The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

දරුවන්ගේ පාසල් බෑගයේ බර අඩු නොකරන බලධාරීන් මතු පරපුරේ ශාපයට ලක්වෙනවා

T

The Leader Desk

March 4, 2024 • 8:48 AM

දරුවන්ගේ පාසල් බෑගයේ බර අඩු නොකරන බලධාරීන් මතු පරපුරේ ශාපයට ලක්වෙනවා 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සිසුන් සඳහා සකස් කර ඇති “වැඩ පොත්” හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීම‌ට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගැනීමෙනි.
  • ඒ අනුව විදුහල්පතිගේ සෘජු අධීක්ෂණය යටතේ ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර දන්වමින් අධ්‍යාපන ලේකම් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
  • නමුත් පාසල් පොත් බෑගයේ බර වැඩිවීම හේතුවෙන් පාසල් සිසුන්ගේ කොඳුඇට පෙළේ ආබාධ වැනි විවිධ ශාරීරික අපහසුතා ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී ඇත්තේ මීට දශකයකට පමණ ඉහත දීය.
  • සිසුන්ගේ පොත් බෑගයේ බර අඩුකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය එලෙස යොමු වී ඇති අතර එහි එක් පියවරක් වශයෙන් තෝරාගත් පෙළ පොත් කාණ්ඩ වශයෙන් මුද්‍රණය කිරීමට ද මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සිසුන් සඳහා සකස් කර ඇති “වැඩ පොත්” හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීම‌ට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගැනීමෙනි.

WhatsApp Image 2024 03 03 at 3.32.12 PM

 

ඒ අනුව විදුහල්පතිගේ සෘජු අධීක්ෂණය යටතේ ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර දන්වමින් අධ්‍යාපන ලේකම් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. නමුත් පාසල් පොත් බෑගයේ බර වැඩිවීම හේතුවෙන් පාසල් සිසුන්ගේ කොඳුඇට පෙළේ ආබාධ වැනි විවිධ ශාරීරික අපහසුතා ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී ඇත්තේ මීට දශකයකට පමණ ඉහත දීය.

සිසුන්ගේ පොත් බෑගයේ බර අඩුකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය එලෙස යොමු වී ඇති අතර එහි එක් පියවරක් වශයෙන් තෝරාගත් පෙළ පොත් කාණ්ඩ වශයෙන් මුද්‍රණය කිරීමට ද මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇත.

 

st johns computer unit3 e1476967822567

ඒ අතර පන්තිවල ශිෂ්‍ය කණ්ඩායම් ස්ථාපිත කර කණ්ඩායමකට එක් සිසුවකු විසින් පෙළ පොත් රැගෙන ඒමටත් අවශ්‍ය අයට පෙළ පොත් පාසලේ ආරක්ෂිතව තබා යාමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. එහි දී පන්ති කාමරයේ පෙළ පොත් තබා ගොස් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා පෙළ පොත්වල මෘදු පිටපත් භාවිත කිරීමට සිසුන් හුරු කිරීම සිදු කෙරෙනු ඇත.

පෙළ පොත් කාණ්ඩ කිරීම හා අභ්‍යාස පොත්වල බර අඩු කිරීම වැනි ක්‍රියා මාර්ග ද මෙහිදී ක්‍රියාවට නැංවීමට නියමිත ය. මේ පිළිබඳව ඉදිරියේ දී පාසල් ප්‍රධානීන් හරහා සිසුන් දැනුවත් කිරීම සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. මෙහි ඉහත සඳහන් කළ අන්දමටම පාසල් දරුවන් ගේ පොත් බෑගයේ බර අප සමාජයේ පවතින බරපතල ප්‍රශ්නයකි.

 

School bag


එමෙන්ම එහි බරපතල බව සම්බන්ධයෙන් පොදු සමාජය දැනුවත් නොවීම වෙනම ඛේදවාචකයකි.එ මෙන්ම “මගේ බෑග් එක බර වැඩියි” යනුවෙන් මැසිවිලි හෝ අඳෝනා නැඟීමට,විරෝධතා දැක්වීමට තරම් පැසුණු මොළයක් කුඩා දරුවන්ට නොමැත. 

