The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ගංජා වගාවේ සිට තැඹිලි වගාව දෙසත් බලමු ද? - (රේණුකා දමයන්ති)

T

The Leader Desk

March 7, 2024 • 10:32 AM

ගංජා වගාවේ සිට තැඹිලි වගාව දෙසත් බලමු ද? - (රේණුකා දමයන්ති)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
  • එම අවස්ථාවට පොල් වගා කිරීමේ මණ්ඩලයේ හා පොල් සංවර්ධන අධිකාරියේ මෙන්ම පොල් පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ද සහභාගී වූ බව ද සඳහන් ය.
  • දිවයිනේ තෝරා ගත් ගම්මාන අසූ හයක තැඹිලි පැළ 45,000ක් වගා කිරීමට එහි දී තීරණය වී තිබේ. සරුසාර තැඹිලි ඵලදාවට හේතුවන කරුණු පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ගම්මාන තෝරා ගෙන ඇති බව ද පැවසෙයි.
  • ඒ අනුව මහජන නියෝජිත වරියක නොවන සංචාරක අමාත්‍ය ඩයනා ගමගේ දිවා රෑ දෙකේ දකින ගංජා සිහිනයට වඩා ධනෝපායන මාර්ගයක් ලෙස මෙහි යම් තිරසාර සාධනීය බවක් පෙනෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. එම අවස්ථාවට පොල් වගා කිරීමේ මණ්ඩලයේ හා පොල් සංවර්ධන අධිකාරියේ මෙන්ම පොල් පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ද සහභාගී වූ බව ද සඳහන් ය. දිවයිනේ තෝරා ගත් ගම්මාන අසූ හයක තැඹිලි පැළ 45,000ක් වගා කිරීමට එහි දී තීරණය වී තිබේ. 

 

Untitled 168
සරුසාර තැඹිලි ඵලදාවට හේතුවන කරුණු පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ගම්මාන තෝරා ගෙන ඇති බව ද පැවසෙයි. බොහෝ දෙනකු ගේ දැනුවත්කමින් තොරව හා තවත් පිරිසක ගේ අවධානයෙන් තොරව වුවද මේ වන විට ජාත්‍යන්තර වෙළෙදපොල තුළ ශ්‍රී ලංකා තැඹිලි සඳහා විශාල ඉල්ලුමක් නිර්මාණය වී තිබේ. 

මේ වන විට අන්තර්ජාතික වෙළෙඳපොළ තුළ තැඹිලි පිළිබඳ ඒකාධිකාරිය ශ්‍රී ලංකාවට හිමි වීම ද තිබීම විශේෂත්වයකි. ඒ අනුව මහජන නියෝජිත වරියක නොවන සංචාරක අමාත්‍ය ඩයනා ගමගේ දිවා රෑ දෙකේ දකින ගංජා සිහිනයට වඩා ධනෝපායන මාර්ගයක් ලෙස මෙහි යම් තිරසාර සාධනීය බවක් පෙනෙනු ඇත.

king Coconut

 

මේ යටතේ නව වගා කරුවන්ට තැඹිලි පැළ හා තාක්ෂණික දැනුම මෙන්ම උපදෙස් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය මඟින් නොමිලේ ලබා දීමට නියමිත බව ද සඳහන් ය. අන්තර්ජාතික වෙළෙඳපොලේ තැඹිලි පිළිබඳ ඒකාධිකාරිය ශ්‍රී ලංකාවට හිමි වීමට හේතුව සෙසු රටවලට සාපේක්ෂව අප රටේ තැඹිළිවල රසය හා ගුණාත්මක භාවය ඉහළ මට්ටමක පැවතීම බව ද පැවසෙයි. 

