The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ත්‍රාසය, භීතිය, කුතුහලය මුසු වු සර්කස් ඉතිහාසය ගැන ඔබ දන්නවා ද?

T

The Leader Desk

March 6, 2024 • 4:00 PM

ත්‍රාසය, භීතිය, කුතුහලය මුසු වු සර්කස් ඉතිහාසය ගැන ඔබ දන්නවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාරම්පාරික ජන ක්‍රීඩාවක් වන සර්කස් සංදර්ශන මේ දිනවල දක්නට ලැබෙනුයේ ඉතා දුර්ලභවය.
  • මීට වසර තුන හතරකට පෙර අප රටේ ඇති වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගතය හා ආර්ථිකයේ බිඳ වැටීම් ඇතුළු අභියෝග හා අසීරුතා හේතුවෙන් ජනතාවට සිත් සේ විනෝදවීමට පැවැති ඉඩකඩ, මංපෙත් ඇහිරිණි.
  • දහසකුත් එකක් බාධක අභියෝග මැද මෙලෙස ඇරැඹී ඇති සර්කස් සංදර්ශණයක් නැරඹීමට අපට මේ දිනවල වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවටුව ග්‍රාමයේ දී හැකියාව ලැබිණි.
  • කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ දුම්මලදෙණිය හන්දියෙන් හැරී පිටදෙනිය ඇත්නාවල පසුකොට නිවටුවට ගමට පිවිසිය හැකි එක් මාර්ගයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

පාරම්පාරික ජන ක්‍රීඩාවක් වන සර්කස් සංදර්ශන මේ දිනවල දක්නට ලැබෙනුයේ ඉතා දුර්ලභවය.  

මීට වසර තුන හතරකට පෙර අප රටේ ඇති වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගතය හා ආර්ථිකයේ බිඳ වැටීම් ඇතුළු අභියෝග හා අසීරුතා හේතුවෙන් ජනතාවට සිත් සේ විනෝදවීමට පැවැති ඉඩකඩ, මංපෙත් ඇහිරිණි.


එසේ ඇහිරී තිබුනු ඉඩකඩ ටිකෙන් ටික මේ වනවිට ලිහිල් වී නැවත වතාවක් රටේ සාම්ප්‍රදායික ජන ක්‍රීඩා, ජන සහභාගිත්ව සංස්කෘතිකාංග ආරම්භ කිරීම පටන් ගෙන තිබේ. දහසකුත් එකක්  බාධක අභියෝග මැද මෙලෙස ඇරැඹී ඇති සර්කස් සංදර්ශණයක් නැරඹීමට අපට මේ දිනවල වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවටුව ග්‍රාමයේ දී හැකියාව ලැබිණි.  කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ  දුම්මලදෙණිය හන්දියෙන් හැරී  පිටදෙනිය ඇත්නාවල පසුකොට නිවටුවට  ගමට පිවිසිය හැකි එක් මාර්ගයකි. අනිත් පසින් වරකාපොල අවිස්සාවේල්ල මාර්ගයේ පැමිණ කොස්ගොඩ මංසන්දියෙන් හැරී මේ ගමට පැමිණිය හැකිය. මේ දිනවල එහි පැවැත්වෙනුයේ ‘සීදූවේ සකුරා සර්කස්’ කණ්ඩායමේ සංදර්ශනයයි. එහි නායකත්වය උසුලන්නේ ලාල් ප්‍රනාන්දු  නැතිනම් සීදූවේ ලාල් ලෙස ප්‍රකට සර්කස් ගුරුතුමාය.

jhbjksdf


සර්කස් සංදර්ශනයන් විචිත්‍රවත් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශිල්පීන් පිරිස අතර අඩි 2 ½ක් 3ක් උසැති විශේෂ අවශ්‍යතා ඇති අයෙකු, දෙදෙනෙකු අනිවාර්යෙන්ම සිටිති. ඊට අමතරව ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සංදර්ශනයට එක් කරනුයේ අමුතු, අපූර්ව අලංකාරයකි.

මේ පිරිස් විසින් අඩි 40ක් උසින් ගුවනේ ඔංචිලි සංදර්ශන, තනි රෝදයේ, තනි කම්බියේ සයිකල් පැදීම, ගිනිකෙළි සංදර්ශන, රෝද හතරේ දැවැන්ත ට්‍රැක්ටරයක් සිරුර මතින් ගමන් කිරීම වැනි ත්‍රාසජනක ක්‍රීඩා පවත්වති.

අපි ඔහුගෙන් සර්කර්ස් කලාවේ අතීතය, වර්තමානය හා මෙවැනි සංදර්ශන පැවැත්වීමේ අභියෝග ගැන මදක් විමසා සිටියෙමු.


srkus

 

සර්කස් පටන් ගත්තේ කොහොමද?

