The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

විදුලි ගාස්තු අඩු කිරීමේ පැණි වරකාව රස විඳීමට පෙර..

T

The Leader Desk

March 6, 2024 • 9:24 AM

විදුලි ගාස්තු අඩු කිරීමේ පැණි වරකාව රස විඳීමට පෙර..

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව මේ වන විට ඒකක 30‌ට අඩු කාණ්ඩයේ පාරිභෝගිකයින්ගේ විදුලි ඒකක මිල සියයට 33කින් අඩු කොට තිබේ.
  • ඊට අමතරව ඒකක 31ත් 60ත් අතර පාරිභෝගිකයින්ගේ බිල්පත සියයට 28කින් ද ඒකක 60ත් 90ත් අතර පාරිභෝගිකයින්ගේ බිල්පත සියයට 30කින් ද ඒකක 90ත් 180ත් අතර පාරිභෝගිකයින්ගේ බිල්පත සියයට 24කින් ද ඒකක 180ට වැඩි ගෘහස්ථ කාණ්ඩය සදහා සියයට 18කින් ද ගාස්තු අඩු වී ඇත.
  • විදුලි ඒකකමය පදනමකින් තොරව ආගමික ස්ථානවල විදුලි ගාස්තු සියයට 33ක අඩු කොට ඇති අතර හෝටල් සහ කර්මාන්ත අංශවල බිල්පත සියයට 18කින් ද පොදු කාර්ය කාණ්ඩයට සියයට 23ක අඩුවීමක් ද රාජ්‍ය අංශය සදහා සියයට 22කින් ද විදුලි ගාස්තු අඩු වීමක් ද සිදු කොට තිබේ.
  • වීදි පහන් සඳහා ද සියයට 20ක අඩුකිරීමක් ද සිදු කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව මේ වන විට ඒකක 30‌ට අඩු කාණ්ඩයේ පාරිභෝගිකයින්ගේ විදුලි ඒකක මිල සියයට 33කින් අඩු කොට තිබේ. ඊට අමතරව ඒකක 31ත් 60ත් අතර පාරිභෝගිකයින්ගේ බිල්පත සියයට 28කින් ද ඒකක 60ත් 90ත් අතර පාරිභෝගිකයින්ගේ බිල්පත සියයට 30කින් ද ඒකක 90ත් 180ත් අතර පාරිභෝගිකයින්ගේ බිල්පත සියයට 24කින් ද ඒකක 180ට වැඩි ගෘහස්ථ කාණ්ඩය සදහා සියයට 18කින් ද ගාස්තු අඩු වී ඇත.

 

 original

විදුලි ඒකකමය පදනමකින් තොරව ආගමික ස්ථානවල විදුලි ගාස්තු සියයට 33ක අඩු කොට ඇති අතර හෝටල් සහ කර්මාන්ත අංශවල බිල්පත සියයට 18කින් ද පොදු කාර්ය කාණ්ඩයට සියයට 23ක අඩුවීමක් ද රාජ්‍ය අංශය සදහා සියයට 22කින් ද විදුලි ගාස්තු අඩු වීමක් ද සිදු කොට තිබේ. වීදි පහන් සඳහා ද සියයට 20ක අඩුකිරීමක් ද සිදු කර ඇත.

ඒ අනුව සමස්ත ගාස්තු අඩුවීම සියයට 21.9කි. සැබැවින්ම අප ගේ ගැමි වහරට අනුව කිවහොත් එය “සාදුකාරයක්” දිය යුතු වැඩකි.