නිදසුනක් මෙරට තැඹිළි බී හුරු පුරුදු අප රටේ සමහරුන් පවසනුයේ ඉන්දියාවේ තැඹිළි “සුළු දිය” බඳු බවකි. එහෙත් ඒ රසය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් නොමැති මට ඒ ගැන යමක් කීමට නොපුළුවන. මේ තත්වය යටතේ ලොව රටවල් ගණනාවක් අපනයනය සඳහා තැඹිලි වගා කිරීමට උත්සාහ කළ ද ශ්‍රී ලංකාවේ තැඹිලිවල ඇති ගුණාත්මකභාවය ලබා ගැනීමට ඔවුන්ට හැකි වී නොමැති පසුබිමක අප රටේ තැඹිලිවලට ඇති ඉල්ලුම දිනපතා ඉහළ යමින් පවතින බව ද පැවසෙයි. සැබැවිම මෙය මසුරං වටින ආරංචියකි.

 

MG 0172

පසුගිය කාලයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පමණක් මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කොට තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට බෝතල් කළ තැඹිලි වතුර අපනයනය කිරීමෙන් 2022 වසරේදී පමණක් රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති අතර එය ඉතා පහසුවෙන් රුපියල් බිලියන හයක් බව බවට පත් කළ හැකි බව ද පැවසෙයි. එහෙත් ගැටලුවකට ඇත්තේ ජාත්‍යන්තර වෙළඳ පළ තුළ ශ්‍රී ලංකා තැඹිලි සඳහා ඇති ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමේ නොහැකියාව බව ද කියනු ලැබේ. කටේ හලා ගත් සැනින් දිවේ සිට උණ්ඩුක පුච්චය තෙක්ම රසය, මිහිර පැතිර යන බව අඟවමින් රූපවානියේ දියත් වන සිසිල් බීම ප්‍රචාරක යාන්ත්‍රණය හමුවේ බෙලහීන වුව ද අප අතීත සමාජයේ තැඹිලි සඳහා හොඳ සමාජමය පිළිගැනීමක් තිබිණ.

image bca723bc99

 

මෙම පිළිගැනීමේ වපසරිය කෙතරම් පුළුල් ලෙස පැතිර යන්නේ ද යත් “ළමිස්සියක් මේ පතනේ දර නෙළනා”යන ජන කවියේ සඳහන් එම යුවතියට පෙම් බැඳි යකා පවා ඇය කී මංපෙත් ඔස්සේ ඇගේ නිවසට යන අතරේ නාවලපිටිය අද්දර තැඹිලියගමින් තැඹිලි ගෙඩියක් බී ගමන් වෙහෙස නිවා ගත් බව ද සඳහන් වේ .උස් පහත් භේදකින් තොරව සමාජයේ ඕනෑම කෙනකුට සේම දෙවියන්ට දෙන පූජා වට්ටියට සේම යකුන්ට දෙන පිදේනි තට්ටුවට ද එක සේ ඔබින තැඹිලි ගෙඩිය පොඩි පහේ සමාජමය ව්‍යාප්තියක් පළ කරන්නක් නොවන බව ඒකාන්ත සත්‍යයකි. අද බොහෝ දෙනකුගේ අවධානයෙන් තොර වුව ද කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ බට ලීයේ “නිල” ආහාරය කජු නම් එහි “නිල පාන වර්ගය” වී ඇත්තේ තැඹිලි බව පැහැදිලි සත්‍යයකි.එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණි බොහෝ රාජ්‍ය නායකයන් ද මහනුවර බලා යන අතරේ බටලීයේ මඳක් විවේක ගෙන කජු කා තැඹිලි බී යාමේ පුරුද්දක් පැවැති බව සමකාලීන පුවත් පත් වාර්තා මඟින් තහවුරු කර ගත හැක.

