The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

මේ අරඅඳින්නේ ආයිමත් අසරණ සුනඛයන් ලක්ෂයක් මරා දමන්න ද? - (පශු වෛද්‍ය චමිත් නානායක්කාර)

T

The Leader Desk

March 13, 2024 • 8:40 AM

මේ අරඅඳින්නේ ආයිමත් අසරණ සුනඛයන් ලක්ෂයක් මරා දමන්න ද? - (පශු වෛද්‍ය චමිත් නානායක්කාර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි දන්නෙ නෑ සුනඛ ගහණය වැඩිවෙලා කියලා කියන කාරණය ඇතුළත ඇත්තටම එහෙම වැඩි වෙලා නැති මොහොතක පශු වෛද්‍යවරු විදිහට, ඇත්තටම ගහණය පිළිබඳ විශේෂඥයෝ විදිහට, ලංකාවේ ඉන්න සුනඛ ගහණය මිලියන 2.1ක් කියලා අපි කියද්දිත් එහෙම නෙමෙයි 6.2 ක් ඉන්නවා කියන්නෙ ඇයි කියලා?
  • එහෙම කියා ගනිමින් උත්සාහ කරන්නේ 2006 වසරට කලින් වගේම නැවත වාරයක් සුනඛයෝ ලක්ෂයක් මරල දාන්න වෙන්නත් පුළුවන්.
  • පළමුවෙනි දේ තමයි ඇත්තටම ඕගොල්ලන්ගේ ගෙවල් වල ඉන්න සත්තු ටික පුළුවන් තරම් පාරට යවන්නෙ නැතුව ගෙදර තියා ගන්න උත්සාහ කරන එක.
  • ඒ වගේම පුළුවන්කම තියෙන අය ඇත්තටම සත්තුන්ට වඳ සැත්කමක් කරන්න සාමාන්‍යයෙන් රුපියල් 3000ත් 4000ත් අතර ප්‍රමාණයක් තමයි වැය වෙන්නෙ.
අකුරු ප්‍රමාණය (Font Size):

අපි දන්නෙ නෑ සුනඛ ගහණය වැඩිවෙලා කියලා කියන කාරණය ඇතුළත ඇත්තටම එහෙම වැඩි වෙලා නැති මොහොතක පශු වෛද්‍යවරු විදිහට, ඇත්තටම ගහණය පිළිබඳ විශේෂඥයෝ විදිහට, ලංකාවේ ඉන්න සුනඛ ගහණය මිලියන 2.1ක් කියලා අපි කියද්දිත් එහෙම නෙමෙයි 6.2 ක් ඉන්නවා කියන්නෙ ඇයි කියලා?

 

DOGS IN COLOMBO 768x512

එහෙම කියා ගනිමින් උත්සාහ කරන්නේ 2006 වසරට කලින් වගේම නැවත වාරයක් සුනඛයෝ ලක්ෂයක් මරල දාන්න වෙන්නත් පුළුවන්. අපිට මේ වෙනුවෙන් එකතු වෙලා කරන්න අරගලයක් තියෙනවා. හැබැයි ඒ වගේම අපිට එකතු වෙලා කරන්න යුතුකමකුත් තියෙනවා. පළමුවෙනි දේ තමයි ඇත්තටම ඕගොල්ලන්ගේ ගෙවල් වල ඉන්න සත්තු ටික පුළුවන් තරම් පාරට යවන්නෙ නැතුව ගෙදර තියා ගන්න උත්සාහ කරන එක. ඒකත් ලේසි වැඩක් නෙවෙයි. හැබැයි අපිට ඒක කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම පුළුවන්කම තියෙන අය ඇත්තටම සත්තුන්ට වඳ සැත්කමක් කරන්න සාමාන්‍යයෙන් රුපියල් 3000ත් 4000ත් අතර ප්‍රමාණයක් තමයි වැය වෙන්නෙ. ඉතින් පුළුවන් හැම කෙනෙක්ම කරන්න පුළුවන් හැකියාව තියෙන හැම කෙනෙක්ම ඒ සඳහා එක සතෙක්ව හරි වඳ සැත්කමක් කරගන්න. ඒ සඳහා පශු වෛද්‍ය කාර්යාල වලට ඔබට සත්තු අරන් යන්න පුළුවන්. රුපියල් 3000යි 4000යි අතර ප්‍රමාණයකට ඒ වඳ සැත්කම කර ගන්න පුළුවන්.

