The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

සංහිඳියාවට අවශ්‍ය වන්නේ විශ්වාසය දිනාගැනීම මිස දැක්මක් තිබීම පමණක් නොවේ - ජෙහාන් පෙරේරා

T

The Leader Desk

March 14, 2024 • 8:11 AM

සංහිඳියාවට අවශ්‍ය වන්නේ විශ්වාසය දිනාගැනීම මිස දැක්මක් තිබීම පමණක් නොවේ - ජෙහාන් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයා සිය ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි විය.
  • ජාතිවාදය සහ ආගම්වාදය දේශපාලකයන්ට බලය ක්‍රියාත්මක කිරීමට හා ආගමික නායකයන්ට ඔවුන්ගේ අධිකාරය පවත්වා ගැනීමට පහසු මෙවලම් බවට පත්ව ඇති ආකාරය ඔහු සඳහන් කළේය.
  • මෙම බෙදීමේ උපක්‍රම දිගු කලක් භාවිත කිරීමෙන් උගත් පාඩම් ඔහු පෙන්වාදුන් අතර, එය අවසානයේ රට විනාශකාරී ගැටුමකට ගෙනගිය බව පෙන්වාදුන්නේය.
  • ජනාධිපතිවරයා සිය කතාවේදී ප්‍රකාශ කළේ රට සංහිඳියාවට ආසන්න බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපතිවරයා සිය ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි විය. ඔහු කතාකළේ කිසිදු සටහනක් නොමැතිවය. ඔහුගේ කතාවේ කිසිදු අමතර අදහසක් නොතිබිණි.

 

 

ජාතිවාදය සහ ආගම්වාදය දේශපාලකයන්ට බලය ක්‍රියාත්මක කිරීමට හා ආගමික නායකයන්ට ඔවුන්ගේ අධිකාරය පවත්වා ගැනීමට පහසු මෙවලම් බවට පත්ව ඇති ආකාරය ඔහු සඳහන් කළේය. මෙම බෙදීමේ උපක්‍රම දිගු කලක් භාවිත කිරීමෙන් උගත් පාඩම් ඔහු පෙන්වාදුන් අතර, එය අවසානයේ රට විනාශකාරී ගැටුමකට ගෙනගිය බව පෙන්වාදුන්නේය. ඔහු සමුළුවට සහභාගීවූවන්ගේ ප්‍රශ්න දෙකකට පමණක් ඇහුම්කන් දුන් අතර, සමුළුවේ සංවිධායකයන් වේදිකාවේදී ස්තූති කිරීමටත් පෙර ඔහු තම ඊළඟ රැස්වීම සඳහා වේදිකාවෙන් පිටව ගියේය.

 

recon76
ජනාධිපතිවරයා සිය කතාවේදී ප්‍රකාශ කළේ රට සංහිඳියාවට ආසන්න බවයි. ඉන්පසු කළ යුතු දේ සකස් කිරීම අනාගතය විසින් සිදුකරනු ඇත.

 

අතුරුදහන් ළමයි හොයා නොදෙන ආණ්ඩුව හෙලා දැකීමට දෙමළ අම්මලා කොළඹ

අතුරුදහන්වූවන් සහ එල්ටීටීඊ ප්‍රචණ්ඩත්වයේ නිරත වූ බවට සැකකෙරෙන හෝ වරදකරුවන් වූ දිගුකාලීන සිරකරුවන් පිළිබඳ ප්‍රශ්නය එහි විය. යුද්ධය පැවැති කාලයේ පවරාගත් ඉඩම් සහ වර්තමාන ඉඩම් ආරවුල් පිළිබඳ ප්‍රශ්නයද පැවතිණි. පළාත් සභා සහ ඒවායේ බලතල පිළිබඳ ප්‍රශ්නය ද එහි විය. පොලිස් බලතල දැනට පළාත්වලට බෙදාහැරිය නොහැකි බවත්, නමුත් මධ්‍යම රජයට සහ පළාත් සභාවලට හානියක් නොවන පරිදි දැනට බෙදාගෙන ඇති සමගාමී ලැයිස්තුවේ බලතල ද තීරණය කළ හැකි බවත්, කෙසේවෙතත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් බහුතරයකින් අදාළ ප්‍රතිපාදන සම්මත විය යුතු බවත් ඔහු පැවැසීය. මේ කිසිවක් පහසු කාර්යයක් නොවන අතර, විවිධ රාජ්‍ය නායකයන් විසින් විවිධ ආකාරයෙන් පොරොන්දු වූ නමුත් ඒවා අතරමග නතර වී ඇත. ජනාධිපතිවරයාගේ කාලයද ඉන් වෙනස්වන්නේ නැත.

