The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

මහ බැංකුවේ හිතුවක්කාරී වැටුප් වැඩිකිරීම නීති විරෝධියි !

T

The Leader Desk

March 3, 2024 • 4:22 PM

මහ බැංකුවේ හිතුවක්කාරී වැටුප් වැඩිකිරීම නීති විරෝධියි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අංක 16 දරණ මහ බැංකු පනත තුල කිසිදු නෛතික ප්‍රතිපාදනයක් නැත.
  • මහ බැංකු පාලක මණ්ඩලය විසින් සේවකයින් පත් කිරීම් හා සේවා කොන්දේසී තීරණය කිරීමේ දී රටේ පවත්නා නීතිය ට පටහැනිව කටයුතු කිරීමේ හැකියාව ලබාදීම ‘අත්තනෝමතික ලෙස භාවිත විය හැකි බව‘ උපදේශකයින් ගේ හා නිරීක්ෂකයින්ගේද අදහස විය.
  • එම වගන්තිය දැනට බලාත්මක 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනතේ දැක්වෙන්නේ මෙසේය.
  • මහ බැංකුවට පමණක් නොව මැතිවරණ, රාජ්‍ය සේවා, විගණන සේවා ඇතුළු කොමිෂන් සභාවන්ට ද මහ බැංකු පනතේ දැක්වෙන විධිවිධාන හා සමාන්තර ස්වාධීනත්වයක් ලබා දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

2023 අංක 16 දරණ මහ බැංකු පනත තුල කිසිදු නෛතික ප්‍රතිපාදනයක් නැත.  කැබිනට් මණ්ඩලය ද, පාර්ලිමේන්තු කමිටු ද මේ නීති විරෝධී වැටුප් වැඩි කර ගැනීම ගැන සිය බලය ක්‍රියාත්මක කළ යුතුය.


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සම්පාදිත මහ බැංකු පනත් කෙටුම්පතේ 23 (1) වන වගන්තියේ දක්වා තිබුනේ "Notwithstanding anything to the contrary in any other written law,  the Governing Board may appoint and remove employees of the Central Bank, and may prescribe by rules the terms and conditions of their employment, including the remuneration."  


සරලවම, ලංකාවේ වලංගු නීතිය කුමක් වුවද, මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් සේවකයින් පත් කිරීම හා ඉවත්කිරීම සිදු කිරීමත් පත්වීමට අදාළ අනෙකුත් දේ තීරණය කිරීමත් කළ හැකි බව මෙයින් අදහස් වේ.

2023 වසරේ දී නව මහ බැංකු පනත් කෙටුම්පත සාකච්ඡාවට බදුන්වන විට මෙම වගන්තිය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු විය.  මහ බැංකු පාලක මණ්ඩලය විසින් සේවකයින් පත් කිරීම් හා සේවා කොන්දේසී තීරණය කිරීමේ දී රටේ පවත්නා නීතිය ට පටහැනිව කටයුතු කිරීමේ හැකියාව ලබාදීම ‘අත්තනෝමතික ලෙස භාවිත විය හැකි බව‘ උපදේශකයින් ගේ හා නිරීක්ෂකයින්ගේද අදහස විය.

මහ බැංකුව විසින් සකස් කරනු ලැබූ මූලික පනත් කෙටුම්පතෙහි අන්තර්ගත මෙම වගන්තිය සුදුසු නොවන බැවින් ආණ්ඩුව හා පාර්ලිමේන්තුව එය සංශෝධනය ක‍ළේය. වෙනත් වචනයෙන් කියන්නේ නම්, මහ බැංකුවට තම සේවක වැටුප් සිතැඟි පරිදි වැඩි කර ගැනීමට ඉදිරිපත් වූ යෝජනාව ආණ්ඩුව ද (ව්‍යවස්ථාදායකය ද) ප්‍රතික්‍ෂේප කළේය.  

එම වගන්තිය දැනට බලාත්මක 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනතේ දැක්වෙන්නේ මෙසේය.


23 (1) "පාලක මණ්ඩලය විසින්, මහ බැංකුවේ සේවානියුක්තිකයින් පත් කිරීම සහ ඉවත් කිරීම කළ හැකි අතර, ඔවුන්ගේ පාරිශ්‍රමික අතුළු ව ඔවුන්ගේ සේවානියුක්ති නියම සහ කොන්දේසි නිශ්චය කළ හැකි ය."