 Image 5 1

 

ඒ වගේම මම සත්ත්ව සුභ සාධන සංවිධාන මගින් ඉල්ලීමක් කරනවා අපි දන්නවා ලංකාවේ අවුරුද්දකට රජය වඳ සැත්කම් කරන්නෙ 30000කට අඩුවෙන්. නමුත් සත්ත්ව සුබ සාධන සංවිධාන මගින් සත්තු 35000යි 40000යි අතර ප්‍රමාණයක් වඳ සැත්කම් කරනවා. අපි ඉල්ලන්නෙ පුළුවන් නම් සැලසුම් සහගත විදියට විශේෂයෙන්ම නගරාශ්‍රිතව තව තවත් වැඩසටහන් කරන්න පුළුවන්නම් ඇත්තටම මේ ප්‍රශ්නෙට අනිත් පැත්තට උත්තරයක් හම්බවෙනවා.

 Portfolio Sri Lanka Dogs

ඉතින් ඒ නිසා අපි එකතු වෙමු; මොකද මේ සත්තුන්ගේ ජීවිත වල වටිනාකම අපි දන්න නිසා. ලංකාවේ ඉන්න මිනිස්සු බහුතරයක් මේ සුනඛයන්ට ආදරෙයි. හැබැයි ආදරේ නැති මේ සුනඛයෝ කරදරයක් කියලා හිතන මේ සුනඛයන්ගේ ජීවිත විනාශ කරන්න බලන් ඉන්න පිරිසකුත් අපි අතරේම ඉන්නවා. ඒ නිසා අපි එකතු වෙන්න ඕන අපිට පුළුවන් හැම වෙලාවෙම පුළුවන් ප්‍රමාණයක් මේ විදියට ඇත්තටම මේ සත්තුන්ට වද සැත්කම් කරලා එන්නත් ලබා දීලා අපි මේ සත්තු රැක ගන්න බලා ගන්න ඕන. ඇත්තටම සත්තුන්ට ආදරේ කරන අයගෙන් ඉල්ලන්නෙ පාරේ ඉන්න එක සතෙක් හරි ඕගොල්ලන්ගේ ගෙදර අරන් යන්න. ඒ ගොල්ලන්ව ආදරෙන් රැක බලා ගන්න. මොකද ඒ සත්තු පාරට වැටුනේ අපේම මිනිස්සුගේ වැරැද්දෙන්.

 image 491bbc3181

 

ඒ සත්තුන්ට හෙට දවසේ මරණයේ අමිහිරි වේදනාව විදින්නට සිද්ධ වෙන්නෙත් ඇත්තටම අපේ ඉහළ ඉන්න අය හරියටම තීන්දු තීරණ ගන්නේ නැතුව වැරදි විදිහට ඒ ගැන තමන්ගේ අවශ්‍යතාවය පිට කරන්න යන වැඩ නිසා. ඒ නිසා පළවෙනියටම අපි අපේ යුතුකම කරමු. දෙවෙනියට කුමන්ත්‍රණ කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වෙමු. මේ අසරණ සත්තුන්ව ආරක්ෂා කරමු. මොකද මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් මේ ලෝකෙ ජීවත් වීමේ අයිතියක් තියෙනවා. ඔබත් මමත් හිතාගන්න බැරි තරම් නරක තැනක් මේ. ඒ නිසා ඔබත් අපිත් එකතු වෙමු එකතු වෙලා මේ අසාධාරණේට විරුද්ධව වැඩ පිළිවෙලකට එකතු වෙමු. එයට විරුද්ධව සටන් කරමු.



vet(පශු වෛද්‍ය චමිත් නානායක්කාර)
මානුෂික ක්‍රම මඟින් සත්ව ගහණ කළමණාකරණය සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ නිර්මාතෘ 

(උපුටා ගැනීම- vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...