recon2

 

සිය කෙටි සහ සංක්ෂිප්ත ඉදිරිපත් කිරීම තුළින් ජනාධිපතිවරයා පෙන්නුම් කළේ ජාතික සංහිඳියාව සඳහා වූ සම්පූර්ණ සැලැස්ම තම හිසෙහි සිතියම්ගත කර ඇති බවයි. පිහිටුවීමට නියමිත සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණයක් පිළිබඳව ඔහු සාකච්ඡා කළේය.

 

  

 

එසේම ඉඩම් ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන ඉඩම් කොමිෂන් සභා නීතියක් සම්මත කිරීම සහ සහ සමහර බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ දෙමළ නායකයන් [ඩයස්පෝරාවේ] 'හිමාලය ප්‍රකාශනය' ඉදිරිපත් කර ඇති අතර, එය ඉදිරියට ගෙනයන විසඳුම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි සැලැස්මක් මත අභිසාරී කරුණු ගෙනහැර දැක්වීම ඔහු පෙන්වා දුන්නේය. විවිධ දේශපාලනික සහ මතවාදී නැඹුරුවක් ඇති ආගමික නායකයන් සහ සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසක් ඉදිරියේ තම අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ඔහුට විශ්වාසයක් පැවැතිණි.

 

අඳුරු චිත්‍රය 

 

ආර්ථික අර්බුදයකට මුහුණ දිය හැක්කේ පරිපූර්ණ හා ගැඹුරු ප්‍රතිසංස්කරණවලින්  පමණි ; පැලැස්තර විසඳුම් නැත – ඩැනියෙල් ඇල්ෆොන්සස්

රට තුළ පෙර නොවූ විරූ අර්බුදයක් මධ්‍යයේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු වික්‍රමසිංහ ජනාධිපතිවරයා තීරණාත්මක ලෙස අභියෝගවලට මුහුණ දුන්නේය. රට කඩාවැටීමේ අද්දරට ගෙනගිය බරපතල වූ ඩොලර් හිඟය සහ ආනයනය සිමාකිරීම, වීදි විරෝධතා ව්‍යාකූලත්වයෙන් පසු රටේ පිළිවෙල යථා තත්ත්වයට පත්කිරීම මෙන්ම ලෝකයේ බලවත්ම රටවල් සම්බන්ධ භූ දේශපාලන එදිරිවාදිකම්වලට මුහුණදීම මෙම අභියෝග අතර වේ. ඔහු මෙම අභියෝගවලට මුහුණදීම, ඔහුගේ ප්‍රතිපත්තිවලට මීට පෙර විරුද්ධවූවන්ගේ පවා ප්‍රසාදයයට ලක්ව ඇත. එහෙත් මහජන මත විමසුම්වලදී දිගින් දිගටම පෙන්නුම් කරන්නේ, මෙම ස්ථාවරත්වය දක්වා, රට යථා තත්ත්වයට පත්කිරීමේදී මුහුණදීමට සිදුවූ කටුක බව හේතුවෙන්, ඔහු තම ප්‍රතිවාදීන්ට වඩා පසුගාමී බවයි.