 

4752
එමෙන්ම ශ්‍රී ලංකා මුද්දර ඉතිහාසය තුළ “තැඹිලි වල්ලේ මුද්දරය” හිමි කරගෙන ඇති සුවිශේෂතාව කොතෙක් ද යත් එම මුද්දරය සිය මුද්දර එකතුවේ නොමැති මුද්දර එකතු කරන්නකු සොයා ගත නොහැකි තරම් ය. මෙම තැඹිලි සම්බන්ධයෙන් එලිසබෙත් මහ රැජින මුල් වරට ශ්‍රී ලංකාවට සපැමිණි කාලයේ එවක අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවලයන් මාධ්‍ය වෙත කොට ඇති ප්‍රකාශයක් ද මෙහි සඳහන් කළ යුතු ය. එනම්” රැජින ඕනෙ නෑ අලියි , තැඹිලියි තියන කම් ලංකාවට සුද්දන් ගෙන් කිසිම අඩුවක් වෙන එකක් නෑ” යන්න ය. ඒ ඔහු ගෙන් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස විය යුතු ය. එවන් පසුබිමක් තුළ මෙම ශ්‍රී ලංකාවේ තැඹිලි වගා ප්‍රවර්ධන වැඩ සටහන ගංජා ප්‍රවර්ධන වැඩ සටහනකට වඩා බෙහෙවින් සාධනීය බව අපගේ පිළිගැනීම ය. 

එදා මෙදා තුළ අප රට තුළ ඉතා වැදගත් තිරසාර සංවර්ධන උපාය මාර්ග සමාජ කරළියට පැමිණෙනු දක්නට ලැබේ. එහෙත් ඒවායින් සැලකිය යුතු කොටසක් උපන් ගෙයිම මිය යාමත් සෙසු බොහෝ තිරසාර සංවර්ධන උපාය මාර්ග බිළිඳු හෝ ළමා වියේ දීම” කිරෙන් බාල වී” මිය යනු දක්නට පුළුවන. ඒවා අතුරින් නිසි ව්‍යවසායකත්වයන් නොමැතිවීම මත සිදු වන ඛේදවාචක වලින් ද අපට කිසිදු අඩුවක් නැත.

63392807 l 1024x683

 

කාලීන මානවීය අවශ්‍යතා හා වුවමනා හඳුනා ගෙන ඒවා තෘප්තිමත් කිරීම සඳහා අවදානම් කළමනාකරණය හා නව්‍යතා සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය ව්‍යවසායකත්වය ලෙස හැදින්වෙන බව පාසල් දරුවෝ ද දනිති. ඒ අනුව මෙම තැඹිලි වගා ප්‍රවර්ධනය ද ව්‍යවසායකත්ව පදනමින් යුතුව ස්ථාපිත කළ යුතු වේ. අප සමාජයේ බොහෝ දෙනකු ව්‍යාපාර හා ව්‍යසායකත්වය පිළිබඳව න්‍යායික හෝ ප්‍රායෝගික තත්වයන් නොදන්නා බව පෙනේ. ව්‍යාපාරවලට සාපේක්ෂව ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම. අවදානම් කළමණාකරණය හා නව්‍යතා සම්පාදනය යන කටයුතු ව්‍යවසායකත්වයක ප්‍රධාන අංගයක් සේ සැලකෙයි. මේ අනුව සියලු ව්‍යවසායකත්ව ව්‍යාපාර මූලයන් වන අතර සියලු හුදු ව්‍යාපාර ව්‍යවසායන් නොවන බව ද පැහැදිලි ය එසේම ව්‍යවසායකත්වයේ අවසාන ප්‍රතිඵලය සාර්ථක ව්‍යාපාර ලෙස හැදින්විය හැකිය. ඉහත සඳහන් තැඹිලි වගා ව්‍යාපෘතිය නම් ගංගාවට බලධාරීන් බැසිය යුත්තේ අන්න එවැනි තොටුපලකිනි.එසේ නැතහොත් මේ ව්‍යාපෘතිය ද සෙසු බොහෝ ව්‍යාපෘතින් මෙන් ගඟේ ගසා ගෙන යනු ඇත; නැතිනම් කිඹුලා කනු ඇත.


WhatsApp Image 2024 03 01 at 2.33.58 PM(ඒ ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී 
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...