The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : යකා, කොරහ සහ ගෙම්බා

T

The Leader Desk

February 25, 2024 • 10:48 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : යකා, කොරහ සහ ගෙම්බා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහි යටි අරුත නැවත නොඑන අදහසින් යන තැනැත්තා අලාභ හානි සිදුකොට යාමට පෙළඹිය හැකි බවය. ඇතැම් කුලී නිවැසියන් හුන් නිවෙස අතහැර යන විට එහි තිබූ විදුලි ස්විච හා ප්ලග් වැනි දේ පමණක් නොව, වත්ත පිටියේ තිබූ ගහකොළ, මල් පැළ ආදිය ද ගලවාගෙන යාමේ සිද්ධීන් අප අසා ඇත.
  • ඉහත උපමාව මගේ මතකයට නැඟුණේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මත්පැන් හල් නොහොත් වයින් ස්ටෝර්ස් බලපත්‍ර 300ක් ලබාදීමට යන බවට පළවූ පුවතක් දැකීමෙනි.
  • සිරි ලංකාව වැනි රටවලදී දේශපාලනය යනු සමාජ සේවයක්ම නොව, හරිහම්බ කර ගැනීමේ ව්‍යාපාරික අවස්ථාවක් ද වන බව ප්‍රසිද්ධ රහසකි.
  • ඡන්දයක් කටේ තියෙද්දි වයින් ස්ටෝර්ස් (බාර් ලයිසන්) 300ක් දීමට යන්නේ ඒ නිසා විය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙහි යටි අරුත නැවත නොඑන අදහසින් යන තැනැත්තා අලාභ හානි සිදුකොට යාමට පෙළඹිය හැකි බවය. 

ඇතැම් කුලී නිවැසියන් හුන් නිවෙස අතහැර යන විට එහි තිබූ විදුලි ස්විච හා ප්ලග් වැනි දේ පමණක් නොව, වත්ත පිටියේ තිබූ ගහකොළ, මල් පැළ ආදිය ද ගලවාගෙන යාමේ සිද්ධීන් අප අසා ඇත.

ඉහත උපමාව මගේ මතකයට නැඟුණේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මත්පැන් හල් නොහොත් වයින් ස්ටෝර්ස් බලපත්‍ර 300ක් ලබාදීමට යන බවට පළවූ පුවතක් දැකීමෙනි. මෙතැනදී නම් සිදුවන්නට යන්නේ යන යකාට දොළපිදේනි දීමකි.

සුරාබදු ආදායම අඩුවෙයි : රටපුරා 'හොර මත්පැන්' වැඩිවෙලා

 

සිරි ලංකාව වැනි රටවලදී දේශපාලනය යනු සමාජ සේවයක්ම නොව, හරිහම්බ කර ගැනීමේ ව්‍යාපාරික අවස්ථාවක් ද වන බව ප්‍රසිද්ධ රහසකි. එසේ හෙයින් මන්ත්‍රීවරුන් යනු නැති බැරි උදවිය යැයි සැලකීම අපහසුය. අනෙක් අතට පරාද වී ගෙදර ගියත් අඹුදරුවන් සමඟ යහතින් සිටීමට ප්‍රමාණවත් විශ්‍රාම වැටුපක් ද ඔවුන්ට හිමිය.

එහෙත් තමන්ගේ අදක්ෂතාව හෝ උදාසීනකම නිසා හෝ හරිහම්බ කර ගැනීමට නොහැකි වූ මන්ත්‍රීන් වෙත්නම්, ඔවුන් ගැන සලකා බැලීම ආණ්ඩු පක්ෂයේ යුතුකමකි. ඡන්දයක් කටේ තියෙද්දි වයින් ස්ටෝර්ස් (බාර් ලයිසන්) 300ක් දීමට යන්නේ ඒ නිසා විය හැකිය.

ඇතැම් කෙනකුට මෙය අල්ලස් දීමක් ලෙස ද පෙනී යා හැක්කේ මැතිවරණයක් ආසන්නයේ යම් යම් වාසි තකා වෙනත් පිල්වලට පැනීමේ 'මැඩි ප්‍රතිපත්තිය' ද මේ දිනවල ක්‍රියාවට නැංවෙන හෙයිනි.

මැඩියා කොහොමත් උභය-ජීවී සත්වයෙකි. ඌට ගොඩත් එකය. මඩත් එකය. දේශපාලන මැඩියන් නම් වඩාත් කැමැති මඩේ ලගින්නය.

 

Politoical crossover
ගෙම්බා සහ මැඩියා එකම පවුලේ වුණත්, විද්‍යාත්මකව නම් වෙනස්කම් ඇත. අපිට ඒවායින් වැඩක් නැත. සමානාත්මතාව අගය කරන හෙයින් ඒ කොයි කවුරුත් අපට එක හා සමාන ගෙම්බෝය.

එහෙත් ගෙම්බන්ට විවිධ මුල් නම් (First Name) ඇත. ගස් ගෙම්බා, ඇට ගෙම්බා, ගෙයි ගෙම්බා, ළිං ගෙම්බා ආදි වශයෙනි. දෙසිය පනහටම ගැලපෙන ගෙඹි නම් ද සොයා ගැනීමට බැරි නැත.