නමුදු විස්මයට කරුණ එය නොවේ. අධ්‍යාපනයේ නාමයෙන් සිසු දරුවන් අත් විඳින සැබෑ පීඩාවන් සිය දේශපාලන අරමුණු වලින් යට කොට හිඳින ඇතැම් ගුරු විදුහල් පති සංගම් ද මෙම ගැටළුවේ බරපතල කම හරි හැටි වටහා නොගැනීම ය. ඇතැමුන්ට ඊට වඩා ඒ එක් එක් දේශපාලන ධාරාවන් ගෙන් ලැබෙන මිල මුදල් ඇතුළු වරප්‍රසාද වල ඉහළ අගයකින් යුතු බව පෙනෙයි. නමුත් ඒ ගනුදෙනු සම්බන්ධයෙන් ඔවුන්ගේ සාමාජිකත්වයෙන් පවා හරි අඩකටත් වඩා නොදනිති.

image 3e03e74cdbවිධිමත් ක්‍රමවේද වලින් තොරව බර එසවීම සැමට අතිශය අහිතකර ප්‍රතිවිපාක උදා කිරීමට හේතු වන්නකි. විශේෂයෙන් ම දරුවන්ගේ මාංශපේශි හා සැකිලි ආබාධ ඇති වීම කෙරෙහි මෙය බලපාන බව නොරහසකි. කොඳු ඇට පෙළ පැත්තකට ඇද වීමට තුඩු දෙන රෝග කෙරෙහි මේ බෑග්වල බර වැඩි වීම හා සෞඛ්‍ය සම්පන්න නො වන ආකාරයට බෑග් ඔසොවාගෙන යැම හේතු වන බව විවිධ පර්යේෂණ මඟින් තහවුරු වී තිබේ.

සාමාන්‍යයෙන් මෙම පාසල් පොත් බෑගයේ අධි බර ගැටළුවට වැඩිපුර මුහුණ දෙනුයේ පහේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ගේ සිට සාමාන්‍ය පෙළ විෂයන් දක්වා සිසුන් බව නොරහසකි. ඒ එම අධ්‍යාපන සමයේ සිසුන් මුහුණ දෙන විෂයන් සංඛ්‍යාව මෙන්ම අතිරේක පන්ති ද වැඩි වීම නිසා ය. පස් වන ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබන දරුවකුගේ පාසල් බෑගයක බර ආසන්න වශයෙන් කිලෝ දහයකට ආසන්න වන බව සොයාගෙන තිබේ.

 

A Sri Lankan student  wearing a protective mask heads towards the exam center as his mother (L) checks his bag after handing over the admission papers and food near an examination center for Grade-5 scholarship exam at Colombo, Sri Lanka on 11 October 2020. (Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)
එම විමසුම් වලට අනුව එයින් 37%කට ආසන්නව ඇත්තේ මුද්‍රිත පොත් හෙවත් පෙළපොත් ය., විෂය ලීවිම් පොත් ඇත්තේ 30%කට ආසන්න ප්‍රමාණයකි. අනෙකුත් ඉඩ වෙන්ව ඇත්තේ පොත් නොවන පාසල් ලිපි ද්‍රව්‍යයන්ට බව නිරීක්ෂණය වී ඇත. 

තත්වය මෙසේ වුව පාසල් බෑගයක තිබිය යුතු බර පිළිබඳ අන්තර්ජාතික ප්‍රමිතියක් තිබේ. 

ඒ ප්‍රමිතියට අනුව බෑගයෙහි මුළු බර, දරුවාගේ සිරුරේ බරින් 10%කටත් වඩා අඩු වන්නේ නම් වඩා හොඳ බව නිගමනය කර ඇත. එසේම ඒ අගය 15% නොඉක්මවිය යුතු බව ද අවධාරණය කර තිබේ. නමුදු අද දරුවකු ඔසවා ගෙන යන පාසල් බෑගයක බර දරුවා ගේ බර ප්‍රමාණයෙන් තුනෙන් එක්කට ආසන්න වන අවස්ථා ද තිබේ. 

