා වටිනාකම් වලට හානියක් සිදුවීමට ඉඩක් නොතිබෙන්නේ ද යන්නයි. එහි දී ඇය ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

 

yalii p k
"කූරගල පන්සලේ හාමුදුරුවෝ අපි සමඟ ඉතාම අවබෝධයෙන් වැඩ කරනවා. ගිය වසරේ නව ගොඩනැගිල්ලකට අවසර ඉල්ලුවාට අපි එය ලබා දුන්නේ නෑ. වන්දනාමාන කරන්න ගොඩක් පිරිස ඇවිල්ලා මේවාට හානිවෙන්න පුළුවන්නම් අපට සීගිරියටත් යන්න දෙන්නෙ නැතිව තමයි ඉන්න වෙන්නේ. සීගිරියට දවසකට කොයිතරම් පිරිසක් යනවද? එහෙනම් සීගිරියට යන්න දෙන්නත් බෑ. ජනතාව මේ පුරාවිද්‍යා වටිනාකම් ගැන දැනගන්න එක හොඳ දෙයක්."

'පුරාවිද්‍යා අධ්‍යක්ෂකට වැඩ කරන්න වෙලා තියෙන්නෙ ඇමති කියන විදිහට'

මෙම ඉදිකිරීම් නිසා පුරාවිද්‍යාත්මක වටිනාකම්වලට බලපෑමක් සිදුවන්නේ ද යන්න පිළිබඳ ව බීබීසී සිංහල විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය කේ.එම්. ඇලෙක්සැන්ඩර්ගෙන් විමසීමක් සිදු කරන ලදි.

alexanderමහාචාර්ය කේ.එම්. ඇලෙක්සැන්ඩර්"පුරාවිද්‍යාත්මක සාධකයක් ලැබුණාම මුලින් ම කරන්නේ කැණීමක් කරලා ස්මාරකය පාදා ගැනීම. එහෙම කරන්නේ එක්කෝ ඒ ගොඩනැගිල්ල හඳුනාගෙන පර්යේෂණයක් සිදු කරන්න. අනෙක් අරමුණ නැවත ඒවා සංරක්ෂණය කිරීම. ඊට අමතරව සංවර්ධන කටයුතු සඳහා ඉඩම් අවශ්‍ය වුණාම ඒ ස්ථානවල පුරා විද්‍යා වැදගත්කමක් තිබෙනවා නම් හදිසි කැණීම් සිදු කරන අවස්ථාත් තිබෙනවා," මහාචාර්‍යවරයා පැහැදිලි කළේ ය.

"එවැනි කැණීම් කරලා පාදාගත් අභයගිරිය , ජේතවනය වගේ ස්ථූප අපි පාදාගන්නාකොට තිබුණු හැඩයටම තමයි සංරක්ෂණය කරලා තියෙන්නේ. ඒවායේ මුල් ස්වභාවයට හානියක් නෑ. ඒ විදිහට සංරක්ෂණය සහ ප්‍රකෘතිකරණය කරනවා වගේම මිරිසවැටිය වගේ ස්ථූපයක් සම්පූර්ණයෙන්ම නැවත හදලා තිබෙනවා. ඒ නිසා පුරාවිද්‍යාත්මක ස්ථානයේ ස්වභාවය සහ ගොඩක් කරුණු සැලකිල්ලට අරගෙන තමයි ඒ ස්ථාන සංරක්ෂණය කරනවාද, ප්‍රකෘතිකරණය කරනවාද නැතිනම් ප්‍රතිසංස්කරණය කරනවාද කියා තීරණය කරන්නේ," මහාචාර්ය ඇලෙක්සැන්ඩර් පවසයි.

එහි දී අප මහාචාර්‍යවරයාගෙන් විමසා සිටියේ රජයේ අධීක්ෂණය යටතේ සිදු කෙරුණු අනුරාධපුර, පොළොන්නරුව සංරක්ෂණ ව්‍යාපෘති හැරුණු විට මෑතක දී ඉදි කිරීම් සිදු කළ කූරගල හා කවුඩාගල වැනි ඉදි කිරීම් වලින් සිදුවන බලපෑම කුමක් ද යන්නයි. ඒ සඳහා මහාචාර්යවරයා ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි.

 

kuuragala
"මෑතක දි සිදු කළ මෙවැනි ව්‍යාපෘතිවලින් පුරාවිද්‍යාවට හානියක් වෙන බව මම කියන්න ඕනෑ. කවුරුහරි හාමුදුරුවෝ කෙනෙක් සල්ලි ටිකක් හොයාගෙන ඉන්න මැති ඇමතිලා ටික අල්ලා ගන්නවා. ඊට පස්සෙ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්ට කියනවා මේක හදන්න ඉඩ දෙන්න කියලා. එහෙම නැතිනම් අධ්‍යක්ෂක ජනරාල්ට එහෙම හදන්න අවසර දෙන්න බෑ. පුරාවිද්‍යා ආඥා පනතේ වුණත් අවසන් තීරණ ගන්න බලය තියෙනෙ විෂය භාර ඇමතිට."

"ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ හෝ, පොළව යට හෝ මෙතෙක් හොයාගෙන තිබෙන ඕනෑම පුරාවිද්‍යාත්මක වටිනාමක් ඇති දෙයක භාරකාරීත්වය තියෙන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්ට. ඒ තනතුරේ ඉන්න කෙනාට යම් යම් තීරණ ගන්න පුලුවන් වගේම විෂය භාර ඇමතිවරයාට තත්වය පැහැදිලි කරලා දෙන්න පුලුවන්. නමුත් අපේ රටේ ඉන්න ඇමතිලා නිලධාරීන් කියන දේවල් අහන අය නොවෙයිනේ," මහාචාර්‍යවරයා පැවසුවේ ය.

"මේ එක එක අයගේ දේශපාලන බල ව්‍යාපෘති නිසා තමයි කූරගල කන්දක්ම සම්පූර්ණයෙන් විනාශ කළේ."

"අනෙක් අතට, මේ ඉදිකළ ස්ථාන වල නඩත්තු කටයුතු කරන්න ඕනෑ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්. ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෘජු මැදිහත්වීමක් තිබිය යුතුයි. නමුත් වර්තමානයේ මෙවැනි බොහෝ ඉදිකිරීම් කරපු ස්ථානවල නඩත්තු කටයුතු සිදු කරන්නේත් ඒ ඒ හාමුදුරුවරුන්ට ඕනෑ විදිහට මිසක් පුරා විද්‍යා මැදිහත්වීමකින් නොවෙයි. ඉදිකිරීම් නිසා වෙන හානිය වගේම මේ විදිහට නඩත්තු කරන්න ගිහින් කරන හානියත් අපට සුළුකොට තකන්න බෑ," මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කියා සිටියේය.

 
'මාධ්‍ය කුරුන්දියට, කවුඩාගලට ගිහින් බලන්න'
 
භික්ෂූ විනය ක්‍රියාමාර්ග යළි සලකා බලන්නැයි ඇමති ඉල්ලයිඅමාත්‍ය විදුර වික්‍රමනායක
මෙලෙස පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානවල සිදු කරන ඉදිකිරීම්වලට ඇමතිවරයාගේ කිසියම් මැදිහත්වීමක් තිබේ ද යන්න විමසීමට අප බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමතිවරයා වන විදුර වික්‍රමනායක සම්බන්ධ කරගත් අතර ඔහු ඒ සඳහා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

"පුරාවිද්‍යාව කියන්නේ මගේ විෂයේ තාක්ෂණික කොටසක්. ඒ සම්බන්ධ තීරණ ගැනීම කරන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්. මම එහෙම ඡන්දවලට ඉල්ලන්නත් බලාපොරොත්තු නොවෙන නිසා බලපෑමක් කරන්න අවශ්‍යතාවයක් නෑ. ඒ අය තමයි අවසරදීම් සියල්ල කරන්නේ."

වැඩිදුරටත් අදහස් පළ කළ ඇමතිවරයා පැවසුවේ මෙවැනි ස්ථානවලට ගොස් එහි සැබෑ තත්වය නැරඹීම මාධ්‍ය විසින් සිදු කළ යුතු බවයි.

"වර්තමානයේ පුරා විද්‍යාව සහ මාධ්‍ය අතර ලොකු ගැටීමක් මම දකිනවා. මම මාධ්‍යට යෝජනා කරන්න කැමතියි මේ තැන්වලට ගිහින් බලන්න කියලා. කුරුන්දි ගැන ගොඩක් මාධ්‍ය වාර්තා කරන්නෙ එතැනට ගිහින් නෙවෙයි. කොහෙ හරි සමාජ මාධ්‍යක තිබුණු එකක් අල්ලගෙන කෑගහනවා. දැන් කවුඩාගල වුණත් අවසර ලබාදීලා තියෙන තැන විතරයි ඉදිකිරීමක් කරනවා නම් කරන්නේ. එතැනින් එහාට කිසිම තැනක මොකුත් කරන්නේ නෑ."

"සාමාන්‍යයෙන් පුරා විද්‍යා ස්ථානයක කැණීම් කරලා කෞතුක වස්තු ගොඩ අරගත්තාට පසුව තමයි ඉදිකිරීමක් කරන්න දෙන්නේ," ඇමතිවරයා පැවසුවේය.

"දැන් කතාවෙන තැනත් නටඹුන් විදිහට තිබෙන ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීමක් පමණයි වෙන්නේ." හෙතෙම කියා සිටියේය.

 

(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...