light y
නව ගාස්තු සංශෝධනය යටතේ ඒකක 30ට අඩු පාරිභෝගිකයින්ගේ මාසික ගාස්තුව රුපියල් 180 සිට 150 දක්වා අඩු කෙරේ. ඔවුන් ගෙවන ඒකක මිල රුපියල් 12 සිට රුපියල් 8 දක්වා අඩුකර ඇත. ඒකක 31ත් 60ත් අතර පාරිභෝගික කාණ්ඩය ගෙවු රුපියල් 360ක මාසික ගාස්තුව රුපියල් 300ක් දක්වා අඩුකර ඇති අතර එම කාණ්ඩය සදහා ඒකක මිල රුපියල් 30 සිට 20 දක්වා අඩු කෙරේ. ඒකක 60 ට වැඩි කාණ්ඩ පළමු ඒකක 60 සදහා දැනට අයකරන රුපියල් 38 රුපියල් 25 දක්වා අඩු කර ඇත. ඒකක 60ට වැඩි 90ට අඩු කාණ්ඩය සදහා ඒකකයට දැනට අයකරන රුපියල් 41ගාස්තුව රුපියල් 30 දක්වා අඩු කර ඇත.වත්මන් මාසික ගාස්තුව රුපියල් 480 සිට රුපියල් 400 දක්වා අඩු කර තිබේ. 

ඒකක 90ට වැඩි ඒකක 120ට අඩු කාණ්ඩය සදහා ඒකකයට දැනට අයකරන රුපියල් 59 ගාස්තුව රුපියල් 50 දක්වා අඩු කර ඇත. දැනට අයකරන රුපියල් 1,180 මාසික ගාස්තුව රුපියල් 1,000 දක්වා අඩු කර තිබේ. ඒකක 120ට වැඩි ඒකක 180ට අඩු කාණ්ඩය සදහා ඒකකයට දැනට අයකරන රුපියල් 59 ගාස්තුව රුපියල් 50 දක්වා අඩු කර තිබේ.දැනට අයකරන රුපියල් 1,770 මාසික ගාස්තුව රුපියල් 1,500 දක්වා අඩු කර තිබේ. ඒකක 180 වැඩි කාණ්ඩය සදහා ඒකකයට දැනට අයකරන රුපියල් 89 ගාස්තුව රුපියල් 75 දක්වා අඩු කර තිබේ. දැනට අයකරන රුපියල් 2,360 මාසික ගාස්තුව රුපියල් 2,000 දක්වා අඩු කර තිබේ.

 

elec rt

ඒ අනුව මේ වන විට අප රටේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම වීරිය පාරමිතාවක් කර ගෙන හිඳින බහුතර ජනතාව එසේ ඉතිරි වන මුදලින් ගේ දොර ඉඩ කඩම් යාන වාහන වතු පිටි නොගන්නා බවත් එම ඉතිරිය හාල් කිලෝවක්,පොල් ගෙඩියක් ,සීනි තේකොළ ටිකක්,පාන් ගෙඩියක් ආදී වවශයෙන් තම පණ ගැට ගසා ගැනීමේ ව්‍යාපෘතිය සඳහා ආයෝජන කරන බව ඉතා පැහැදිලිය.නො එසේ නම් එය යෙදවෙනුයේ තම පාසල් යන දූ පුතුනට පෑනක් පැන්සලක් අභ්‍යාස පොතක් අරන් දෙන්නේ කෙසේ ද? යන නින්ද නොයන ගැටළුව්කට විසඳුම් වශයෙනි.ඒ අනුව මෙම විදුලි ගාස්තු අඩු කිරීම නම් පැණි වරකා ප්‍රවෘත්තිය ඉතා රසවත් බව ඇත්තකි.එහෙත්, සංතීක්ෂණ සමාජයක් වශයෙන් අප එය ගෙඩිය පිටින්ම ගිල දැමිය යුතු නැත.මක් නිසා ද යත් එහි කටු, ඇට, ඉරි වහල්ල වශයෙන් ආහාරයට ගත නොහැකි කොටස් ද ඕනෑ තරම් ඇති බැවිනි.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම නිර්හේශ කොට තිබිණ. එහෙත් එය නිවැරදි නොවන බව ද ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාව අවධාරණය කොට තිබිණ. මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ලිපියක් මගින් මේ බව කාරක සභාව දැනුම් දී තිබුණේ ඒ අනුවය. 