මහ බැංකු පනත් කෙටුම්පතේ අඩංගු වූ ‘‘Notwithstanding anything to the contrary in any other written law‘‘ කොටස ඉවත් කර ඒ වෙනුවට ඔවුන්ගේ ‘පාරිශ්‍රමික අතුළු ව ඔවුන්ගේ සේවා නියුක්ති නියම සහ කොන්දේසි නිශ්චය කළ හැකි ය‘ යන්න 2023 සැප්තැම්බර් නීතිය බවට පත්වූවේ මහ බැංකුව රටේ පවත්නා අනෙකුත් නීති ප්‍රකාරව එය සිදු කළ යුතු බව ව්‍යවස්ථාදායකය විසින් නිශ්චය කළ බැවිනි.  පාර්ලිමේන්තුවේ නීතිය සම්මත කර ගැනීමේ අභිලාෂය පැහැදිලිය.


ඒ අනුව, මහ බැංකුවට තම සේවක වැටුප් හිතුමනාපයේ වෙනස් කර ගැනීමට කිසිදු නෛතික හැකියාවක් නැත. එසේ නොමැති කම නිසාම, මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ කිසිදු තැනක තම සේවක වැටුප් වැඩිකර ගැනීමට බලය ලැබෙන්නේ කෙසේ ද කියා ඔවුන් නිශ්චිතව පවසන්නේ  නැත.


මහ බැංකුවට පමණක් නොව මැතිවරණ, රාජ්‍ය සේවා, විගණන සේවා ඇතුළු කොමිෂන් සභාවන්ට ද මහ බැංකු පනතේ දැක්වෙන විධිවිධාන හා සමාන්තර ස්වාධීනත්වයක් ලබා දී ඇත. මේ සියළුම ස්වාධීන ආයතන තම වැටුප් හා අනෙකුත් සේවා කොන්දේසි නිර්ණය කිරීම සිදු කරන්නේ රටේ පවත්නා නීතිය හා රාජ්‍ය සේවයේ ව්‍යවහාරයන් අනුව ය.

පනතේ 81 වගන්තිය අනුව, මහ බැංකුව ආණ්ඩුවේ මුල්‍ය උපදේශකවරයා ය. මහ බැංකුව රජයට මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙනුයේ දැඩි මුල්‍ය විනයකට යටත්වය.  ඒ නිසාම, වසර එකහමාරකට (1 ½) කට අඩු කාලයක් තුළ රාජ්‍ය මුල්‍ය තත්ත්වය ඉහළ නංවා ගැනීමට රජයට හැකිවී තිබේ. රජයේ සියළුම ක්ෂේත්‍රවල වියදම් කලමනාකරණය කර ගනිමින්, නව බඳවා ගැනීම් හා පත්වීම් පාලනය කරමින් , ප්‍රසාද දීමනා, අතිකාල ආදිය ගෙවීම නවතා දමමින් ඇත.  මෙවන් පසුබිමක ආණ්ඩුවේ මුල්‍ය උපදේශකවරයා ලෙස කටයුතු කරන මහ බැංකුව පමණක් සිය සේවක වැටුප් වැඩි කර ගැනීම නීතිය ට කෙසේ නමුත් සදාචාරයට ගැලපෙන්නේ ද නැත.


රටේ උද්ධමනය වැඩිවීම හේතුවෙන් තම වැටුප් වැඩි කර ගන්නා බව මහ බැංකුව මගින් ප්‍රකාශිත තර්කය යි.   ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන උද්ධමනය පිළිබඳ වාර්තා අනුව 2023 ජූලි මස සිට අද දක්වාම උද්ධමනය තනි ඉලක්කමක පවති. (එනම් 10%ට අඩු ප්‍රමාණයක) පවතී.  උද්ධමනයට අනුව මහ බැංකු වැටුප් වැඩි වන්නේ යැයි සාධාරණ ලෙස නීර්නය කරන්නේ නම් වැටුප් වැඩි වීම 10%කට අඩු විය යුතුය.  


අනෙක් අතට, මේ වැටුප් වැඩිවීම සිදුවන්නේ 2021 වසරට සාපෙක්ෂව නම්, එය රටේ අනෙකුත් සේවා නියුක්තිකයන්ටද එලෙසම අදාළ විය යුතුය. රටක උද්ධමනය වැලැක්විය නොහැකිය.  උද්ධමනයට සාපේක්ෂව වැටුප් වැඩිවිය යුතු බවට පත්රකයක් නැත. එය රටේ සියළු පුරවැසියන්ට සාධාරණ සහ සමාන විය යුතුය.

රටේ උද්ධමනය පාලනය කිරීමේ වැඩිම වගකීම පැවරී ඇත්තේ ද මහ බැංකුවට ය. මහ බැංකු වාර්තා අනුව 2021 සිට 2023 මැද භාගය දක්වාම උද්ධමනය පාලනයට මහ බැංකුව අසමත්වී ඇත. උද්ධමනය පාලනය කිරීමේ වගකීම පවතින ආයතනය, තම වෘත්තීය වගකීම ඉටු නොකර, උද්ධමනය මත තම වැටුප වැඩි කර ගැනීම කිසිදු පිළිගත් කලමනාකරණ න්‍යායයකට අනුකූල නැත.  


ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව (SC/FR/195/2022) අනුව, මහ බැංකු අධිපතිවරුන්වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් සහ එස්.ආර්.ආටිගල (හිටපු මුදල් ලේකම්) යන මුදල් මණ්ඩලයේ සාමාජිකයින් රට බංකොලොත් කිරීමට වගකිව යුතුය.  රාජපක්ෂ පවුලේ සහෝදරයින් තිදෙනාට ද, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතාට ද උපදෙස් ලැබුණේ මහ බැංකුවෙනි.  ඒ බව පිටු අංක 73, 77, 92, 93, 110, 239 හා  242 හි පැහැදිලිව සඳහන් ය.


තව ද, මහ බැංකුවේ නිලධාරියෙකු ද වන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා රාජ්‍ය වියදම් පාලනය, රජයේ සේවකයින්ගේ අතිකාල, වෙනත් දීමනා, ප්‍රසාද දීමනා ගෙවීම පිළිබඳ සීමාවන් පනවනු ලබන්නේය.  නමුත්, මහ බැංකුවේ නිත්‍ය සේවකයෙකු වන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඔහු විසින්ම පනවනු ලබන නිර්ණායකයන්ට පිටින් වැටුප් වැඩිකර ඇත. (ඔවා දෙනු පර හට, තමා සම්මතයේ පිහිටා සිට)

මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම ආචාරධර්මවලට අනුකුල වන්නේ නැත. ආචාර ධර්මවලට අනුකූල නම්, සමස්ථ සේවා නියුක්තිකයන්ට උද්ධමනයට සරිලන වැටුප් වැඩිවීමක් හා ගැලපීමක් සිදු කර ඉන් අනතුරුව මහ බැංකුවට එයට සමාන්තර ප්‍රමාණයකින්  තම වැටුප සංශෝධනය කර ගත හැකිව තිබිණි.

රටේ අනෙකුත් ආයතනයන්හි පහසුකම් පැකේජ (උදා - ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ණය යෝජනා ක්‍රම ආදිය) සංශෝධනයට මේ වන විට දැඩි බලපෑමක් එල්ලවී ඇත. නමුත්, මහ බැංකුවේ සහන පැකේජයට එවැනි සංශෝධනයක් හෝ යෝජනා වී නැත.

මහ බැංකුවේ වැටුප් වැඩි කිරීමේ වාසිය වත්මන් සේවකයින්ට පමණක් නොව හිටපු මහ බැංකු සේවකයින්ට ද, විශ්‍රාම වැටුප හරහා ලැබෙන්නේ ය. හිටපු මහබැංකු අධිපතිවරුන්ට ද, ආර්ථික ඝාතකයින්ට ද එමගින් තවත් වරප්‍රසාද ලැබෙන්නේය.


දැනට සම්මතව ඇති ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 23 (1) වගන්තිය මගින් රටේ පවත්නා අනෙකුත් නීති නොසලකා වැටුප් වැඩි කර ගැනීමේ අවස්ථාව පාලක මණ්ඩලයට ලැබෙන්නේ නැත. එය යෝජිත කෙටුම්පතේ තිබී, නීතියක් ලෙස පනත සම්මත වන විට ඉවත් කරනු ලැබූවේ රටේ නීතිය නොතකා කටයුතු කිරීම යුක්ති සහගත නොවන නිසාය.


ශ්‍රී ලංකා මහ බැංකු වැටුප් සංශෝධන ක්‍රියාවලිය අනීතිකය. අනෙක් අතට, ආණ්ඩුව සහ ව්‍යවස්ථාදායකය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූවකි.  එබැවින් එය පරාජය කිරීම ද ආණ්ඩුව සහ ව්‍යවස්ථාදායකය සතු වගකීමකි.

(ඉසුරු සමරකෝන්)


සබැඳි පුවත් :
මහ බැංකු වැටුප් ප්‍රශ්නය හා වෘත්තීය සමිති සද්භාවය - (නීතීඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
මහ බැංකුවට තඩි පඩි, අනිත් හැමෝටම තද පටි - (ගාමිණී වියන්ගොඩ)
බංකොලොත් වුවත් මහ බැංකු වැටුප් ඉහළට ම : වගකිව යුත්තා රජය ද? මහ බැංකුව ද? IMF එකෙන් ගොඩ යයි ද? - (පි සමරසිරි)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මහ බැංකුවේ හිතුවක්කාරී වැටුප් වැඩිකිරීම නීති විරෝධියි ! | The Leader