The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

රේගු අධ්‍යක්ෂ ජනරාල් අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තා ද? - (රේණුකා දමයන්ති)

T

The Leader Desk

March 11, 2024 • 7:52 AM

රේගු අධ්‍යක්ෂ ජනරාල් අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තා ද? - (රේණුකා දමයන්ති)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඥාතීන් නඟන චෝදනාවලට ලක්වීමට පවා ඔවුනට සිදුවන බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් පවසා තිබේ.
  • ”2023 අවුරුද්ද අපි රේගු දෙපාර්තමේන්තු ඉතිහාසයට වැඩිම ආදායම් එකතු කරපු අවුරුද්ද බවට පරිවර්තනය කළා .රුපියල් බිලියන නවසිය හැත්තෑ පහක්.
  • රටේ මුළු රාජ්‍ය ආදායමෙන් 40% කට වැඩි ප්‍රමාණයක් අපි එකතු කරලා තියෙනවා.
  • අපි ඒක කරනවා” බැලූ බැල්මටම වුව රේගු අධ්‍යක්ෂ ජනරාල් ගේ මේ කතාව අමුතු ජාතියේ එකකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඥාතීන් නඟන චෝදනාවලට ලක්වීමට පවා ඔවුනට සිදුවන බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් පවසා තිබේ. ඒ රේගු සේවා වනිතා ඒකකය සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එක්වෙමිනි.එහි දී රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා මෙසේ ද පවසා තිබේ.

 

”2023 අවුරුද්ද අපි රේගු දෙපාර්තමේන්තු ඉතිහාසයට වැඩිම ආදායම් එකතු කරපු අවුරුද්ද බවට පරිවර්තනය කළා .රුපියල් බිලියන නවසිය හැත්තෑ පහක්. රටේ මුළු රාජ්‍ය ආදායමෙන් 40% කට වැඩි ප්‍රමාණයක් අපි එකතු කරලා තියෙනවා. විශේෂයෙන්ම රේගු දෙපාර්තමේන්තුවේ සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම මත තමයි සමස්ත රාජ්‍යයේ එදිනෙදා වියදම් සියල්ලක්ම සිදුවන්නේ. අපි අතරේ වැරැද්දක් වෙනවා නම්; රාජ්‍ය ආදායම අපි අතරෙන් ලීක් වෙනවා නම් අපේ අවශ්‍යතාවයන් සඳහා රාජ්‍ය ආදායම හොරකම් කරනවා නම් මං හිතනවා අද දවසේ බෙහෙත් නැතුව ඉස්පිරිතාලෙක මිය යන අයගේ ඥාතීන් නඟන චෝදනාවලට අපි ලක්වෙනවා. මම ඒක ප්‍රසිද්ධියෙම කියනවා. අපිට වගකීමක් තියෙනවා මේ රාජ්‍ය ආදායම් නිවැරදිව එකතු කරලා ඒ ආදායම තුළින් රටේ මිනිසුන්ගෙ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට. අපි ඒකට අපි බැඳී ඉන්නවා. අපි ඒක කරනවා”

 

IMG 92eb37cf944127724bfdcb2302467fd6 V 1 1600x800

 

බැලූ බැල්මටම වුව රේගු අධ්‍යක්ෂ ජනරාල් ගේ මේ කතාව අමුතු ජාතියේ එකකි. ඒ අමුතු ගතිය කොතෙක් ද යත් දැනට පවත්නා තත්වය අනුව රෝහල් වල ඖෂධ නොමැතිව මිය යන රෝගීන් ගේ ජීවිත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවට ගත හැකි ක්‍රියා මාර්ග මොනවාද? යනුවෙන් පැනයක් කිසියම් මාධ්‍යයකින් රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් ඇසීමේ පවා ඉඩක් නැත.ඒ කිලෝ ග්‍රෑමයකට මිලි මීටර් කීයද? බඳු පැනයක් අසන මාධ්‍යවේදියාගේ මොළය පරීක්ෂා කළ යුතු බවට සමාජයේ විවිධ පාර්ශයන් ගෙන් බලපෑම් එල්ල විය හැකි බැවිනි.

 
ඒ අතරේ “අපේ ලොක්කා අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න හදනවා” වැනි චෝදනාවක් රේගු පාර්ශවයෙන් නැඟීමට ඇති අවකාශය ද ශූන්‍ය විය නොහැකි නමුත් එවන් පසුබිමක් යටතේ රෝහල් වල ඖෂධ නොමැතිව මිය යන රෝගීන් සහ ශ්‍රී ලංකා රේගුව අතර මෙවැනි සහසම්බන්ධතාවක් ගොඩ නැඟීම අපූර්වත්වයෙන් යුතු සංකල්පයක් සේම රාජ්‍යයේ යහපැවැත්ම උදෙසා ජාතික වගකීම පිළිබඳ ජනතා ආකල්ප පුබුදුවාලීමකි. ඇත්ත ඇති සැටියෙන් කිවහොත් සමස්ත ශ්‍රී ලංකා රේගු ඉතිහාසය සුදු පිරුවටයක් මෙන් සුපිරිසිදු වූවක් නොවේ.”කස්ටම් එක අල්ලා ගත්තොත් ඕනෙ දෙයක් කර ගන්න පුළුවන්” යනුවෙන් මුවින් මුව ගලා යන වදන් සමාජය පුරා පිටාර ගලන්නේ ගින්නක් නැතිව දුමක් නොනඟින බවට පවතින පිරුළ යළි යළි සනාථ කරමිනි. බොහෝ දෙමාපියන් අනන්තවත් ජඩ,මජර වැඩ කරන තමන් ගේ නැහැදිච්ච දරුවන් සුද්ද වන්තයන් කරන්නාක් මෙන් බොහෝ ආයතන ප්‍රධානීහු ද සිය ආයතන තුළ සිදුවන වංචා දූෂණ හා අකාර්ක්ෂමතා පිළිබඳව එළිපිට කතා කිරීමට මැළි වෙති.
 
