The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

පොත ලීවේ කවු ද? - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

March 11, 2024 • 7:03 AM

පොත ලීවේ කවු ද? - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලකේ ජනමාධ්‍යකාරයන්ට පොත ගැන කතා නොකර ඉන්නට බැරිය.
  • කාසියේ තිබෙන්නේ කාගේ මුහුණද කියා යේසුස් ඇසූ කල යුදෙව්වන් කියන්නේ එහි තිබෙන්නේ සීසර්ගේ මුහුණ බවයි.
  • ගෝඨාභයගේ දේ ගෝඨාභයට දීපල්ලා.” ගෝඨාභයගේ කතාව මවිසින් ලියා ඇත්තේ මගේ නවතම කෘතිය වන “Vijaya - The Conquest” නමැති ඓතිහාසික ප්‍රබන්ධය (Historical Fiction) තුළය.
  • සාක්‍යමුණි සැරිසරන බුද්ධකාලීන භාරතයේ රාජධානි තුනක රජ පවුල් තුනක් අතර දෝලනය වන එම නවකතාව භරත-ලාංකීය ඉතිහාස කරුණු මත පදනම්ව ලියා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ලකේ ජනමාධ්‍යකාරයන්ට පොත ගැන කතා නොකර ඉන්නට බැරිය. සමාජ මාධ්‍යකාරයන්ට පොත ගැන කොමෙන්ටු නොලියා ඉන්නට බැරිය. Xකාරයන් ටික පොතේ පිටු scan කර කහපාටින් වාක්‍ය highlight කර දමයි.

 

සිංහල බෞද්ධයන් තමන්ගේම රට තුළ අවමානයට ලක්වෙලා - ගෝඨාභය

 

මාර වැඩේ තමයි වුණේ! ඒ අස්සේ සමහරු කියන්නේ පොත ලියා තිබෙන්නේ එරන්ද ගිනිගේ කියා ය. ඒ සා ගෞරවයකින් මා සැලකීම වෙනුවෙන් මෙන්න ඔබට කිටි කිටියේ හග් එකක්!

සීසර්ට බදු ගෙවීම ගැන යේසුස්ගෙන් වරක් ප්‍රශ්නයක් අසයි. ප්‍රශ්නය අසන කපටි යුදෙව්වන්ට ඔහු රෝමන් කාසියක් පෙන්වන මෙන් කියයි. කාසියේ තිබෙන්නේ කාගේ මුහුණද කියා යේසුස් ඇසූ කල යුදෙව්වන් කියන්නේ එහි තිබෙන්නේ සීසර්ගේ මුහුණ බවයි. “සීසර්ගේ දේ සීසර්ට දීපන්. දෙවියන්ගේ දේ දෙවියන්ට දීපන්.” යනුවෙන් යේසුස් කියයි. පොතේ කරුණු පැත්තකින් තිබියදී අකුරු ලීවේ කවුදැයි අසන අතාර්කික ප්‍රශ්නවලට මට දෙන්නට තියෙන්නෙත් ඒ පිළිතුරයි. “මගේ දේ මට දීපල්ලා. ගෝඨාභයගේ දේ ගෝඨාභයට දීපල්ලා.”

1704181022894

 

ගෝඨාභයගේ කතාව මවිසින් ලියා ඇත්තේ මගේ නවතම කෘතිය වන “Vijaya - The Conquest” නමැති ඓතිහාසික ප්‍රබන්ධය (Historical Fiction) තුළය. එය දැනට මිලදී කියැවිය හැක්කේ Amazon Kindle හරහා ය. සිංහලයන්ගේ ඉතිහාසයේ ආරම්භය පිළිබඳව විකල්ප කතාවක් එහි කියැවේ. සාක්‍යමුණි සැරිසරන බුද්ධකාලීන භාරතයේ රාජධානි තුනක රජ පවුල් තුනක් අතර දෝලනය වන එම නවකතාව භරත-ලාංකීය ඉතිහාස කරුණු මත පදනම්ව ලියා ඇත. එම ඛේදාන්තය වසර දෙදහස් පන්සියයක් තිස්සේ වරදවා තේරුම් ගත් රජ කිරුළ හිමි කුමාරයෙකුගේ කතාවයි.

