The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

රජයේ වී මිලදී ගැනීමේ නව ක්‍රමය අශ්වයා පළවා හැර ඉස්තාලය වැසීමක් ද?

T

The Leader Desk

March 1, 2024 • 11:36 AM

රජයේ වී මිලදී ගැනීමේ නව ක්‍රමය අශ්වයා පළවා හැර ඉස්තාලය වැසීමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කරුණක් සේ සැලකිය නොහැකි බව ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය’ සඳහන් කරයි.
  • එම ව්‍යාපාරය වැඩි දුරටත් අවධාරණය කරනුයේ මෙවර මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වන විටත් ආරම්භ කර ඇති පසුබිමක වී ගොවියා‌ගේ යහපතට හේතු වන ආකාරයට රජයේ නිසි මැදිහත් වීමක් සිදු විය යුතු බවකි.
  • නමුත් අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි මෙවර මහ කන්නයේ දී ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කර ඇතැයි රජය පවසයි.
  • මෙම පුද්ගලයන් මගින් වී මිල දී ගැනීමේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන වී සඳහා වන අවම මිල දී ගැනීමේ මිල ගණන් යටතේ වී මිල දී ගැනීමේ කටයුතු උක්ත සඳහන් අංශ මගින් සිදු කෙරෙන බව සඳහන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):
කරුණක් සේ සැලකිය නොහැකි බව ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය’ සඳහන් කරයි. එම ව්‍යාපාරය වැඩි දුරටත් අවධාරණය කරනුයේ මෙවර මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වන විටත් ආරම්භ කර ඇති පසුබිමක වී ගොවියා‌ගේ යහපතට හේතු වන ආකාරයට රජයේ නිසි මැදිහත් වීමක් සිදු විය යුතු බවකි.
 
නමුත් අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි මෙවර මහ කන්නයේ දී ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කර ඇතැයි රජය පවසයි. ඒ අනුව සහණ ණය පදනමක් මත කුඩා හා මධ්‍යම පරිමාණයේ වී මෝල් අයිතිකරුවන්, වී ගබඩා කිරීම් කටයුතු කරන තැනැත්තන් හා වී එකතු කරන්නන් යන අංශ තුන සඳහා රාජ්‍ය හා පුද්ගලික බැංකු මගින් ණය මුදලක් ලබා දී ඔවුන් මගින් වී මිල දී ගැනීමට තීරණය කොට තිබේ. මෙම පුද්ගලයන් මගින් වී මිල දී ගැනීමේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන වී සඳහා වන අවම මිල දී ගැනීමේ මිල ගණන් යටතේ වී මිල දී ගැනීමේ කටයුතු උක්ත සඳහන් අංශ මගින් සිදු කෙරෙන බව සඳහන් ය.
z bus351
 
මුදල් අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වී සඳහා අවම මිල දී ගැනීම සඳහා වන පහත සඳහන් මිල ගණන් ද ඉදිරිපත් කර තිබේ.

තෙතමනය සියයට 14 මට්ටමක ඇති වී සඳහා.

නාඩු වී කිලෝග්‍රෑම් එකක් සඳහා රු. 105

සම්බා වී කිලෝග්‍රෑම් එකක් සඳහා රු. 120

කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් සඳහා රු. 130

තෙතමනය සියයට 14ට වඩා වැඩි වී සඳහා.

නාඩු වී කිලෝග්‍රෑම් එකක් සඳහා රු. 90

සම්බා වී කිලෝග්‍රෑම් එකක් සඳහා රු. 100

කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් සඳහා රු. 120

මෙම වී මිල දී ගැනීම සදහා කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් සඳහා රුපියල් මිලියන 50ක උපරිම ණය මුදලක් සහ වී ගබඩාකරුවන් සඳහා හා වී එකතු කරන්නවුන් සදහා රුපියල් මිලියන 25ක උපරිම ණය මුදලක් ද වශයෙන් රජය විසින් රාජ්‍ය හා පුද්ගලික බැංකු මගින් ලබා දීමට නියමිත ය. මෙම ණය යෝජනා ක්‍රමය දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මේ යටතේ මිල දී ගනු ලැබිය හැක්කේ මෙවර මහ කන්නයේ වී අස්වනු පමණි.
 
image agc 04

ඒ අනුව වි මිල දී ගැනීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති මිල ගණන් යටතේ වී මිල දී ගැනීම සිදු කළ යුතු වේ. එමෙන්ම මෙම වී මිල දී ගැනීම අධීක්ෂණය කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් හා ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් උපරිම මිල ගණන් තීරණය කිරිමේ දී ගොවි සංවිධාන ඇතුළු සියලු අංශවල අදහස් යෝජනා ලබා ගෙන තිබේ. ඒ අනුව මෙම මිල ගණන් ඉදිරිපත් කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත. මෙම මිල ගණන් අනුව මෙවර මහ කන්නය වී අස්වනු සඳහා ඉහළම මිලක් ලබා දීමට හැකි වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
කුඹුරුවල පොල් වවන්න අවසර
 
මේ අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ගේ උපදෙස් අනුව වී අලෙවි මණ්ඩලය විසින් ද මෙවර වී මිල දී ගැනීමට විශේෂ වැඩ පිළිවෙළක් යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති පවසයි.මෙය ද පසුගිය දිනයෙක ගැනුණු තීරණයකි. විශේෂයෙන් සහල් මිල ඉහළ යන අවස්ථාවන්හි දී පාරිභෝගික ආරක්ෂාව සඳහා මෙන්ම වී මිල පහළ යන අවස්ථාවල දී ගොවිජනතාවගේ වී සඳහා මිල ස්ථාවරව පවත්වා ගැනීම යන අරමුණු කරගනිමින් වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගන්නා බවක් පැවසෙයි. මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන දෙකක මුදලක් ලබා ගැනීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර ඇති බව ද පැවසෙයි.
 