සසිරිබර මෙසිරිලක 10න් හයක්ම දුප්පතුන් බව UN කියයි

 

වර්තමාන ස්ථාවරත්වය වෙනුවෙන් දැනට දැකගත නොහැකි දැවැන්ත සම්පත් සම්භාරයක් යෙදවෙන විශාල පිරිවැයක් දරා ඇත. පසුගිය වසර දෙක තුළ දරිද්‍රතා මට්ටම සියයට 13 සිට 27 දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී ඇති අතර,

මෑත කාලීන අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ගැහැනු ළමුන් ලෝකයේ වඩාත්ම අඩු බර, මන්දපෝෂණය, ජීවිතයට තර්ජනයක් වන තත්වයක පසුවන අතර, එය දශක තුනකට වැඩි කාලයක් නොවෙනස්ව පවතින බවයි. මෙය වත්මන් ආණ්ඩුව ඇතුළුව බලයට පත්වූ ආණ්ඩු වැරදිකරුවන් වන අපරාධයකි.

1990 සිට 2022 දක්වා වසර 33ක් ආවරණය වන පරිදි බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව වන 'ද ලැන්සෙට්' හි ප්‍රකාශයට පත්කරන ලද සොයාගැනීම්, පසුගිය පෙබරවාරි 29 නිකුත් කරන ලද අතර, අනතුරුදායක ලෙස අඩු බරැති ගැහැණු ළමුන්ගේ (අවුරුදු 5 සිට 19 දක්වා) ඉහළම පැතිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ඉන්දියාවට පසුව දෙවැනි ස්ථානයට පත්ව ඇති බව හෙළිකරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මෙම අධ්‍යයනය සිදුකරන ලදී.

 

අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ නව සභාපති පක්ෂපාතී චෝදනා ලත් විනිසුරුවරයෙක් !

මෙම ඛේදනීය තත්ත්වය තිබියදීත්, සෑම තැනකින්ම ලැබෙන වාර්තාවලට අනුව, පනවා ඇති නීති නොසළකා උස් පහත් සියලු ස්ථානවල දූෂණය නොනැසී පවතී. මෙම නීති ක්‍රියාත්මක නොවීම, ප්‍රතිසන්ධාන ක්‍රියාවලියටද එකහා සමානව අදාළ වේ. නිදසුනක් වශයෙන්, වන්දි ගෙවීමේ කාර්යාලය හරහා යුද්ධයෙන් පීඩාවට පත් වූ උතුරු නැගෙනහිර විශාල සංඛ්‍යාවක් කෙරෙහි අවධානය යොමුකළ යුතුව තිබියදී, අරගලය සමයේදී මැර කල්ලි ගිනි තැබූ නිසා මන්දිර අහිමි වූ ආණ්ඩුවේ දේශපාලඥයන් සමඟ කටයුතු කිරීමට සිදුව ඇත. අතුරුදන්වූවන්ගේ කාර්යාලය එහි ලේඛන ඔස්සේ, අතුරුදන්වූවන්ගේ ලැයිස්තුව නැවත සකස් කිරීමේ කටයුතු රැසක් සිදුකර ඇතත්, එම ලැයිස්තුවේ සිටින දහස් ගණනකට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ තොරතුරු තවමත් රහසක්ව පවතී.

ප්‍රමාද කළ නොහැක

 

රට පිටරට පටවා ගොඩයාමට සැරසෙන රනිල්ගේ සංහිඳියා කෝඳුරු තෙල් - (ඥානසිරි  කොත්තිගොඩ)
සංහිඳියාවේ දෘඪාංග සහ මෘදුකාංග ද ඇත. ජාතික සමගිය සහ සංහිඳියාව පිළිබඳ කාර්යාලය (ONUR) සහ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය (OMP) වැනි ආයතන හා යාන්ත්‍රණ මෙන්ම සමානාත්මතාව සහ ආගමික වන්දනාවේ නිදහස පිළිබඳ ව්‍යවස්ථාපිත විධිවිධාන වැනි නීති දෘඪාංග පවතී. සංහිඳියාව සඳහා අවශ්‍ය දෘඪාංග පිළිබඳ ඔහුගේ අවශ්‍යතාව මෙම සම්මන්ත්‍රණයේදී ජනාධිපතිවරයාගේ කතාවෙන් පෙන්නුම් කළේය. කෙසේවෙතත්, ප්‍රතිසන්ධාන මෘදුකාංගය ද ඊට අවශ්‍ය වේ. මේවා හිස් කවචයක් නොවන පරිගණකයක මෘදුකාංග වැඩසටහන් වේ. සංහිඳියාව සම්බන්ධයෙන් වැදගත්ම මෘදුකාංගය වන්නේ විශ්වාසයයි. එය එන්ජින් ඔයිල්වලට සමාන කළ හැකිය. එන්ජින් ඔයිල් නොමැතිව එන්ජිම ක්‍රියාත්මක කළහොත් එය ඉක්මනින් විනාශවනු ඇත.