 
ඒ ඕනෑම ආයතනයක ඉහත සඳහන් දුර්වලතා සහිත නිලධාරීන් අඩු වැඩි වශයෙන් හිඳින බැවිනි.එමෙන්ම ඒ නිලධාරීන් අතරේ එක්තරා සංවිධාන ව්‍යුහයක් හෙවත් කල්ලි වාදයක් ද තිබේ.ඒ ඔස්සේ තම වංචා දූෂණ අකාර්යක්ෂමතා යාන්ත්‍රණය පවත්වාගෙන යාමට බාධා පමුණුවන ප්‍රධානීන් මුල් කොට “ලොක්කාට කෙළවීම” නමින්ම ඔවුන් විසින් හඳුන්වන යටිකූට්ටු මගඩි ක්‍රියාකාරකම් වල යෙදෙති.එනිසා ආයතන තුළ තම තනතුර රැක ගැනීමට වෙර දරන ප්‍රධානීන් එම තිත්ත ඇත්ත රටට හෙළිකිරීමෙන් වැලකී හිඳිති.
 
 
regu1

තිස් දහසකට අධික කාර්ය මණ්ඩලයකින් හෙබි කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහල් කාර්ය මණ්ඩලයෙන් තුනෙන් එකක්ම කිසිදු වෘත්තීය නිපුතත්වයක් නොමැති සුළු හා කණිටු කාර්ය මණ්ඩලයට අයත් වෙති.ඒ අනුව එහි දල ප්‍රතිශතය සියයට තිහ ද ඉක්මවයි.ඒ අප රටේ ප්‍රධාන පෞද්ගලික රෝහල් වල එම සේවක ප්‍රතිශතය සියයට දෙකක් නොඉක්මවන පසුබිමක ය.එහෙත්, පසුගිය කාලයේ සුළු හා කණිටු කාර්ය මණ්ඩලයට අයත් ඇතැම් සේවකයන් පවසා සිටියේ ආණ්ඩුව තම ඉල්ලීම් ලබා දුනහොත් රෝහල් සේවාව අඩාල කර දැමීමට පවා තමන් පසුබට බවකි.රෝහල් සේවාව අඩාල කිරීමට කෙසේ වෙතත් රෝහල් සේවාව නිසි පරිදි පවත්වාගෙන යාමට තමන්ගෙන් ලැබෙන පිටිවහල ගැන ඔවුන් කිසිදා කතා කොට තබා දැනුවත්ව සිටී ද යන්න ද සැකයකි.
 
 
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ සිට රෝහල් අධ්‍යක්ෂ වරුන් දක්වා එම සුළු හා කණිටු සේවක තර්ජන හමුවේ නිහඬඩ සිටින පසුබිමක කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එම කනිටු හා සුළු සේවකයන් ගෙන් “ගේම ඉල්ලන්නට”යාම නිසා බරපතල අර්බුදයකට පත්ව ඇති බවක් පෙනේ.
 
 
image 1f341a5252
 
 
එවන් පසුබිමක රෝහල් වල ඖෂධ නොමැතිව මිය යන රෝගීන් ගේ ජීවිත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවට ද කිසියම් වගකීමක් ඇතැයි රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් කළ ප්‍රකාශය ඉතාමත් වැදගත් වනුයේ බොහෝ ආයතන ප්‍රධානීන් තමන් ගෙන් ඉටුවිය යුතු වගකීම් හා වගවීම් පවා පැහැර හරින වකවානුවක සැබෑ ජාතික වගකීම සේ සළකා “අහක යන නයි රෙද්ද අස්සේ දා ගැනීම” වශයෙන් ඇතැමකුට හැඳින්විය හැකි අති සංවේදී ඉසව්වක් වෙත සිය අවධානය යොමු කිරීම නිසා ය.ඒ අනුව රේගුව තුළ සිදුවන සොරකම් වංචා දූෂණ හා අකාර්යක්ෂමතාවන් රෝහල් වල ඖෂධ නොමැතිව රෝගීන් මිය යාම අතර සහසම්බන්ධතාව මෙරට ජන විඥානයට පිවිසුවාලුව හොත් එය රාජ්‍ය ආදායම් එකතු කිරීමට බාධා වන නිලධාරීන් ගේ එම ක්‍රියා මාර්ග සාමාන්‍ය ජන වහරට අනුව කිවහොත් “හෙණ ගහණ වැඩ”මට්ටම දක්වා ඉහළ නැඟීමට හේතු වනු ඇත. නමුත් රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් ගේ ඒ ප්‍රකාශය නිසි පරිදි ජනතාව වෙත සම්ප්‍රේෂණය කිරීමට මාධ්‍ය කරුවන්, ආයතන තබා සමාජ ජාල පරිශීලකයන් වත් නිසි උනන්දුවක් පළ නොකළ බවද  මනාව දක්නට ලැබිණ.එය “මේ රට නම් මෙලෝ සම්මජ්ජාතියේ දි ගොඩ ගන්න බෑ” යන ජන ජන සම්මතය තහවුරු කරවීම සම්බන්ධ තවත් එක් නිදසුනක් බව අපගේ වැටහීම ය.
 
 

renuka damayanthi psd

(ඒ ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී 
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රේගු අධ්‍යක්ෂ ජනරාල් අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තා ද? - (රේණුකා දමයන්ති) | The Leader