නමුත් රජයේ මෙම සියළු ප්‍රකාශ කෘෂිකර්මය හා පදනම් වන ගැමි වහරකට අනුව කිවහොත් “කටින් බතල සිටුවීමක් බව”එහි ප්‍රගතිය ගම් මට්ටමින් පරීක්ෂා කිරීමේ දී පෙනී යයි.ඊට හේතුව මේ වන විටත් ලැබෙමින් පවතින මහ කන්නයේ වී අස්වැන්න කුණු කොල්ලයට වේගයෙන් කලු කඩය තුළට ගොනුවන බැවිනි.තව සතියක් හමාරක් තුළ මේ අසාධාරණයට රජය ඉඩ දුන හොත් රජයේ එම ප්‍රකාශයන් වී මිල දී ගන්නා කලු කඩ කාරයන්ගේ පසු පස සැඟවී රජය ජනතාවට අනියමින් කොකා පෙන්වීමක් වනු ඇත.
farmer protest
 
‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය’ පවසනුයේ රටට බත සපයන වී ගොවියාගේ යහපත හා ආරක්ෂාව උදෙසා ස්ථීරසාර ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් නොමැති වීම නිසා කන්නයෙන් කන්නයට අස්වනු නෙලන කාල සීමාවන්හි දී මතු වන දුක් ගැනවිලිවලින් පැහැදිලිව ප්‍රදර්ශනය වන බවකි. ඔවුන් ගේ එම ප්‍රකාශය යුක්ති සහගත සේ අපට ද හැඟී යනුයේ ඉහත ආකාරයේ වී මිලදී ගැනීමක් මෙතෙක් වාර්තා වී නොමැති හුදු සිහිනයක් පමණක් බැවිනි.
 
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙවර මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ තීරණය අශ්වයා පළවා හැර ඉස්තාලය වැසීමක් සේ ද යමකුට පෙනෙනු ඇත. එමෙන්ම රජය හිතා මතාම ඒ අශ්වයාට පලා යන්නට ඉඩ සලසා ඇති බවක් ද පෙනෙයි. මෙම තත්වය යටතේ මෙවර මාස් කන්නයේ වී අස්වනු මිලදි ගැනීම සඳහා ප්‍රායෝගික වැඩපිලිවෙළකට තීන්දු තීරණ ගත යුතුව තිබුණේ යම් කලකට පෙර ය .මෙය ඒ සඳහා පූර්ව සූදානමක් මත මිස අස්වනු නෙලීම ආරම්භ කිරීමෙන් පසුව කළ යුත්තක් නොවන බව එම සංවිධානය අවධාරණය කරයි. වී අස්වනු මිලදි ගැනීම සඳහා සුළු හා මධ්‍යම පරිමාණයේ වී මෝල් හිමියන් වෙත ණය ක්‍රමයක් හඳුන්වා දී ඇතත් වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදි ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් තවමත් ආරම්භ නොවීම තුළ පෙර සුදානමක් නොතිබූ බව පෙනේනට ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි.
Farmers 15042022 B05 CMY
 
රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ග්‍රාමීය ගොවි ජනතාව ද බරපතල ආර්ථික කඩාවැටීමකට ගොදුරු වී සිටින පරිසරයක් තුළ වගා කටයුතුවලට පමණක් නොව තම එදිනෙදා ජිවිතය පවත්වාගෙන යාමට පවා ණයකරුවන් බවට පත්වීමට ඔවුන්ට සිදුව ඇතැයි ද රටක් ලෙස දේශීය ගොවි ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථිරසාර වැඩපිළිවෙලකට යොමු වීම ආණ්ඩුවේ වගකීමක් බව ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිකුත් කරන ලද නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.ඒ කෙසේ හෝ ශ්‍රී ලාංකේය සමාජයේ හෘද මාංශය බඳු වී ගොවිතැන සම්බන්ධ අර්බුදකාරී තත්වයනට නිසි විසඳුම් දිය නොහැකි පාලකයන් රට තුළ පැන නැඟී ඇති අනේක විධ ගැටළු අර්බුද වලට විසඳුම් ලබා දෙන්න කෙසේදැයි විමසීමේ අවස්ථාව නම් රජය අප වෙත නොඅඩුවම උදා කර දී තිබේ.

WhatsApp Image 2024 03 01 at 2.33.58 PMසටහන : රේණුකා දමයන්ති
 
 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රජයේ වී මිලදී ගැනීමේ නව ක්‍රමය අශ්වයා පළවා හැර ඉස්තාලය වැසීමක් ද? | The Leader