 


විශ්වාසය ගොඩනැංවීමේ පළමු මාර්ගය වන්නේ දුන් පොරොන්දු නොපමාව ඉටුකිරීමයි. මීට මාස දෙකකට ඉහතදී ජනාධිපතිවරයා නැගෙනහිර ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් කිරි ගොවීන් භාවිත කරන තණබිම් ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන බවටත්, රාජ්‍ය යාන්ත්‍රණයේ සහාය ඇතිව ඉඩම් ආක්‍රමණය කර ඇති පිටස්තර ගොවීන්ගේ ගැටලුව සොයාබලා රජය විසින් විකල්ප ඉඩම් ලබාදෙන බවටත් පොරොන්දුවක් ලබාදුන්නේය. එහෙත් ආක්‍රමණිකයන්ට ඉඩමේ අයිතියක් නැති බවට අධිකරණ තීන්දු තිබියදීත් මෙම ගැටලුව දිගටම පවතී. ජනාධිපතිවරයා සහ රජය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග නොසළකා හරින නැගෙනහිර සිදුවීම් පිළිබඳව පමණක් නොව, සමස්ත පාලනය තුළම නීතියට හා නීතිය යටතේ ක්‍රියාත්මක වන ආයතනවලට ගරු කරන බව රජය පෙන්විය යුතුය.

දෙවනුව, ජනවාර්ගික ගැටුම විසඳීම සහ ජාතික සංහිඳියාව ඇතිකිරීම සම්බන්ධයෙන් සම්මුතියක අනිවාර්ය අවශ්‍යතාවක් පවතී. දේශපාලන ක්ෂේත්‍රයේ පුළුල් පරාසයක දේශපාලන නායකයන් එක්රැස් කර, පැමිණ සිටි ආගමික සහ සිවිල් නායකයන් සමඟ ඔවුන්ගේ අදහස් බෙදාහදාගත් අන්තර් ආගමික සම්මන්ත්‍රණය මෙම එකඟතාව ලබාගත හැකි බවට ඇඟවීමකි. පද්ධතියට මෘදුකාංග සැපයීමේදී රාජ්‍ය යාන්ත්‍රණයන්ට විශ්වසනීයත්වය ඇතිකිරීමට සහ ඵලදායී ලෙස ක්‍රියාකිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ මානව හිමිකම් සම්මතයන් හා සිවිල් සමාජ නිදහස ආරක්ෂා කිරීම පිළිබඳ සම්මුතියක් තිබිය යුතුය. එවැනි සම්මුතියකට පමණක්, දිවංගත මහාචාර්ය ජොහාන් ගල්ටුන්ග් විසින් ප්‍රකාශ කරන ලද ධනාත්මක සාමය ඇති කළ හැකිය. එහිදී හුදෙක් යුද්ධයක් නොමැතිකම පමණක් සහිත ඍණාත්මක සාමය වෙනුවට, රාජ්‍යය තමන්ව ආරක්ෂා කරන බව සහ පෝෂණය කරන බව සියලු මිනිසුන්ට හැඟෙනු ඇත. 

jehan perera

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විශ්ලේෂක
ආචාර්ය ජෙහාන් පෙරේරා

jehanpc@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...