ගෝඨාභයගේ පොත කියවා අවසන් වූ පසු ඔබට මගේ පොතත් කැමති නම් කියැවිය හැකිය. අපේ පැත්තෙන් තව පොත් බොහෝ එන්නට තිබේ! කියන්නට කතා බොහෝමයක් තිබේ. සූදානමින් සිටින්න. 

ගෝඨාගේ පොතට ඉතිහාසයේ හිමිවන තැන සසංක පෙරේරා කියයි
ඒ අස්සේ දිල්ලියේ මහාචාර්ය සසංක පෙරේරා කියන්නේ පොතට ප්‍රකාශකයෙක් සොයා ගැනීමටවත් ගෝඨාභයට නොහැකි වී ඇත කියාය. පොත කියවා නැති වුවත් පොතේ ප්‍රකාශකයා ගැන අතාර්කික කතා කියන කෙනෙකු ඉන්දියානුවන්ට සමාජ විද්‍යාව ඉගැන්වීම අපේ වාසනාවකි. උණු කැවුම් මෙන් පිටපත් දස දහස් ගණනක් පළමු දින දෙකේම විකිණී අවසන් වන පොතක් ප්‍රකාශනයට අකමැති වන්නේ මොන ප්‍රකාශකයාද! වෙළඳපොළ ගැන සරල හෝ අවබෝධයක් ඇත්නම් එවැනි අමන ප්‍රකාශයක් උගත් මහාචාර්යවරයා කරන්නේ නැත. ස්වයං ප්‍රකාශනය “Self Publishing” යනු නූතන ලෝකයේ අතිශය ප්‍රචලිත වෙළඳපොළකි. වසරකට ලොව පුර මිලියන 300 කට අධික ස්වයං ප්‍රකාශන පොත් එළි දැක්වෙයි. එය ඇ. ඩොලර් බිලියනයකට වඩා විශාල වෙළඳපොළක්. සමාජ විද්‍යාව උගන්වන මහාචාර්ය පෙරේරාට “ස්වයං ප්‍රකාශනය” මදිකමක් වගේ දැනෙන්නේ ඔහුගේ ගතානුගතික ඇකඩෙමික පබ්ලිකේෂන් උද්දච්චභාවය නිසා විය යුතුය. මොනවා කරන්නද ඉතින්… 

 

ssමහාචාර්ය සසංක පෙරේරා
ගෝඨාභයට අවශ්‍ය වූයේ ස්වාධීනව සිය පොත ලියා පළ කිරීමයි. “මගේ පොත පළ කළේ අහවලා” වැනි ප්‍රකාශකයාගේ ලොකුකම කියන බොළඳ දෘෂ්ටි ඔහුට අදාළම නැත. ඒවා සසංක පෙරේරා වැනි සෝ ගොඩේශස් ගංකබරයන්ගේ පරණ කතාය. ළඟදීම පොතේ ebook version එක නිකුත් වෙනු ඇති. නූතන ලෝකයේ වැඩ වෙන්නේ එහෙමයි පෙරේරා. ඔයා ටිකක් update වෙන්න. පොත අරගෙන කියවන්න. විශ්වවිද්‍යාලයක උගන්වන අයෙකු හැටියට අධ්‍යාපනයේ අවම සදාචාරය තබාගන්න. Kindle තියෙනවා නම්, ඉංග්‍රීසි නවකතා කියවනවා නම් මගේ අලුත් පොතත් කියවන්න. ඔබේ සමාජ විද්‍යා ඉගැන්වීමට ප්‍රයෝජනවත් වේවි. 

 
ධර්මය ඔබට මග වේවා!

චම්ඵකත් පොත කියෙව්වද! - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 මාර්තු 11 

සබැඳි ලිපි :
ගෝඨාගේ පොතට ඉතිහාසයේ හිමිවන තැන සසංක පෙරේරා කියයි


සිංහල බෞද්ධයන් තමන්ගේම රට තුළ අවමානයට ලක්වෙලා - ගෝඨාභය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...