 

04 Protest
විදුලි බිල ඉහළ නැංවීම හේතුවෙන් විදුලිබල මණ්ඩලය ලබා ඇති අතිප්‍රමාණික ලාභය නිසා මෙම වසරේ ජනවාරි සිට මාස තුනක කාලයක් තුළ විදුලි ගාස්තු පහළ හෙළන ලෙස විදුලි බල මණ්ඩලයට නියෝග කරන ලෙස ද එම ආංශික අධීක්‍ෂණ කාරක සභාවමහජන උපයෝගිතා කොමිෂන් සභාවට දැනුම් දී තිබුණි.

එහි දී ආංශික කාරක සභාවට ඉදිරිපත් ව තිබූ සියලු වාර්තා හා දත්ත විශ්ලේෂණය කළ විට විශේෂයෙන් ඉස්මතු වී පෙනෙන කරුණු ගණනාවක් විය. ජල විදුලි උත්පාදනය සා සම්බන්ධ වැරැදි ඇස්තමේන්තු, ගල් අඟුරු හා තාප ජනනයේ නිවැරදි නොවන ගණනය කිරීම්, විදුලි ඉල්ලුමේ දෝෂ සහිත පුරෝකථන, ආයතන අතර සම්බන්ධීකරණයේ පැවැති අකාර්යක්‍ෂමතා, මූලික ආර්ථික මූලධර්ම නොසලකා කටයුතු කිරීම ආදී කරුණු ඒ අතරින් කැපී පෙනුණි.

less than 120 units

 

ඉහත සඳහන් සාධක නිසා පසුගිය වසරේ විදුලිබිල වැඩි කිරීම නිවැරදි නොවන බව ආංශික අධීක්‍ෂණ කාරක සභාවේදී තොරතුරු රැසක් හෙළිවී තිබුණි.මේ වන විට රට තුළ පැන නැඟී ඇති ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාව මහජන උපයෝගිතා කොමිසමට කඩිනමින් ක්‍රියාත්මක වීමට නිර්දේශද ඉදිරිපත් කළේ ඒ අනුව ය.මේ පිළිබඳව පසුගිය කාලයේ සමාජය තුළ දැඩි කතාබහක් ඇතිවු අතර එහි දී විදුලි බිල 30% – 35% ත් අතර අගයකින් අඩු කළ හැකි බව විද්වත් අංශ මඟින් විද්‍යාත්මක දත්තයන් පදනම් කර ගනිමින් පෙන්වා දී තිබුණේ අදාල බලධාරීන්ට “මීක්” කියන්නට වත් ඉඩක් නොතබමිනි.

 

imagelk


හිටපු ජනාධිපති වරයකු වූ ආර් ප්‍රේමදාස පාලන සමය තුළ “පොඩි මිනිහා” “නැති බැරි” “ඇති හැකි” ආදී වශයෙන් වන වදන් නිතර භාවිතයේ පැවතුණි. අප සමාජයේ බහුතරය නියෝජනය කරන ජනතාවක් හඳුන්වන ඒ ජනානන්දනීය වාග් මාලාව මේ වන විට ආණ්ඩු විසින් කානු පල්ලට ඇද දමා තිබේ. ඒ මේ වන විට ගෝලීය ව්‍යාප්තියක් පළ කරන නව ලිබරල් වාදයේ වලිග කොනේ හෝ එල්ලීමට බව පෙනේ. පරණ වැරහැලි ගොමස්කඩ අතහැර අලුත් ඇඳුම් පැළඳුම් සොයා යාම ඉතා හොඳ ය. නමුත් එය කළ යුත්තේ අඩුම තරමින් අමුඩ කෙටියක් වත් හැඳගෙන ය. ජනතාව යන්න තහනම් වචනය කොට ගනිමින් රට ගොඩ නඟන්නට වෙර දරන වත්මන් පාලකයන් මෙය තරයේම සිතට ගත යුතු ය.

WhatsApp Image 2024 03 01 at 2.33.58 PM(ඒ ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී 
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

සබැඳි පුවත් :
වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු අඩුකෙරේ


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විදුලි ගාස්තු අඩු කිරීමේ පැණි වරකාව රස විඳීමට පෙර.. | The Leader