95babe20 9a2a 4f11 970a f7f41ca91f6f

 

2006 වසරේ දී ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පාසල් පනස්‌ පහක 6, 7, 8 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් 1,607 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් පවුල් සෞඛ්‍ය කාර්යංශයේ මෙහෙයවීමෙන් මහාචාර්ය දුලිතා ප්‍රනාන්දු හා වෛද්‍ය කපිල ජයරත්නගේ පාසල් බෑගයේ බර සම්බන්ධ පර්යේෂණයක් දියත් කොට තිබිණ. එහි දී එම දරුවන්ගෙන් 80%ක්‌ පිටේ දෙවුරෙන් එල්ලාගෙන යන ( Back pack ) බෑග් මාදිලිය භාවිත කරන බව අනාවරණය විය.

නමුදු එම බෑගයක් සඳහා යොදන ඉන පටියක්‌ පාවිච්චි කර තිබුණේ ඒ අතරින් 30%ක්‌ පමණක් බව ද අනාවරණය විය. විධිමත් ක්‍රමවේද වලින් තොරව බර එසවීම සැමට අතිශය අහිතකර ප්‍රතිවිපාක උදා කිරීමට හේතු වන්නකි. විශේෂයෙන් ම දරුවන්ගේ මාංශපේශි හා සැකිලි ආබාධ ඇති වීම කෙරෙහි මෙය බලපාන බව නොරහසකි. කොඳු ඇට පෙළ පැත්තකට ඇද වීමට තුඩු දෙන රෝග කෙරෙහි මේ බෑග්වල බර වැඩි වීම හා සෞඛ්‍ය සම්පන්න නො වන ආකාරයට බෑග් ඔසොවාගෙන යැම හේතු වන බව විවිධ පර්යේෂණ මඟින් තහවුරු වී තිබේ.

Sri Lankan school children in classroom, Sigiriya, Ceylon.

 

මෙම පසුබිම යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මේ වන විට බරින් වැඩි පෙළපොත් කොටස් කිරීමක් කර තිබේ. මේ නිසා 6,7,8 ශ්‍රේණිවලට මේ වන විට පෙළ පොත් වර්ග 12ක් 13ක් පමණ භාවිත කෙරේ. මෙයිනුත් සමහරක් කොටස් කර ඇතත් එයද මේ ගැටලුවට නිසි විසඳුමක් නොවන බව පෙනී ගොස් තිබේ. ඒ සැම පෙළපොතක්ම සාමාන්‍ය බරට වඩා අධික බරින් යුතු වීම නිසාය. මෙහි නිසි බර සකසා ගන්නට නම් පෙළපොත් තවත් කොටස් තුනකට වක් කැඩිය යුතු වුවත් එය ද ආණ්ඩුවට දැරිය නොහැකි වියදමක් වනු ඇත. 

මේ තත්වය යටතේ අධික බරින් යුතු පාසල් සිසුන්ගේ පොත් බෑග් නම් සමාජමය නිදන්ගත රෝගයට යොදන පිළියම් විවිධ නේතූන් මත ක්‍රියාත්මක නොවීමේ පහසු අවදානමක් තිබේ. ඒ මුළු මහත් ජාතියම ලෙඩ කරන මෙම බරපතල සමාජ අර්බුදය පොඩි උන්ට අදාල වන්නක් නිසා එය පොඩි කොට සුළු කොට සලකමිනි. නමුත් වත්මන් ආණ්ඩු සහ අධ්‍යාපන බලධාරීන් මේ සම්බන්ධයෙන් ප්‍රබල සාධනීය විසඳුම් ඉදිරිපත් නොකළ හොත් විවිධ රෝගාබාධ සහිතව සමාජ ගත වන ඔවුන් මතු පරපුරේ ශාපයට ලක් වීම කෙසේ වත් වලකනු බැරි ය.

WhatsApp Image 2024 03 01 at 2.33.58 PM(ඒ ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී 

renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

සබැඳි පුවතක් :
පොත් බෑගය නිසා පාසල් දරු දැරියන්ට කොඳු නාරටියේ ආබාධ - අමාත්‍ය විජයදාස


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...