ගෙම්බා වාචාලයකු ලෙස සැලකෙන්නේ ඌ හැමවිටම 'බක බක' ගානා නිසාය. පැරණි රජ කෙනකුගේ සිරි යහන් ගබඩාව අසල පොකුණේ සිටි ගෙම්බෝද රුයක් දවාලක් නැතුව බක බක ගෑහ. නින්දට බාධා වූයෙන් රජාට තද වුණේය.

''මේ ගෙම්බන් මරා දමන එකාට රන්මසු දහසක් දෙනවා.''

 

image 8926c6e9be
රජාගේ නියෝගය බාරගත් අන්දරේ පොකුණේ පමණක් නොව, ඉන් පිටත සිටි ගෙම්බන්ද දුන්නෙන් විද මරා දැමුවේය. ඔහුට රන්මසු පමණක් නොව, ''සද්ද විද්ද පලඟ පතිරන' නමැති නම්බු නාමය ලැබුණේය. 

එවැනි අන්දරේලා අදටත් සිටිති. එසේම ගෙම්බන්, ඒ අන්දරේලා සමඟ තවමත් සතුරුය.

සිරි ලංකාවේ අයට ගෙම්බා අප්‍රියජනක සතෙකි. එහෙත් තායිලන්තය, චීනය, හොංකොං වැනි රටවල ජනයාට ගෙම්බකු දකින විට කටට කෙළ උනයි. ''ගෙඹි කරිය' ඒ රටවල තරුපහේ කෑමකි. පෘතුගීසි කාලේ කොළඹ කොටුවේ බළල් මසුත් ගිනි ගණන් ගියා සේ පෝට් සිටියේදී ගෙඹි මසුත් 'කැරට් මිල' ට විකිණෙන දවසක් ද උදා වන්නට ඉඩ ඇත.

බොහෝ ළමා කතා, ජන කතා හා උපමා කතාවල කතා නායකකම ද ගෙම්බාට ලැබී තිබේ. වර්තමානයේ මේ ගෙඹි කතා නව අර්ථකථනයෙන් ද ලියැවේ.

ගෙම්බන්ගේ ලොකු දුර්වලකමක් වනුයේ තමන් ගැන පමණට වඩා සිතීමය. මේ නිසා ඇතැම් අවස්ථාවල තමන්ගේ තරම පෙන්නන්නට ඉදිමෙන්නට ගිය ගෙම්බෝ, පුපුරා මියගියහ.

එක් ගෙම්බකු ඔවුන්ගේ 'ඇම්පිබියන් අවන්හලට' ගොඩවුණේ පොඩි අඩියක් ගැසීමටය. එහි සිටි ඔහුගේ මිතුරෙක් තරගයට බීර බොමුදැයි ඇසීය. ගෙම්බා ද එකඟ විය.

 

MV5BNTk2ODg4YTUtOTU3Ny00ZDUyLTkxZDQtMjFhNzAzZDRiYjRlXkEyXkFqcGdeQWRpZWdtb25n. V1
බීර බෝතල් දෙක තුනක් බොද්දි, ගෙම්බා මහත් වන්නට විය. එහෙත් වරින් වර මුත්‍රා කරන්නට ගිය ඌ, යළි යළිත් බීර බීවේය. කවුරුත් සිතුවේ ඌ පුපුරා මිය යනු ඇති බවය. එහෙත් උපක්‍රමය නිසා ගැලවුණු ගෙම්බා තරගයෙන් ජය ගත්තේය.

ආඩම්බර හැඟීමෙන් යුතුව අවන්හලින් පිටවූ ගෙම්බා වෙරි මතින් පැන පැන යනු දුටු හාමත් උකුස්සෙක් වහා අවුත්, ඌ තුඩගින් ඩැහැ ගත්තේය.

අහසට ගිය ගෙම්බා පහත පෙනෙන පොළොව දැක මෙසේ කීය.

''ෂා.. අපේ පෘථිවිය කොච්චර ලස්සනද? මං ඇර වෙන කිසි ගෙම්බෙක් මේක දැකල නැතුව ඇති. උකුස්සෝ මං ඔහෙට කොහොම ස්තූති කරන්නද තේරෙන්නෙ නෑ.''

ගෙම්බාගේ ආඩම්බර කතාව ඇසූ උකුස්සා ඌට පාඩමක් උගන්වමියි සිතා බිම අතහැරියේය. මහ පාරට වැටුණු ගෙම්බා වේගයෙන් ආ රියකට යටව මිය ගියේය. උගේ අවසන් සිතිවිල්ල වූයේ ''අහස කියන තරම් ලස්සන නෑ... ඕනෑවටත් වඩා උසයි'' යන්නය.

 

jump

කලකට ඉහත ගමේ පොළවල 'ගෙම්බා ලකුණ' දරන සරම් හා චීත්ත තිබුණි. ඒවා ඇඳගෙන එළිමහනට ගිය විට 'ගෙම්බා ලකුණ' පිටතට පෙනෙයි. ඒ නිසා කෙටි කලකින්ම ඒවා වෙළෙඳපොළින් අතුරුදන් විය.

ළඟ එන මැතිවරණයේ දී පිල් පනින ගෙම්බන්ටද සිදුවනු ඇත්තේ ගෙම්බා ලකුණ දරන සරම්වලට අත්වූ ඉරණමය.

(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : යකා, කොරහ සහ ගෙම්බා | The Leader