අපේ රටේ සර්කස් කලාව පාරම්පාරික කලාවකි. එය දෙවොල් මඩු සංදර්ශනවලින් බිඳී ආ එකකි. දෙවොල් මඩුවල කරණම්කරුවන් විශාල කාර්යභාරයක් ඉටු කළහ. ජනතාව පිනවීම, සතුටට පත් කිරීම උදෙසා ඔවුන් ඉතා දැඩි ජීවිත අවදානමක් දරා පිනුම් ගැසූහ. කරණම් ගැසූහ. මේ පිරිස අනතුරුව සර්කස් සංදර්ශන පැවැත්වීමට බිඳී ආහ. එලෙස පෙරට ආ වැලිවේරියේ විලියම් අයියා, සඳලංකාවේ නෝනිස්, ගම්පහ මල්කඩුව, ගාල්ලේ පොඩි මහත්තයා, අගලවත්තේ සයිමන් දොඩංගොඩ ආදිහු මේ කලාව ප්‍රගුණ කොට ජනතාවගේ සතුට, විනෝදය උදෙසා සංදර්ශන ලෙස පැවැත්වූහ. අතීතයේදී පොල් අතු මඩු ඉඳිකොට උණ ලී, පුවක් ගස් ආදිය යොදාගෙන තැනූ මඩුවල මේ සංදර්ශන පැවැත්වූයේ දැඩි ජීවිත අවදානමක් දරාගෙනය.  

Sakura
එලෙස ඉදිරියට ජනප්‍රිය වෙමින් ක්‍රමානුකූලව වැඩිදියුණු වූ සර්කස් කලාව වඩාත් ජනප්‍රියවීමට අප රටේ ශිල්පීහු විදේශයන්හි ගොස් සිදු කළ සංදර්ශන හා එම රටවල අත්දැකීම් උපයෝගී කරගත්හ. එංගලන්තයට ගොස් එහි සර්කස් කණ්ඩායමක දක්ෂතම ක්‍රීඩකයකු ගේ පෙළහැර  පෑ ජීනා නැමැත්තා එදා බකින්හැම් මාලිගාවේ පවා සර්කස් සංදර්ශනවලට එක් වූ අයෙකු විය. ඔහු පසුකාලීනව මෙරටට පැමිණි මේ කලාව දියුණු කිරීමට ක්‍රියා කළ බව ලාල් ප්‍රනාන්දු මහතා කියා සිටියි.  වසර 1983 - 84 කාලයේ හංගේරියානු සර්කස් සංදර්ශන ඇතුළත් චිත්‍රපටයක් අප රටේ රූගත කිරීම් සිදුවිය.  ‘සර්කස් ඔන් ද මූන්’ ලෙස නිර්මාණය කළ මේ චිත්‍රපටය 1988 ඔස්කාර් සම්මාන උලෙළට ඉලක්කකොට නිපදවූවකි.

මේ හංගේරියානු චිත්‍රපටයේ රඟපෑමට ද අපේ ශිල්පීන්ට අවස්ථා ව උදාවිණි. එයත් සමග ඔවුන්ගේ දැනුම හා  තාක්ෂණ උපකරණ ආදිය අපට ලැබිණි. සීදූවේ සර්කස්  කණ්ඩායමේ කළමනාකරු වූ විකුම් පල්ලේවත්ත ආදින් මේ අනුසාරයෙන් සර්කස් කලාව පෙරට ගෙන යෑමට ඒ දවස මුල් විය.

සර්කස් කණ්ඩායම් වැඩි වැඩියෙන් බිහිවිය. සර්කස් කණ්ඩායම් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 35 ක් හෝ ඊට වැඩි ගණනක් එකතු විය. රින් බෝයි, රින් මාස්ටර්ස් ආදි ක්‍රීඩකයන් සංදර්ශන ආලෝකමත් කළහ.


මේ ආකාරයට රටේ ජනතාවගේ සතුට, විනෝදය සඳහා කැප වූ සර්කස් කලාවට කණකොකා හැඬ වූයේ 88/89 භීෂණ කාලයේදීය. ඒ දින පොදු මහජනතාවට එකට එක්වී විනෝදවීමට ඉඩක් නොලැබිණ. ඒ සමඟ සංදර්ශන අඩු විය. අපගේ ජීවිතවලට අමාරුකම් එබී බැලුවේය.  මේ වනවිට නැවත වතාවක් රට යම් ආකාරයකට විවෘත වී ඇත. අලුත් විදුලි ආලෝක පද්ධතිය, ආරක්ෂිත ක්‍රම, සංගීත උපකරණ ආදිය යොදා ගනිමින් සංදර්ශන ආලෝකමත් කර ඇත. නමුත් මේ වන විට අප සංදර්ශන ගැන අලුතින් ක්‍රීඩක ක්‍රීඩකයන් එක්වීමේ දැඩි  අඩුවක් පවතී


එමෙන්ම ඇතැම් ශිල්පී ආයතනවලින් මේ පාරම්පරික ජන ක්‍රීඩා සංදර්ශන කලා රැක ගැනීමට ලබා දෙන සහයෝගය අඩු වී ඇත. විවිධ කරදර, බාධක මැද තම ජීවිත පිළිබඳ අවදානමක් පවා නොතකා  සර්කර් සංදර්ශන පවත්වන ජනතාව සතුටු  කරන සර්කර් සංදර්ශන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගත සුබසාධන, සමාජ පිළිගැනීම මෙම කලාවේ දියුණු ප්‍රවර්ධනය ඇතිකිරීම උදෙසා  වගකියන සියලු බලධාරින්ගේ අවධානය යොමු විය යුතුය. සටන් පරපුරකට යොමුවිය යුතුය.  ඒ සඳහා නව වැඩපිළිවෙළ සකස් කොට ක්‍රියාවට නැංවිය යුතුය. එසේ කළහොත් මතු පරපුර මේ සර්කස්  සංදර්ශන කලාව දැකබලා ගැනීමට ඉඩ ප්‍රස්ථාව උදාවනු ඇත.

 

 

  


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...