The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

රනිෂ් හේවගේ සමග තුවාල ලැබූ ලංකාවේ කොල්ලා යළිත් යුක්රේන සටන් බිමේ (වීඩියෝ)

T

The Leader Desk

February 24, 2024 • 6:08 PM

රනිෂ් හේවගේ සමග තුවාල ලැබූ ලංකාවේ කොල්ලා යළිත් යුක්රේන සටන් බිමේ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවුරුදු දෙකක් ගිහිල්ලත් එක පාර්ශවයකට වත් බරපතල ජයග්‍රහණයක් නැතත්, යුක්රේනයේ බොහෝ පළාත් විමාශ වෙලා.
  • මේ වෙනකොට ශ්‍රී ලාංකිකයින් 150ක් විතර රුසියාවේ හමුදාවටත් සම්බන්ධ වෙලා හිටියත් ඔවුන් ගැන වැඩි විස්තර දැනගන්න නැහැ.
  • මේ අතරේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර් 04 වෙනි ද, යුක්රේන සටන් බිමේදී තුවාල ලබල කිලෝමීටර ගණනක් තමන්ගේ අණ දෙන නිලධාරී 'ඩෙන්ටිස්ට්' රනිෂ් හේවගේත් කර තියාගෙන ආපු ලහිරු කාවින්ද හතුරුසිංහ මාස දෙකක විතර විරාමයකින් පස්සේ ආයෙත් යුක්රේන හමුදාවට එක්වෙලා.
  • රනිෂ් හේවගේ ඇතුළු තිදෙනා මිය යාමෙන් පසුව යුක්රේන සටන් බිමේ හිටපු ශ්‍රී ලාංකිකයින් සෙබළුන් හැම දෙනාම යුක්රේන හමුදාවෙන් ඉවත් වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

අවුරුදු දෙකක් ගිහිල්ලත් එක පාර්ශවයකට වත් බරපතල ජයග්‍රහණයක් නැතත්, යුක්රේනයේ බොහෝ පළාත් විමාශ වෙලා. දෙපැත්තෙන්ම ලක්ෂ ගාණක ජීවිතත් අහිමි වෙලා.

ඒත් යුද්ධය ඉක්මනින් නිමාවෙන හැඩක් නම් දකින්න නැහැ.

මේ යුද්ධයේදී යුක්රේනය වෙනුවෙන් සටන් කරපු ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙකුටත් ජීවිත අහිමි වුනා. මේ වෙනකොට ශ්‍රී ලාංකිකයින් 150ක් විතර රුසියාවේ හමුදාවටත් සම්බන්ධ වෙලා හිටියත් ඔවුන් ගැන වැඩි විස්තර දැනගන්න නැහැ. කොහොම වුණත් යුද බිම ඉතාමත්ම උණුසුම්.

මේ අතරේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර් 04 වෙනි ද, යුක්රේන සටන් බිමේදී තුවාල ලබල කිලෝමීටර ගණනක් තමන්ගේ අණ දෙන නිලධාරී 'ඩෙන්ටිස්ට්' රනිෂ් හේවගේත් කර තියාගෙන ආපු ලහිරු කාවින්ද හතුරුසිංහ මාස දෙකක විතර විරාමයකින් පස්සේ ආයෙත් යුක්රේන හමුදාවට එක්වෙලා.

රනිෂ් හේවගේ ඇතුළු තිදෙනා මිය යාමෙන් පසුව යුක්රේන සටන් බිමේ හිටපු ශ්‍රී ලාංකිකයින් සෙබළුන් හැම දෙනාම යුක්රේන හමුදාවෙන් ඉවත් වුනා. ඔවුන් ආයෙත් ලංකාවට ආපු බවක් නම් දැනගන්න නැහැ.

මාසයක් පමණ රෝහල්ගතව ඉඳල ඊට පස්සේ කෙටි විවේකයක් අරගෙන ලහිරු කාවින්ද හතුරුසිංහ දැන් යළිත් යුද බිමට පිවිසිලා. දැනට යුක්රේන සටන් බිමේ සිටින එකම ශ්‍රී ලාංකිකයා ඔහු පමණයි.

නැගෙනහිර යුක්රේනයේ ස්ලෝවියාන්ස්ක් (Sloviyansk) නගරයේ යුද පෙරමුණ ආසන්නයේ ඉඳල 'සරෝජ් සමග සංදේශය' නාලිකාව වෙනුවෙන් මාත් එක්ක සංවාදයකට ඔහු එක්වුණේ දෙවැනි වතාවටත් යුක්රේන හමුදාවට බැඳිලා දවසකට පස්සේ.  

රනිෂ් ඇතුළු පිරිස දිවි පිදූ ආකාරය වගේම, ඒ වගේ අත්දැකීමකින් පස්සේ ආයෙත් වතාවක් සටන් බිමට ආවේ ඇයිද කියලත් ලහිරු හතුරුසිංහ මාත් එක්ක විස්තර කළා.

- සරෝජ් පතිරණ
Sandeshaya by Saroj

 

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...